Saturday, June 1, 2013

දොස්තර ජයලත් කොටියෙක්ද...?




මෙරට පුහු දේශප්‍රේමින්ගේ නිර්දය චෝදනාවන්ට ලක්වු  වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා මෙරට බොහෝ දේශපාලකයින්ගේ නිල රෝහලව තිබෙන"සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත්" රෝහලේ දී අභාවප්‍රාප්ත වුයේ පසුගිය මැයි 29 වනදාය.


රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිව සිටින අවදියේ ඒ මහතාගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ ඒ මහතා 1994 වසරේදී ප්‍රථම වරට පාර්ලිමේන්තුව වෙත පිවිසි අතර මියයනතුරුම පාර්ලිමේන්තුව නියෝජනය කරන ලදී.දේශපාලනයට පිවිසීමට පෙර සිටම සමාජ ක්‍රියාකරියකු ලෙස කටයුතු කල ඒ මහතා පාර්ලිමේන්තුව වෙත පිවිසීමෙන් පසුව එම කටයුතු වඩාත් සංවිදනත්මකව සිදු කරන ලදී.

තමන් දරන මතවාදය තුල සෘජු ලෙස සිට ගැනීමට තිබුණු හැකියාව නිසාම නිර්දය ලෙස තමන්ව කොටි හිතවාදියකු ලෙස හංවඩු ගසා  විවේචනය කරනවිටදී පවා තමාගේ ප්‍රතිපත්ති පවානොදී සිටීමට ඔහු වෙත හැකියාව තිබුණි.

2002-2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පුනරුත්ථාපන නැවත පදිංචිකිරීම් හා සරණාගත කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙස කටයුතු කල ඔහු එසේ අමාත්‍යධූර දරන්නට පෙර සිටම යුද්දය නිසා පිඩා විදි මායිම් ගම්මාන වැසියන්ගේ අවශ්‍යතා උදෙසා ක්‍රියා කල අයෙකු විය.පොළොන්නරුව,මඩකළපුව වැනි දිස්ත්‍රික්කවල මායිමේ ඇති ඉතාමත් දුෂ්කර ගම්මන වල වෛද්‍ය සායන සංවිදානය කිරීමේ සිට එම ගම්මාන වලට ත්‍රස්තවාදී තර්ජනයන්ගෙන් ආරක්ශාවීමට සයිරන් නලා බෙදීම දක්වා විවිද ක්‍රියා මාර්ග ගනු ලැබුවෙක් වු ඔහු පොළවමත පයගසා කටයුතු කල අයෙක් ලෙසට දකිමි.   

යුදවාදියෙක් නොවුන නිසාත් "ලංකා ඉ නිව්ස්" කියූ පරිදි එක දශමයකින් හෝ ජාතිවාදියෙක්,අගම්වදියෙක් නොවී අචල මානව හිතවාදියෙක්වු නිසාම එසේ නොවන්නගේ විවේචනයට ලක්වුවෙක් විය.

 රටේ මානව හිමිකම් ගැටළු ජිනීවා ගෙන යමින් රට ජාත්‍යන්තර ලෙස අපහසුතාවයකට පත් කරන රට පවා දෙන්නෙක් ලෙසටද ඔහු වෙත චෝදනා එල්ල වුයේය.නමුත් ඒ චෝදනා එල්ල කරන අය විසින් රටේ මානව හිමිකම් කඩවීම් ගැන නිසි පරීක්ෂණ සිදු නොකිරීම ගැන ප්‍රශ්න නොකර එම ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන ගිය ඔවුන් පස්සේ ලුහුබදියි.ටේ මානව හිමිකම් උල්ලංගනය වේනම්,පාලකයින් ඒවා නොසලකා හරිනම් ජිනීවායාමේ වරදක් නැත.
 කෙසවෙතත් මා ඔහුට ගරු කරන්නේ මාද යුද්දය ගැන ඔහු දැරු "යුද්දයට විසදුම සාමය" යන මතය පිළිගන්නා බැවිනි. බිහිසුණු  යුද්දය විජයග්‍රහනයකින් නිමා වුවත් මාගේ මතයද වෙනස් නොවේ.

ඔහු වෙත කොටි ලේබලය අලවනු ලැබුවන්ගෙන් අසන්නට ඇත්තේ ඔබ මේ රට වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද කියා පමණි.

