![]() |
මහින්ද රාජපක්ෂ හුළං ගසා පිම්බු හමුදා රාජ්‍ය වෙනුවට රනිල් වික්‍රමසිංහ හුළං ගසා පුම්බන පොලිස් රාජ්‍ය කාටුනය.අවන්ත ආටිගලගේ. |
පසුගිය රාජපක්‍ෂ රජය කාලයේ දී වැලිකඩ බන්ධනාගාරයේ සිදුකල සෝදිසි කිරීමකට හමුදාව යොදා ගැනීම අවසන් වුයේ රජය භාරයේ සිටි රැඳවියන් පිරිසක් ඝාතනය වීමෙනි.ඉන්පසු කාලයකදී රතුපස්වල ප්‍රදේශයේ ජනතා විරෝධතාවක් මැඩපැවැත්වීමට ගෙන්වූ හමුදා වෙඩි තැබීමකින් කිහිප දෙනෙක් මිය ගිය අතර පසුගිය දිනක හම්බන්තොට වරායේ විරෝධතාවක් මැඩපවත්වන්න පැමිණි නාවික හමුදාව අනවශ්‍ය ප්‍රශ්නයක් සදා ගත්තේ නාවික හමුදාපතිවරයා විසින් ප්‍රදේශීය මාධ්‍යවේදියෙකුට පහරදීම තුලිනි.(පහර කෑමට ලක් වූ තැනැත්තා මාධ්‍යවේදියෙක්ද නැද්ද යන්න අදාළ නොවේ.එවැනි පහරදීම් අනුමත කල හැකි නොවේ.)
රාජපක්‍ෂ පාලන සමයේදී "රණවිරුවන්"ලෙස කිරුළු දරා සිටියද ඒ රණවිරු ලේබලයට මුවා වෙමින්ම අකටයුතුකම් කරන ලද්දෝද බොහෝ වෙති.ඇවන්ට් ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් උසාවි කැඳවන ලද හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනාගේ දේශප්‍රේමයේ තරම සිතා ගත හැකිය ඔවුන් කටයුතු කර තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන්.
රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හිමි පොලිසියද හමුදාවට නොදෙවෙනි ක්‍රියාකාරකම් වල යෙදෙන බව රහසක් නොවේ.නමුත් එසේ කියා රටේ සිදුවන හැම සිදුවිමකටම පොලිසිය වෙනුවට හමුදාව කැඳවන්න යාම ප්‍රඥාවන්ත ක්‍රියාවක් නොවන බව පැහැදිලිය.එසේ කල නොහැකි නම් කල යුත්තේ නීතිය හා සාමය රකින්න බැරි "සර්ගේ" පොලිසිය විසුරුවා හරිනු ලැබීමයි.
කෙසේ වෙතත් පසුගිය දිනවල දැඩි කතාබහකට ලක් වූ නාවික හමුදාපතිවරයාගේ සිදුවීම අරබයා රජය මාධ්‍ය මර්දනය කරනවායි ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනාවද විහිළුවක් බවද කිව යුතුය.හිටපු රජය බලයේ සිටි කාලයේ ඇතැම් හමුදා සාමාජිකයින් රජයේ ඕනෑ එපා කම් අනුව ඝාතන සිදු කල බවටද චෝදනා තිබේ.ඉහතින්ද සඳහන් කල වැලිකඩ ඝාතනය පමණක් නොව ලසන්ත ඝාතනය,රවිරාජ් ඝාතනය ආදිය සඳහාද ආරක්ෂක හමුදා සම්බන්ධ බවට චෝදනා නැගෙන අතර ඒ සිදුවීම් කිසිවක් පුද්ගලික අවශ්‍යතා මත සිදු වුවාට වඩා පැවති රජයේ අවශ්‍යතාව මත සිදුවන්නට ඇති බව පැහැදිලිය.
අපට මිලටරි රාජ්‍යක යටත් වැසියන්ව ජිවත් වීමට අවශ්‍ය නැත.ඒ නිසා දැන් නැග එන ගෝඨා රැල්ලද පරාජය කල යුතුය.මන්ද ඉහතින් සඳහන් කරන ලද හැමසිදුවිමකටම සෘජුව හෝ වක්‍රව ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සම්බන්ධයක් පෙනෙන්ට ඇති බැවින් ඒ දේ කල යුතුව තිබේ .නැතහොත් සිදු වන්නේ නාමිකව හෝ පවතින ප්‍රජාතන්ත්‍රවාදයට කණ කොකා හැඩීම පමණි.
