Monday, January 18, 2016

පොතක් සහා කතාවක්.

පි කිව්වේ "මාමා" කියලා.
සමහරු "අප්පච්චි" කිව්වා.ජනවාරි අට වැනිදායින් පස්සේ "අප්පච්චි මලා"කියලාත් සමහරු කිව්වා.

ඒ අප්පච්චිගේ පුතාව අප්පච්චිගෙන් පස්සේ රජ කරවන්න සමහරු බලන් හිටියා.

හැබැයි වැඩේ වැරදුණා!

ඒගොල්ලෝ කිව්වේ "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර"කියලා. 
ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදර පුතාට කිව්වේ "ආදරණිය නායක" කියලා හිටං.

දැන් ඒ රට කරන්නේ අර කියපු "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයාගේ" මුනුබුරා.තාත්තාගෙන් පුතාට සිහසුන යන ජනතාව පාලකයින්ගේ යටත් වැසියෝ වෙලා ඉන්න රාජාණ්ඩු ක්‍රමයෙන් අපි ගැලවුණත් තාමත් ඒ රටේ මිනිස්සුන්ට එහෙම වාසනාවක් නැහැ. 


මේ උතුරු කොරියාවේ අදටත් තියෙන තත්වය.
උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්.

ඒ අතින් බලන කල අපි වාසනාවන්තයි.පහුගිය ජනවාරි අට වෙනිදා මහින්ද මාමාගේ ඒකාධිපති පවුල් පාලනය නතර නොවන්න අපිටත් උතුරු කොරියාවේ වගේ ආඥදායකත්වයක රස බලන්නත් ඉඩ ලැබෙන්න තිබුණා සමහරවිට.

ව්‍යජ දේශප්‍රේමයකින් රටේ සාගින්න දිළිදු සාමාන්‍ය ජනතාවට දරා ගන්න බල කරන අතරවාරයේ පක්‍ෂ නායකයන්ට,රජයේ ඉහළ නිලධාරින්ට විතරක් නෙමේ ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයා වෙච්චි "කිම් ඉල් සුං" ගෙත්  ආදරණිය නායක "කිම් ජොං ඉල්" ගෙත් ගුණ ගයනා කරලා ප්‍රශස්ති කියපු වන්දි භට්ටයින්ටත් ලොකුම හැන්දෙන් බෙදපු කිම් ඉල් සුංගේ උතුරු කොරියාව සමහර වේලාවට මහින්ද මාමා තමන්ගේ වටේ හිටපු වන්දි භට්ටයින්ටත් සලකපු හැටි මතක් කරනවා.

හාල් ඇටයක් හොයා ගන්න නැති කමින් රටේ සාමාන්‍ය ජනතාව ගස් වල පොතු කනකොට.පක්‍ෂ නායකයෝ එකතු වෙලා ඒ මිනිස්සුන්ට ලැබුණු සහනාධර වලින් සාද දැම්මා.

මානව හිමිකම් නැතුව,සියලු මාධ්‍ය පාලකයින් මෙහෙයවන සහා පාලකයින්ගේ ගුණ ගයන හොරණෑ විතරක්ම වුණාම පාලකයෝ කියන බොරු දේවත්වයේ ලා සලකන්න රට වැසියන්ට සිදුවුණා.ඇමරිකාව අධිරාජ්‍යවාදී බල්ලෝ වෙනකොට අසල්වැසි දකුණු කොරියාව රූකඩ රාජ්‍යක් කියලා දේශප්‍රේමි නායකයෝ කියනකොට පාසල් පොත් වල එව්වා ඒ විදියටම සටහන් වුණා.

පාසැල් ගුරුවරු පවා "කිම් ඉල් සුං" ගේ විස්මිත බුද්ධිය ගැන පුදුම වුණා."කිම් ඉල් සුං" ගේ බුද්ධිය ගැන කතාවක් මේ.


"කුරුල්ලෝ දහයක් අත්තක් උඩ වහලා ඉන්නවා.දඩයක්කාරයෙක් එක කුරුල්ලෙක්ව මරනවා.දැන් කියක් අත්ත උඩ ඉන්නවාද ?" පංතියේ හැමෝම නමයක් කිව්වාම අනාගත ශ්‍රේෂ්ඨ නායක "කිම් ඉල් සුං" දීපු උත්තරේ "එකෙක්වත් නැහැ.වෙඩි සද්දෙට අනෙක් උන් පියබා යන නිසා" කොහොමද බුද්ධි ප්‍රභවය.!

