Thursday, February 19, 2015

බයියෝ ගොඩක් මැද.




කළුබෝවිල ඉස්පිරිතාලේ ඉන්න යාළුවෙකුගේ අම්මා කෙනෙක් බලන්න ඊයේ හවස ගියා.යාලුවගේ අම්මාව බලලා ඉවර වෙලා කළුබෝවිලින් පිළියන්දල යන බස් එකක නැග්ගේ පිළියන්දලට යන්න.මාත් එක්ක ගැනු ළමයත් හිටියා.ඉතින් අපි සුපුරුදු විදියට බස් එකේ අන්තිම පේළියේ සිට් එකේ කොනේ ඉඳගත්තායින් පස්සේ කොහුවලදි බස් එකට තවත් අය නැග්ගා.දැන් බස් එක යන අතරේ මට එහා පැත්තේ වාඩි වෙලා හිටපු අන්කල් කෙනෙක් තමන්ගේ ශ්‍රී මුඛ්‍ය විවර කොට මැදමුලන පර්සි මහේන්ද්‍ර රජ්ජුරුවෝ ගැන ප්‍රශස්තියක් පටන් ගත්තා.  


"රට එක්සේසත් කරපු මනුස්සයා.රජෙක් එතුමාලෝකේ ඕනේ තැනක ගිහින් අපි ලංකාවේ මිනිස්සු කියලා බය නැතුව කියන්න පුළුවන් කෙරුවේ ඒ මනුස්සයා" ආදී වශයෙන්.ආ තව ලන්ඩන් වල ඉන්න පුතා කතා කරලා කිව්වලු ඒ අංකල්ට I'm Sri Lankan කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් තත්වයක් මහේන්ද්‍ර රජ්ජුරුවෝ හදලා තියෙනවා කියලාත්:D

ඔන්න දැන් ඉතින් අංකල්ගේ කතාව යන අතරේ මට ඉස්සරහා සිට් එකේ වාඩිවෙලා හිටපු ගැනු කෙනෙකුත් මේකට මැදිහත් වෙලා මහා සහාසික විදියට කිව්වා "දැන් දෙමෙල්ලු කෙළින්න ගත්තාම රඟේ තේරේවි"කියලා.ඒ විතරක් නෙමේ මෛත්‍රිට ජන්දේ දීපු උන්ට හෙණ ගහන්න ඕනේ කියලත් කිව්වා.ආන්ටි එහෙම කිව්ව ගමන් මම ජනේලේ අයිනේ හිටිය මගේ කෙල්ලවත්  තල්ලු කරලා ජනේලෙන් එළියේ බැලුවේ මටත් හෙණයක් ඒවිද සැකයෙන්:D ඒ ආන්ටිගේ දේශප්‍රේමි,දෑහිතකාමී හෙණ යෝජනාවෙන්  පස්සේ බස් එකේ නැගිට සිටි තවත් කෙනෙක් ඒ හෙණ යෝජනවා අනුමත කරමින් කිව්වා "වෙනසක්නේ ඕනේ වුණේ,දැන් ඔය වෙලා තියෙන්නේ,හොරු හොරු කියලා අපහාස කරනවා අර මනුස්සයාට,ඕවාට සහ ගැහුවේ නැතිනම් තමා පුදුමේ කියලා.   

දැන් මෙව්වා අහලා මගේ කට නලියනවා මේ දේශහිතේසී අංකල්ලා,ආන්ටිලාගෙන් අහන්න "ඇයි යකෝ අපේ ඕනේකමටද තව අවුරුදු දෙකක්ම රට කන්න පුළුවන් කම තියාගෙන ජන්දේකට ගියේ" කියලා.එත් මගේ හිතේ තිබ්බ ඒ සිතුවිලි වචන කරන්න ඉඩ නොලැබුණේ මට එහා පැත්තේ හිටපු සුදු මගේ කනට කරලා ඒ කතාවට එකතු වෙන්න එපා කියලා දාපු ආදරණිය තහංචිය නිසා.මොකද ඇය දන්නවා මම එතන හිටපු පිරිසට එරෙහි දේශද්‍රෝහියෙක් බව.


