Thursday, October 16, 2014

තුන්වරක් මහින්ද හා ප්‍රජාතාන්වාදය.


විවිධ  නම් වලින් හඳුන්වන ශ්‍රී ලංකාවේ නිල නාමය වන්නේ "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය"යන්නයි.එම නිල නාමයේ සඳහන් වන ප්‍රජාතාන්ත්‍රික යන වදනෙන් ශ්‍රී ලංකාව ප්‍රජාතාන්වාදී රටක් ලෙස අර්ථ ගන්වන නමුත් එය නාමික ප්‍රජාතාන්වාදයක් බව මාගේ හැඟීමයි.

ප්‍රජාතාන්වාදී රටක මුලිකම ලක්ෂණයක් වනුයේ ජනතා පරමාධිපත්‍යයි.ජනතා පරමාධිපත්‍ය මැන බලනා ප්‍රධාන සාධකයක් වන්නේ  මැතිවරණ පැවැත්වීමයි.ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේද මැතිවරණ පවත්වන නමුත් එම මැතිවරණ සැමවිටම බලයේ සිටින පාලකයින්ට වාසි සහා තමන්ගේ න්‍යය පත්‍ර ක්‍රියාත්මක කිරීමට හැකි පරිසරයක් තුලදී පමණක් පැවත්වීම ජන්දදායකයින් ලෙස අපට කරනා බලවත් අසාධාරණයක් මෙන්ම ප්‍රජාතාන්වාදයටද එල්ල කරනා බලවත් පහරකි.

2005දී තියුණු ජයක්ද 2010දී පහසු ජයක්ද ලබා ගනිමින් රටේ පාලන සුක්කානම දෙවරක් අතට ගත් මහින්ද රාජපක්ෂ ප්‍රජාතාන්වාදී වෙස් මුහුණක් යළි  පැළද ගනිමින් නැවතත් තරගයට පිවිසෙන්න සැරසෙන මොහොතේ ජනතා විමුක්ති පෙරමුණත්,සරත් එන් සිල්වාත් ඇතුළු පිරිසක් එසේ තෙවැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතා තරඟ වැදීම ව්‍යවස්ථා විරෝධී බව පවසමින් විවිධ සම්මත්‍රන පවත්වමින් යන අතර ශිරාල් ලක්තිලක විසින් පවසා සිටියේ මැතිවරණ කොමසාරිස්වරයා නැවත වරක් මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබා දෙන්නේ නම් ඔහුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවයි.

එසේ මීළඟ ජනාධිපතිවරණයට තෙවැනි වරටත් ජනාධිපතිවරයාට ඉදිරිපත්වීමට හැකි/නොහැකි යයි කියා ගෙන එන තර්ක ගැන මෙයට පෙර රාජ් විසින් සටහනක් තබා ඇති අතර ඔය කුමන තර්කයක් යටතේ හෝ කුමන නීතියක් යටතේ වුවද මහින්ද රාජපක්ෂ නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැලක්විය නොහැකි කරුණක්ව තිබේ.මන්ද මේ වනවිටත් ජනාධිපතිවරයා විසින් නැවතත් තමන් තරඟ කරන බවට කර තිබෙන ප්‍රකාශ හේතුවෙන්ය.

සම්මත හෝ අසම්මත වේවා මහින්ද රාජපක්ෂට රෑට හිතෙන දේ පසුවදා රටේ නීතිය වන විට කවුරුන්,කෙසේ තර්ක කෙරුවත් කුමන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවත් ඒ සියල්ල තමන් සතු අසීමාන්තික විධයක බලය යොදවමින් නිරර්ථක කරන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පසුබට නොවන හෙයින් මීළඟ ජනාධිපතිවරණයටද ඔහුගේ පැමිණීම අනිවාර්ය වී තිබේ.

