Showing posts with label මට හිතෙන හැටි.. Show all posts
Showing posts with label මට හිතෙන හැටි.. Show all posts

Tuesday, May 22, 2018

ප්‍රේමය කිමැයි.

ඕෂෝ
ආදරෙයි නම් ඔබ මලකට , නෙලා ගන්නට එපා ඒ මල.

ඒ "ඕෂෝ" ගේ කියමනක්.

"ආදරය"කියන්නේ හිමිකර ගැනිමම නොවේයයි කියමනකුත් තියෙනවා.

කවුරු කවදා,කාට,කොහේදී කිව්වාද කියලා නොදන්න මුත් ඒ කියමන ගැන කවුරු හෝ,කවදාක හෝ,කොහේදී හෝ කියනවා අසා තියෙනවා.

ඉතින් ආදරෙයි කියා මලක් නටුවෙන් වෙන් කෙරුවෙත් වෙන්නේ ඒ මල පරව යන එක ඉක්මන් වෙන එක පමණයි.සමහරවිට මල නෙලා ගන්න තියෙන හදිසියට නටුවේ තියෙන කටු ඇනිලා තුවාල වෙන්නත් බැරි නැහැ.එහෙම වුනොත් අයිතිකර ගැනීමේ ආත්මාර්ථකාමී පරමාර්ථය නිසා අන්තිමට පරමලත් එක්ක ඉතුරු වෙන්නේ තුවාල කැළලක් විතරක් වෙන්නත් පුළුවන්.

දැන් තියෙන ප්‍රශ්නය එහෙනම් පුළුවන්ද අයිතිකර ගන්නේ නැතුව ආදරය/ප්‍රේම කරන්න.

ඇයි බැරි ! ආදරය ප්‍රේමය කියන්නේ හැඟීම් ඒවා අස්පර්ශයි.  අස්පර්ශ දේවල් භෞතික දේවල් වගේ අත්පත් කරගන්න බැහැ.හැබැයි අත්විදින්න පුළුවන්.හරියට හුළඟ වගේ.

හුළඟ හැම තැනම තියෙනවා.ඒ නිසානේ අපි හුස්ම ගන්නේ එත් හුළඟ දැකලා නැහැනේ අත්විඳිනවා පමණයි.


යමුනා මාලිනි පෙරේරා අකුරු කරලා තියෙන්නෙත්


"ප්‍රේමය ලොව හැම තැනම ඇති
 හැමදෙනාටම හමු වෙලා ඇති
 එනමුදු ප්‍රේමය කිමෙයි කියා
 හඳුනා ගත කිසි කෙනෙකු නැති " කියලා.

එහෙමනම් හඳුනා ගත්තේ නැති,හැඩයක් නැති ප්‍රේමයක්,ආදරයක් කොහොමද තමන්ගේම කර ගන්නේ ?

තමන්ගේම කර ගත්තා, නොගත්තා එත් ආදරයට / ප්‍රේමයට සිමා දාන්න බැහැ.


තව කෙනෙකුට මිට වඩා වෙනත් විදියකට හිතේවි.එත් මේ මට හිතෙන හැටි.

Friday, December 16, 2016

හමුදා,පොලිස් රාජ්‍ය අවශ්‍ය නැත.

මහින්ද රාජපක්ෂ හුළං ගසා පිම්බු හමුදා රාජ්‍ය වෙනුවට රනිල් වික්‍රමසිංහ හුළං ගසා පුම්බන පොලිස් රාජ්‍ය කාටුනය.අවන්ත ආටිගලගේ.
මා දන්නා පරිද්දෙන් ප්‍රජාතන්තවාදී රටක පොලිසියේ කාර්යභාරය වනුයේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමයි.නමුත් පොලිසියට එසේ නීතිය හා සාමය රැක ගැනීමට නොහැකි ඇතැම් අවස්ථාවලදී ඒ සඳහා හමුදාව කැඳවන අයුරු දැක ගැනීමට ඇත.නමුත් ලංකාවේ පොලිසියට සාපේක්ෂව හොඳ බව පවසන හමුදාවන් එවැනි කැඳවීම් ලද ඇතැම් විට හැසිර ඇති ආකාරයන් නැති ප්‍රශ්න ඇති කිරීමට සමත් වූ බවක් පෙනෙන්නට ඇත.

