Tuesday, May 22, 2018

ප්‍රේමය කිමැයි.

ඕෂෝ
ආදරෙයි නම් ඔබ මලකට , නෙලා ගන්නට එපා ඒ මල.

ඒ "ඕෂෝ" ගේ කියමනක්.

"ආදරය"කියන්නේ හිමිකර ගැනිමම නොවේයයි කියමනකුත් තියෙනවා.

කවුරු කවදා,කාට,කොහේදී කිව්වාද කියලා නොදන්න මුත් ඒ කියමන ගැන කවුරු හෝ,කවදාක හෝ,කොහේදී හෝ කියනවා අසා තියෙනවා.

ඉතින් ආදරෙයි කියා මලක් නටුවෙන් වෙන් කෙරුවෙත් වෙන්නේ ඒ මල පරව යන එක ඉක්මන් වෙන එක පමණයි.සමහරවිට මල නෙලා ගන්න තියෙන හදිසියට නටුවේ තියෙන කටු ඇනිලා තුවාල වෙන්නත් බැරි නැහැ.එහෙම වුනොත් අයිතිකර ගැනීමේ ආත්මාර්ථකාමී පරමාර්ථය නිසා අන්තිමට පරමලත් එක්ක ඉතුරු වෙන්නේ තුවාල කැළලක් විතරක් වෙන්නත් පුළුවන්.

දැන් තියෙන ප්‍රශ්නය එහෙනම් පුළුවන්ද අයිතිකර ගන්නේ නැතුව ආදරය/ප්‍රේම කරන්න.

ඇයි බැරි ! ආදරය ප්‍රේමය කියන්නේ හැඟීම් ඒවා අස්පර්ශයි.  අස්පර්ශ දේවල් භෞතික දේවල් වගේ අත්පත් කරගන්න බැහැ.හැබැයි අත්විදින්න පුළුවන්.හරියට හුළඟ වගේ.

හුළඟ හැම තැනම තියෙනවා.ඒ නිසානේ අපි හුස්ම ගන්නේ එත් හුළඟ දැකලා නැහැනේ අත්විඳිනවා පමණයි.


යමුනා මාලිනි පෙරේරා අකුරු කරලා තියෙන්නෙත්


"ප්‍රේමය ලොව හැම තැනම ඇති
 හැමදෙනාටම හමු වෙලා ඇති
 එනමුදු ප්‍රේමය කිමෙයි කියා
 හඳුනා ගත කිසි කෙනෙකු නැති " කියලා.

එහෙමනම් හඳුනා ගත්තේ නැති,හැඩයක් නැති ප්‍රේමයක්,ආදරයක් කොහොමද තමන්ගේම කර ගන්නේ ?

තමන්ගේම කර ගත්තා, නොගත්තා එත් ආදරයට / ප්‍රේමයට සිමා දාන්න බැහැ.


තව කෙනෙකුට මිට වඩා වෙනත් විදියකට හිතේවි.එත් මේ මට හිතෙන හැටි.