එය එසේනම් දැන් කළයුත්තේ මහින්දට තුන්වරක් බෑ යනුවෙන් කීම නොව මහින්ද පරාජය කල හැක්කේ කුමන ආකාරයෙන්ද යන්න විමසා බැලීමයි.මන්ද පළමුවර මහින්ද චින්තනයෙන්ද,දෙවැනි වර මහින්ද චින්තන ඉදිරි දැක්මෙන්ද රට විශාල ආර්ථික,සමාජ අගාධයක් කරා ගෙන ගිය/යන මහින්ද මහතා තවත් වරක් බලයට පැමිණියද මේ යන ගමන වේගවත් වනු මිසක ඉන් රටට සෙතක් වේයැයි සිතිම අපහසු කරුණක් වී තිබේ.රජයේ හවුල්කරුවන් පවා රජය ගැන කලකිරීමට පත්ව සිටින මොහොතක විපක්ෂය මෙයට වඩා ක්‍රියාකාරීව ජනතාව වෙත සමීප වුවහොත් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ජයග්‍රහණය සිහිනයක් කිරීම අපහසු නොවේ.

36 comments:

  1. මොකක්ද බං හැම තැනම කියන මේ ප්‍රජාතාන්වාදය??

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං මම හිතන්නේ එක මේ වඳ වෙලා ගිය එකක් වෙන්න ඇති.

      Delete
  2. දැනට තියන තත්තෙ නං හොඳ නෑ. ජවිපෙ මහින්දට තුන්වරක් බෑ කිය කිය ඉන්නව, යූඇන්පිය පොදු අපේක්ෂකයා රනිල් කියමින් යනව අනේ මංදන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය තුන්වරක් බෑ කියලා උසාවි ගියත් වැඩක් වෙන්නේ නැහැ.මොකද මහින්දට විරුද්ධව ඔය උසාවියෙන් කිසිදාක තීන්දුවක් ලැබෙන්නේ නැති නිසා.කරන්න ඕනේ මහින්දට තරඟයක් දෙන්න පුළුවන්,දිනන්න පුළුවන් කරුවෙක් වෙනුවෙන් අනෙක් අයත් පෙළ ගැසීමයි.

      Delete
    2. එහෙමවත් ජනතා පරමාධිපත්‍යට ඉඩක් ලැබෙයිද?

      Delete
    3. මහින්දගෙන් නම් කවදාවත් ලැබෙන්නේ නැහැ.

      Delete
    4. ඔයාට අර ගම් ම්මට්ටමේ බිම් මට්ටමේ බුරු පටිය එනකම් සිහියක් නැහැ

      Delete
  3. මහින්දට තුන්වරක් බෑ කියලා කලින්ම කියන්න එපෑයැ බන්.. දැන් හොඳටම පරක්කු වැඩියි.. කොල්ලොම තුන්දෙනෙක්නෙ ඉන්නෙත්... හොහ් හොහ් හොහ්.... :D

    ReplyDelete
    Replies
    1. ඒක බැහැ කියලා කියන්න තිබ්බේ අපි නෙමේ බං ශිරන්ති අක්කායි කියන්න තිබ්බේ.:P

      Delete
  4. මීටත් වඩා විපක්ෂය ක්‍රියාකාරී වීමක් මේ කපේදී නම් දකින්න ලැබෙන එකක් නෑ. දැන් වෙලා තියෙන්නේ මහින්ද මැරෙනකම් බලන් ඉන්න , මැරෙන්නෙත් නැති නිසා ,තුන් සැරයක් ඉල්ලන්න බැරි කතාව දාලා ගොඩයන්න. අවසානයේ වන් ඇන්ඩ් ඔන්ලි මහින්ද තමා

    ReplyDelete
    Replies
    1. එත් මට හිතෙනවා මේක නෙමේ කියලා විපක්‍ෂයේ උපරිමය කියලා.එක නිසා මෙට වඩා ක්‍රියාකාරී බවක් මම විපක්‍ෂය බලාපොරොත්තු වෙනවා.
      තුන් සැරයක් ඉල්ලන්න බැරි කතාවෙන් වැඩක් වෙන්නේ නැහැ.එකෙන් නොකියා කියන්නේත් අපිට මහින්ද එක්ක තුන්වෙනි පාරත් හැප්පෙන්න බැහැ කතාවක්.
      මහින්ද මැරෙනකම් ඉන්න ඕනේ නැහැ බං.අපි හිතන වෙනස ළඟදීම වේවි කියලා මට හිතෙනවා බං.