පසුගිය රාජපක්‍ෂ රජය කාලයේ දී වැලිකඩ බන්ධනාගාරයේ සිදුකල සෝදිසි කිරීමකට හමුදාව යොදා ගැනීම අවසන් වුයේ රජය භාරයේ සිටි රැඳවියන් පිරිසක් ඝාතනය වීමෙනි.ඉන්පසු කාලයකදී රතුපස්වල ප්‍රදේශයේ ජනතා විරෝධතාවක් මැඩපැවැත්වීමට ගෙන්වූ හමුදා වෙඩි තැබීමකින් කිහිප දෙනෙක් මිය ගිය අතර පසුගිය දිනක හම්බන්තොට වරායේ විරෝධතාවක් මැඩපවත්වන්න පැමිණි නාවික හමුදාව අනවශ්‍ය ප්‍රශ්නයක් සදා ගත්තේ නාවික හමුදාපතිවරයා විසින් ප්‍රදේශීය මාධ්‍යවේදියෙකුට පහරදීම තුලිනි.(පහර කෑමට ලක් වූ තැනැත්තා මාධ්‍යවේදියෙක්ද නැද්ද යන්න අදාළ නොවේ.එවැනි පහරදීම් අනුමත කල හැකි නොවේ.)

රාජපක්‍ෂ පාලන සමයේදී "රණවිරුවන්"ලෙස කිරුළු දරා සිටියද ඒ රණවිරු ලේබලයට මුවා වෙමින්ම අකටයුතුකම් කරන ලද්දෝද බොහෝ වෙති.ඇවන්ට් ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් උසාවි කැඳවන ලද හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනාගේ දේශප්‍රේමයේ තරම සිතා ගත හැකිය ඔවුන් කටයුතු කර තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන්.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හිමි පොලිසියද හමුදාවට නොදෙවෙනි ක්‍රියාකාරකම් වල යෙදෙන බව රහසක් නොවේ.නමුත් එසේ කියා රටේ සිදුවන හැම සිදුවිමකටම පොලිසිය වෙනුවට හමුදාව කැඳවන්න යාම ප්‍රඥාවන්ත ක්‍රියාවක් නොවන බව පැහැදිලිය.එසේ කල නොහැකි නම් කල යුත්තේ  නීතිය හා සාමය රකින්න බැරි "සර්ගේ" පොලිසිය විසුරුවා හරිනු ලැබීමයි.

කෙසේ වෙතත් පසුගිය දිනවල දැඩි කතාබහකට ලක් වූ නාවික හමුදාපතිවරයාගේ සිදුවීම අරබයා රජය මාධ්‍ය මර්දනය කරනවායි ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනාවද විහිළුවක් බවද කිව යුතුය.හිටපු රජය බලයේ සිටි කාලයේ ඇතැම් හමුදා සාමාජිකයින් රජයේ ඕනෑ එපා කම් අනුව ඝාතන සිදු කල බවටද චෝදනා තිබේ.ඉහතින්ද සඳහන් කල වැලිකඩ ඝාතනය පමණක් නොව ලසන්ත ඝාතනය,රවිරාජ් ඝාතනය ආදිය සඳහාද ආරක්ෂක හමුදා සම්බන්ධ බවට චෝදනා නැගෙන අතර ඒ සිදුවීම් කිසිවක් පුද්ගලික අවශ්‍යතා මත සිදු වුවාට වඩා පැවති රජයේ අවශ්‍යතාව මත සිදුවන්නට ඇති බව පැහැදිලිය. 

අපට මිලටරි රාජ්‍යක යටත් වැසියන්ව ජිවත් වීමට අවශ්‍ය නැත.ඒ නිසා දැන් නැග එන ගෝඨා රැල්ලද පරාජය කල යුතුය.මන්ද ඉහතින් සඳහන් කරන ලද හැමසිදුවිමකටම සෘජුව හෝ වක්‍රව ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සම්බන්ධයක් පෙනෙන්ට ඇති බැවින් ඒ දේ කල යුතුව තිබේ .නැතහොත් සිදු වන්නේ නාමිකව හෝ පවතින ප්‍රජාතන්ත්‍රවාදයට කණ කොකා හැඩීම පමණි.

