Saturday, October 31, 2015

දුකට කියන කවී.


Add caption


මහින්දගේ කටු කෑ හොරිකඩ  හැත්ත 
යහපාලනෙත් කුණු අඳිනවා    දැක්ක 
උස්සා බැටන් පොල්ල අසරණයන් තලන 
දීපං රළහාමි යුනිපෝම් එක බල්ලෙකුට 

44 comments:

  1. ඔව්වෝ ඒදා අපිටත් ගැහුවා..... අද ඉන්න උන්ටත් ගහනවා... ඒත් උන් දන්නැති ඒක දෙයක් තියෙනවා...

    මේ කැම්පස් ගිය හරි උසස් අධ්‍යාපනය හරි කරන උන් මැරෙන්න හදන්නේ උන්ට නිදහස් අධ්‍යාපනයක් ගන්න නෙමෙයි... උන් ඒකෙන් ප්‍රයෝජන අරන් ඉවරයි...... අපි ඒදත් කිව්වේ අපි මේ කෑ ගහන්නේ උඹලාගේ දරුවෝ වෙනුවෙන්... අපිට ගහපං... ඒත් දරුවොන්ට උගන්නන්න සල්ලි ගෙවලා පාසල් යවන්න වුණාම අපිව මතක් කරහං කියලා තමා.... දැනුත් කියන්න තියෙන්නේ ඒක තමා......

    ReplyDelete
    Replies
    1. උන් ඕක දන්නවා.හැබැයි දන්නේ නැහැ වගේ කටයුතු කරනවා.

      Delete
    2. මම ඔය ගොල්ලන්ට හුඟක් ගරු කරනවා මල්ලිලා. නමුත් යුනිෆෝර්ම් එක අන්දලා අණක් දීලා එව්වහම ඕක තමා කරන්න වෙන්නේ. ගෙදර ළමයින්ට කන්න දෙන්නේ වෙන්නේ ඒ පඩියෙන් තමයි. ලංකාවේ තියෙනේ ක්‍රමයේ වැරැද්ද පොලිස් කාරයාගේ පිටින් යන්නේ. හැබැයි එලෙව එලව ගහන්නේ නැතුව ශේප් වෙන්න පුලුව්බන් තැන උනුත් නික ඉන්න දැන ගන්න ඕනේ.

      Delete
    3. ඇයි අමානුෂික අණක් පිළිපදින්නේ.රජයේ පොලිසියකට කෑලැ පොලිස් වගේ හැසිරෙන්න හොඳද?එකයි මෙතැන තියෙන ගැටලුව අජිත් අයියා.

      Delete
  2. මහජන මිතශීලී අභිමානවත් පොලිස් සේවයක් උදෙසා............?

    ReplyDelete
    Replies
    1. සොමියා කාලෙකින්..!

      මහ ජනතාවගේ කෙසේ වෙතත් පාලකයන්ගේ සුරතල්ලු.

      Delete
  3. ඔක මචං යුනිෆෝම් එකේ පාටේ වැරැද්ද..ඇදපු ගමන් බල්ලේක් වෙනවා..

    ReplyDelete
    Replies
    1. එහෙනම් සුදු පිරුවට දෙමු ඇඳ ගන්ට.

      Delete
  4. මනෝ.. උඹේ එව්වා මිස් වෙලා තිබ්බෙ.. මිස් නොවෙන්නම රෝලෙ එල්ලගත්තා.. මුන්ට මේ මදි බං.. තව ටිකක් පතුරු ගහල ලියපං...

    ReplyDelete
    Replies
    1. මම වැඩිය ලියන එකෙක් නෙමේ බං.

      පතුරු ගහලා ලිව්වොත් උන් අපිව හම ගහාවි.

      Delete
  5. Replies
    1. මට බල්ලෝ ඇලජික් :D

      Delete
  6. හෙහ් හෙහ් පට්ට......

    //දීපං රළහාමි යුනිපෝම් එක බල්ලෙකුට//

    ReplyDelete
  7. රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්නලු ඉන්නෙ.ඒ වුණාට uniform දාගත්තු ගමන් බලු වෙනවා.කැම්පස් එකේ උද්ඝෝෂණ වලදි මෙයාලාගෙ කටවල්වලට පුදුම කුණුහරුප තොගයක් එන්නෙ.. මේ වගේ මිනිසුන්ට අනුකම්පා කරනවා ඇර වෙන මොනවා කරන්නද නේද ...?

    ReplyDelete
    Replies
    1. මේ මිනිස්සුන්ට මානසික උපදෙස් දෙන්න ඕනේ.නීතිය හා සාමය ආරක්ෂා කරන්නේ කොහොමද පිස්සෝ බල්ලෝ වගේ දගලාන කොට.

      Delete
  8. අභිමානවත් පොලිස් සේවයක්

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් "ට්‍රාන්ස්"

      මෙහෙම ගියොත් පොලිස් සේවය බල්ලට තමයි හිටං.

