Monday, February 8, 2016

නොහඬන්න අප්පච්චි.

ජායාරුපය අන්තර්ජාලයෙන්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑසේ කදුළු නැගෙන ජායාරුපයක "රටක කදුළු පිස දැමු මිනිසාගේ දෑසේ කදුළු දුටුවෙමු"යනුවෙන් සටහන්ව සමාජ වෙබ් අඩවිවල සංසරනය වනවා දුටුවෙමු.මේ රටක කදුළු පිස දැමුවා යයි අදහස් කරන්නේ යුද්ධය නිමා කිරීම විය යුතුය.ඒ හැර මර්වින් සිල්වා,බන්දුල ගුණවර්ධන,නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු මහින්ද රජයේ මැති ඇමතිවරු දුන් ආතල් වලින්ද (මේ යහපලාන ආණ්ඩුවේත් ඒ වගේ ජෝකර්ලා මදි නොකියන්න ඇති බව පෙනි යයි. ) රටේ මිනිසුන්ගේ කදුළු පිස දැමුවා විය යුතුය.

කෙසේ වෙතත් යුද්ධයට දේශපාලන නායකත්වය දුන් මහින්දට මෙන් යුධ හමුදාවට නයකත්වය දුන් සරත් ෆොන්සේකාට වීරත්වයේ කිරුළ පැළදීමට අවස්ථාවක් නොලැබුනේ වීරයා එක රැයින් ද්‍රෝහියෙක් වූ නිසාය.එසේ වන්නට එකම හේතුව මහින්දට විරුද්ධව මැතිවරණයට ඉදිරිපත් විමය. වීරයා ද්‍රෝහියෙක්ව දඟ ගෙට ගියාද ඒ ගැන කතා කල අය සිටියේ නැත.

කෙසේ වුවද ඉහත කි මහින්දගේ දැසට කදුළු උණන සිදුවීමට ප්‍රස්තුත වුයේ තම දෙවැනි පුත් යෝෂිත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සහා අධිකරණය විසින් ඔහු බන්ධනාගාර ගත කිරීමට කරන ලද නියෝගයයි.මේ අත්අඩංගුවට ගැනීම සිදු වූ දින මාධ්‍ය වෙත ඒ ගැන අදහස් දැක්කු මහින්ද කියා සිටියේ තම දරුවෙක් වුවත් වරදක් කර ඇතිනම් දඩුවම් දීමට තම විරුද්ධ නොවන බවයි.අත්අඩංගුවට ගත යෝෂිතගේ අප්පච්චි එසේ පැවසුවද මේ සිදුවීම ගැන අදහස් දක්වමින් යෝෂිතගේ බාප්පා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසා සිටියේ "පළිගත්තාට කමක් නැහැ.එත් ළමයින්ගෙන් පළි ගන්න එපා"යනුවෙනි.

ගෝඨාභයගේ අදහස් දැක්වීමට අනුව දේශපාලන පළිගැනීම් සිදු කෙරුවත් කමක් නැත.නමුත් ළමුන්ගෙන් පළි ගැනීම නොකළ යුත්තකි.

ලසන්ත විර්කමතුංග ඝාතනයෙන් ඒ ලසන්තගේ දරුවන්ට අයුක්තියක් වුයේ නැතිද?එක්නැලිගොඩගේ අතුරුදහන් වීම ඔහුගේ දරුවන්ට කල අසාධරණයක් නොවේද? සරත් ෆොන්සේකා සිරගත කිරීමෙන් ඒ දරුවන්ට ඉටු කලේ කුමන යුක්තියක්ද ? වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීමෙන් ඒ දරුවන්ටත් දඩුවම් කලා නොවේද? රාජපක්ෂ සමයේ මෙවැනි තවත් සිදුවීම් උදාහරණ ලෙස දිය හැකි මුත් එය අවශ්‍ය නොවේ. 

 නීතිය සැමට සමාන විය යුතුය.එසේ නොවේ නම් යුක්තියේ දෙවගනගේ දෑසේ බැදී කඩතුරාවෙන් පලක් නැත.  