ප.ලි :-මම ඔහුව කිසි දිනක දැක නැත,ඔහු උදෙසා මගේ චන්දයක් හෝ භාවිතා කර නැත.ඒ ඔහු ගම්පහය නියෝජනය කරන ලද නිසාත් මම වෙනත් දිස්ත්‍රික්කයක චන්දදායකයකු වන නිසාත්ය.
හරක් මරණවට සංවේදී මිනිසුන් සිටින රටක තවත් මිනිසෙක් මලවිට ප්‍රීතිවනු දැක අතිශය කණගාටුවට පත්වෙමි.
(ඉහත චයාරුපය ගුගල් ඉමේජ් වලින් උපුටා ගත්තෙමි.)

  






15 comments:

  1. ජනතාවට අවංකව සේවය කළ, උදාර මනුස්සයෙක්.

    හරක් මානසිකත්වයක් සහිත වුන්ට අවශ්‍ය චන්ඩි මල්ලිගේ පුතා වගේ දේශපාලඥයෝ. කොටි එක්ක මධු සමය ගෙවන්නේ කව්ද කියලා මොළයක් තියෙන මිනිස්සුන්ට තේරෙනවා..

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ඇත්ත පිළිගනීවි මාතලන්..
      හැබැයි හුගක් පරක්කු වෙලා...

      Delete
  2. මනෝ,
    වෛද්‍ය වැඩ වර්ජනයක දී තනිවම තම සඟයන් කීපදෙනෙක් සමග කොළඹ මහ රෝහල් බාහිර අංශයේ වැඩ කළ අයුරු මට නිතර මතක් වේ. සුන්දර මිනිසෙක් වූ ජයලතුන් සාමය අගය කළ කෙනෙක් වූ අතර සුළු ජාතීන්ගේ අයිතිය විශ්වාස කල අයෙකි. මැතුඳුනි ඔබට මොක් සුව පතමි.

    ReplyDelete
    Replies
    1. //සුන්දර මිනිසෙක් වූ ජයලතුන් සාමය අගය කළ කෙනෙක් වූ අතර සුළු ජාතීන්ගේ අයිතිය විශ්වාස කල අයෙකි//

      මමත් ඔහුට ගරු කරන්නේ අන්න ඒ නිසයි...

      වෙද මහත්තයාව බොහොම ආදරෙන් පිළිගන්නවා...
      ආවට බොහෝම ස්තුතියි.ආයෙමත් දවසක එන්න...

      Delete
  3. ජයලත් ජයවර්ධන මහතාට මොක් සුව පතමි.
    // "යුද්දයට විසදුම සාමය"// එහෙනං මේ වෙනකොට තව සිංහලයෝ දාස් ගාණක් මැරිල.

    ReplyDelete
    Replies
    1. නලින් අයියා ඇයි සිංහලයෝ මැරෙන එක ගැන විතරක් කතා කරන්නේ...
      මේ යුද්දය නිසා මැරුන හැමෝම මිනිස්සු නෙමේද...?
      කොහොම උනත් ඔබේ මතයට ගරු කරමි...

      Delete
  4. මනෝජ් වගේම මමත් මේ පුද්ගලයාව දැකලාවත්, ඡන්දයක් පාවිච්චි කරලාවත්, ඔහුගේ දේශපාලන දර්ශනය ගැන අවබෝධයක් ඇත්තේ වත් නෑ. මම දන්න දේ ඔහු මම පොඩි කාලේ දේශපාලනය කල බවත්, ඔහු කඩුවෙල පැත්තේ ආසනයකට තරඟ කල බවත්, ඒ වගේම ඔහු පුවත් පතකට අගනා වෛදය ලිපි ලියූ බවත් පමණයි.

    ඔහුට මොක් සුව පතන්න මමත් එක්වෙනවා.

    ReplyDelete
    Replies
    1. හෙන්රි අයියාගේ පැමිණීම සතුටක්...
      ඔබව ආදරෙන් පිළිගන්නවා....

      ආවට බොහෝම ස්තුතියි.ආයෙමත් දවසක එන්න...

      Delete
    2. Sure thing! You are on my blog rolls, Manoj. :)

      Delete
    3. I know that Henry ayya...
      Thanks a lot:)

      Delete
  5. ethumata ethuma pathana sanaseema uda wewa kiyala prarthana karanawa...!

    mage sinhala wada naha manoj...digatama liyanna..api enawa balanna...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සහන්...
      ඔබේ පැමිණීම ඇත්තෙන්ම ලොකු දෙයක්...

      Delete
    2. අත් මේ ඉන්නේ මම ඇවිත්..

      Delete
  6. මේකට උත්තරේ දොස්තර රාජිත දුන්න ඊයේ මාධ්‍ය සාකච්චාවේදී.

    ReplyDelete
    Replies
    1. ඔව් එක තමයි නියමම උත්තරේ.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!