Monday, March 17, 2014

නන්නාඳුනනා හඳුනන්නි.



ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්.හරි නිර්වචනයක් දෙන්න බැරි ජිවිතේ තුළ අපිට මුහුණ දෙන්න වෙන සමහරක් දේවල් අපි බොහොම ආදරයෙන් පිළිගන්නකොට තවත් දේවල් අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි නිසාම භාර ගන්න වෙනවා අපි කැමති වුණත් අකැමති වුණත් එක එහෙමමයි.


කාලෙකට කලින් දකින්න කැමති,හමුවෙන්න කැමති,ඇසුරුකරන්න කැමතිව හිතපු අය කාලයේ වියෝවෙන් දැකීම වේදනාවක් වෙන අවස්ථා කොයි තරම් ජිවිතේ තියෙනවාද.? ඒ නිසා නේ කරුණාරත්න දිවුල්ගනේ ගයන්නේ නෙතට උළෙලක් විය එදා ඔබ කදුළු බිදුවක් විය මෙදා කියලා.ඉතින් මගේ ජිවිතේත් කාලෙකට පෙර නෙතට උළෙලක්ව සිටි අයෙක් අද කදුළු බිදුවක්ව මගේ නෙතත් පරවනවා.අමතක කරන්න හදන  අතීත මතක පොත නැවත,නැවතත් පෙරළාමින්.


ඉතින් ඒ මතකය අමතක කරන්න හදන හැමවිටම නැවත,නැවතත් මතක් වෙන්නේ කොයිම විදියකට හරි අපි දෙන්නට,දෙන්නා නිතරම වගේ මුණ ගැහෙන නිසා වෙන්න පුළුවන්.එකම ගමක එකම විදීයක ජිවත් වෙන අපි එකිනෙකා මගහැර ජිවත් වෙන්න කොයි තරම් උත්සහාකළත් එහෙම කරන්න බැරි ප්‍රයෝගික කරනා කොයි තරම් තියේද.?  

කොහොම වුණත් කාලෙකට කලින් සිහිනයෙන් පවා දකින්නට පැතු  රුවක් ජීවමානවම ඇස් ඉදිරියේ දර්ශනය වීම කොයි තරම් සුන්දර අත්දැකීමක් විය යුතුද?නමුත් අමාරුවෙන් වළලා දමන්න යන මතකයක් නැවතත් අවදි කරන්න හදන දෑසක් යළි,යළිත් හමුවීම හරියට පරණ තුවාලයක් පාරනවා වගේ වැඩක්.

ඉතින් අමරුවෙන් සුවවුණු තුවාලයක් ආයෙමත් පාරවා ගන්න මට වුවමනා නැහැ.අන්න ඒ නිසායි අහම්බයකින් වුණත් ඔයාව මගතොට මුණ ගැසුණාම මම නන්නාදුනන විදියට හුගාක් අමරුවෙන් වුණත් ඔයාව මග හැරලා යන්නේ.එහෙම නොවෙන්න අපේ හමුවීම ඔයාටත්,මටත් වේදනාව ගෙන දෙන එක නියතයි.

ඉතින් ඔයා කියලා තිබුණාත් ඔයාගේ මිතුරියන්ට මම ඔයාව දැක්කත් නොදැක්කා වගේ යන එනවා කියලා.එත් ඇත්ත එක නෙමේ.අපි කොහොමත් ආයේ,ආයෙත් හමුවේවි.එත් එහෙම හමුවෙන හැමවිටකම අපි නන්නාදුනන ලෙසටම ගමන් ගනිමු හරිම අමාරුවෙන් වුණත් ලස්සන අතීතයේ සුන්දර  අතිතසිදුවීම් සියල්ල යටපත් කරමින්.

මම පෙම් කළේ මිරිගුවකට නොවේ.නමුත් ඒ ප්‍රේමය අද මිරිගුවක් වෙලා.මිරිගුවක් කියන්නේ මායාවක් ඒ මායාවට රැවටෙන්න බැහැ.ඒ නිසා අපි මේ විදියටම ඉමු හොදින්ම දන්නා එත් නන්නාදුනනා අය විලසින්. 

දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අප විය විරහි හද ගිලන් වෙලා

ගහ කොළ ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුණේ 

නන්නාඳුනන ලෙසේ මග තොට යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා.



ප.ළි.ය:සිංදු දෙකම යු ටියුබ් වෙතින්.පින්තුරය ගුගල් ඉමේජ්.

33 comments:

  1. එකම මගක යන දෙදෙනෙකු වෙමු අපි, නන්නාඳුනනා අය විලසේ... මං අර චාම්ස් ගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකට දාපු සින්දුවම මට ආයෙත් මතක් වුනා. මේ ලිපියෙන් මං ආයෙමත් දැක්ක දේ තමයි, සමාජ විෂමතාවයන්ට දැඩිව පහර දෙන අය තුල සංවේදී මිනිසෙක් සිටින බව.
    කපුගේ ගෙ මේ සින්දුවත් කොච්චර නම් අහල ඇද්ද.. ඒත් අදත් මට ඒක එක විදිහටම විඳින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේ අත්දැකීම් මේ ලෝකේ තවත් අයට ඇති ඕනතරම් අඩු,වැඩි වශයෙන්.එකනේ චන්දනයෝ මේ වගේ ලස්සන,අපුරු ගී නිර්මාණ බොහොමයක් තියෙන්නේ.අපි හැමෝම තුල සැගවුණ මිනිහෙක් ඇති බං.එක ඇත්ත කොච්චර අහලා තිබුණත් කිසිදා ඇති නොවන ගීතයක්.

