Wednesday, June 26, 2013

අතිසාරයට අමුඩය ගැසීම.


පසුගිය 21 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබෙන ගැසට්‌ නිවේදනයකට අනුව පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය උසස්‌ පෙළ, සාමාන්‍ය පෙළ විභාග ආරම්භ කිරීමට දින පහකට පෙර සිට එම විභාග වලට අදාළවන සම්මන්ත්‍රණ,වැඩමුළු සහා අතිරේක උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.
එහි අරමුණ ලෙස දක්වන්නේ විභාග වංචා  වැලැක්‌වීමේ  අරමුණින් මෙම තහනම සිදු කරනා බවයි.
අතිසාරයට අමුඩය ගැසීමක් වැනි මෙම ගැසට් නිවේදනය නැවත වරක් අධ්‍යාපන අමාත්‍යාවරයාගේ නොහැකියාව ප්‍රදර්ශනය කරයි.

පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ විට අධ්‍යාපනඇමතිවරයා පැවසුවේ මෙය තමාගේ වරදක් නොවන බවත් මෙහි වගකීම දැරිය යුත්තේ විභාග දෙපර්තමෙන්තුව බවත්ය.ඇතැම් විට විභාග දෙපර්තමෙන්තුව ඇත්තේ කා යටතේදැයි එතුමා දැන නොසිටිය වන්නටද පුළුවන.

කෙසේ වුවත් වර්තමන අධ්‍යාපනඇමතිවරයාද රජයේ බොහොමයක් අමාත්‍යාවරුන් මෙන් කවටයෙකුගේ චරිතය නිරුපණය කිරීම රටේ ඉදිරි අනාගතය සම්බන්ධව කිසිම ලෙසකින්වත් යහපත් කරුණක් නොවේ.

වසරකට පමණ පෙර 04 දෙනකුගෙන් යුතු පවුලකට මසකට රුපියල් 2500/-ජිවත් විය හැකියයි පැවසු අමාත්‍යාවරයා වරක් රුපවාහිනියට පැමිණි විටකදී පැවසුවේ තමා ඇමැති වැටුපහෝ නොගන්නා බවය. 

එසේ වුවත් මා සිතන්නේ එතුමා එම වැටුප නොගන්නේ පින් පඩි ගැනීමට ඇති අකැමත්ත නිසා විය යුතුය.දේශපාලකයකු ලෙසට තම වගකීම නිසිලෙස ඉටුනොකර ජනතාව පිනවනවාට වඩා එතුමා දේශපාලනයට පිවිසීමට පෙර කලක් මෙන් චිත්‍රපට නිෂ්පාදනය සිදු කරමින් ජනතාවගේ ලේ කුපිත නොකර ජනතාව පිනවනු ලැබුවානම් බෙහෙවින්ම යහපත්ය.

දේශප්‍රේමීයකු වන්නටද අවශ්‍යනම් නලාකරුවකු ලෙස ජාතියේ සංවේදී පියා වෙනුවෙන් කඩේයාද හැක. 


ප.ලි :-පොටෝව ගුගල් ඉමේජ් වලින්.

Saturday, June 1, 2013

දොස්තර ජයලත් කොටියෙක්ද...?




මෙරට පුහු දේශප්‍රේමින්ගේ නිර්දය චෝදනාවන්ට ලක්වු  වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා මෙරට බොහෝ දේශපාලකයින්ගේ නිල රෝහලව තිබෙන"සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත්" රෝහලේ දී අභාවප්‍රාප්ත වුයේ පසුගිය මැයි 29 වනදාය.


රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිව සිටින අවදියේ ඒ මහතාගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ ඒ මහතා 1994 වසරේදී ප්‍රථම වරට පාර්ලිමේන්තුව වෙත පිවිසි අතර මියයනතුරුම පාර්ලිමේන්තුව නියෝජනය කරන ලදී.දේශපාලනයට පිවිසීමට පෙර සිටම සමාජ ක්‍රියාකරියකු ලෙස කටයුතු කල ඒ මහතා පාර්ලිමේන්තුව වෙත පිවිසීමෙන් පසුව එම කටයුතු වඩාත් සංවිදනත්මකව සිදු කරන ලදී.