      Delete
  5. \\මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පසුබට නොවන හෙයින් මීළඟ ජනාධිපතිවරණයටද ඔහුගේ පැමිණීම අනිවාර්ය වී තිබේ.

    එය එසේනම් දැන් කළයුත්තේ මහින්දට තුන්වරක් බෑ යනුවෙන් කීම නොව මහින්ද පරාජය කල හැක්කේ කුමන ආකාරයෙන්ද යන්න විමසා බැලීමයි//

    මේකෙ කෙලවර කොතනද කියන එකයි ප්‍රශ්නෙ.

    නිකමට හිතමු පැරදුනත් මේ මනුස්සයා පුටුවෙන් නැඟිටින්නේ නෑ කියලා.(නීතිය අතට අරන් තියෙන හැටියට ඒක උනත් කරන්න බැරිකමක් නෑ) එතකොටත් ඒ කියන තාලෙන්ම රටට බලාගෙන ඉන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. මං එහුවෙ, කියන කියන හැම එකටම දෙකට නැවිල ඇයි අවනීතියටම ඉඩ දෙන්නෙ?

      එක අතකට් නොදිත් බෑ නේද, නීතියේ ඉහලම පුටුවත් සතියෙන් ගෙදර යවපු මිනිහනේ. තව මොනා නොකරයිද.

      Delete
    2. //නිකමට හිතමු පැරදුනත් මේ මනුස්සයා පුටුවෙන් නැඟිටින්නේ නෑ කියලා.(නීතිය අතට අරන් තියෙන හැටියට ඒක උනත් කරන්න බැරිකමක් නෑ) එතකොටත් ඒ කියන තාලෙන්ම රටට බලාගෙන ඉන්න වෙයිද?//

      ආණ්ඩුවේ නපුංසකයෝ හිටියට ජනතාව එහෙමයි කියලා හිතන්න බැහැ මනොෂ්.

      //මං එහුවෙ, කියන කියන හැම එකටම දෙකට නැවිල ඇයි අවනීතියටම ඉඩ දෙන්නෙ?//
      ඔතන අපෙත් වරදක් තියෙනවා මනොෂ්.අපෙත් ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ නීතියෙන් වැඩ ගන්නවා වෙනුවට නීතියට පිටින් ඒ වැඩේ කර ගන්නනේ.ඉතින් එහෙම රටක නීතියට වඩා අවනීතියට තියෙන අවස්ථාව වැඩියි.

      මහින්ද කියන්නේ බලයෙන් උන්මන්තක කෙනෙක්.එක නිසා බලය රැක ගන්න මොනා නොකරයිද දන්නේ නැහැ තමයි.

      Delete
  6. මගෙත් අදහස නම් "මහින්දට තුන් පාරක් බෑ" කියන දේ ජනතාව අතරට ගෙනයනවට වඩා කල යුත්තෙ "මහින්ද කීපාරක් ඉල්ලුවත්. ආයෙ දිනන්න බෑ! ඇයි මහින්දව පැරදිය යුතු" වගේ දෙයක් තමා සමාජයට ගෙන යා යුත්තෙ. ඒ අතරවාරෙ තුන් වැනී පාර තහනම් කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. නමුත් ඒ පිළිබඳව 100%ක් විශ්වාසය නොතැබිය යුතුයි!"

    ReplyDelete
    Replies
    1. ප්‍රියා මුලින්ම ආයුබෝවන් කියලා උඹව මෙහෙට පිළිගන්නවා මුලින්ම.