ලෝකයට ජුගුප්සාජනක උතුරු කොරියාව වගේ රටක් වෙන්න ඉඩ නොදී,දේශපාලකයින්ට රට වනසන්න නොදෙන එක පුරවැසියන්ගේ යුතුකමක්.

ජාති,පාට,පක්‍ෂ වලට බෙදිලා ඒ දේ කරන්න බැහැ.

රජ වෙන්න හදපු එක්කෙනක්ව ජනතාව ගෙදර යැව්වේ තව කෙනෙක්ව රජ කරවන්න නොවන බව මෛත්‍රීත් ඒ වටේ ඉන්න වන්දිභට්ටන් දැනගත යුතුයි.එසේ නොවේ නම් මෛත්‍රීටත් මහින්දට සිදුවූ දේම වෙන්න වැඩි කාලයක් නොයනු ඇති.

උතුරු කොරියාව ගැන ඉහතින් දක්වපු උපුටන සියල්ල ලබා ගත්තේ HYOK KANG විසින් රචිත "This is Paradise, My North Korean Childhood" යන කෘතියේ සිංහල පරිවර්තනයෙන්.
 පරිවර්තක නිමල් සෝමරත්න.විදර්ශන පොතක්.

ප.ළි:ලෝකයේ අනෙක් රටවල් වලට වඩා සංවෘත රටක් වෙන උතුරු කොරියවේ තත්වය අද එදාට වඩා වෙනස් වෙන්න පුළුවන්.ඇතැම් අයට අනුව මේ කෘතිය  උතුරු කොරියාවට මඩ ගැසීමට අතිශයෝක්තියෙන් රචනා කරන ලද ප්‍රබන්ධයක්.කෙසේ වෙතත් මේ කෘතියේ ඇති සියල්ල ඇත්ත ලෙස පිළිගැනීමට හෝ බොරු ලෙස ප්‍රතික්ෂේප කිරීමට මට හැකියවක් නැත.




37 comments:

  1. මේ පාර ලංකාවට යනකොට විදර්ශන කඩේ වහලා.
    එනිසා දැන් මේ පොත් අහම්බෙන් දැක්කොත් විතරයි ගන්න හැකි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. විදර්ශන කඩේ වහලා නිසා මමත් මේක ගත්තේ සරසවියෙන්. තවත් විදර්ශන පොත් කිහිපයක්ම තියෙනවා ගත යුතු එත් වෙන කඩවල් වලින් විදර්ශන පොත් වලට වට්ටම් නැති නිසා පොඩ්ඩක් ඉන්නවා.

      Delete
  2. ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයා වෙච්චි "බේබදු ඩී ඒ රාජපක්ශ" ගෙත් ආදරණිය නායක "පර්සි රාජපක්ශ" ගෙන් පස්සේ "ශ්‍රේෂ්ඨ රජ්‍ය නායක සහෝදරයාගේ" මුනුබුරා"මොන්ගල් නාමල් තුමාට" බලය දුනෙ නැති එකේ විපාක රටටම විඳින්න වෙයි.

    ReplyDelete
    Replies
    1. විපාක කියන්නේ යහපත් විපාක වෙන්න ඇතිනේ ඉයන්.

      Delete
  3. පාලකයෝ කව්රු උනත් එකයි, ඇබිලිපිටියේ පොලිස් කේස් එක බලන්ඩ, මොන පාලනේ ආවත් වෙනසක් නැ.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් ලලිත්,
      කොයි පාලකයත් තමන්ගේ බලය තහවුරු කර ගන්නයි හදන්නේ.අපිට වෙලා තියෙන්නේ සාපේක්ෂව අඩු නරක පාලකයින් තෝරා ගන්නයි.

      Delete
  4. උතුරු කොරියාවෙ අන්තනෝමතික පාලනයක් තියනව තමා ,ඒත් ඔය ගස්වල පොතුකන කතානම් බටහිර මාධ්‍යවල ප්‍රචාර. කමතක හතුනෙලන අපේ රටේ ගෙවිලියන් ගෙ ඡායාරූපයක් පෙන්වල ලංකාවෙ මිනිස්සු බඩගින්නට පිදුරු කනව කියල කියන්න පුලුවන්. මඩු වලිග කතාවත් ඔය වගෙ බටහිර මාධ්‍යවලින් විකෘති කලානෙ. ඒ නිසා බටහිර මාධ්‍යවල කියන ඒව විශ්වාස කරන්න පෙර කීප සැරයක්ම හිතන්න ඕන.
    උතුරු කොරියාවෙ අධම පාලනය ගැන කියන ඒවට එකගයි.