ඉතින් ඒ මහින්දවාදී යටත්වැසියන්ට එරෙහිව කියන්න දහසක් දේ තිබ්බත් මම නිහඩව හිටියා.යම් විදියකින් කෙල්ල කිව්ව දේ අහන්නේ නැතුව මමත් මගේ වටේ ඉඳන් අපේ අන්තිම රජතුමාගේ ගුණ ගයනා කරන අයට කිසියම් දෙයක් කිව්වා නම් ඒ පිරිස එකතු වෙලා මට ගහන්නත් තිබ්බා.අපරාදේ කියන්න බැහැ ඒ තරම් ජාත්‍යලයක්!  


කොහොමින් හරි ජන්දෙන් පැරදිලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගෙදර ගිය මිනිහා ගැන මේ අය මේ තරම් විස්සෝප වෙන්නේ ඇත්තටම රටට තියෙන ආදරේ නිසාද?නැතිනම් තමන්ගේ පටු අරමුණු නිසාද?නැතිනම් මේ හැමදේම ජාත්‍යන්තර කුමන්ත්‍රණද?මට ඕනේ වුණේ අර මහින්දගේ අධම,මජර ඒකාධිපති පාලනයේ වෙනසක්.ඒ ඒකාධිපති පාලනය වෙනස් වෙලා තිබ්බත් අපි බලාපොරොත්තු වෙච්චි වෙනස ඒ විදියෙන්ම වෙලා නැහැ.ඒ ගැන කණගාටුවක් තිබ්බත් ඒ කණගාටුව මහින්ද රාජපක්ෂ නැවත රජ කිරීමට නම් හේතුවක් නොවේ. 


  

40 comments:

  1. වයසක අංකල් ලා ඇන්ටිලා කොත්තමල්ලි බොන ගොනෙක් සමග බස් රතයක ගියා එහෙනං??

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් සා රස,කොත්තමල්ලි බොන ගොන්නු ඇත්තේ ස රසාලාගේ ගම් පළාත් වල වෙන්න ඇතිනේ.අපේ පැතිවලනම් කොත්තමල්ලි බොන ගොන්නු ගැන නම් අහලා නැහැ කිසිම කලක.

      Delete
    2. අපේ පැත්තෙ ඉන්නෙ කොත්තමල්ලි බොන ගොන්නු නෙවෙයි... බර්කාඩි බීල සිගරටුත් බොන ගොන්නු.... ගාන නම් ටිකක් සැරයි....

      Delete
    3. බාර් කාඩි කීව නං ඔයට හොද නැද්ද
      බර්කාඩි - බකාඩි

      Delete
  2. Ubata thiyenne irisiyawa misa wena monawath nowai. Me wage gon athal denne nathuwa, chu karala nida ganin gihin.

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් නිදා ගන්න කලින් දත් මදිනවා,චු කරනවා.

      Delete
  3. සුද්ද හින්ද රජ පෙළපත නැතිවෙලා තාම යන්තන් අවුරුදු දෙසීයනෙ අප්ප ගියෙ. ඒ ජුංඩ මක් කොරන්නද අර "අනේ බය බෝයි හාන්දුරුවනේ, මේ බලු ගැත්තාට අනුකම්පා කල මැනවි" කියල තමන්ගෙ නඩුවක් අහගන්න වාසල දොරකඩ මාස ගනන් ලැගල, රජාගෙ තනි කැමැත්තට දෙන හොඳ හෝ නරක තීන්දුවෙන් සැනසිල නැට්ට පුකේ ගහන් ගිය, දණිහෙන් පාතට රෙද්ද අඳින්න නුදුන්න කාලෙ හැඟීමෙන් මිදෙන්න!

    ඒකනෙ මේ වැඩ කරන රජයක් වෙනුවට රැවුල තියෙන හොරෙක් උනත් රජෙක් හොඳයි කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක දැක්කාම "ලොවිනා"මතක් වෙන්නේ.
      රජා කොයි තරම් අමනයෙක්,මදාවියෙක්,බේබද්දෙක්,සල්ලාලයෙක් වුණත් කමක් නැහැ "අනේ දේවයන් වහන්ස"කියලා දෙකට නැමිලා ඉන්න තමයි අපේ මිනිස්සු තාමත් කැමති.අර කැකිල්ලේ රජා වගේ වුණත් කමක් නැහැ රජෙක් කියලා හිත හදාගන්නයි ඕනේ.
      ඒ තරම් දීන මානසිකත්වයක් තියෙන්නේ.