      //"මහින්ද කීපාරක් ඉල්ලුවත්. ආයෙ දිනන්න බෑ! ඇයි මහින්දව පැරදිය යුතු" වගේ දෙයක් තමා සමාජයට ගෙන යා යුත්තෙ.//
      හරියට හරි බං මම කියන්නෙත් එකම තමයි.නැතුව මහින්දට තුන්වරක් බැහැ කියන්නේ හරියට නිකං අපි එයාට බයයි වගේ වැඩක්.

      //තුන් වැනී පාර තහනම් කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.//
      ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්න ඕනේ නැවත වාරයක් ඉදිරිපත් වෙන එක වලක්වන්න නම්,අර රතන හාමුදුරුවෝ ගෙනාපු යෝජනා වලියේත් ඔය ගැන කතා වෙනවානේ.

      Delete
  7. පිත්තු !! මෙහෙ තියන්නෙ ප්‍රජාචන්චරවාදය.. ඒකට ඔය මොකවත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්,බං අපිට තියෙන්නේ අමුතු ප්‍රජාචන්චරවාදයක්,පිස්සන්ටම ගැලපෙන එක්ක.

      Delete
  8. මා එක්ක මෙහෙ ඉන්නවා දෙණියායෙ එකෙක්....මිනිහා මහින්දට වකු ගඩුවක් උනත් ගලවලා දෙන ජාතියෙ එකෙක්...මම මහින්ද පාලනයේ නොහැකියාව ගැන කිව්වා මිනිහා එක්ක. රටේ ණය බර / හොරා කෑම / කාම අපරාධ / වරදකරුවන්ට දඩුවම් නැති වීම / පොලිසිය දේශපාලනීකරණය වීම...ගොඩාක් දේ....

    මිනිහා බොහොම සන්සුන්ව මගෙන් ඇහුවෙ මහින්ද නැත්තං දෙන්න කෙනෙක් මට පෙන්නන්න කියලා....එහෙම කියලා ඌ ආයෙම කිව්වා බං...මම නම් ඊලග පාර දෙන්නෙත් මහින්දට කියලා...ඒකයි දුක...

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ දන්නා යකා,නොදන්න යකාට වඩා හොඳයි කියන අයියලාත් ඉන්නවානේ.
      මට නම් මහින්දට වඩා ඔය ඕන කෙනෙක් හොඳයි.කාගේ කාගේත් වැරදි අඩුපාඩු තියෙනවා.දැන් දෙපාරක්ම මහින්දව බැලුවානේ වැඩක් නැහැ.තව පාරක් ආවොත් මිට නරක් වෙනවා මිසක් හොඳක් වේවි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.

      Delete
  9. මහින්දට බෑ .........

    ඇයි මහින්දට බයද??

    ආ දීපල්ලාකෝ දැන් උත්තර

    ReplyDelete
    Replies
    1. ඕක තමයි මමත් කියන්නේ මහින්දට තුන්වරක් බැහැ කිව්වාම උන් හිතන්නේ මහින්දට මේ බයේ කියලා.තුන් වරක් බැහැ කියලා නෙමේ තුන් වැනි පාර රවට්න්න දෙන්නේ නැහැ කියලායි.

      Delete
  10. හය්යෝ පාරෙ තාප්ප වලිං බ්ලොග් වලටත් ඇවිත්...
    හපොයි....
    මට තාප්ප දැකලම එපා වෙලා දැං බ්ලොග් කියවන්නත් මංඥං වගේ...
    හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. රටම මංඥං වෙලා තියෙන්නේ දැන්.උඩ ඉඳන් පහළට වෙනකම්ම.

      Delete
    2. අඩේ උඹ මෙහෙට ආපු පළමුවැනි පාර නේ,එහෙනම් ආයුබෝවන් කිව්වා...:)

      Delete
  11. මෙන්න මනෝ ප්‍රජාතන්ත්‍රවාදය අරන් එලියට ඇවිත්...:)

    "මනෝගේ ප්‍රජාතන්ත්‍රවාදය" :D

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමි කෙනෙක් මෙහෙට ආපු පළමුවැනි වතාව.
      "ආයුබෝවන්"කියලා පිළිගන්නවා මුලින්ම.