රාජපක්ෂ පාලන සමයේදී "රණවිරුවන්"ලෙස කිරුළු දරා සිටියද ඒ රණවිරු ලේබලයට මුවා වෙමින්ම අකටයුතුකම් කරන ලද්දෝද බොහෝ වෙති.ඇවන්ට් ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් උසාවි කැඳවන ලද හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනාගේ දේශප්‍රේමයේ තරම සිතා ගත හැකිය ඔවුන් කටයුතු කර තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන්.
රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හිමි පොලිසියද හමුදාවට නොදෙවෙනි ක්‍රියාකාරකම් වල යෙදෙන බව රහසක් නොවේ.නමුත් එසේ කියා රටේ සිදුවන හැම සිදුවිමකටම පොලිසිය වෙනුවට හමුදාව කැඳවන්න යාම ප්‍රඥාවන්ත ක්‍රියාවක් නොවන බව පැහැදිලිය.එසේ කල නොහැකි නම් කල යුත්තේ නීතිය හා සාමය රකින්න බැරි "සර්ගේ" පොලිසිය විසුරුවා හරිනු ලැබීමයි.
කෙසේ වෙතත් පසුගිය දිනවල දැඩි කතාබහකට ලක් වූ නාවික හමුදාපතිවරයාගේ සිදුවීම අරබයා රජය මාධ්‍ය මර්දනය කරනවායි ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනාවද විහිළුවක් බවද කිව යුතුය.හිටපු රජය බලයේ සිටි කාලයේ ඇතැම් හමුදා සාමාජිකයින් රජයේ ඕනෑ එපා කම් අනුව ඝාතන සිදු කල බවටද චෝදනා තිබේ.ඉහතින්ද සඳහන් කල වැලිකඩ ඝාතනය පමණක් නොව ලසන්ත ඝාතනය,රවිරාජ් ඝාතනය ආදිය සඳහාද ආරක්ෂක හමුදා සම්බන්ධ බවට චෝදනා නැගෙන අතර ඒ සිදුවීම් කිසිවක් පුද්ගලික අවශ්‍යතා මත සිදු වුවාට වඩා පැවති රජයේ අවශ්‍යතාව මත සිදුවන්නට ඇති බව පැහැදිලිය.
අපට මිලටරි රාජ්‍යක යටත් වැසියන්ව ජිවත් වීමට අවශ්‍ය නැත.ඒ නිසා දැන් නැග එන ගෝඨා රැල්ලද පරාජය කල යුතුය.මන්ද ඉහතින් සඳහන් කරන ලද හැමසිදුවිමකටම සෘජුව හෝ වක්‍රව ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සම්බන්ධයක් පෙනෙන්ට ඇති බැවින් ඒ දේ කල යුතුව තිබේ .නැතහොත් සිදු වන්නේ නාමිකව හෝ පවතින ප්‍රජාතන්ත්‍රවාදයට කණ කොකා හැඩීම පමණි.
මේ ගැන කතාකලා හුඟක්. කතා නොකල කරුණු කිහිපයක්...
ReplyDelete1.පෙලපාලියක් හෝ උද්ඝොෂණයක් විසිරුවා හැරීම පිළිබඳ පොලිසියට වෙනම පුහුණුවක් ලබාදිය යුතුයි. විශේෂයෙන්ම මේ වගේ වෙලාවක වෛරී සහගතව කටයුතු නොකර සිටිය යුතුයි. මොකද ඉඩමෙ වැට මායිමක් සම්බන්ධ කේස් එකක් නෙවේනෙ මේක. (ඒක පුහුණුවකින් මිස වෙන විදියකින් ලබාගන්න බෑ)
2.මෙවැනි අවස්ථා සඳහා පොලිසිය ම යෙදිය යුතුයි. හමුදාව යෙදවිය යුත්තේ අවිආයුධ සන්නද්ධ, පොලිසියට පාලනය කල නොහැකි පුද්ගලයන් සිටින විට පමණයි.(නැවේ කේස්එකට නේවි එකෙන් පැමිණීම ලොකු අවුලක් නෑ. උද්ඝෝෂකයන් මුහුදෙත් හිටියනෙ)
3.උද්ඝෝෂණ පාලනයේදී සාහසික ලෙස හැසිරෙන ආරක්ෂක අංශවල අය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතුයි.