Monday, January 18, 2016

පොතක් සහා කතාවක්.

පි කිව්වේ "මාමා" කියලා.
සමහරු "අප්පච්චි" කිව්වා.ජනවාරි අට වැනිදායින් පස්සේ "අප්පච්චි මලා"කියලාත් සමහරු කිව්වා.

ඒ අප්පච්චිගේ පුතාව අප්පච්චිගෙන් පස්සේ රජ කරවන්න සමහරු බලන් හිටියා.

හැබැයි වැඩේ වැරදුණා!

ඒගොල්ලෝ කිව්වේ "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර"කියලා. 
ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර පුතාට කිව්වේ "ආදරණිය නායක" කියලා හිටං.

දැන් ඒ රට කරන්නේ අර කියපු "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයාගේ" මුනුබුරා.තාත්තාගෙන් පුතාට සිහසුන යන ජනතාව පාලකයින්ගේ යටත් වැසියෝ වෙලා ඉන්න රාජාණ්ඩු ක්‍රමයෙන් අපි ගැලවුණත් තාමත් ඒ රටේ මිනිස්සුන්ට එහෙම වාසනාවක් නැහැ. 


මේ උතුරු කොරියාවේ අදටත් තියෙන තත්වය.
උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්.

ඒ අතින් බලන කල අපි වාසනාවන්තයි.පහුගිය ජනවාරි අට වෙනිදා මහින්ද මාමාගේ ඒකාධිපති පවුල් පාලනය නතර නොවන්න අපිටත් උතුරු කොරියාවේ වගේ ආඥදායකත්වයක රස බලන්නත් ඉඩ ලැබෙන්න තිබුණා සමහරවිට.

ව්‍යජ දේශප්‍රේමයකින් රටේ සාගින්න දිළිදු සාමාන්‍ය ජනතාවට දරා ගන්න බල කරන අතරවාරයේ පක්‍ෂ නායකයන්ට,රජයේ ඉහළ නිලධාරින්ට විතරක් නෙමේ ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයා වෙච්චි "කිම් ඉල් සුං" ගෙත්  ආදරණිය නායක "කිම් ජොං ඉල්" ගෙත් ගුණ ගයනා කරලා ප්‍රශස්ති කියපු වන්දි භට්ටයින්ටත් ලොකුම හැන්දෙන් බෙදපු කිම් ඉල් සුංගේ උතුරු කොරියාව සමහර වේලාවට මහින්ද මාමා තමන්ගේ වටේ හිටපු වන්දි භට්ටයින්ටත් සලකපු හැටි මතක් කරනවා.

හාල් ඇටයක් හොයා ගන්න නැති කමින් රටේ සාමාන්‍ය ජනතාව ගස් වල පොතු කනකොට.පක්‍ෂ නායකයෝ එකතු වෙලා ඒ මිනිස්සුන්ට ලැබුණු සහනාධර වලින් සාද දැම්මා.

මානව හිමිකම් නැතුව,සියලු මාධ්‍ය පාලකයින් මෙහෙයවන සහා පාලකයින්ගේ ගුණ ගයන හොරණෑ විතරක්ම වුණාම පාලකයෝ කියන බොරු දේවත්වයේ ලා සලකන්න රට වැසියන්ට සිදුවුණා.ඇමරිකාව අධිරාජ්‍යවාදී බල්ලෝ වෙනකොට අසල්වැසි දකුණු කොරියාව රූකඩ රාජ්‍යක් කියලා දේශප්‍රේමි නායකයෝ කියනකොට පාසල් පොත් වල එව්වා ඒ විදියටම සටහන් වුණා.

පාසැල් ගුරුවරු පවා "කිම් ඉල් සුං" ගේ විස්මිත බුද්ධිය ගැන පුදුම වුණා."කිම් ඉල් සුං" ගේ බුද්ධිය ගැන කතාවක් මේ.


