Saturday, April 6, 2013

යමුද IPL....



අපේ ක්‍රිකට් ටීම් ඒකෙ කොල්ලෝ 11 දෙනෙකු මෙවර අයි.පි.ල් තරගාවලියට එකතු විමට පිටත්ව ගියේ දැඩි ලෙස මේ තරගාවලියට සහබාගි නොවන්නයයි බොහෝ පිරිස් කියා තියෙදිය.තමිල්නාඩුව දැඩි විරොදයක් පැවේය,ඉන්දීය විරොදයක් වගේ එකක් තියන නිසා අපේ රටේ හුගක් ඇයොද අයි.පි.ල් තරගාවලියට යන්න එපැයි අපේ කොල්ලන්ට කිවේය.එත් උන් මේවා ගණන් නොගෙන තමන්ගේ ගමන ගියේය.ඒ ගියේ අවදානම් ගමනක්ය.හරියට ගෙදර ගියොත් අබූ නසී,මග හිට්යොත් තෝ නසී වගේ සින් එකක්ය.තමිල්නාඩුවේ උන් අවොත් ගහනවා කියයි.අපේ රටේ ඇයො ගිය ක්‍රීඩකයන්ට ආපසු එනවිට බිත්තර ප්‍රහාර එල්ලකරන බව පවසයි.

බිත්තර ඇත්තෙන්ම ගුණදායක ආහාරයකි.එහෙත් බිත්තර වලින් ප්‍රහාරදීම අගුණදායක ක්‍රියාවකි.අනිත් එක කුණු බිත්තර වලින් ගහනවනම් ගහන්න ඕනේ  ක්‍රිකට්  ක්‍රීඩකයන්ට නොව රට වනසන දේශපාලනකාරයන්ටය,නැති ප්‍රශ්න හදන උන්මත්තකයන්ටය.(පිස්සන්ට නොවේ.)එවැනි උන්ට බිත්තර නොවේ ඒයට වැඩ වෙන දෙයක් ගැහුවත් මයේනම් විරුදත්වයක් නොමැත.   

 අනික් අතට මේ ක්‍රීඩකයෝ කරන්නේ උන්ගේ රස්සාවය.ඒ රස්සාව කරන එපා යයි කිමද හොද නැත.ඒ මන්ද යත් මොකද උන්ට කන්න,බොන්න අදින්න දෙන්නේ අපි නොවන නිසාය.
අනිත් එක අපිද කොහොම කෑ ගැහැව්වත් අයි.පි.ල් බලන්නේය. ඒ අපේ හැටිය.මේ හැම දේටම වඩා ක්‍රීඩාවට දේශපාලන කරනා ලං කර ගැනීම කොහෙත්ම හොද වැඩක් නොවේය.දැන් ජයලලිතා නෝනා කරනවා වගේ අපිත් කරන්න ගියොත් අපි දෙගොල්ලොම එක වගේ වෙන්නේය.
රටට කැළලක් වෙන්නේ අපේ ක්‍රීඩකයන්ගේ ක්‍රියා නිසා නොව තීන්දු තීරණ ගන්නා දේශ-පලුවන්ගේ ක්‍රියා නිසාය.

කියන්ට තවත් බොහොමයක් ඇතත් දැනට මෙයින් නවතිමි.තමුන්නාසේලාට යමක් කීමට ඇත්නම් එයටද පහළින් ඉඩ ඇත.හිතන එන ඕනෙම දෙයක් ලියා,කියා ගියාට මගේ අමනපයක් නැතිය. 

(ඉහත පින්තුරය ගුගල් ඉමේජ් තුලිනි.)