Tuesday, May 7, 2013

ජනාධීපති මාමාට ලියුමක්.....



අප‍රාද පරීක්ෂණ දේපාර්තමේන්තුව විසින් පසුගිය මැයි 2 අත්අඩංගුවට ගනු ලැබු දෙමළ,මුස්ලිම් සන්ධනයේ නායක ආසද් සාලි මහතාගේ දියණිය විසින් තම පියා නිර්දෝශි බැවින් ඔහුව නිදහස් කරන මෙන් ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යවනු ලැබුබව මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබිය.  
එසේ ඇය විසින් යවන ලද ලිපියට මේ වනතුරු ජනාධිපතිවරයන්ගෙන් ප්‍රතිචාරයක් නොලබන්නට හේතුව ඇය විසින් යවන ලද ලිපියේ අඩුපාඩුවක් විය හැක.කෙසේ වෙතත් ඇය විසින් යවන ලද ලිපිය මේ ආකරයෙන් තිබුනිනම් අනිවර්යෙන්ම යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නට ඉඩතිබුණි.   
                                                                                                                 
                                                                                                                         අමිනා සාලි,
                                                                                                                         නො:_,
                                                                                                                         නිවසේදීය.
මහින්ද රාජපක්ෂ 
අතිගරු ජනාධීපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමජවාදී ජනරජය
අරලිය ගහ මන්දිරය.
                                               තාත්තා නිදහස් කර ගැනීම උදෙසා.
 ආදරණිය සංවේදී ජනාධිපති මාම වෙත,
                     ජනාධිපති මාමේ අපේ තාත්තාව සි.අයි.ඩි මාමලා කිසිම වරදක් නොකර ඉන්නකොට ඇවිල්ලා අත්අඩංගුවට අරගත්තයා.අපේ තාත්තා කිසිම වරදක් නොකළ බව අපි දන්නවා.වරදක් නොකරපු අපේ තාත්තා දැන් කිසිම කෑමක්,බිමක් නොකා නොබී ඉන්නේය.අනේ ජනාධිපති මාමේ එයා එහෙම ඉන්නකොට අපිට උනත් කිසිම කෑමක්,බිමක් ගන්නට බැරිය. 
                   අපේ තාත්තා ජාතිවාදය ඇවිස්සෙන විදියේ ප්‍රකාශ කලාය කියන්නේ පට්ට පල් බොරුවක්ය ජනාධිපති මාමේ.එහෙම අපේ තාත්තා කියන දේවල් වලට ජාතිවාදය ඇවිස්සෙනවනම් ඔයා චම්පික මාම,විමල් මාමලා වගේ මාමලා කියන ඒවාට කොච්චර එහෙම වෙන්න ඕනෙද.?
                අනික ජනාධිපති මාමේ අපේ තාත්තාට දැන් ඉස්සර වාගේ ලොකුවැඩ කරන්නට බැරිය.ඉස්සර තාත්තා යු.න්.පි එකේ ඉන්න කොටනම් ඒයාට මාර තැනක් තිබුනත් දැන් එහෙම නැත.අනේ ජනාධිපති මාමේ අපේ තාත්තාට ඒහෙම වුනේත් ජනාධිපති මාමගේ දෑත ශක්තිමත් කරන්නට ආපු නිසාය.
                  ජනාධිපති මාමට මේ දේවල් අමතක නැතැයි සිතමි.ඒ ජනාධිපති මාම ගමේ කුරහන් සුවද හදුනන,සුන්දර නිහතමනී,"සංවේදී නායකයෙක්,ආඩම්බර තාත්තේක්" නිසාය.
                   ජනාධිපති මාම අපේ තාත්තාට දෙනවා කියා කිව්වා දේවල් නොදුන් නිසා එයා චුට්ටක් දුකෙන්,තරහෙන් හිටියත් එයා හරිම හොදකෙනෙක් බව අපට විස්වශය.
              ඒ ගිය දේවල් වලින් වැඩක් නෑ ජනාධීපති මාමේ.අනේ "සංවේදී මාමේ" අපේ දුක කියන්න දැන් ඉන්නේ ජනාධීපති මාම විතරක්මය.
ඒ නිසා ජනාධීපති මාම මේ ගැන සොයාබලා අපේ තාත්තාව නිදහස් කරන්නට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.
මොකෝ තාත්තාට ඉන්නේ අපි විතරක් වාගේම අපිට ඉන්නෙත් මේ තාත්තා විතරක් නිසාමය.
        අනේ ජනාධිපති මාමේ,අපේ දුක දන්නා ඔබතුමා අපේ මේ ප්‍රශ්නය දෙස සංවේදීව බලනු ඇතැයි අපට විශ්වාසය. 
                     මේයට,
                      විස්වාශි
                      අමිනා සාලි.