    ReplyDelete
    Replies
    1. "ආයුබෝවන් සිව් වෙනි මානය"

      එක තමයි මම පළියේ දැම්මෙත්,
      //මේ කෘතියේ ඇති සියල්ල ඇත්ත ලෙස පිළිගැනීමට හෝ බොරු ලෙස ප්‍රතික්ෂේප කිරීමට මට හැකියවක් නැත.//
      මට කියන්න ඕනේ වුනේ සමහරවිට අපිටත් මේ වගේම දරුණු නොවුනත් මෙහෙම තත්වයක් ඇති වෙන්න යම් ඉඩක් තිබුණු බව.නිකමට හිතන්න බොරු චන්ඩි පාට් දාන්න ගිහින් අපිට සම්බාධක පැනවීමක් සිදු වුනොත් කුමක් සිදු වේවිද?

      Delete

  5. හම්මෝ.. කොමෙන්ට් කරන්නත් බයයි :) මන් කියුවේ උතුරු කොරියාව ගැන.

    ReplyDelete
    Replies
    1. එහෙනම් පින්තූරක් ගමු? හැක්

      Delete
    2. හා හා හා හා හා ...........

      Delete
    3. හම්මෝ කමියා කමෙන්ට් කරනකොට අපිටත් බයයි හිටං.

      ඉයන් & අජිත් අයියා,

      හෙහේ,බ්ලොග් ලොව (නො)නිල ජයාරූප ශිල්පී.>:)

      Delete
  6. මිනිහෙක් පනපිටිං බල්ලන්ට කන්න දෙනවයි කියන්නේ, ඒකත් නැන්දගේ මහත්තයව​, කොයි තරම් දරුණු හිතක් ඇත්ද. වැරදිලා කොට්ටයවත් ඒ පැත්තට තියල නිදා ගන්න නරකයි.

    ReplyDelete
    Replies
    1. උන්මන්තකටත් "ආයුබෝවන්",

      එහෙම කතාවක් ඇහුවා තමයි බලන් ගියාම උන්මන්තකට වඩා උන්මන්තකයෙක් වගේනේ මිනිහා.

      Delete
  7. //රජ වෙන්න හදපු එක්කෙනක්ව ජනතාව ගෙදර යැව්වේ තව කෙනෙක්ව රජ කරවන්න නොවන බව මෛත්‍රීත් ඒ වටේ ඉන්න වන්දිභට්ටන් දැනගත යුතුයි.එසේ නොවේ නම් මෛත්‍රීටත් මහින්දට සිදුවූ දේම වෙන්න වැඩි කාලයක් නොයනු ඇති.//

    උඹේ කතාවේ සුපිරිම කෑල්ල මේකයි... අපේ ප්‍රණාමය...... සුපිරියි මචං...

    ReplyDelete
    Replies
    1. මතක් කරලා තියෙන එක හොඳයිනේ බං.

      Delete
  8. පොත කියවන්න ආසාවක් හිතුනා මනෝජ්.

    ReplyDelete
    Replies
    1. කියවන්න අවුලක් නැති පොතක් හැලපයියා.

      Delete
  9. කලබල වෙන්න එපා... සියලු ප්‍රශ්න වලට එකම පිලිතුර: ඔන්න හුටන් තුමා ලන්කාවේ ගව ගාතනය නතර කොරලා හරක් මස් පිටරටින් ගෙන්වන්න නියෝග කරලා....

    හුටන් ප්‍රමුක හරකුන් ට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හුටා,මෙච්චර හරක් ඉන්න රටේ පිටරටින් හරක් ආවම අපේ ඉන්න හරක්ට මොකද වෙන්නේ හිටං.

      Delete
    2. උං අපි පාර්ලිමේන්තුවට යවනවා. පොඩි පොඩි උං ප්‍රාදේශීය සභාවලට යවනවා...

      Delete
    3. එහෙම බැලුවාම අපි "මී හරක්"

      Delete
  10. නායකයෝ බොහෝමයක් අපි හිතාගෙන ඉන්න විදිහම නෙමෙයි කියලා අපිට තේරෙන්නේ පස්සේ.
    මේ පොත නම් කියවලා නැහැ.

