ඕෂෝ |
ඒ "ඕෂෝ" ගේ කියමනක්.
"ආදරය"කියන්නේ හිමිකර ගැනිමම නොවේයයි කියමනකුත් තියෙනවා.
කවුරු කවදා,කාට,කොහේදී කිව්වාද කියලා නොදන්න මුත් ඒ කියමන ගැන කවුරු හෝ,කවදාක හෝ,කොහේදී හෝ කියනවා අසා තියෙනවා.
ඉතින් ආදරෙයි කියා මලක් නටුවෙන් වෙන් කෙරුවෙත් වෙන්නේ ඒ මල පරව යන එක ඉක්මන් වෙන එක පමණයි.සමහරවිට මල නෙලා ගන්න තියෙන හදිසියට නටුවේ තියෙන කටු ඇනිලා තුවාල වෙන්නත් බැරි නැහැ.එහෙම වුනොත් අයිතිකර ගැනීමේ ආත්මාර්ථකාමී පරමාර්ථය නිසා අන්තිමට පරමලත් එක්ක ඉතුරු වෙන්නේ තුවාල කැළලක් විතරක් වෙන්නත් පුළුවන්.
දැන් තියෙන ප්‍රශ්නය එහෙනම් පුළුවන්ද අයිතිකර ගන්නේ නැතුව ආදරය/ප්‍රේම කරන්න.
ඇයි බැරි ! ආදරය ප්‍රේමය කියන්නේ හැඟීම් ඒවා අස්පර්ශයි. අස්පර්ශ දේවල් භෞතික දේවල් වගේ අත්පත් කරගන්න බැහැ.හැබැයි අත්විදින්න පුළුවන්.හරියට හුළඟ වගේ.
හුළඟ හැම තැනම තියෙනවා.ඒ නිසානේ අපි හුස්ම ගන්නේ එත් හුළඟ දැකලා නැහැනේ අත්විඳිනවා පමණයි.
යමුනා මාලිනි පෙරේරා අකුරු කරලා තියෙන්නෙත්
"ප්‍රේමය ලොව හැම තැනම ඇති
හැමදෙනාටම හමු වෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමෙයි කියා
හඳුනා ගත කිසි කෙනෙකු නැති " කියලා.
එහෙමනම් හඳුනා ගත්තේ නැති,හැඩයක් නැති ප්‍රේමයක්,ආදරයක් කොහොමද තමන්ගේම කර ගන්නේ ?
තමන්ගේම කර ගත්තා, නොගත්තා එත් ආදරයට / ප්‍රේමයට සිමා දාන්න බැහැ.
තව කෙනෙකුට මිට වඩා වෙනත් විදියකට හිතේවි.එත් මේ මට හිතෙන හැටි.
ඕවා මහ සංකීර්ණ ප්‍රශ්ණ...
ReplyDeleteඔව් නෙහ්
Deleteමනෝගෙ අත්දැකීමක් වචන වලට පෙරලලා නෙමෙයිනේ ...?
ReplyDeleteමගෙත්,ඔයාගෙත් අනිත් හැමෝගෙමත් අත්දැකීමක් කියලා හිතා ගන්නකො.
Deleteඑදා ප්‍රේමයෙන් පැරදුනු අය කවි සිංදු ලිව්වා,පොත් ලිව්වා,දුක්වුණා එච්චරයි. දැන් නම් ප්‍රේමය කියන්නෙ අයිති කර ගැනීම මයි. බැරිවුණොත් ප්‍රේමයට කෙළවෙන්න කියල බෙල්ල කපල දානවා. මට නැත්නං කාටවත් නෑ කියන එක තමා අද දවසේ ප්‍රේමයේ නිර්වචනය.
ReplyDeleteඑකනම් ඇත්ත කතාවක් හැලපයියේ.
Deleteඅනිත් අතට අයිතිකර ගත්තාම ප්‍රේමය උනත් ලඝු වෙනවා.
මෙන්න මෙයාට කාලෙකින් බ්ලොග් එක මතක් වෙලා... ඕෂෝ කළ හරියක්...
ReplyDeleteඑදා තරු අක්කාගේ පොස්ට් එකෙන් තමයි මේ අදහස ඔලුවට ආවේ.
Deleteප්‍රේමය නම් .........රාගයෙන් තොර සඳ එලිය සේ අච්න්ත්‍යයි පාරිශුද්දයි සුරම්‍යයි
ReplyDeleteමමත් දන්නේ නෑ හැබැයි එහෙම කියනවා ..........
විචාරක දියණිය
ප්‍රේමය ඇතුලේ "රාගය" අඩු වැඩි වශයෙන් තියෙනවා.
Deleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .
ReplyDeleteමනෝජ් කියන එකට එකඟයි…
ReplyDeleteඒ වුනාට අර හැලප කියනවා වගේ වර්තමාන තත්වය බැලුවම නම් අනාගතයේ කට්ටිය ප්‍රේම කරන්නත් බය වෙයි… යාළු උනත් මරණවා… බෑ කිව්වත් මරණවා… ප්‍රපෝසල් එකකින් ආවත් මරණවා...
අවන්හලට ගොඩ වැදුනාම නම දැක්කාම පස්සේං ආවා! දෙයියනේ බ්ලොග් එකේ හැම තැනම මකුළු දැල්! සෙල්ලං නෑ! දැන් නොලියාම ඉන්න බෑ ! පටන් ගනිමු ලියන්න ! අපි ඉන්නවා කියවන්න බලාගෙනම! මේ සතියෙ අළුත් පෝස්ටුව ලියමුද?
ReplyDeleteපෝස්ටුව ගැනත් නොලිව්වොත් ඒක අඩුවක් නේ! ඇත්තටම අපි ජීවිත කාලය තුලම ආදරය කරණ වස්තූන් තියෙනවා කිසිම කලෙක ස්පර්ශ කිරීමට බැරි! ඔබට මතකද කාලයකට පෙර දයා රාජපක්ෂයන් අතින් ලියැවුනා පසුව සිනමාවට පෙරැළුණු චිත්‍ර කථාවක් - නම "නිළියකට පෙම් කළෙමි"! ඒ එවන් අප්‍රකාශිත ආදරයක්! නමුත් මුළු ජීවිත කාලය තුලම ඒ ආදරය වෙනතකට යොමු නොවී සිත තුලම තියෙනවා! එයත් ස්පර්ශ නොකල ආදරයක්! ජීවිතේ මතක පොත අවුස්සද්දී මෙවන් සිද්ධි මොනතරම් නම් තියෙනවාද මනෝ!?
ReplyDelete