      Delete
  2. මෙහෙම වුනාම මගදී හමුවුනත් නැතත් ඉන්න වෙන්නේ මහමෙර හිසින් දරාගෙන තමයි මනෝ....එක බිම තියන්න කවදාවත් හිත ඉඩ දෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං බිමින් තියන්න වුවමනා වුනත් එහෙම කරන්න අමාරු නිසායිනේ මෙහෙම මේවා අකුරු වෙන්නේ...:(

      Delete
  3. ///යළිත් හමුවීම හරියට පරණ තුවාලයක් පාරනවා වගේ වැඩක්.////

    පරණ තුවාලයක් හරියට වේලිලා නම් ආපහු පාරන්න අමාරුයි. ඒත් සමහර තුවාල වේලෙන්න ගොඩාක් කල් යනවා. ගනන් ගන්න එපා මනෝ....විරහව ඒ තරම් ලේසි පාසු නැහැ ආදරය තරම්...ඒකනේ බොහොමයක් විරහ ගී අපිට මතක.

    දුක හාදුදෙන රැයේ...
    Artist : Gunadasa Kapuge
    Lyrics : Wasantha Bandara Dissanayaka
    Music : Gunadasa Kapuge
    නෙතට උළෙලක්
    ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
    පද රචනය : මහින්ද දිසානායක
    සංගීතය : ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. ඔව් අරූඅයියේ කාලයක් ගිහින් හරි තුවාලේ සුව වෙවී.එත් කැළල ඉතිරි වේවිනේ අරූඅයියේ.?
      බොහොම ස්තුතියි සින්දු දෙකේම පද රචකයින් සහා සංගීතකරුවන් දැක්වීම ගැන.සිංදු දෙකේම වචන,තනුව,ගායනය එකකට එකක් දෙවැනි නැහැ මටනම්.

      Delete
  4. උඹටනම් මොකක් හරි හොඳවයින් දෙයක් වැදිලා තියනවා කියලා පේනවා.. :D

    ReplyDelete
    Replies
    1. හරියට හරි සෙන්නයියේ පහුගිය දොහක ඔලුව වැදුනා හොඳවයින් පාරක් ඇද පත්තේ.එකයි මේ වගේ මඤ්ඤං ලියවෙන්නේ.බං :D

      Delete
  5. මමත් බොහොම ප්‍රිය කරන ගීතයක්. අන්තිම කොටසට තමා වැඩිය ම හිත යන්නෙ.

    ReplyDelete
    Replies
    1. මගෙත් ප්‍රියතම එකක් තමයි දිලිනියෝ මේ සින්දුව.ඇත්ත අන්තිම කොටසේ තමයි කතාන්දරේ තියෙන්නේ...:)

      Delete
  6. මොනා කරන්නද මනෝ... ඔවුවයෙ හැටි ඔහොම තමයි. :((((

    ReplyDelete
    Replies
    1. හුම්,එක ඇත්ත යශෝ...:)

      Delete
  7. මෙතන ගීතයට වැඩිය යමක් තියෙනවා කියලා දන්නවා.. ඔය තුවාල ලේසියෙන් සනීප වෙන්නේ නෑ බං.. හිත හදාගන්න උත්සාහ කරපං පුළුවන් තරම්..

    ReplyDelete
    Replies
    1. හිත හදාගෙන බං තියෙන්නේ.තුවාලේ වුණත් හුගක් දුරට සනීපයි.එත් එක පෑරෙන්න තියෙන අවස්ථාව වැඩියි.

      Delete
  8. සොක් සොක් ලව් සොක්..

    ReplyDelete
    Replies
    1. යේස්,හැබයි ඩිංගිත්තක් විතරයි.

      Delete
  9. එච්චර හිතන්න එපා මනෝජ් ඔව්ව ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපයියේ.පුළුවන් තරම් මේ මතකය වළලා දමන්නයි උත්සහා කරන්නේ.

      Delete
  10. ඔය වගේ අත්දැකීම් හුඟ දෙනෙකුට ආගන්තුක නෑ. නමුත් ඒ අත්දැකීමට මුහුණ දෙන කෙනාට දැනෙන්නේ ලොකූ පාලුවක් තනිකමක්. නමුත් ඔබ තනි නැත.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ඩුඩ් අයියේ.මේ වගේ අත්දැකීම් ආගන්තුක අය නැතුවත් ඇති...(
      //නමුත් ඔබ තනි නැත// මේකේ නම් ඇත්තකුත් නැතුවා නොවේ...:)

      Delete
  11. මේ පැත්තට ගොඩ වුණ පළවෙනි වතාවද මන්දා....
    අයේ හමුවෙමු මේ වගේ නොවන සතුට පිරුණු ලිපියකින් :) 

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය මෙහෙට ආපු පළවෙනි වතාව.ඕන් ඒ නිසා ආයුබෝවන් කියලාම පිළිගත්තා...:)
      අනිවාර්යෙන් නැවත හමුවෙමු කදුලු පිසදාපු සිනා පිරුණු ලිපියකින්.:)

      Delete
  12. හම්මෙ මේ සිංදුව මං කැමතිම එකක්
    ගහ කොළ ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
    පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුණේ ///

    ඔය ටිකට කැමති ,මං පොර ගුණදාස කපුගේ තමා කැමතිම ගායකයා ..