"කුරුල්ලෝ දහයක් අත්තක් උඩ වහලා ඉන්නවා.දඩයක්කාරයෙක් එක කුරුල්ලෙක්ව මරනවා.දැන් කියක් අත්ත උඩ ඉන්නවාද ?" පංතියේ හැමෝම නමයක් කිව්වාම අනාගත ශ්‍රේෂ්ඨ නායක "කිම් ඉල් සුං" දීපු උත්තරේ "එකෙක්වත් නැහැ.වෙඩි සද්දෙට අනෙක් උන් පියබා යන නිසා" කොහොමද බුද්ධි ප්‍රභවය.!

ලෝකයට ජුගුප්සාජනක උතුරු කොරියාව වගේ රටක් වෙන්න ඉඩ නොදී,දේශපාලකයින්ට රට වනසන්න නොදෙන එක පුරවැසියන්ගේ යුතුකමක්.

ජාති,පාට,පක්‍ෂ වලට බෙදිලා ඒ දේ කරන්න බැහැ.

රජ වෙන්න හදපු එක්කෙනක්ව ජනතාව ගෙදර යැව්වේ තව කෙනෙක්ව රජ කරවන්න නොවන බව මෛත්‍රීත් ඒ වටේ ඉන්න වන්දිභට්ටන් දැනගත යුතුයි.එසේ නොවේ නම් මෛත්‍රීටත් මහින්දට සිදුවූ දේම වෙන්න වැඩි කාලයක් නොයනු ඇති.

උතුරු කොරියාව ගැන ඉහතින් දක්වපු උපුටන සියල්ල ලබා ගත්තේ HYOK KANG විසින් රචිත "This is Paradise, My North Korean Childhood" යන කෘතියේ සිංහල පරිවර්තනයෙන්.
 පරිවර්තක නිමල් සෝමරත්න.විදර්ශන පොතක්.

ප.ළි:ලෝකයේ අනෙක් රටවල් වලට වඩා සංවෘත රටක් වෙන උතුරු කොරියවේ තත්වය අද එදාට වඩා වෙනස් වෙන්න පුළුවන්.ඇතැම් අයට අනුව මේ කෘතිය  උතුරු කොරියාවට මඩ ගැසීමට අතිශයෝක්තියෙන් රචනා කරන ලද ප්‍රබන්ධයක්.කෙසේ වෙතත් මේ කෘතියේ ඇති සියල්ල ඇත්ත ලෙස පිළිගැනීමට හෝ බොරු ලෙස ප්‍රතික්ෂේප කිරීමට මට හැකියවක් නැත.




Monday, March 23, 2015

හොරු සමග හෙළුවෙන් බුදියන යහපාලන ආණ්ඩුව.


යහපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලස්සන කතන්දර කියමින් බලයට පැමිණි නව ආණ්ඩුවේ ගමන පෙර පැවති මහින්දගේ ජරාජීර්ණ ආණ්ඩුවේ ගමන මෙන් නොවුණත් යන හැටිය ඒ තරම් හොඳ නැත.පසුගිය ජනධිපතිවරණ කාලයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවෙන් ඇසුණු දේවල්,දුන් පොරොන්දු බලයට පැමිණිමෙන් අනතුරුව ඒ විදියෙන්ම සිදු නොවීම කණගාටුවකි.

ආකර්ෂණිය දින 100 වැඩසටහනට අදාළ දින ගණනින් දින 70 පමණ ගෙවී ගොස් තිබෙන නමුත් මහින්ද රාජපක්‍ෂගේ නාස්තිකාරී වියදම් පාලනයේ සීමාවක් සහා ලැබුණු සහන කිහිපයක් මිස ජනතාව වෙත සෘජු 
ප්‍රතිලාභ කිසිවක් නොලැබීමද අවාසනාවකි.සැමට එක ලෙස ක්‍රියාත්මකම වෙන නීතියක් ගැන යහපාලන බලාපොරොත්තු මුලින්ම බිඳ දැමුවේ නිතිය,සාමය,පොලිසිය භාර අමත්‍යවරයම වීම ඉමහත් කණගාටුවකි. 

මේ යහපාලන ආණ්ඩුවෙන් මා පුද්ගලිකවම බලාපොරොත්තු වුවේ මේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවේ ජනතාවාදී සංශෝධනයක් මිස අනිකක් නොවේ.මා පුද්ගලිකව එසේ බලාපොරොත්තු වුවත් අනෙක් බොහෝදෙනාගේ අපේක්ෂාව වී තිබුණේ හොරුන් එතනෝල්,කුඩු ජාවාරම්කරුවන් නිතිය හමුවට පමුණුවා දඬුවම් පැමිණවීමයි.