මේ විදියේ ලියුමක් යැව්වොත් වැඩේ ගොඩම තමයි....


ප.ලි:-මේ දැන් රටේ පවතින තත්වයයි මා සිතමි.අත්අඩංගුවේ සිටින අසාද් සාලි මහතා වෙත මේ ඉරණම අත්වුයේ ඔහු ආණ්ඩු විරෝධී මතවදයක් දරන නිසායයි සිතමි.සියලු අන්තවාදීන් පිටු දැකිය යුතුය. මා දරණ මතවාදය වන්නේ ඒයයි.ඒසේ වුවත් සාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීම මා හෙළාදකින්නේ එය පැහැදිලි ලෙසම ප්‍රතිවීරුද්ද දේශපාලනමතවාද මර්දනය කිරීමට පාලකයින් ගන්නා අමන උත්සාහයක් බැවිනි. 

(ෆොටෝ එක අර ගත්තේ ගුගල් ඉමේජ් වලින්......)


           

28 comments:

  1. කොහොමත් ලොක්කා එයාව එලියට දාලා මාක්ස් ටිකක් දාගන්නවා...

    ReplyDelete
    Replies
    1. දැන් මාක්ස් ගත්තට මේ යන විදියට ලගදීම හිට් විකට්‍ වේවි..

      Delete
  2. කොහොමත් දැන් අළුත්ම සෙල්ලම, ඒ ගොල්ලොම කරලා, ඒ ගොල්ලොම නිවැරදි කරලා ලකුණු රැස් කිරීම.

    දැන් විදුලි බිල අඩු කිරීම නිසාම කී දෙනෙක් ලොක්කට ආයේ ඡන්දය දෙන්න අදිශ්ඨාන කරගන්න ඇති කියලද හිතන්නෙ..

    මම නම් එහෙන් මෙහෙන් දැක්කා අසාද් සාලි ලොකු ටෝක් වගයක් දීලා තියනවා..එහෙමනම් ලත් තැනම ලොප් කරන එක හොඳයි, පොරවෙන් කපන්න තියන්නැතුව..

    ReplyDelete
    Replies
    1. ඉස්සරත් කලේ ඔය සෙල්ලම තමයිනේ..

      විදුලි බිල වැඩි වෙන්න මණ්ඩලේ පාඩු වුනේ අපේ වැරදි නිසාද....??

      මේකෙන් වුනේ සාලිව විරයෙක් කරපු එකයි. අනික අසාද් සාලිට වඩා ලොකු ටෝක් දිපු ඔය ඉන්නේ ඕන තරම්.මොකෝ උන්ට විරුද්දව පියවරක් නොගන්නේ....??

      Delete
  3. ඔව් ඔය උඩින් කියල තියෙන ලොක්කෝ දෙන්න කියන කතාව සහතික ඇත්ත. ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ, බැට්, බෝල්, ෆිල්ඩින්, අම්පයර් ඔක්කෝම කරන්නේ එකම කස්ටිය. කමෙන්ට්‍රිය දෙන්නෙත් ඒගොල්ලෝ. අපි නිකං ස්පැක්ටේටර්ස්ලා..

    ReplyDelete
    Replies
    1. ඒහෙම කියා නිකා ඉන්න හොද නෑ....

      ස්තුතියි දේශකයා මට දිපු පබ්ලසිටියට.....

      Delete
  4. ලොක්ක මුස්ලිම් චන්ද කඩාගන්න තරම් ගොන් නාම්බෙක් නෙමෙ.
    ඔය තවත් එක නාට්‍යයක් පමණයි.

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා,මෙහට ආවට...
      දැන් මේ නාට්‍ටිය එපා වෙලා තියෙන්නේ.....

