Saturday, August 3, 2013

ගිනි වතුර.




ශ්‍රී ලංකා ප්‍රජාතන්තික සමාජවාදී ජනරජය දැන්,දැන් මිලිටරිකරනය කරා ගමන් ගන්නා බවට වන තවත් එක නිදසුනක් පසුගිය 1වැනිදා වැලිවේරියේ දී සිදුවූ ගැටුමෙන් පෙන්වා දෙන ලදී.

යුධ හමුදාපති ලෙස දයා රත්නායක තම නවධූරයේ වැඩබාර ගත් දිනයේම පිරිසිදු ජලය ඉල්ලා කරන ලද ජනතා විරෝධයකට හමුදාව ලවා නින්දිත සහා නිර්දය ලෙස පහරදී ලෙයින් මර්දනය දියත් කරමින් අපුරු පණිවිඩයක් දේශප්‍රේමි රජය විසින් ලෝකයට ලබාදී ඇත.

වසර 30 පමණ බිහිසුණු යුද්ධය අවසානේ දකුණේ ජනයාගේ විරයින්ව සිටි ආරක්ෂක හමුදාවන් දැන්,දැන් එම ජනයාගේම මාරයින් සේ ක්‍රියා කරන සැටියක් පෙනේ.බල කාමයෙන් උන්මන්තක වූ පාලකයින් ඉන්නා රටක පිපාසයට වතුර ඉල්ලා සිටීමත් මරණය ඉල්ලා සිටිමකට සමාන දෝ කියා සිතේ.


රතුපස්වල ජනයා පාරට බැස්සේ ඔවුන් මුහුණ දෙන ගැටලු වලට නිසි විසදුමක් බලධරින්ගෙන් නොලැබුණු නිසාය.ඇතැම් විට ඔවුන් මෙසේ පාරට නොබසින්න මේ ගැටලුව තවත් කාලාන්තරයක් විසදුම් නොමැතිව තිබෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබුණි.


මේ විරෝධතාකරුවන් නිසා සාමාන්‍ය ජනජීවිත වලට බලපෑමක් වේනම් පොලිසිය විසින් කල යුතුව තිබුනේ අධිකරණ නියෝගයක් මගින් මේ විරෝධය විසිරුවා හරින්නට කටයුතු කිරීමයි.නමුත් එවැන්නක් සදහා පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගත වගක් දැන ගන්නට නැත."නිතිය සහ සාමය"ආරක්ෂා කිරීමේ තමන්ගේ ප්‍රමුඛ කාර්‍ය නිවැරදි ලෙස ඉටු කිරීමට පොලිසිය අසමත් නම් සමස්ත පොලිසියම වස දැමීම වඩා යහපත් වනු ඇත. 


 එමේන්ම හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුනේ මේ සිදුවීමේදී පිටස්තරව පැමිණි සංවිධානාත්මක සන්නද්ධ පිරිසක් විසින් පොලිසියට සහ යුද හමුදාවට පහරදී ඇති බවයි.එසේනම් මේ සිදුවීමේ මරණකරුත්,තුවාලකරුවනුත් රතුපස්වල ප්‍රදේශ වාසීන් වන්නේ කෙසේද කියා මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදීලි කල යුතු වේ.


එදා මාවිල් අරු සොරොව්ව වසා දැමීමෙන් පිඩවට පත් ජනයා මුහුණ දුන් ගැටළුවත්,මේ වැලිවේරිය ගමේ මිනිසුන්ගේ ජල ගැටළුවත් එකම ගැටලුවකි.නමුත් වැලිවේරියේ ජනයාට මෙහිදී දුන් උත්තරය පිළිගත හැකි නොවේ.මේ සිදුවීම් තුළින් ලෝකය ඉදිරියේ අපකීර්තියට පත් වන්නේ සමස්ත රටමය. 'ඉගිලෙන මාළුවෝ' චිත්‍රපටය තුළින් රටේ හමුදාවන්ට අපකීර්තියක් සිදු වුවානම් මේ සිදුවීම් මගින් ලැබුවේ කුමන ආකාරයේ කිර්තියක්ද කියා රජය විසින් පැහැදීලි කර දියයුතුය.


යුද ජයග්‍රහණයට සේනදීනායකයා ලෙස ජනාධිපතිවරයාද එහි කොටස්කරුවෙක් වන්නා සේම මේ සිදුවීමේදීද එතුමා සේනදීනායකයා ලෙස කොටස්කරුවෙක් නොවන්නේද..?මේවා ජාත්‍යන්තරයට යන්නේ රටට සුබදායක ලෙස නොවන වගනම් කිය යුතුය. 


ප.ලි:-උඩ ඇති පින්තුරේ අවන්ත ආටිගල කාලෙකට පෙර අදින ලද්දක් වේ.