      Delete
  4. උන්ට රටේ නායකයා හෙවත් ජනතාවගේ සේවකයා අප්පච්චීය.
    එතකොට අම්මා කවුදැයි මම අසන්නෙ නැත...
    බයියා ගෙදර ආවාද, අම්මා මැදමුලන ගියාද අසන්නේත් නැත..

    මා කියන්නේ, රටේ ජනතාවගේ සේවකයෙකු රජෙක්, ඒකාධිපතියෙක් කර ඔළුව කෑ උන් මාර පරාජයට වග කිව යුතු බවයි.

    ජනපති කම නැති නම් අගමැති කම,
    අගමැති කම නැතිනම් ඇමතිකම,
    ඇමති කම නැති නම් මන්ත්‍රිකම,
    එහෙත් නැතිනම් පලාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු වීමට දඟලන්නට තරම් එදා සුන්දර මිනිසෙකු මෙදා පජාත කරවූයේ බලකාමයයි. වැරැද්ද නොපෙන්වා වරද සාධාරණීකරනය කළ බත් බැලයනුයි.

    ReplyDelete
    Replies
    1. සෑම්,මගේ ලෝකෙට ආපු පළමුවැනි පාර."ආයුබෝවන්"උඹට.

      මහින්ද යුද්දේ ඉවර කෙරුවා,පාරවල් හැදුවා කියලා මල් තියලා වදින්න ඕනෙද?ඒවා පත්වෙන ආණ්ඩුවේ වගකීම්.

      බලයෙන් උමතු වෙලා හිටිය මිනිහෙක්ට බලය නැති වුනාම පිස්සු හැදෙන එක පුදුමයක් නෙමේ.

      Delete
  5. උඹ ඕව ගණන් ගන්න එපා මල්ලි.අර රවී කියනව වගේ මළමිනී ආපහු නැගිටීයැ.

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ හැලපයියා.මළමිනි නැගිටින්නේ නැහැ.හැබැයි හොල්මන් කරන්න ඉඩ තියනවා.

      Delete
  6. අපිට ඕන රජෙක් නේ ජනාධිපති කෙනෙක් නෙවෙයි අනික සම හරක් අයේ යුද්ධයක් වෙනවා නම් කියලා ඉන්න හරක් ඉන්නේ අනික....ඔවා කියලා මටත් හෙන එයිද මන්දා ....කොම වුනත් මේ යන්නෙ නම් යහපාලෙනේට ද කියන සැකයත් හිතේ තියෙනවා වෙන වැඩ දැක්කාම

    ReplyDelete
    Replies
    1. යහපාලන ඇතුලේ අවුල් නැතුව නෙමේ.හැබැයි මහින්දගේ අධම පාලනයට වඩා හොඳයි.නායකයෙක් ඕනේ තැනට නළුවන්ගෙන් වැඩක් නැහැ.

      Delete
  7. මිනිස්සු කොයි තරම් අන්දලාද කියලා දැක්කම හරි දුක හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැ.ඒ ගැන කියලා ඔන්න මහින්දගේ ණය ගැනිල්ල ගැන බස් එකේ හිටිය තව එකෙක් කිව්ව කතාව.

      "දැන් මගේ ගේ හදන්න ඕනේ නම් මම ඉඩම බැංකුවට උගස් තියලා සල්ලි අරන් ගේ හදනවා.නොකා,නොබී හරි ණය ගෙවනවා.ඒ මනුස්සයාත් රට හදන්න කෙරුවේ ඒ වගේ වැඩක්.ණය වුනේ නිකම් නෙමේ රට හදන්න"

      ඔන්න මහින්දගේ ණය ගැනීම ගැන ඒ මිනිස්සුන්ගේ ප්‍රතිචාර.රට හදන්න ගත්තු ණය වලින් උන් පරම්පරා පිටින් හැදුනු හැටි.ඒ ණය ගෙවන්න පරම්පරාවලට සිද්ධ වෙන හැටි ඒ මිනිස්සුන්ට පේන්නේ නැහැ.ඒ තරම් සමාජය තාමත් නිද්‍රශීලියි.

