Friday, June 9, 2017
ජෝන්
කෙරුවාට සංවිධායකකම විපක්ෂයේ
තිබ්බේ කකුල් දෙකම ආණ්ඩුවේ
එල්ලිලා මහරජාගේ කුණු සාටකයේ
උන්නා මතකයි ජෝන් උඹ උන්නා එජාපයේ
අරගෙන ආණ්ඩුවක් රනිල් හා මෛත්‍රි
උඹටත් දුන්නේ ඇමති කම් සුපිරි
කටුස්සාගේ කරේ බැන්ද වැනි රන් අනගි
හැසිරේ උඹත් වළං කඩේට පැන්න ගොනා හැටි
මොකටද අයිසේ හදලා "ජෝගින් පාක්"
අනවශ්‍ය උන් රස්තියාදු ගහන තරම්
කියමින් මැතිඳු ගලවලා ගල් පේලි
කරයි ජනතා සේවය හරි තුටිනි
වාහන පදින්නේ අනවශ්‍ය උන් හින්දා
හැම තැන අනතුරු ඇත ඉන් වැඩි විලා
මිල වැඩි කරලා වාහන ගෙන්වීම නවතලා
අපි යමු ගොනා බැඳී කරත්තෙක නැගලා
තිබුනත් බලේ තවමත් නැති හින්දා මොලේ
යන යන තැන ඇදගෙන නාන සොඳේ
කිළුටු වී ඇති යහපාලන සුදු රෙද්දේ
උඹත් අනවශ්‍ය මිනිහෙක් තමා ජෝන්
Subscribe to:
Post Comments (Atom)
මට නම් හිතෙන්නෙ මනෝ ඒ දවස්වල හිටියද නැද්ද කියල හොයන්න බැරි රැඩිකල් මාධ්‍යවේදීන් සෙට් එකක් දැන් කළ එළි බැහැලා හින්දා ජෝන් ඔහොම කියපු එක ගැන මගේ නං ලොකු අකැමැත්තක් නෑ- අනිත් අතට සැරයක් මහින්ද රාජපක්ෂ ලසන්තට කුණුහරුපෙන් බැනලා එතකොට ලසන්ත ජනාධිපති කියල බලන්නෙ නැතුව මහින්දට බැනපු කේස් එකත් මතක් වුනා
ReplyDeleteඑක ඇත්ත.දැන් තියෙන මේ මාධ්‍ය නිදහස අවභාවිතා වෙන තත්වයක් තමයි තියෙන්නේ.හැබැයි පලපුරුදු දේශපාලඥයෙක් විදියට ජෝන් මෙයට වඩා සංයමයෙන් හැසිරෙන්න දැනගන්න ඕනේ.එහෙම නොවුනොත් එතනින් පල්ලෙහා ඉන්න දේශපාලඥයොත් යන්නේ කැලේ තමයි.
DeleteGood one .
ReplyDeletethanks.
Deleteමීඩියාකාරයො මේ නාකි මනුස්සය බයිට් කරනවා සෑහෙන කාලෙක ඉදන්. ඒක හරිම කැත වැඩක්. අවශ්‍ය දේයි අනවශ්‍ය දෙයි හැම එකම මෙයාගෙන අහනව ආන්දෝලනාත්මක වොයිස් කට් එකක් ගන්න. තරහ යන එක සාධාරණයි. මීඩියාකාරයන්ට විනයක් නෑ. උන් ඉන්නෙ අමුතුම සුපිරි මනුෂ්‍ය වර්ගයක් වගෙ.
ReplyDeleteමාධ්‍යවේදියෝ කියන අය ගැන සුබෝධ කියලා තියෙන කතාව ඇත්ත.හැබැයි පළපුරුදු දේශපාලඥයෙක් විදියට හැසිරෙන්න තවමත් ජෝන් අමරතුංග දන්නේ නැහැ.එතුමා වටේට ඉන්න අයවත් හැසිරෙන හැටි ගැන ලොක්කාට කියලා දෙන්නේ නැහැ.එකෙන් වෙන්නේ ගිය ආණ්ඩුවේ මර්වින් කරපු අන්දරේ චරිතේ මේ ආණ්ඩුවේ ජෝන්ට කරන්න වෙලා තියෙන එක.
Deleteනාන විට
ReplyDeleteබ්රේක් නැති
ජනපති ඇඹනියක්
පිහිනුම් තටාකයක
කොල්ලුපිටියේ
හසුකරගත් වරදට
ඇගේ රුව
සිය කාචයට
කැමර පෙට්ටියේ
දිවි ගමන
වත්තලදී
අවසාන කල
රූප මල්ලියේ
සිහිවෙනවා
නුඹව මට
අස්සෙ
මේ ජල්ලියේ
එතකොටත්
මේ ජෝන්
චණ්ඩියෙකි
හංදියේ
නොමැත
තාමත් නිමාවක්
මැරකම් වල නම්
මොවුන්ගේ
චණ්ඩිකම් වලට නැද්ද තිතක් තියන්නේ මුන්ගේ.
Deleteමේ මිනිහව ගෙදර යවන්න තිබුණේ 2015 පෙබරවාරියේ දී ම යි.
ReplyDeleteමුන්ට නාමයෝජනා දෙන අයටයි ජන්දේ දෙන අයටයි තලන්න ඕනේ මඩු වලිගෙන් හිටං.
Deleteබ්‍රේක් නැති කටවල් වලට හරියන්නෙත් ඒ වගේපුතයෙක්ම තමා
ReplyDeleteකෝමත් ජෝන් ල වගේ මක බාස් ල සෙට් එකක්ම ඉන්නව ගෙදර යන්න ඕන
ඒත් අපේ අවස්තාවාදී මිනිස්සු නිසා රජ කරන
අපොයි ඔව් බං ඔය 225 ඇතුලේ ඉන්න ඕන සුදුස්සෝ ඉන්නේ බොහොම අල්පයක් විතරයි.මුන් ඉන්නේ අවස්ථාවාදී මිනිස්සු නිසා කියන එක හරි.
Deleteහැමතැනම කුණු නේද ?
ReplyDeleteමිතොටමුල්ලේත් නැහැ මේ වගේ කුණු.
Delete:)
ReplyDeleteඅම්මෝ උබ ලියලා
ReplyDeleteඑල ද බ්‍රා
අකුරක් හරි ලියන්න හිතෙන්නේ උඹලා දෙන තල්ලුව නිසයි.
Deleteමේක නම් මරු කවිය.
ReplyDeleteඒ දිගේ මාත් ආවා මේ පැත්තට.
ජයවේවා!!!
කවි පද වැල් ගලනා දුන්හිද වගේ
Delete"ආයුබෝවන්" කියා පිළිගමි දුමින්ද අපගේ
මේක මට මග ඇරිලා නේ.
ReplyDeleteසෝක ජනකයි කිව්වලු...