තමන් දරන මතවාදය තුල සෘජු ලෙස සිට ගැනීමට තිබුණු හැකියාව නිසාම නිර්දය ලෙස තමන්ව කොටි හිතවාදියකු ලෙස හංවඩු ගසා  විවේචනය කරනවිටදී පවා තමාගේ ප්‍රතිපත්ති පවානොදී සිටීමට ඔහු වෙත හැකියාව තිබුණි.

2002-2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පුනරුත්ථාපන නැවත පදිංචිකිරීම් හා සරණාගත කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙස කටයුතු කල ඔහු එසේ අමාත්‍යධූර දරන්නට පෙර සිටම යුද්දය නිසා පිඩා විදි මායිම් ගම්මාන වැසියන්ගේ අවශ්‍යතා උදෙසා ක්‍රියා කල අයෙකු විය.පොළොන්නරුව,මඩකළපුව වැනි දිස්ත්‍රික්කවල මායිමේ ඇති ඉතාමත් දුෂ්කර ගම්මන වල වෛද්‍ය සායන සංවිදානය කිරීමේ සිට එම ගම්මාන වලට ත්‍රස්තවාදී තර්ජනයන්ගෙන් ආරක්ශාවීමට සයිරන් නලා බෙදීම දක්වා විවිද ක්‍රියා මාර්ග ගනු ලැබුවෙක් වු ඔහු පොළවමත පයගසා කටයුතු කල අයෙක් ලෙසට දකිමි.   

යුදවාදියෙක් නොවුන නිසාත් "ලංකා ඉ නිව්ස්" කියූ පරිදි එක දශමයකින් හෝ ජාතිවාදියෙක්,අගම්වදියෙක් නොවී අචල මානව හිතවාදියෙක්වු නිසාම එසේ නොවන්නගේ විවේචනයට ලක්වුවෙක් විය.

 රටේ මානව හිමිකම් ගැටළු ජිනීවා ගෙන යමින් රට ජාත්‍යන්තර ලෙස අපහසුතාවයකට පත් කරන රට පවා දෙන්නෙක් ලෙසටද ඔහු වෙත චෝදනා එල්ල වුයේය.නමුත් ඒ චෝදනා එල්ල කරන අය විසින් රටේ මානව හිමිකම් කඩවීම් ගැන නිසි පරීක්ෂණ සිදු නොකිරීම ගැන ප්‍රශ්න නොකර එම ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන ගිය ඔවුන් පස්සේ ලුහුබදියි.ටේ මානව හිමිකම් උල්ලංගනය වේනම්,පාලකයින් ඒවා නොසලකා හරිනම් ජිනීවායාමේ වරදක් නැත.
 කෙසවෙතත් මා ඔහුට ගරු කරන්නේ මාද යුද්දය ගැන ඔහු දැරු "යුද්දයට විසදුම සාමය" යන මතය පිළිගන්නා බැවිනි. බිහිසුණු  යුද්දය විජයග්‍රහනයකින් නිමා වුවත් මාගේ මතයද වෙනස් නොවේ.

ඔහු වෙත කොටි ලේබලය අලවනු ලැබුවන්ගෙන් අසන්නට ඇත්තේ ඔබ මේ රට වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද කියා පමණි.

ප.ලි :-මම ඔහුව කිසි දිනක දැක නැත,ඔහු උදෙසා මගේ චන්දයක් හෝ භාවිතා කර නැත.ඒ ඔහු ගම්පහය නියෝජනය කරන ලද නිසාත් මම වෙනත් දිස්ත්‍රික්කයක චන්දදායකයකු වන නිසාත්ය.
හරක් මරණවට සංවේදී මිනිසුන් සිටින රටක තවත් මිනිසෙක් මලවිට ප්‍රීතිවනු දැක අතිශය කණගාටුවට පත්වෙමි.
(ඉහත චයාරුපය ගුගල් ඉමේජ් වලින් උපුටා ගත්තෙමි.)