      Delete
  5. මොනවා හරි වෙයි කියලා මටත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් පුමා,මොනවා හරි වෙයි.එත් ඒ හොද දෙයක් නොවේ වගේ....

      Delete
  6. ම. රා. ගෙ දේශපාලන භාවිතය ටිකක් සංකීර්ණයි. ඒ වුනාට නාට්‍යයෙ අවසාන ජවනිකාව ජුගුප්සාජනකයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කේස් එක.
      ධ්‍රැකියව පිළිගන්නවා මේ පැත්තට සාදරයෙන්....!!!

      Delete
  7. දේශපාලනේ ගැන කිසි දෙයක් නොකියමි මගේ කෝරලේ පට්ටමත් ගහල යයි වගේ

    ReplyDelete
    Replies
    1. අපෝ කෝරලේ කම ගහලා යනවනම් මුකුත් කියන්න එපෝ....

      කෝරළේ මහත්තයවත් පිළිගන්නවා මේ පැත්තට සාදරයෙන්....!!!
      ආයෙමත් එන්න

      Delete
  8. ලොක්කා තමන්ට ලකුණක් වැටෙන විදිහට මෙච්චර කල් වුනා වගේ ඕකත් කරයි..

    ReplyDelete
    Replies
    1. මේ වාගේ ගියොත් ලකුණු කෙසේ වෙතත් ලොක්ක රනඅව්ට් වේ වගෙයි..

      Delete
  9. දේශකයගේ මග පෙන්වීමෙන් මේ පැත්තට ආවෝ

    ReplyDelete
    Replies
    1. නලින් අයියට ස්තුතියි මේ පැත්තේ ආවට.

      දේශකයාටත් ස්තුතියි මග කීවට...

      Delete
  10. මේ වගේ නාටක බලලම ඇති වෙලා අප්පා...

    ReplyDelete
    Replies
    1. යෙකනේ අප්පා,මේ නාටකය තරුරසිට වාගේම මටත් ඒඒඒඒ....පා වෙලා තියෙන්නේ....

      ආයෙමත් එන්න මේ පැත්තෙ....

      Delete
  11. දේශකයාගේ ලින්කුවෙන් තමා මේ පැත්තට ගොඩ වුනේ.....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සමනලියේ මගේ දුප්පත් බ්ලොග් එකට ආවට.....
      ආයෙමත් දවසක එන්නකෝ....

      පාර කිව දේශකයටත් තැන්කු වෙරි මච්.....

      Delete
  12. තවත් එක් නාඩගමක් පමණයි මනෝජ්...ඔබ ලියල තියෙන හැටි නම් සුපිරියි
    ජය

    ReplyDelete
    Replies
    1. හැලපඅයියා බොහෝම ස්තුතියි මගේ බ්ලොග් එකට ආවට...

      එකනේ හැලපයියේ මේ නරි නාටක කවද ඉවර වෙවිද මන්දා.......

      ලියලා තියෙනවා සුපිරි කිවා ඇත්තමද......??

      ඔබටත් ජයම වේවා.....!!!

      Delete
  13. All these comments are absolutely correct, Mara Just like Sadahm, Gadafi & so on... But after that our country will towards to Iraq, Libiya and Syria....? Ranil, Genaral and JVP can lead better?
    If so good! Will chase these family forever...

    ReplyDelete
    Replies
    1. your comment is very much attractive and correct..

      those buggers lead the country to the hell....

      no one can lead the country to better place in the world..

      i think single man can't do the correct things in this moment.....

      Delete
  14. ඕනෙවට වඩා උඩ පනින අයට ඔහොම වෙන්නත් ඕනි. ඒත් මට තියෙන ප්‍රශ්නේ උන්ට කොච්චර දුන්නත් රට රටවල් ගානේ ගිහින් ලංකාවට විරුද්ධව කතා කරන කාලකන්නි ටික තාම එළියේ ඉන්න එක ගැනයි.

    ReplyDelete
    Replies
    1. මචන් මැස්සෝ වහන්නේ කුණු තියෙනකොට,පාලකයෝ දැන ගන්න ඕනි රටේ කුණු නැති කරන්න.නමුත් උන් කරන්නේ කුණු ගොඩවල් නිර්මාණය කරලා කුණු අවුස්සන එකාට පහර දෙන ඒකයි....

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!