4.මොනවා කිව්වත් රජාගෙ කාලයට සාපේක්ෂව මේ රජය දැනුවත්ව සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් අඩුයි.
1. එකඟයි.පෙලපාලිය,උද්ඝොෂණ විසිරුවා හැරීම පොලිසිය කරන්නේ හරියට තමන්ගේ තරහාකාරයෙක්ගෙන් වෛරය පිරිමහා ගන්න වගේ.
Delete2.අනිවර්යෙන්ම,හැමදේටම හමුදා කැඳවන්න මොකටද පොලිසියක්.නාවික හමුදා කැඳවීම හරි උනත් නාවික හමුදාපති සිදුවීමට මැදිහත්වූ හැටි වැරදියි.තම නිල බලය නිසා මිනිස්සුන්ට පහර දෙන්න අයිතියක් නැහැ.
3.ඔව්,වරදකරුවන් වන අයට එරෙහිව අධිකරණ හරහා නිත්‍යානුකුල පියවර ගන්න ඕන.
4.පැහැදිලිවම ඔව්.
කොහෙද අයිසෙ තමුසෙ ගිහින් හිටියෙ?
ReplyDeleteඇයි බං මේ ඉන්නේ.
Deleteඑකඟයි මනෝජ්, හමුදා පොලිස් රාජ්‍යයන් කිසිසේත් අවශ්‍ය නැත්තේමය.
ReplyDeleteඔව් රවීයියා අපිට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්.නීතියේ සමනාත්මය තියෙන පාලනයක්.
Deleteමේ යන විදිහට මේවා නිවැරදි කරන්න ආණ්ඩුවට උවමනාවක් නැහැ. මරාගේ ලෙවල් එකට යනකම් විස්ල් ගගහා උඩගෙඩි දෙන අය ගැන දුකයි. සමහරු ආණ්ඩු වට්ටන්න පීලී පනිනවා. සමහරු ආණ්ඩු රැකගන්න පීලි පනිනවා. කෝච්චියෙ ඉන්න අපි තමයි අනතුරේ.
ReplyDelete"...මරාගේ ලෙවල් එකට යනකම් විස්ල් ගගහා උඩගෙඩි දෙන අය ගැන දුකයි..."
Deleteමේ ලිපියත් එහෙමෙ තමයි කියල කෙලින් කියන්න බැරි ඇයි?
අනිවාර්යෙන් රවීයියා,අපිට ඕනේ කෝච්චිය හරි රේල් පාරේ යනවා බලන්නයි.
Delete@ නිර්නාමික,
කොහෙද බං මේ ලිපියේ ඒවගේ එව්වාට උඩගෙඩි දීලා තියෙන්නේ..?
පරමාදර්ශී රාජ්‍ය කොහෙද තියෙන්නෙ මනෝජ් ? ඔය ගොල්ලෝ ඔය ඇගිල්ල දික් කරලා පෙන්නන "ආන්න බලපල්ලා රටවල්" කියලා කියන රටවලත් ඕවා ඕනා තරම් වෙනවා ඇති.. වැඩේ තියෙන්නේ ඒ රටවල මාධ්‍යවේදින්ට හොඳට උගන්නලා තියෙනවා ඒ ගොල්ලෝ සිටිය යුතු තැන.. ඒක හින්දා උන් හැම වැදුම් ගෙයක් අස්සෙම රිංගන්න යන්නේ නෑ පුවත් හොයාගෙන විකුණන්න...
ReplyDeleteනිව්යොර්ක් නුවර ගෑස් බෝම්බයක් පුපුරපු වෙලාවේ දකින්න ඇතිනෙ...එක්තරා මායිමකින් එහාට කාටවත් යන්න ලැබුනේ නෑ.. අන්තිමට නගරාධිපති ඇවිත් දෙන්න ඕනා විස්තර ටික විතරක් දීලා ගියා.