      Delete
    2. අන්දන්නම ඕනෙ නෑ, කොහොමත් ඉන්නෙ කාට හරි වඳින්න බලාගෙන. පත්තරේ එක දවසක් කිව්ව නැදුන්ගමුවෙ රාජා තමයි ලංකාවෙ ජනාධිපතිවෙන්න සුදුසම කියල පෙරහැරේ යන තේජස බැලුවහම.
      පුම්බගෙන ඉන්නවනම්, නිතරම ෂෝ එක තියනවනම්, පිටරටට බනිනවනම් තව වෙන මොනවද?

      ඒක නෙමෙය් අර විදුලි පුටු මන්තරේ මේපාරත් මතුරයිද?

      Delete
    3. "ආයුබෝවන්"ප්‍රා මුලින්ම.

      පත්තරේ කියලා තියෙන දේ හරි.අපේ අය බොහෝවිට නායකයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔය ප්‍රා කියලා තියෙන දේවල් තමයි.අලුතින් ඕනේ නම් ඔය ලිස්ට් එකට උඩු රැවුලක් වගේ දාගන්නත් පුළුවන්.

      //ඒක නෙමෙය් අර විදුලි පුටු මන්තරේ මේපාරත් මතුරයිද?//
      එකෙන් වැඩක් වෙන්නේ නැති නිසා මතුරන එකක් නැහැ මයේ හිතේ.

      Delete
  8. පව් බං. බුදු හාමුදුරුවෝ කියල තියෙනවා නෙව මෝඩයොත් එක්ක කතාවට යන්න එපා කියලා.. උඹත් ඒකම කරහං

    ReplyDelete
    Replies
    1. ඔව් බං,ඒ වගේ උන්ට පව් කියනවා හැර වෙන මොනවා කියන්නද ?

      Delete
  9. අන්ධ භක්තිය
    දෑස් පෙනුනද අන්ධ වූවන් සිටී මේ ලොව

    ReplyDelete
    Replies
    1. අන්ධ විතරක් නෙමේ,ගොළු,බිහිරෝ වගේ තමයි මුන් කටයුතු කරන්නේ අයුක්තිය,අසාධාරණය,අවනීතිය ඉස්සරහා නිවටයෝ විදියට.

      Delete
  10. අර අංකල් ල ඇන්ටිල ඉස්සරහ කියන්න බැරි වෙච්චි ටික මෙතන කියන්න එපැයි බන්.. දැන් උන්ගෙ කාලෙ ඉවරයි.. ඔය මරු කියවිල්ල තව ටික දොහක් තියෙයි..
    ප.ලි. මටත් සමහර වෙලාවට මල අපේ ගෙදර උන්දැත් එක්ක. කොහෙ හරි දේශපාලන කතාවක් යනවනම් අපේ ගෑනිගේ වැඩේ මගේ කට මුර කරන එක.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. කියන්න තියෙන එව්වා කියන්න ගියොත් අර අරාබි නිසොල්ලාසේ වගේ තියේවී බං.අර බුකියේ තිබ්බා වගේ මුන්ගේ කන්දොස්කිරියාව අහනවාට වඩා මෛත්‍රි පැරදිලා මහින්දයා දින්නානම් හොඳයි කියලත් හිතෙනවා:D

      //ප.ලි. මටත් සමහර වෙලාවට මල අපේ ගෙදර උන්දැත් එක්ක. කොහෙ හරි දේශපාලන කතාවක් යනවනම් අපේ ගෑනිගේ වැඩේ මගේ කට මුර කරන එක.. හැක් හැක්//

      කියලා වැඩක් නැහැ බං ඒ ගැනනම් අපේ කෙල්ලත් මට "දේශපාලන කතා"සම්පුර්ණයෙන් තහනම් කරලා තියෙන්නේ.

      Delete
  11. කවුද කිව්ව වගේ මුන්ට මහින්දත් හොඳ වැඩියි.

    ReplyDelete
    Replies
    1. ඔව්,මුන්ට හරි යන්නේ ඉඩි අමින්,පොල්පොට් වගේ උන්ව වෙන්න ඇති.

      Delete
  12. ඔය මෝඩ හුචක්කු වලට මොළේ කළඳක් නෑ...සුදු සරමටයි උඩු රැවුලටයි රැවටිලා තවමත් මේ මී හරක්....