ධනබලයෙන්,මැරබලයෙන් උදම්වී රාජ්‍යබලය උපයෝගී කරගෙන වැරදිකල වුන්ට දඬුවම් කිරීම අනිවර්යෙන් සිදුකල යුතු වන අතරම එසේ දුෂිතයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව දෙන්නා සේම දුෂිතයින්,මිනීමරුවන් බිහිකරන,ආරක්ෂාකරන ව්‍යවස්ථාවේ පැහැදිළි වෙනසක්,ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම වැනි ජනතාවාදී දේ මේ දින 100 තුල සිදුකිරීමට යහපාලන ආණ්ඩුව ප්‍රමුඛතාව දියයුතු වන අතර එසේ සිදුකිරීමට බහුතර විපක්ෂයේ සහය නොලැබේනම් සිදුකල යුතුව තිබුණේ ආණ්ඩුව විසුරුවා හැර මහාමැතිවරණයකට යාමයි.නමුත් දැන් සිදුවෙන්නේ යහපාලනේ නාමයෙන් පක්‍ෂ,විපක්‍ෂ සියලු දුෂිතයින් එකම වේදිකාවකට එකතුවී එකිනෙකා සමග සහයෝගයෙන් එකිනෙකා ආරක්ෂා කර ගැනීමට සුදානම් වීමයි. 

පහුගිය මැතිවරණයෙන් පැරදවූයේ මහින්දගේ ඒකාධිපතිපාලනය පමණක් නොවේ.ඒ ආණ්ඩුවේ බොහොමයක්දෙනා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බව පැහැදිලිය.එසේ තිබියදී ගහෙන් ගෙඩි එන්නා සේ "ජාතික ආණ්ඩු"යයි කියාගන්නා විකෘති ආණ්ඩු පිහිටුවීම කිසිසේත් පිළිගත හැකි නොවේ.

ජනතාවට අවශ්‍ය නීතිගරුක,යුක්තිසහගත රටක් මිස වෙනකක් නොවේ.විපක්ෂය ආණ්ඩුව සමගින් දීග යෑමෙන් සිදු වන්නේ නාමික විපක්‍ෂය හෝ නැතිව යාමයි.එය ප්‍රජාතන්තවාදී රටකට කිසිසේත් සුදුසු නොවේ.විපක්ෂයේ හඬ ජවිපෙ වුවත් ඔවුන් පාර්ලිමේන්තුව තුළ ඔවුන් සතු බලය සීමිතවීමද ගැටලුවකි.

"ජාතික ආණ්ඩු" බිහිවිය යුත්තේ "ජාතික ප්‍රතිපත්ති" පෙරදැරි කරගෙන මිස පුද්ගල පරමාර්ථ මුදුන් කර ගැනීමේ පටු චේතනාවෙන් නොවිය යුතුය.මේ "ජාතික ආණ්ඩුව" හොරු සමගින් හෙළුවෙන් එකට සිට ගැනීමකි.බල්ලන් සමග නිදියැමකි. 

Tuesday, May 7, 2013

ජනාධීපති මාමාට ලියුමක්.....



අප‍රාද පරීක්ෂණ දේපාර්තමේන්තුව විසින් පසුගිය මැයි 2 අත්අඩංගුවට ගනු ලැබු දෙමළ,මුස්ලිම් සන්ධනයේ නායක ආසද් සාලි මහතාගේ දියණිය විසින් තම පියා නිර්දෝශි බැවින් ඔහුව නිදහස් කරන මෙන් ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යවනු ලැබුබව මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබිය.  
එසේ ඇය විසින් යවන ලද ලිපියට මේ වනතුරු ජනාධිපතිවරයන්ගෙන් ප්‍රතිචාරයක් නොලබන්නට හේතුව ඇය විසින් යවන ලද ලිපියේ අඩුපාඩුවක් විය හැක.කෙසේ වෙතත් ඇය විසින් යවන ලද ලිපිය මේ ආකරයෙන් තිබුනිනම් අනිවර්යෙන්ම යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නට ඉඩතිබුණි.   
                                                                                                                 