හම්බන්තොට සිද්ධියනම් මට පේන්නේ සමස්ත නේවී එකේ සිද්ධියක් හැටියට නෙමේ, නාවික හමුදාපති වරයාගේ පුද්ගලික පෞරුෂ ඌණතාවයක් නිසා ඇතිවුන ගැටලුවක් බවයි. නාවික හමුදාපතිවරයා මීහරකෙක් වගේ තප්පුලනකොට, අනෙක් නාවික සෙබලු සියලු දෙනාම බොහොම විනීතව කතාකරමින් හැසිරුන බවක් තමා පේන්ඩ තිබුනේ..
සෙන්නායියේ,
Deleteඑහෙම පරමාදර්ශී රාජ්‍ය ලෝකේ කොහෙවත් නැහැ කියලා අපිත් බල්ලෝ,බළල්ලු වගේ හැසිරෙන්න ඕනද ?මාධ්‍ය වැරදි නම් උන්ට ගහලා,මරලා හරි යනවාද ?
හම්බන්තොට සිදුවීම සම්බන්ධව සෙන්නයියා කියන දේ හරි.නාවික හමුදාපතිවරයා මීහරකෙක් වගේ හැසිරෙන කොට අනිත් සෙබළුත් ලොක්කා වගේ හැසිරෙන්න ගත්තා නම් විනාශයක් වෙන්නත් තිබ්බා.ඒ සොල්දාදුවන්ගේ විනය ගරුක බව ගැන ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන.
ගහලා මරලා හරි යන්නෑ... උන්ට කියලා දෙන්න ඕනා "සීමා ඉර" තියෙන්නෙ කොතනද කියන එක.. ඒක පැන්නොත් දැවී යාමේ සම්භාවිතාවක් තියෙන්න පුළුවන් කියන එක.. රටක වෙන හැම මගුලක්ම මාධ්‍ය මගින් ආවරණය වෙන්න ඕනා නෑ..
Deleteමෙහෙමයි මනෝ. මිලිටරි පාලනයට අනුගතවූ හෝ මිලිටරි බලය රාජ්‍ය පාලනයේ ගාමක බලවේගයක් කරගන්න කිසිදු රජයක්, වැඩිකල් පවතින්නේ නැහැ. හොඳම උදාහරණය පසුගිය රජය.
ReplyDeleteපොලීසියේ උදව්වට ගිය පමණින් වළන් කඩේට පැන්න ගොනා වගේ හැසිරෙන්න හමුදාවට අයිතියක්, බලයක්, නැහැ. එවැනි දෙයක් වූ වහාම ඊට එරෙහිව හමුදා පනත යටතේ ක්‍රියාකළ යුතුයි.
හමුදාව ෂේප් කරගෙන, පොලීසිය ඇබිත්තකමට තියාගෙන ඉදිරි ගමනක් යන්න හදන රජයක්, ඇත්තටම යන්නේ, දේශපාලන කනත්තටයි.
ඔව්,ඔබ කියන දේ සමගින් මම සම්පුර්ණයෙන් එකඟයි.
Deleteයුද්දෙට නැති කඩුව කොස් කොටන්නයැ? හමුදාව විසුරුවලම දැම්මොත් මොකද?
ReplyDeleteඅපිට කොහොමත් යුද්ධ,වලි වගේ එව්වානේ ඕන.අනිත් එක පොලිසියේ රාජකාරිය කරන්නෙත් හමුදාවම නිසා පොලිසිය විසුරුවා දාමු.එතකොට නීති නමන්න ඕනේ නැහැ.හමුදාව නීතිය අඹරලාම ගනී.පොලිෂ්පතිට "සර්ලාගේ"කෝල් වලට නැමෙන්න ඕනෙත් නැහැ.හමුදාව සැලියුට් ගහලාම වැඩේ දේවි.
Deleteඋබ ලියන එක වටිනවා
ReplyDeleteඋඹ කමෙට් දාන එකත් වටිනවා මෙන්ඩා.
Deleteපෙර ලෙසම රනිල් ගැන වචනයක්වත් නැත. ගිය ආණ්ඩුවටම බැන බැන හිටියහම හරි යයි !
ReplyDeleteරනිල්ට බබා වෙන්න බැහැ.මේ හැම එකක්ම පස්සේ එයත් ඉන්නවා.එයත් වගකියන්න ඕනේ මෙව්වාට.
Deleteඋනුත් එකයි, මුනුත් එකයි, උං ගේ දඩ බල්ලනුත් එකයි!