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත මචං.උන් අපේ ඉස්සරහාට මුලින්ම එන්නේ වෙස් මුහුණු දාගෙන,බලය අරන් ටික දවසක් ගියාට පස්සේ තමයි උන්ගේ නිරුවත අපිට පෙන්වන්නේ.

      Delete
  11. http://nelumyaya.com/?p=5035
    මොන ඒකාධිපතිවාදය වත් හොඳ නැහැ.

    ReplyDelete
    Replies
    1. අනිවර්යෙන් අජිත් අයියා.හැම ඒකාධිපතිවාදයක්ම,අන්තවාදයක්ම හෙලා දකින්න ඕනේ කොන්දේසි විරහිතව.
      ස්තූතියි අජිත් අයියා.

      Delete
  12. මුන් හැමෝම එකයි බං.මේ දසසිල් පෙන්වීම බලයට එනකම් විතරයි.
    මම නිතරම සරසවි එකට ගියත් එය පොතනම් තවම දැකලා නෑ.මේ වතාවේ ගියාම ටිකක් කියවලා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බලයට එන කම් උපසකයෝ.ඊට පස්සේ ??

      මේ මචං සරසවි පොතක් නෙමේ.විදර්ශන පොතක්.හැබැයි සරසවියේ නැති වෙන්න බැහැ.ආයෙත් ගියාම බලන්නකෝ.

      Delete
  13. පොතක් සහා කතාවක්?

    මම හිතුවේ මනෝ කොරියාවේ ගිහින් කියලා...:D

    ReplyDelete
    Replies
    1. මෙහේ දාලා කොරියාවේ යන්ට.අපෝ බැහැ.

      Delete
  14. ජනපති පුටුවේ ඉන්නකොට රටේ මොනව දූෂණයක් අසාධාරණයක් පේන්නේ නෑ.. ඒත් පුටුවෙන් බැස්සට පස්සේ තමයි මුන්ට පේන්නේ හැම රෙද්දක්ම.
    හිටං මහත්තයා කොහොමද කිව්වේ මම ජනාධිපති උනොත් අපේ පවුලේ කාටවත් අමතර වියදම් කරන්නේ නෑ කිව්වා. රට සවාරි එක්කන් යන්නෑ කිව්වා. එතකොට දහම් බේබිලගේ BMW
    අනේ මෙහෙම රටක්...

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් සමන්තටත්..!

      ඔය කතාවේ ඇත්තක් නැත්තෙමත් නැහැ.ඔය BMW කතාව නම් බොරුවක් ලු නේද ?එක මේ වෙනත් වාහන ආනයනකරුවෙක් විසින් ගෙන්වපු එකක් කියලා තියෙනවා දැක්කා.කොහොම වෙතත් තාත්තාගේ බලය පාවිච්චි කරන්න පුත්තු තේරුම් ගත්තෝත් හොඳයි අප්පචිලාට තට්ටු වෙන්න පුතාලාගේ කෙරුවාවල් හේතු වෙන බව.උදාහරණ ඕනේ නැහැ නේ.

      Delete
  15. මං බැලුව මනෝගෙ එක ඇයි අප්ඩේට් නොවෙන්නෙ කියල මගෙ රෝලෙ..
    අන්පලෝ කරල පලෝ කරා
    බලමු නේ

    කොරියාවෙ තියන තත්වෙට වඩා මෙහෙ තිබ්බ තත්වෙත් තියන තත්වෙත් හොදා බං

    ReplyDelete
    Replies
    1. දැන් හරිය.

      අපොයි ඔව් මෙහේ තත්වය ගොඩක් හොඳයි.අඩු ගානේ අපිට ආණ්ඩුවට බනින්න හරි පුළුවන්නේ...:D

      Delete
  16. මනෝ උතුරු කොරියාව තියෙන්නේ කොහෙද ඈ? :D හෙක්

    කොයි එකත් එකයි බ්‍රෝ. මට නම් දැනෙන්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. අහ බොලාට හොඳ පොත් අහු වෙනවා නේ? පොත ගැන ඔත්තුවට ස්කොතුයි.

      Delete
    2. සොමි,හොඳ පොත් කියලා නැහැ බං මට ඔය අහුවෙන ඕන එකක් බලනවා.කම්මැලිකමක් නැතිනම් මෙහෙම ලියලා දානවා.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!