      Delete
  9. ඇරු! ගහපිය තව රිදෙංට.

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැ බං.උන්ට ගහන එව්වා දැනෙන්නේවත් නැහැ.

      Delete
  10. ඇරු! ගහපිය තව රිදෙංට.

    ReplyDelete
    Replies
    1. හපෝයි! කම්මල් ඩුප්ලිකේෂියා හැදිලා මටත්!

      Delete
    2. ඇති යන්තං එක හැදිලා බේරුනා , මම හිතුවේ 33 නවත්තන්න වෙයි කියලා

      Delete
    3. මදාවිටත් පොලිසියෙන් වැදිලද මන්දා...

      Delete
    4. හෙහේ,පොලිසියෙන් ගැහුවාමත් ඔහොම වෙනවා තමයි.

      Delete
  11. Replies
    1. අම්මට උඩු පත්තර මල්ලි "ආයුබෝවන්" කිව්වා.

      Delete
  12. බල්ලෝ අඳියිද බං ඕවා , උන් වැදගත් සත්තු

    ReplyDelete
    Replies
    1. ඔව් බං බල්ලෝ මුන්ට වඩා හොඳයි තමයි.

      Delete
  13. ඒක නම් සහතික ඇත්ත..බල්ලා වැදගත් කියන්නෙ...මුන් බල්ලො තරම් වත් මානුෂික විදිහට හිතන්නෙ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. මානුෂිකත්වය කොටලා පොවන්න ඕනේ.

      Delete
  14. පව් බං මේ උදවිය..
    පොලොසියේ සත්ගුණවත් මහත්හොරු අපේ ඔලු පලලා අපිව අබ්බාගාත කරන්නේ අපිව හදාගන්නනේ බං...
    කුඩු දුමිට සැලියුට් ගහන්නේ
    අපිට පොල්ලෙන් ගහන්නේ.....

    ReplyDelete
    Replies
    1. අපි නොමග යයි කියලා තමයි එහෙනම් මේ ගහනවා ඇත්තේ.

      Delete


  15. වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
    බොහොම ස්තුතියි....!!!

    උඹේ මේ වචන ටික නිකං දෛවයේ සරදමක් වගේ නේද? ඕනෙම මතවාදයක් සඳහා ඉඩ කියලා හිතලා පාරට බැස්සා. වැරදි හදන්න පොලිසියෙන් තඩි බෑවා. දැන් උඹලා ඒක විවේචනය කරනවා.

    ReplyDelete
    Replies
    1. //ඕනෙම මතවාදයක් සඳහා ඉඩ කියලා හිතලා පාරට බැස්සා. වැරදි හදන්න පොලිසියෙන් තඩි බෑවා. දැන් උඹලා ඒක විවේචනය කරනවා.//

      අම්මට උඩු ඇත්ත නේන්නම් ඩුඩයියේ කතාව.පොතේ හැටියට වැඩේ වෙලා තියෙන්නේ.

      Delete
  16. //දීපං රළහාමි යුනිපෝම් එක බල්ලෙකුට// :D :D

    ReplyDelete
  17. මෙවැනි පහරදීම් කරන අයගේ පමණක් නොව අනුමත කරන අය ගේ ද මානසිකත්වය කවරාකාරයේ ද යන බව ප්‍රශ්න කිරීමට සිදුවේ!

    ReplyDelete
    Replies
    1. මේ වගේ පහරදීම් කරන අය තමයි රටේ "නිතිය හා සාමය"රැකීමේ නිසි බලධාරීයෝ වෙලා ඉන්නෙත්.
      මිලේච්චත්වය අනුමත කරන සියල්ලන්ට මානසික ප්‍රතිකාර ලබා දිය යුතුයි.

      Delete
  18. මහින්දගේ නොව හැම පාලකයෙකුගේම කටු කන සුනඛ හැත්ත.......මුංට දරුවො නැතිව ඇති. උන්නත් මොන්ගල් වෙන්නැති. දරුවන්ට සත්තුන්ටත් වඩා අන්ත විදිහට සළකන්නෙ ඒක හන්ද වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හිතක්,පපුවක් නැති ලයිසන් චණ්ඩි.

      Delete
  19. රංචගොඩ ළමයගෙ කවි ශෛලිය.

    අපේ තාත්තත් දවසක් එකෙක්ට කිව්වා “උඹෙ කළිසම අන්දපිය බල්ලෙකුට“ කියලා... වෙන මොනව කියන්නද? ඒකත් ගරු වැඩියි.

    ReplyDelete
    Replies
    1. අපිට එහෙම නොකියන්න වෙන තත්වයකට අපේ පොලිසිය කවදා හැඩගැහේවිද ?

      Delete
    2. පාහර හැත්ත. අධ්‍යාපනෙං වැටිච්ච එවුං ගත්තහම ඔහොම වෙනව. මොකද හීනමානෙ නෙ...

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!