32 comments:

  1. දේශ ප්‍රේමයෙන් ඔද වැඩේ සිටින ජනතාවක් සිටින , මෙවන් රටක ජීවත් වන්නට සිදු වීමේ අභාග්‍ය ගෙවමින් සිටිමි.

    ReplyDelete
    Replies
    1. ප්‍රගීත්,
      උඹ විතරක් නෙමේ බන් අපි හුගක් අය ඒ අභාග්‍ය ගෙවනවා.
      හැබැයි කවදා හරි මේක ගෙවල ඉවර වෙවී බං

      Delete
  2. මේ රජය දන්නවද ජාත්ත්‍යන්තරය කියල එකක් තියෙන බව ???????

    ReplyDelete
    Replies
    1. මොකෝ රාළේ නොදන්නේ...?
      දැන් ඔය ජාත්‍යන්තර වැඩ නම් කියක්ම කලාද මෙයාලා...
      "තෙරිමා කසේ" රාළේ මේ පැත්තේ ආවට.
      (උඹේ බ්ලොගෙන් ඒ වචනේ ඉස්සුවේ..:D)

      Delete
    2. රාල මරු ප්‍රශ්න බං අහන්නෙ ....

      Delete
  3. Replies
    1. බොහෝම ස්තුතියි නලින් අයියේ,
      නොකියන හුගක් දේ මේක ඇතුලේ තියෙන බව දන්නවා.

      Delete
  4. දේශප්‍රේමය දෝරේ ගලයි

    ReplyDelete
    Replies
    1. හැලපයියේ,
      ආයෙත් අහලා කියලා වැඩක් නැහැ එකනම්.

      Delete
  5. මේවා අපිට බබා හුකුං පාට් උනාට, ජාත්‍යන්තරයට යන්නේ තටුත් ලැබිලා.

    අර රස්තියාදුකාරයා කිව්වා වගේ ඉගිල්ලෙන මාළුවෝ කිසි අවුලක් නැතුව බලා ගත්තා..

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ වෙනින් කවුරුවත් නෙමේ මේ අමන පාලකයින්ම්ම තමයි.
      රස්තියාදුකාරයාගේ කමන්ට් එක මම දැක්කා මාතලන්ගේ පොස්ට් එකේ.

      Delete
  6. මට මේ මුකුත් මතක නෑ උඹ... මනෝජ් පීරිස්ද??? අර හරක් හමට තඩි බාන විශාරදයා..

    ReplyDelete
    Replies
    1. ඉක්මනට බෙහෙත් ගනින් අමතක වීමට,
      නවලොකේ හොදා..රජයේ ඒවායෙත් ඇති තරම් බෙහෙත් තියෙනවා.

      Delete
  7. කෙටියෙන් උනත් ඔක්කොම කියල තියනව. මට මිස්වුනා මේක. මට මතකයි මීට කලින් හමුදාව පොලිසියට ආදේශකයක් විදියට යොදාගන්න ඕන කියපු බයියලා දැන් කට-පුක වහගෙන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැන් හුගක් ඈයෝ ඉන්නේ එහෙම තමයිනේ රාජ්.
      බල්ලාගේ වැඩේ බුරුවා කරන රටක් වෙලා මේක දැන්.

      Delete
  8. //මේවා ජාත්‍යන්තරයට යන්නේ රටට සුබදායක ලෙස නොවන වගනම් කිය යුතුය.// ඇත්තෙන්ම.
    මුලදි සරලවම විසඳ ගන්න තිබුනු දෙයක්, අන්තිමට ජීවිත ටිකකුත් නැති වුනා.

    ReplyDelete
    Replies
    1. නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙන් කපන්න තමයි අපේ ඈයෝ කැමති.
      මිනිස්සුන්ගේ ජිවිතගැන වටිනකමක් නැති විදියට තමයි මෙයාලා හැසිරෙන්නේ.

      Delete
    2. මමත් ඔය වැඩේ ගැන අහල තිබුන ,, අනේ මන්ද ඉතින් රේ මිනිස්සුම තමයි අන්තිමේදී ඕවට වන්දි ගෙවන්නෙ

      Delete
  9. මම ඉන්නෙත් ඔය හරියට ටිකක් ලඟින්...අපෙත් PH ටිකක් අඩු වෙලා තියෙන්නේ...:( -කොයි ආණ්ඩුව උනත් ගෙදර යන්නේ ලොකු විනාසයක් කරල තමයි....ඉස්සර උනෙත් උනේ ඕකනෙ...? (ලඟදි මේ පැත්තේ එන්න බැරි උනා මචන් වැඩ වලට හිරවෙලා...මේ ලිපිය නම් ගිය දවස් වලම වගේ කියෙව්වා... ෆෝන් එකෙන් බලපු හින්ද කොමෙන්ටුවක් දාන්න උනේ නැහැ..)