                                                                                                                         අමිනා සාලි,
                                                                                                                         නො:_,
                                                                                                                         නිවසේදීය.
මහින්ද රාජපක්ෂ 
අතිගරු ජනාධීපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමජවාදී ජනරජය
අරලිය ගහ මන්දිරය.
                                               තාත්තා නිදහස් කර ගැනීම උදෙසා.
 ආදරණිය සංවේදී ජනාධිපති මාම වෙත,
                     ජනාධිපති මාමේ අපේ තාත්තාව සි.අයි.ඩි මාමලා කිසිම වරදක් නොකර ඉන්නකොට ඇවිල්ලා අත්අඩංගුවට අරගත්තයා.අපේ තාත්තා කිසිම වරදක් නොකළ බව අපි දන්නවා.වරදක් නොකරපු අපේ තාත්තා දැන් කිසිම කෑමක්,බිමක් නොකා නොබී ඉන්නේය.අනේ ජනාධිපති මාමේ එයා එහෙම ඉන්නකොට අපිට උනත් කිසිම කෑමක්,බිමක් ගන්නට බැරිය. 
                   අපේ තාත්තා ජාතිවාදය ඇවිස්සෙන විදියේ ප්‍රකාශ කලාය කියන්නේ පට්ට පල් බොරුවක්ය ජනාධිපති මාමේ.එහෙම අපේ තාත්තා කියන දේවල් වලට ජාතිවාදය ඇවිස්සෙනවනම් ඔයා චම්පික මාම,විමල් මාමලා වගේ මාමලා කියන ඒවාට කොච්චර එහෙම වෙන්න ඕනෙද.?
                අනික ජනාධිපති මාමේ අපේ තාත්තාට දැන් ඉස්සර වාගේ ලොකුවැඩ කරන්නට බැරිය.ඉස්සර තාත්තා යු.න්.පි එකේ ඉන්න කොටනම් ඒයාට මාර තැනක් තිබුනත් දැන් එහෙම නැත.අනේ ජනාධිපති මාමේ අපේ තාත්තාට ඒහෙම වුනේත් ජනාධිපති මාමගේ දෑත ශක්තිමත් කරන්නට ආපු නිසාය.
                  ජනාධිපති මාමට මේ දේවල් අමතක නැතැයි සිතමි.ඒ ජනාධිපති මාම ගමේ කුරහන් සුවද හදුනන,සුන්දර නිහතමනී,"සංවේදී නායකයෙක්,ආඩම්බර තාත්තේක්" නිසාය.
                   ජනාධිපති මාම අපේ තාත්තාට දෙනවා කියා කිව්වා දේවල් නොදුන් නිසා එයා චුට්ටක් දුකෙන්,තරහෙන් හිටියත් එයා හරිම හොදකෙනෙක් බව අපට විස්වශය.
              ඒ ගිය දේවල් වලින් වැඩක් නෑ ජනාධීපති මාමේ.අනේ "සංවේදී මාමේ" අපේ දුක කියන්න දැන් ඉන්නේ ජනාධීපති මාම විතරක්මය.
ඒ නිසා ජනාධීපති මාම මේ ගැන සොයාබලා අපේ තාත්තාව නිදහස් කරන්නට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.
මොකෝ තාත්තාට ඉන්නේ අපි විතරක් වාගේම අපිට ඉන්නෙත් මේ තාත්තා විතරක් නිසාමය.
        අනේ ජනාධිපති මාමේ,අපේ දුක දන්නා ඔබතුමා අපේ මේ ප්‍රශ්නය දෙස සංවේදීව බලනු ඇතැයි අපට විශ්වාසය. 
                     මේයට,
                      විස්වාශි
                      අමිනා සාලි.

මේ විදියේ ලියුමක් යැව්වොත් වැඩේ ගොඩම තමයි....