ReplyDeleteතොගෙ බොරු පොයියත් එකයි
Deleteඋනුත් එකයි, මුනුත් එකයි කියලා ජවිපෙ පෝස්ටර් ගැහුවා කාලයක්.පස්සේ මිනිස්සු කිව්වා "ජවිපෙ" තොපිත් එකයි කියලා.
Deleteනැව් දෙකක් බලෙන් රදවාගෙන ඉද්දි කරන්න තියෙන එකම දේ තමයි එදා කලේ...ඒක තමයි මගේ අදහස.
ReplyDeleteසිරා කොලුවා ඇතුලු බ්ලොග් නඩයක් දිඹුලාගල අසරණ පාසලකට උදව්වක් කරන්නයි සූජානම් වෙන්නෙ. ඒ ගැන විස්තර කාමරෙන් බලාගන්න පුලුවන්. හැකියාවක් තිබේ නම් මේ කාර්යයට ඔබේ දායකත්වයත් ලබා දෙන්න.
//නැව් දෙකක් බලෙන් රදවාගෙන ඉද්දි කරන්න තියෙන එකම දේ තමයි එදා කලේ...ඒක තමයි මගේ අදහස.//
Deleteමම නම් සිරාගේ ඒ අදහස එක්ක එකඟ නැහැ.මිනිස්සුන්ට ගහලා ප්‍රශ්න විසදන්න අයිතියක් නැහැ.
උඹලා කරන වැඩේ හොඳින් සර්ථකත්වයට පත් වේවා.
හමුදා පොලිස් රාජ්‍යයන් කිසිසේත් අවශ්‍ය නෑ කියල අපි කියද්දිත් ජෙනරාල්ට රට දෙන්නමනෙ කට්ටිය දැඟලුවෙ. හොඳ වෙලාවට....
ReplyDeleteඑදා තිබ්බ තත්වයත් එක්ක ෆොන්සේකාට කොහොමත් ඒ මැතිවරණය ජයගන්න බැහැ.අපිට අවශ්‍ය වුනේ ෆොන්සේකාගේ ජයග්‍රහණයට වඩා මහින්දට හොඳ තරගයක් දීම තුලින් මහින්දගේ ජයග්‍රහණයේ සැර අඩු කරන්නයි.එත් ඒ ජනපතිවරණයෙන් මහින්ද දින්නේ වැඩි ජන්ද ලක්ෂ දහඅටකින්.ඉන්පස්සේ දැක්කනේ මහින්දගේ බල වියරුවේ තරම.අනිත් එක ඒ මැතිවරණය වෙලේ ෆොන්සේකා හමුදාවෙන් ඉවත් වූ සිවිල් පුරවැසියෙක් විදියට හිටිය බව අමතක කරන්නත් නරකයි.
Deleteම්ම් ගෝඨා රැල්ල කියලා එකකුත් එනවද? බලාගෙන යනකොට මම මේ දවස්වල වෙන දේවල් මුකුත්ම දන්නේ නෑ නේ.
ReplyDeleteතාම නැහැ එන්න තටමනවා.හැබැයි ඉතින් එන එකක් නැහැ.ආවොත් ඉන්න වෙන එකකුත් නැහැ.
Deleteලියපිය අපි වෙනුවෙන් නෙමයි අපේ ළමයි වෙනුවෙන්
ReplyDeleteඋබලගේ හැකියාවන් අත්දැකීම් උබලට වඩා වටින්නේ හෙට උපදින අපේ ළමයින්ට
මෙන්ඩා,
Deleteබ්ලොග් වලට උඹ දෙන සපෝට් එක එළකිරි.ලොකුවට ලියන්න තරම් දේවල් නැතත් පුළු පුළුවන් විදියට ඇති හැකි ලෙස ලියන්න උත්සහා කරන්නම්.
ලියපන් පොඩි දෙයක් හරි ලියපං
ReplyDeleteආයමත් කම්මැලි වෙන්න එපා ...අලුත් එකක් ලියමු..
ReplyDeleteමට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ලිපි හොයාගෙන #ක ඉරාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී...අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්
ලියපංකෝ
ReplyDeleteලියපිය
ReplyDeleteලියන්නම් මචං.පොඩ්ඩක් හිටින්.
Delete