Thursday, March 21, 2013

මත්තල ගුවන් තොටුපල ජනතා අයිතියට පැවරීමේදී ජනපති නොකළ කතාව.


ආයුබෝවන්,වාසනාවන් මා රට වැසියනි, අද දිනය අපේ ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවෙන දිනයක් බව නිසැකයි.
මන්ද යත් අපරටේ පුරවැසියන්ට දැඩි අවශ්යතවයක්ව පැවති අහස්යාත්රා තොටුපලක් අපි තමුන්නහෙලටලබා දෙන නිසා.

දැන් බලන්න මෙයාලා අපේ ආණ්ඩුව තමුන්නාන්සේලා ගැන සිතාලා අපි චීන්නු එක්ක එකහු වෙලා හැදුව මේ අහස්යාත්රා තොටුපල ගැන එක,එකලා කියන කතා.දැන් ඔය සම හරක් අපෙන් අහනවා මොකටද බෝලඅපිට ඔය අහස්යාත්රා තොටුපලවල් කියලා.දැන් එහෙම කියන උන්දලට අපි කියන්නේ දැන් බලන්න මේ දකුණු මුහුදෙන්ම අපේ අයියලා කොයි තරම් දෙනෙක් ඔය මාළු අල්ලන බෝට්ටුවල නැගලා ඔස්ට්‍රේලියාව වගේ රට වලට යනවාද..?දැන් අපේ මේ අහස් යාත්‍රා තොටුපල හදන්න කලියෙන් උන් කි දෙනෙක් ඔහොම යන්න ගිහින් නැහැහුනද..?දැන් සහෝදරවරුනි එහෙම දුක් විදින්න අවශ්‍ය නැ.අනික අපි දැන් මේ රටේ ඉන්න තමුන්නාන්සේලාට මේ රටේ ඉන්න බැරි වෙන තත්වයක් හදලා දුන්නේ මොන තරම් කැපවිමකින්ද..?ඒ ඇයි අපි එහෙම කලේ.අපි එහෙම කලේ තමුන්නාසේලා මේ රට ඇතුලෙම ඉන්නේ නැතුව ලෝකයේ වෙනත් රට වලට යවලා ඒ රටවලින් පාඩම් ඉගෙනගන්නයි අපි එහෙම කලේ.
 දැන් අනික සම හරක් කියනව මේක සුදු අලියෙක් කියලා......
Add caption

 අනේ මුන්ගේ කටවල් ..... 
අනික තමුන්නාසේලා මතක තිය ගන්න ඕනේ අපි ණය ගත්තේ තමුන්නාසේලාට කන්න නෙමේ අපිට කන්න සංවර්දනයට කියලා.
රටේ සංවර්දනයට ගත් ණය ගෙවන එක ඔබේ වගකීමක්.එක නිසාම අපි තිරණය කලා ලබන මාසේ සිට විදුලි බිල ඉහල දමන්න.
කොහොම උනත් දැන් මට යන්න වෙලා තියනවා තවත්  හදිසි ණයක් ගන්න  වැඩකට.
එහෙනම් තමුන්නාසේලාට "සුබ අනාගතයක්"    


2 comments:

  1. අනාත නොවෙන සුභ අනාගතයක්

    ReplyDelete
    Replies
    1. දැන් විකසිත අනාගතයක්...!!

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!