රාජපක්ෂ පවුලේ සාමාජිකයකු අත්අඩංගුවට ගැනීම විපක්ෂයේ  පමණක් නොව ආණ්ඩුවේ ඇතැමුන්ගේද විරෝධයකට හේතු වී ඇති බව පෙනේ.නමුත් එය එසේ විය යුතු නැත.යෝෂිත ඇතුළු පිරිස වෙත ඇති චෝදනා අධිකරණය ඉදිරියේ තහවුරු වුනොත් ඒ වැරදි සඳහා අධිකරණය  විසින් දෙන දඬුවම් විඳිය යුතුව ඇත.නිවැරදිකරුවන් වේ නම් ගැටලුවකින් තොරව නිදහස් වනු ඇත.


සි.එස්.එන් නාලිකාවේ සඟවා ඇති සන්නිවේදන උපකරණ හෝ වත්කම් සෙවීමට එදා මෙන්  රැගෙන නොයන නිසා මේ සැකකරුවන්ගේ  ජීවිත ගැන අනියත බියක් ඇති කර ගත යුතුද නැත.

31 comments:

  1. මනෝ.. කාලෙකින්... මම දකින එක දෙයක් තමයි අද මිනිස්සු කතා කරන්න අදහස් දක්වන්න කිසිම පැකිලීමක් නැතුව පෙලගහෙනවා.. එකට හේතුව තමයි කතා කිරීමේ නිදහස උපරිමයෙන් ලැබී තිබීම.. ඉස්සර ඔය හොටු පෙරන අප්පුච්චාගේ කාලෙ මිනිහෙක් ස්ටේටස් අප්ඩේට් එකක් දාන්නත් දෙපාරක් හිතුව. ඒකයි ඇත්ත. දැන් ලැබිල තියන නිදහස වල්බූරු නිදහස බවට පෙරලගත්තු මහින්ද ප්‍රමුඛ හොර ආණ්ඩුවෙන් අනියම් හෝ ලාභ ප්‍රයෝජනයක් ගත්තු උන්දැල දැන් සූ ගාල වැඩ පටන් අරන්.. අන්න ඒ දේවල් වල ලක්ෂණ තමයි ඔය බුකියෙන් එලියට එන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ දේවල් ගැන කතා කරන උන් එදාත් කතා කලා හැබැයි ඒ සද්දේ පිටත සමාජයට ඇහුණේ නැහැ.එකට හේතුව වුනේ එදා සමාජය සම්පුර්ණයෙන්ම වගේ නිර්වින්දනය වෙලා තිබීම.කැමත්තෙන් හෝ අකමැත්තෙන් මිනිස්සු බොහෝවිට නිහඬව සිටියා.

      Delete
  2. බලහං යෝෂිතව අත්අඩංගුවට ගන්න යන අස්සෙ එකෙක් සිංහයෙක්ගෙ නැට්ට පාගල, මහින්දව බිත්තියට හේත්තු කරල අනේ මන්ද මම මේව දැක්කෙ බුකියෙ.

    ReplyDelete
    Replies
    1. කම්මල අයියාවත් "ආයුබෝවන්,ආයුබෝවන්"කියලා පිළිගන්නවා.

      සිංහයාගේ නැට්ටේ කතාව මමත් බුකියේ දැක්කා.උඹ රොකට් යවලා අපේ සල්ලි නැති නාස්ති කරපු එකට උඹවත් කැලි නොකර ඉඳීවි කියලා හිතන්න එපා කියලාත් බුකියේ කියලා තියෙනවා දැක්කා ඔය සිංහ කතාවට.

      Delete
  3. ඇත්ත ඇත්ත. ළමයින්ගෙන් පළිගනන්න හොද නෑ. මොකද ඒ අය තාත්තලගෙන් පළි අරන් ළමයින්ට විදවන්න ඇරියා නේ අනුකම්පාවෙන්..

    ReplyDelete
    Replies
    1. හැබෑව නේන්නම් දේශො මුන් දන්නෙ නෑනෙ ක්‍රමේ.

      Delete
    2. එකනේ කියන්නේ දේශො කම්මල කියලා තියෙනවා වගේ කෝ ඉතින් මේ යහපාලන ලොක්කෝ දන්නේ නැහැනේ හරියට මෛත්‍රි කරන්න.