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් රැවටීමක්.

      Delete
  13. එන්ඩ එන්ඩේ .......
    ගාල් තැන්න..
    දොළුකන්ද
    පිටිදූව ...
    මැදමුලන මැදමුලන ....

    හරි යං හරී

    ReplyDelete
    Replies
    1. යහපාලනෙන් තෙල් අඩු කරපු නිසා හරියට ඉතුරු සල්ලි බේරපන්.ආයෙත් රට කන්න එන්න එපා කියලා මැදමුලන වලව්වට පඬුරක් ගැට ගහන්න ඕනේ ඉතුරු රුපියලෙන්.

      Delete
  14. ඔය මහින්දය පස්සෙ යන උන් කවදාවත් අප්ඩේට් වෙන්නෙ නැති,මහ ගෙදර කුස්සිය වගෙයි.වැඩකට නැතිවුනත් විසි කරන්නෙත් නැහැ,විසි කරත් ආපහු ගන්නමයි හිත.හැමදාම කුනු ගොඩේම ඉන්නයි හිත.

    ReplyDelete
    Replies
    1. ඔව් බං අප්පච්චි මලා කියලා එකට කාපු උන් කියන එකවත් මුන් පිළිගන්නේ නැති හැටියක්.:D

      Delete
  15. //මට එහා පැත්තේ හිටපු සුදු මගේ කනට කරලා ඒ කතාවට එකතු වෙන්න එපා කියලා දාපු ආදරණිය තහංචිය නිසා.//

    මට නම් පෙනුණේ මෙච්චරමයි...:P

    ReplyDelete
    Replies
    1. අයියෝ,මම හිතුවේ පොඩ්ඩි ඒ ඒ ටික දකින්නේ නැති වේවි කියලායි.:D

      Delete
  16. මං හිතන්නේ කළුබෝවිල රෝහලේ මානසික රෝගී වාට්ටුවෙන් පැන යන ලෙඩුන් පිරිසක් තමයි ඒ බසයේ ඉඳලා තියෙන්නේ!

    මොන වීරයා වුණත් කාන්තා පක්‍ෂයට බය බවත් මේ කතාවෙන් තේරෙනවා!

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් රසික.
      ඔව් මටත් දැන් හිතෙනවා ඒ මානසික රෝගී වාට්ටුවෙන් පැනයන පිරිසක්ද කියලාත්.එත් කළුබෝවිල මානසික රෝගී වාට්ටුවක් තියෙනවාද මන්දා.

      බයට වඩා එක උපක්‍රමශීලි පසුබැසීමක්:D

      Delete
    2. රසික කියල තියෙන්නේ ඇත්ත
      යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් බලන්න ගියා කිව්වට මුත් ඒ වාට්ටුවේ ඉඳල පැනල යන එකෙක් වග පේනවා මේ ලිපිය බැලුවම

      උඹල කොහොමත් යුද්දෙන් පස්සෙවත් මහින්දට ජන්දේ නොදීපු අලි බව පේනවා මේ වගේ ලිපි වලින්
      උඹල මහින්දව ගේන්න ඉදිරියටත් මහන්සි වෙන්න ඕනි නැහැ
      හරිවෙලාව ආපු ගමන් ඒක අපිම කරන්නම්.

      Delete
    3. ඔව් බං මම යුද්දෙට කලින් දුන්නෙත් නැහැ,යුද්දෙන් පස්සේ දුන්නෙත් නැහැ ඔය මහින්දට.
      මහින්දව ගෙන්න ඕනේ නම් ගෙනෙල්ලා අපේ මොකෝ? :D

      Delete
  17. සමහරක් මිනිස්සු එක්ක වාද කරලා පලක් නෑ මනෝජ්.. අර සීතාම්බරපටේ කතාව වගේ.. උන්ට පෙනෙන්නෙ නෑ හෙළුව..

    ReplyDelete
    Replies
    1. සරත් අයියාවත් "ආයුබෝවන්"කියලා මුලින්ම පිළිගන්නවා.
      හ්ම්,උන්ට හෙළුව පේන්නේ නැහැ තමයි.අනෙක් අයටත් හෙළුව පෙන්වන්නයි උන් උත්සහා ගන්නේ.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!