    ReplyDelete
    Replies
    1. //කොයි ආණ්ඩුව උනත් ගෙදර යන්නේ ලොකු විනාසයක් කරල තමයි....ඉස්සර උනෙත් උනේ ඕකනෙ//

      අනිවාර්යෙන් මචෝ,උන් කරලා යනවා.රට දුක් වෙනවා.

      Delete
    2. මමත් මොනොජ් හයිලයිට් කරපු වකයට අනිවා එකඟයි ,, මගේ පොඩි නැන්දත් ඉන්නේ ඔය පැත්තෙ. එයාලගේ ලිඳේ PH 5.4 ක් වගේ වෙන්න අඩුවෙලා ගිහින්....

      Delete
  10. ඉතින් ඔන්න මමත් ආව බං ... එන්න හිටියේ වැඩි වෙලාවක් තිබුනේ නෑ ,,,
    මමත් මෙහෙට අවහම තමයි දන්නේ කට්ටිය මැරිලත් කියල ....
    එක මාර සීන් එක නේද බං ,,, ඕක හේලීස් ගෘප් එකේ ග්ලවුස් හදන කර්මාන්තශාලා වක වැඩ හින්ද වුනා කියලත් කියනවා නේද ....
    අලේ මන්ද බං ඉතින් අපේ පැත්තටත් ඔය වගේ දඟරයක් ආවනම් තමයි අපිටත් ඔකේ බඩු පැකට් වීම හරියටම දැනෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. මුලිම්ම මචෝ උඹව සාදරයෙන් පිළිගන්නවා.

      කියලා වැඩක් නැහැ බං විදුරෝ මේ වගේ දේවල් අපේ මිනිස්සුන්ට හරියටම දැනේනම් උඹ කිවා වාගේ අපිටත් බඩු පැකට් වෙන්නම ඕනේ..

      Delete
  11. අනිවාර්යෙන් සේනාධිනායකයා වග කියන්න ඕන තමා. හොද නම විතරක් අරගෙන බැහැ නේ.

    ReplyDelete
    Replies
    1. සයුරි ඔයා අහලා ඇතිනේ ජයග්‍රහානයට පියවරු 100කි පරාජය අවජාතක දරුවෙකි කියන එක
      එක තමයි මෙහෙ වෙන්නේ.

      Delete
  12. ඒගොල්ලෝ එහෙම කියනවා
    මේගොල්ලෝ අරම කියනවා
    අපි මෙහෙම කියනවා
    කියවන උන් කියවනවා
    තව උන් බකන් නිලන් ඉන්නවා
    ඔක්කොම ඉවරයි අලුත් කාරණාවක් මාධ්ය එලියට දාපු ගමන්

    කවුද ඇත්තටම වැරදි කරන්නේ මෙයා :D

    ReplyDelete
    Replies
    1. රෙහානිව මෙහෙට සාදරයෙන් පිළිගන්නවා.
      ගන්නකෝ මේ බුලත් අත..:D

      //ඔක්කොම ඉවරයි අලුත් කාරණාවක් මාධ්ය එලියට දාපු ගමන්//
      එකනම් ඇත්ත තමයි.නමුත් මේ දේවල් දැකලත් නොදැක්කා වාගේ ඉන්න බැරි නිසයිනේ මෙහෙම කොටන්නේ...:D

      Delete
  13. \\\\'ඉගිලෙන මාළුවෝ' චිත්‍රපටය තුළින් රටේ හමුදාවන්ට අපකීර්තියක් සිදු වුවානම් මේ සිදුවීම් මගින් ලැබුවේ කුමන ආකාරයේ කිර්තියක්ද කියා රජය විසින් පැහැදීලි කර දියයුතුය.\\\

    ++++++++++

    මෙන්න මේකට උත්තර දෙන්න ආණ්ඩුවට බැහැ මනෝජ්.. රෙද්දේ රෙවිලා ඉවරයි.. තව අවුරුදු 10 කට වඩා නම් දුවන්නේ නැහැ..මට දුක එතෙක් ඔයාලා අපිලා ඉඳීද ..?

    ගොඩක් වටිනා පෝස්ට් එකක්..දිගටම ලියන්න..අද තමයි පාර හොයාගත්තේ වෙන කෙනෙක්ගේ උදව්වෙන්..මගේ ගෙදර ඉඳන් ඩිරෙක්ට් ලයින් එකක් මෙහෙට අදින්න බැහැ.. ලූප් ඉවරයි..:(

    ReplyDelete
    Replies
    1. පිස්සුද සහන් මේක ඒ තරම් දුරක් දුවන ආණ්ඩුවක් නෙමේ.බයවෙන්න එපා සහන්.මේක වෙනස් වෙනවා අපිට බලන්න ඇහැකි වේවි.

      Delete
  14. ලියන්නේ නැද්ද අලුතෙන් ...?

    ReplyDelete
    Replies
    1. තාත්තා ගැන එකක් ලියලා තියෙන්නේ සහන් එක දැක්කේ නැතුව ඇති.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!