      Delete
  4. //ලසන්ත විර්කමතුංග ඝාතනයෙන් ඒ ලසන්තගේ දරුවන්ට අයුක්තියක් වුයේ නැතිද?එක්නැලිගොඩගේ අතුරුදහන් වීම ඔහුගේ දරුවන්ට කල අසාධරණයක් නොවේද? සරත් ෆොන්සේකා සිරගත කිරීමෙන් ඒ දරුවන්ට ඉටු කලේ කුමන යුක්තියක්ද ? වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීමෙන් ඒ දරුවන්ටත් දඩුවම් කලා නොවේද? //
    එකගයි එකෙන්ම.
    http://sinhalabloggala.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලලිත්..:)

      Delete
  5. අර අන්තිමට කියල තියෙන වාක්‍ය තමා මරු මනෝ..
    හැබැයි ඉඳ හිටල හරි ඔය හංගල තියෙන අයිටම් පෙන්නන්න එක්ක යන්න බැරි එක ගැන නං පොලොස් දෙපාර්තමේන්තුව හෙන අප්සැට් එකෙන් ඉන්නෙ ඒකනෙ ඔය උඩ තට්ටු වලිං කට්ටිය පැන්නයි කියන්නෙ. මං හිතන්නෙ ඒ විරෝධය දක්වන ක්‍රමයක් වෙන්නෑ..

    උඹ ඉන්නෙ උඩ තට්ටුවක හෙම නෙවී නෙහ්

    ReplyDelete
    Replies
    1. වෙන්ට පුළුවන්,වෙන්ට පුළුවන්.උඹ කිව්වත් වගේ දැන් ආයුධ පෙන්වන්න යන්නේ නැති නිසා වෙන්න ඇති ඔය උඩින් මිනිස්සු බිමට දාලා හරි ඇරියස් කවර් කර ගන්නේ.අම්මට හුඩු මම ඉන්නෙත් උඩ තට්ටුක නෙන්නම්.එකත් මේ පොලීසිය එහා පැත්තේ බං.

      Delete
  6. මෙව්වාට හිනා වෙනවාද අඩනවාද කියලා තාම කල්පනා කරනවා බං....... මේවාට තමා කියන්නේ වපුරන දේ ම ලැබෙනවා කියලා......

    ReplyDelete
  7. ළමයාට දැනීමක් නැතිව හොර සුදුසුකමක් ලබා දීම පළිගැනීමකි. ළමයාට නියමිත සුදුසු කම් නැතිව රැකියා දීමෙන් ඔහුගේ ස්වෝත්සාහයෙන් දියුණු වීම පුහුණුව නොදීමද ළමයාගෙන් පලිගැනීමකි. කිසිම රැකියාවක් නොකරන ළමයාට ලක්ශ දෙකේ පාවහන් අරන් දීමද ළමයාගෙන් කරන පලිගැනීමකි.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි අප්පචිලා.

      Delete
  8. සිනමාවේ රඟපා ඇති මේ තාත්තා ග්ලිසරීන් ඉස කරන කඳුලු නැන්වීම හොඳින් ප්‍රගුණ කර ඇති නිසා මෙවර සරසවිය සම්මානයට නිර්දේශ කිරීමට සුදුසුය.

    ReplyDelete
    Replies
    1. ඔස්කාර් උණත් යන්න බැරි කමක් නැහැ.

      Delete
  9. දෙටු පුතා නෙවෙයි දෙවෙනි පුතා..

    මහින්ද මහත්තයා අඩන්න හිරි හිනා වෙන්න හරි ඕනි උඹටත් බ්ලොග් එක ලියන්න මතක් වෙන්න නේද?

    කඳුළු කියන්නේ කාගේත් කඳුළු. ඒක හිටපු පාලකයෝ වගේම වත්මන් පලකයොත් දැන ගන්න ඕනි. අප්පල කරන වැරදි වලට පුතලගේන්වත් පුතාල කරන වැරදි වලට අප්පල ගෙන් වත් නැතුව වැරැද්දට දඬුවම් දුන්නම ඇති.
    එහෙම නැතුව 'පලි ගන්න' හිතන් ඉන්නවනම් එක්කෝ රනිල් මහත්තයා, මංගල මහත්තෙයාල වගේ ළමයි හදන්නේ නැතුව ඉන්න ඕනි.. ;)

    ReplyDelete
    Replies
    1. දෙටු නෙමේ දෙවැනිද ඔන්න හැදුවා.

      මහින්ද මහත්තයා කියන්නේ රසට හැපෙන බයිට් එකක්නේ...:D

      උඹ කියන එක ඇත්ත.වැරැද්දකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනකොට එක පළිගැනීමක් කියනවා නම් මේ රටේ නීති ක්‍රියාත්මක කරන්නම බැරි වේවි.කොයි පාලකයාටත් මෙව්වා හොඳ පාඩම්.