    මොකෑ උනේ ... ;)

    ReplyDelete
    Replies
    1. සහෝදර මචං ආයුබෝවන් මේ පැත්තේ ගොඩ වුනාට මුලින්ම.
      මොකෑ උනේ කියලා නම් අහන්නේ වෙච්ච දේ මේ වෙනකොට ඉතිහාසයට එකතු වෙලා ඉවරයි බන...:D

      Delete
    2. මූ කරන්නෙ ඉතිහාසෙ ගොඩ අරන් පිහලා මැදලා පෝස්ට්කටු හදලා ආයෙ ආයෙ දුක් වෙනවා. පිච්චු. ඔවුවා අතමක කරලා පොඩි එකාට කියහන් මහින්ද මාමට ලියුමක් ලියන්ට කියල. කාලෙකින් ලිවුවෙ නෑ නේද එහෙම ලියුමක්?

      Delete
    3. මොකට කියනවාද බස්C .මට හම්බවුනොත් මූව හම ගහනවා...දුකේ කිමිදෙනවා....ආපහු පිහිදගන්නවා.....ආපහු කිමිදෙනවා.

      Delete
    4. @ යශෝ ඇන්ඩ් අරූයියා,

      උඹලා කියන දේ ඇත්ත.මට ආයෙත් මතක් වෙනකම් මම මේ ඉතිහාසේ ගොඩට ගන්නේ නැහැ.එත් වැඩේ කියන්නේ මේක අමතක කරන්නත් හරිම අමාරු එක නොවැ.:(මේක අමතක කරන්න බෙහෙතක් දන්නේ නැතිද..?( මල්පැණි හරි යන්නේ නැත.:D )

      Delete
  13. ඇත්ත ම‍නෝජ්.අමතක කරන්න අපහසු ඇති.ඒත ආ‍යෙම මතක් කර කර දුක් ‍වෙලා වැඩක් නැහැ‍නෙ.කියනවා ‍‍ව‍ගේ ‍ලේසි නැහැ ඒත් උත්සාහ කරන්න....................

    ReplyDelete
    Replies
    1. ගී පවුරේ ඔබ හැම දෙනාවත් ආයුබෝවන් කියා මුලින්ම පිළිගන්නවා.ඔව් අමතක කරන්න අමාරු වුණත් උත්සාහකරන්න පුළුවන්නේ.එක නිසා උත්සහා කරනවා යට කර දමන්න ඒ අතීතය.

      Delete
  14. baya wennepa mano oyage miriguwa lagadima sadakalika aththak wei kiyala mata hithenawa.

    ReplyDelete
    Replies
    1. බස්සියේ,මිරිගුවක් ඇත්තක් වෙන්න තියෙන ඉඩකඩ බොහෝම අල්පයි.හැබැයි ඉතින් මිරිගුවට වුණත් හිතේ ආදරයක් නැතුව නෙමේ.අනික් අතට බලන්න ඔයත් මට මිරිගුවක් නේ.එත් මම ඒ මිරිගුවට ආදරෙයි.ඔයා මට ආදරේ නැතත්,ඔයාට මා ගැන විශ්වාසයක් නැතත් එක එහෙම තමයි.බස්සියේ.

      Delete
  15. එදා ඉදන් පරම්පරා බේධයක් නැතුව ප්‍රිය කරන සින්දු දෙකක්,, ජිවිතේ ඔහොමයි මනෝජ්, හැමදේම හරියාවි,, කාටවත් බැහැ කාගෙවත් හිත හදන්න හොද හිත සුවපත කරන හැටි කියද්දෙන්න, ඒක දන්නේ තමන්මයි,, ඒත් අපිට පුළුවන් ලගින් ඉන්න සැනසීමක් වෙන්න,,

    ReplyDelete
    Replies
    1. අපු,ආයුබෝවන් කියලා මුලින්ම ඔයාවත් මගේ ලෝකෙට පිළිගන්නවා.

      එක ඇත්ත,ජිවිතේ හිමිවීම්,අහිමිවීම් දෙකම තියෙනවානේ.තුවාල වෙච්චි හිතක් සනීප කර ගන්න තමන්ම තමයි දන්නේ තවත් කෙනෙක්ට වඩා.හැබැයි ඒ තුවාලකාරයා ලගින් ඉදන් සැනසීමක් වෙන්න පුළුවන් නම් ඒ තුවාලේ ඉක්මනින් හොද වෙන්න තියෙන අවස්ථාව වැඩියි.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!