Tuesday, May 7, 2013

ජනාධීපති මාමාට ලියුමක්.....



අප‍රාද පරීක්ෂණ දේපාර්තමේන්තුව විසින් පසුගිය මැයි 2 අත්අඩංගුවට ගනු ලැබු දෙමළ,මුස්ලිම් සන්ධනයේ නායක ආසද් සාලි මහතාගේ දියණිය විසින් තම පියා නිර්දෝශි බැවින් ඔහුව නිදහස් කරන මෙන් ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යවනු ලැබුබව මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබිය.  
එසේ ඇය විසින් යවන ලද ලිපියට මේ වනතුරු ජනාධිපතිවරයන්ගෙන් ප්‍රතිචාරයක් නොලබන්නට හේතුව ඇය විසින් යවන ලද ලිපියේ අඩුපාඩුවක් විය හැක.කෙසේ වෙතත් ඇය විසින් යවන ලද ලිපිය මේ ආකරයෙන් තිබුනිනම් අනිවර්යෙන්ම යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නට ඉඩතිබුණි.   
                                                                                                                 
                                                                                                                         අමිනා සාලි,
                                                                                                                         නො:_,
                                                                                                                         නිවසේදීය.
මහින්ද රාජපක්ෂ 
අතිගරු ජනාධීපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමජවාදී ජනරජය
අරලිය ගහ මන්දිරය.
                                               තාත්තා නිදහස් කර ගැනීම උදෙසා.
 ආදරණිය සංවේදී ජනාධිපති මාම වෙත,
                     ජනාධිපති මාමේ අපේ තාත්තාව සි.අයි.ඩි මාමලා කිසිම වරදක් නොකර ඉන්නකොට ඇවිල්ලා අත්අඩංගුවට අරගත්තයා.අපේ තාත්තා කිසිම වරදක් නොකළ බව අපි දන්නවා.වරදක් නොකරපු අපේ තාත්තා දැන් කිසිම කෑමක්,බිමක් නොකා නොබී ඉන්නේය.අනේ ජනාධිපති මාමේ එයා එහෙම ඉන්නකොට අපිට උනත් කිසිම කෑමක්,බිමක් ගන්නට බැරිය. 
                   අපේ තාත්තා ජාතිවාදය ඇවිස්සෙන විදියේ ප්‍රකාශ කලාය කියන්නේ පට්ට පල් බොරුවක්ය ජනාධිපති මාමේ.එහෙම අපේ තාත්තා කියන දේවල් වලට ජාතිවාදය ඇවිස්සෙනවනම් ඔයා චම්පික මාම,විමල් මාමලා වගේ මාමලා කියන ඒවාට කොච්චර එහෙම වෙන්න ඕනෙද.?
                අනික ජනාධිපති මාමේ අපේ තාත්තාට දැන් ඉස්සර වාගේ ලොකුවැඩ කරන්නට බැරිය.ඉස්සර තාත්තා යු.න්.පි එකේ ඉන්න කොටනම් ඒයාට මාර තැනක් තිබුනත් දැන් එහෙම නැත.අනේ ජනාධිපති මාමේ අපේ තාත්තාට ඒහෙම වුනේත් ජනාධිපති මාමගේ දෑත ශක්තිමත් කරන්නට ආපු නිසාය.
                  ජනාධිපති මාමට මේ දේවල් අමතක නැතැයි සිතමි.ඒ ජනාධිපති මාම ගමේ කුරහන් සුවද හදුනන,සුන්දර නිහතමනී,"සංවේදී නායකයෙක්,ආඩම්බර තාත්තේක්" නිසාය.
                   ජනාධිපති මාම අපේ තාත්තාට දෙනවා කියා කිව්වා දේවල් නොදුන් නිසා එයා චුට්ටක් දුකෙන්,තරහෙන් හිටියත් එයා හරිම හොදකෙනෙක් බව අපට විස්වශය.
              ඒ ගිය දේවල් වලින් වැඩක් නෑ ජනාධීපති මාමේ.අනේ "සංවේදී මාමේ" අපේ දුක කියන්න දැන් ඉන්නේ ජනාධීපති මාම විතරක්මය.
ඒ නිසා ජනාධීපති මාම මේ ගැන සොයාබලා අපේ තාත්තාව නිදහස් කරන්නට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.
මොකෝ තාත්තාට ඉන්නේ අපි විතරක් වාගේම අපිට ඉන්නෙත් මේ තාත්තා විතරක් නිසාමය.
        අනේ ජනාධිපති මාමේ,අපේ දුක දන්නා ඔබතුමා අපේ මේ ප්‍රශ්නය දෙස සංවේදීව බලනු ඇතැයි අපට විශ්වාසය. 
                     මේයට,
                      විස්වාශි
                      අමිනා සාලි.

මේ විදියේ ලියුමක් යැව්වොත් වැඩේ ගොඩම තමයි....


ප.ලි:-මේ දැන් රටේ පවතින තත්වයයි මා සිතමි.අත්අඩංගුවේ සිටින අසාද් සාලි මහතා වෙත මේ ඉරණම අත්වුයේ ඔහු ආණ්ඩු විරෝධී මතවදයක් දරන නිසායයි සිතමි.සියලු අන්තවාදීන් පිටු දැකිය යුතුය. මා දරණ මතවාදය වන්නේ ඒයයි.ඒසේ වුවත් සාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීම මා හෙළාදකින්නේ එය පැහැදිලි ලෙසම ප්‍රතිවීරුද්ද දේශපාලනමතවාද මර්දනය කිරීමට පාලකයින් ගන්නා අමන උත්සාහයක් බැවිනි. 

(ෆොටෝ එක අර ගත්තේ ගුගල් ඉමේජ් වලින්......)