      Delete
  10. මම දැක්ක මරා කියල තියනව එදා ප්‍රශ්න කරන වෙලාවෙ යෝෂිතට කතා කලම කිව්වලු " මා ගැන කරදර වෙන්න එපා තාත්ත තාත්තගෙ වැඩක් බලා ගන්න " කියල.

    රටේ රජ්ජුරුවො කාලෙත් දරුවන්ට කොරන්නෙ යන්නෙ නැතුව තාත්තා තාත්තගෙ වැඩක් බලාගෙන හිටියනං අද මේ කිසි අවුලක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. තාත්තා ජනපති වැඩේ වගේම අනෙක් හැම වැඩේමත් බදාගෙන හිටියානේ රවීයියේ.දැන් තාත්තා වැඩියෙන් කරදර වෙන්න ඕනේ මේ පුතාලාට වඩා විමල් පුතා ගැනයි,ගොම්මන්පිල පුතා ගැනයි.

      Delete
  11. ඔය අඬන හැමෝම ඉස්සර මොකද කලේ කියන එක තමා මගෙත් ප්‍රශ්නේ අනිත් ළමයින්ගේ පියවරුන් මැරෙන කොට. අර කුගන් කියන දෙමල මනුස්සයාගේ දුව තවම අඬනවා. ඒ මනුස්සය කොටියෙක් වත් නෙවි.

    ReplyDelete
    Replies
    1. ඔය අඬන අය නිසා ඉස්සර තවත් අය ඇඩුවා.ලලිත්,කුගන් අතුරුදහන් කිරීමෙන් මොනවා බලාපොරොත්තු වුනාද මන්දා?එකෙන් හොඳ සටන් පාඨයක් හදලා නම් දුන්නා පෙරටුගාමින්ට.යහපාලන සෙට් එකත් සටන් පාඨයක් දුන්නා පෙරටුගාමින්ට කුමාර්ව දිගටම රිමාන්ඩ් එකේ දාගෙන.

      Delete
  12. ‘ළමයින්ට හොරකම් කරන්න ඕනෑම කුපාඩි වැඩක් කරන්න මං ඉඩ දුන්නා.‘ කියලා තමයි මහින්දට අඬන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මුලින්ම තරිඳුට "ආයුබෝවන්"..!

      ළමයි නරක් වෙන්න තාත්තාගේ කල් ක්‍රියාවන් හොඳට බලපෑවා තමයි.

      Delete
  13. මරා තවමත් ඇක්ටින් නවත්තලා නෑ...ගම්වල බයියො තවමත් මේවට රැවටෙනවා...

    ReplyDelete
    Replies
    1. ගම,නගරය කියලා වෙනසක් නැතුව රැවටෙනවා.මරාගේ ඇක්ටින් ඒ අතින් නම් හරිම තාත්විකයි.

      Delete
  14. උඹ පරන පෝස්ට් එක අප්ඩේට් කලාද.මේක මට මිස් වෙලානේ බං.

    මෑත කාලයේ විරුද්ධවාදින් එක දිගට අත්අඩංගුවට ගනිමින් පලිගැනීම් ආරම්භ කලේ මහින්ද.ෆොන්සේකාට කරපු දේ දැක්කනේ.ඔහු ඒ දවස්වල දැඩි වෛරයෙන් ක්‍රියා කලේ.යුද්ධය ජයග්‍රහණය කරන්න නායකත්වය දුන්න අභිත නායකයා පස්සේ කාලේක බල ලෝභයෙන් වියරු වැටුනා.ඉන් පස්සේ ඔහු කරපු දේවල් අප්‍රසන්නයි.

    ReplyDelete
    Replies
    1. හුටා,අප්ඩේට් කලා කියන්නේ මේකේ මේ පොඩි වචනයක් හදන්න එඩිට් කලා.දැන් එහෙනම් එක අප්ඩේට් වෙලා වෙන්න ඇති බං.

      ඔය පස්සෙන් එන්නේ තමනුත් කරපුවා තමයි.එච්චර පළිගත්ත මිනිහා කියනවා මේ තමයි ඉතිහාසයේ ලොකුම පළිගැනීම කියලා හිටං.

      Delete
  15. කරන කලට පව් මීරිය මී සේ
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ

    ReplyDelete
    Replies
    1. ඇඳින එ පව් දුරලන උපදෙ සේ
      නුදුන මැනවි තුන් දොර අවකා සේ

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!