ප.ලි:-මේ දැන් රටේ පවතින තත්වයයි මා සිතමි.අත්අඩංගුවේ සිටින අසාද් සාලි මහතා වෙත මේ ඉරණම අත්වුයේ ඔහු ආණ්ඩු විරෝධී මතවදයක් දරන නිසායයි සිතමි.සියලු අන්තවාදීන් පිටු දැකිය යුතුය. මා දරණ මතවාදය වන්නේ ඒයයි.ඒසේ වුවත් සාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීම මා හෙළාදකින්නේ එය පැහැදිලි ලෙසම ප්‍රතිවීරුද්ද දේශපාලනමතවාද මර්දනය කිරීමට පාලකයින් ගන්නා අමන උත්සාහයක් බැවිනි. 

(ෆොටෝ එක අර ගත්තේ ගුගල් ඉමේජ් වලින්......)


           

Saturday, April 6, 2013

යමුද IPL....



අපේ ක්‍රිකට් ටීම් ඒකෙ කොල්ලෝ 11 දෙනෙකු මෙවර අයි.පි.ල් තරගාවලියට එකතු විමට පිටත්ව ගියේ දැඩි ලෙස මේ තරගාවලියට සහබාගි නොවන්නයයි බොහෝ පිරිස් කියා තියෙදිය.තමිල්නාඩුව දැඩි විරොදයක් පැවේය,ඉන්දීය විරොදයක් වගේ එකක් තියන නිසා අපේ රටේ හුගක් ඇයොද අයි.පි.ල් තරගාවලියට යන්න එපැයි අපේ කොල්ලන්ට කිවේය.එත් උන් මේවා ගණන් නොගෙන තමන්ගේ ගමන ගියේය.ඒ ගියේ අවදානම් ගමනක්ය.හරියට ගෙදර ගියොත් අබූ නසී,මග හිට්යොත් තෝ නසී වගේ සින් එකක්ය.තමිල්නාඩුවේ උන් අවොත් ගහනවා කියයි.අපේ රටේ ඇයො ගිය ක්‍රීඩකයන්ට ආපසු එනවිට බිත්තර ප්‍රහාර එල්ලකරන බව පවසයි.

බිත්තර ඇත්තෙන්ම ගුණදායක ආහාරයකි.එහෙත් බිත්තර වලින් ප්‍රහාරදීම අගුණදායක ක්‍රියාවකි.අනිත් එක කුණු බිත්තර වලින් ගහනවනම් ගහන්න ඕනේ  ක්‍රිකට්  ක්‍රීඩකයන්ට නොව රට වනසන දේශපාලනකාරයන්ටය,නැති ප්‍රශ්න හදන උන්මත්තකයන්ටය.(පිස්සන්ට නොවේ.)එවැනි උන්ට බිත්තර නොවේ ඒයට වැඩ වෙන දෙයක් ගැහුවත් මයේනම් විරුදත්වයක් නොමැත.   

 අනික් අතට මේ ක්‍රීඩකයෝ කරන්නේ උන්ගේ රස්සාවය.ඒ රස්සාව කරන එපා යයි කිමද හොද නැත.ඒ මන්ද යත් මොකද උන්ට කන්න,බොන්න අදින්න දෙන්නේ අපි නොවන නිසාය.
අනිත් එක අපිද කොහොම කෑ ගැහැව්වත් අයි.පි.ල් බලන්නේය. ඒ අපේ හැටිය.මේ හැම දේටම වඩා ක්‍රීඩාවට දේශපාලන කරනා ලං කර ගැනීම කොහෙත්ම හොද වැඩක් නොවේය.දැන් ජයලලිතා නෝනා කරනවා වගේ අපිත් කරන්න ගියොත් අපි දෙගොල්ලොම එක වගේ වෙන්නේය.
රටට කැළලක් වෙන්නේ අපේ ක්‍රීඩකයන්ගේ ක්‍රියා නිසා නොව තීන්දු තීරණ ගන්නා දේශ-පලුවන්ගේ ක්‍රියා නිසාය.

කියන්ට තවත් බොහොමයක් ඇතත් දැනට මෙයින් නවතිමි.තමුන්නාසේලාට යමක් කීමට ඇත්නම් එයටද පහළින් ඉඩ ඇත.හිතන එන ඕනෙම දෙයක් ලියා,කියා ගියාට මගේ අමනපයක් නැතිය. 

(ඉහත පින්තුරය ගුගල් ඉමේජ් තුලිනි.)