      //"මනෝගේ ප්‍රජාතන්ත්‍රවාදය"// අනේ මන්දා...:D :D

      Delete
  12. ස්තුතියි ඇතුලත් කරන්නම්...:)

    ReplyDelete
  13. දේශක අයියගේ බ්ලොගැට දාපු කවියක්ම මෙතන අතහරිනවා වෙන මොනා කරන්නද, උන්ට දෙක බැරිනම් තුන, අපිට??????

    දෙකෙන් බැහැ නොවැ වැඩක් දෙන්නට තුනත් දැන් ඕනා වන්නේ
    දෙකෙන් කාපුවයේ රසේ දැනුනම දෙකෙන් තුනටයි ඕකා යන්නේ
    දෙකෙන් මැවූ සුරපුරේ පෙන්නා දෙකේ රැස්පොට් පිටනෙ ඉන්නේ
    දෙකෙන් පහුවට බැහැය කිව්වට දෙකට බැරිදැයි දෙකනෙ දන්නේ

    දෙක ඇතුලෙනෙ හැදෙන්නෙත් මක්කද ඒවා සරූ
    දෙක හොඳ නිසානේ හදලා ඇත්තේ තුනක් මරූ
    දෙක පෙන්නලා දෙකෙන් තුනට යන්නෙ මේ ගරූ
    දෙක දුන් අයම තුනත් දෙනවා එය නොවෙයි බොරූ

    ReplyDelete
    Replies
    1. රටට යමක් කරනවා නම් ධුර කාල දෙකක් හොඳටම ඇති.මේක මුන්ගේ බල තණ්හාව බං.

      Delete
  14. ලාස්ට් චාන්ස්....මේ පාර ස්ටොප් සිග්නල් එක නොදැම්මොත්...ඔය රනිල් සජිත් අනුර ෆොනී කාට කාටත් මිහිඳු සරණ පමණයි. මරා කැම්පේන් එක පටන් අරන් ඉවරයි. මේ ගොල්ලෝ බල්ලො නාවනවා. නාවනවනම් කමක් නැහැ..තාම මැක්කෝ කඩනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අරූයියා මේ ගමන නම් මේ යන ගමන නතර කරන්න ඕනේ.නැතිනම් උන් පෙරට යාවි රට වලට තමයි.

      Delete
  15. මහින්ද කියන පුද්ගලයා පරදවන්න ඕන ඇයිද කියලා ජනමතය ඇතුලේ නෑ විපක්ෂය වුනත් නිකන් පොතොල වගේ මිනිස්සුට දැනෙන නිලයක් අල්ල ගන්න විපක්ෂයට තවම බැරිවෙලා මම නම් හිතන්නෙ නිතිය ප්‍රජාතන්ත්‍රවාදය වගේ වචන දැන් කුනු බක්කි වල ඔවා කියන්න ගියාම විජාතික බලවෙග අර පච විමලේ කියන්න්න මලබද්දය හැදුණු පොරක්ට කක්කා බර ගහලා වගේ කෑ ගහගෙන

    ReplyDelete
    Replies
    1. //නිතිය ප්‍රජාතන්ත්‍රවාදය වගේ වචන දැන් කුනු බක්කි වල//
      ඔව් බං ඒ කතාවනම් සහතික ඇත්ත.ගඳ ගහනවා තමයි,එත් ඉතින් කුණු බක්කිය අවුස්සලා හරි මේවා හොයා ගන්න ඕනේ නැතිනම් රටම කුණු ගොඩක් තමයි.

      Delete
  16. හොඳ ලිපියක් මල්ලි. මගේ ප්‍රශ්නේ බලන බලන තැන විරුද්ධව ලියන අය කතා කරන අය . ඒත් දිනන්නේ එකම කට්ටිය.

    ReplyDelete
    Replies
    1. "ආයුබෝවන්" අජිත් අයියා මුලින්ම...:)
      ඒකනම් එහෙම තමයි,බලමුකෝ මේ ගමන මොකද වෙන්නේ කියලා.තව දවස් කිහිපයයි නේ.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!