Monday, April 18, 2016

අහඹුවක් නොවුණු ඛේදවාචකයක් ගැන ලියවුනු කෘති දෙකක් ගැන මගේ කියවීම.

ගොළුවන්ට කතා කරන්න පුළුවන්නම් ! එය අහම්බයක් විය හැක.කතා කල නොහැකි ඇතැම් ගොළුවන් වුවද කතාකරවන පොලිසියට පවා කතා කරවන්න නොහැකි වූ ගොළුවෙක් "නාට්‍ය හා භාෂා"පාසලකින් චතුර කථිකයකු කිරීම අහම්බයක් මෙන්ම ආශ්චර්යක්ද වනු නොඅනුමානය.

වම්මුන්ගේ රතු පාටට ඇති අයිතිය පරණ වලව්වක හුදකලා ජිවිතයක් ගත කල රදළයකු විසින් සාර්ථක ව්‍යාපාරිකයකුව තමන් සතුකර ගැනීම අහඹුවක් නොවන්නේද ?

ලියනගේ අමරකිර්තිගේ සම්මානනිය නවකතාව වන "කුරුලු හදවත"මිලට ගන්නට පසුගිය පොත් ප්‍රදර්ශණයේදී සුරස කුටියට ගොඩවූ විට අහඹු ලෙසම දුටු අමරකිර්තියන්ගේම නවතම කතාව වූ "අහම්බකාරක"මිලදී ගත්තේ "කුරුලු හදවත"පසුව මිලට ගැනීමේ සිතුවිල්ලෙනි. 

රටක් හඬවන ඛේදවාචක වුවද තමන්ගේ යහපත උදෙසා හරවා ගන්නා අය ඕනෑ තරම් ඇත.සුනාමියෙන් සියල්ල නැති වූ අය මෙන්ම ගොඩ ගිය අයද ඇත.රට වසර ගණනාවක් ආපස්සට ගෙනගිය කළු ජුලිය තමන්ගේ වාසනාව කර ගත් ගොළුවෙක් ගේ කතාව විස්මය ජනක කතන්දරයකි. 

දරුවෙකුට උපත දෙන තිබිරි ගෙයක් වැඩිහිටි මිනිසෙකුට "අලුත් ජිවිතයක්"දෙන තැනක් වීම අහම්බයක්ද නැතහොත් අරුමයක්ද ?

ලියනගේ අමරකිර්තියන් තමන්ගේ කෘතිය තුල සංකේත භාවිතයද අපුරුවට ගොඩ නගා ඇත."පිච්ච මල්,හඳුන්කුරු සුවඳ" ආදිය පමණක් නොව "රතුපාට"පවා සංකේතත්මකව භාවිතා කරමින් කතාව ගොඩ නංවන අයුරු අපුරුය.

හරක් මස් නොකන නමුත් කලවැදි මස් කන බැටළු හම පොරවා ගත් ඉහළ සමාජ පන්තියට නගින්න ලොබ බඳින මිනිස්සු අතරේ තමන් ගැනම ස්වයං විවරණයක නිරත වෙන පරමාදර්ශී,තමන්ගේ බිරිඳට වුවද ඇයගේ නිදහස සොයා යාමට ඉඩහල බන්දුල බලගල්ල තුල ඇතැම් විට තම ළබැඳි හිතවතිය තමන්ගේ ගෝලයා වෙත දක්වන සමීපබව ගැන නැගෙන සියුම් ඊර්ෂාව මිනිසුන් තුල තිබෙන පෘතග්ජන ස්භාවය මැනවින් පිලිබිබු කරවයි.

මේ සියල්ලට වඩා කතාව යටින් යන අහබුවක් නොවන "දේශපාලන කතාව"අපේ මෑත කාලින දේශපාලනය සිහි ගන්වයි.ධනයෙන් ඉහල නගින මිනිසුන් දේශපාලනයෙන් බලය අරුඪ කර ගන්න තනන වැයම.ඒ වෙනුවෙන් කරන මරා ගැනීම් ලාංකේය දේශපාලනයේ කවරදාත් සිදුවන්නක් බව සිහි ගන්වයි.

ලංකාවේ දොස්තරලා ගැන වාමාංශිකයෙක් වෙච්චි ධනපතියකුගේ ඉඩම් බලාගන්නා සේනගේ විවේචනය කවදාත් වලංගු කතාවකි.

මේ සියලු චරිත අතරේ මා සිත්ගත් කාන්තා චරිතය වූයේ රාධා චිටර්ය.ඒ රාධා චිටර් ගේත් නිශ්ශංක විජේමාන්නගේ "තරා මගේ දෙව්දුව"කෘතියේ එන තාරාත් අතරේ ඤතිත්වයක්ද මට දැනේ.

සිංහල රාධාත්,දෙමළ තරාත් එකම ඉරණමකට මුහුණ දෙන්නන් සේ සිතේ.
දෙදෙනාම තමන්ගේ ප්‍රේමය මග හැර ගත්තෝ වෙති. 

මේ චරිත දෙක පමණක් නොව එම එම කෘති දෙක අතරේද කිසියම් ඤතිත්වයක් ඇති බවක් හැඟේ.අපුරු අඛ්යනයකින් ලියුවුනු නිශ්ශංක විජේමාන්නගේ "තාරා මගේ දෙව්දුව"ද රසවත් කවියක් වැනි නව කතාවකි.කෘති දෙකම 83 ඛේදවාචකය ගැන කතා කරයි.

අවස්ථාවාදී දේශපාලකයින්ගේ අවජාතක දරුවාවූ ජාතිවාදය කොයි තරම් දේ අපට අහිමි කෙරුවාද ?මේ ඛේදවාචකය නිසා අහිමිවුයේ මිනිසුන්ගේ ජිවිත,දේපළ විතරක් නොවේ.එක පන්තියේ මිතුරන් හතුරන් කරවපු ඛෙදවාචකය මිනිසුන් එකිනෙකාව කොයි තරම් සහෝදරත්වයෙන් දුරස් කර දැමුවාද ?ඒ දුරස්වීම් ජිවිත වලට කරපු බලපෑම් කොයිතරම්ද ?


මෙව්වා උත්තර නැති ප්‍රශ්න.ඒ ප්‍රශ්න ආයෙත් ඇති නොවෙන්නයි අපි කටයුතු කලයුත්තේ.එහෙම සහෝදරත්වයෙන් කටයුතු කරන්න එදාත් අපිට පුළුවන් කමක් තිබ්බා නම් තාරාගේ කතාව මෙයට වඩා ලස්සන වෙන්නත් තිබුණා. සිදුවෙච්චි ඒ ඛේදවාචක අහඹු,හුදකලා සිදුවීම් වෙන්නත් තිබ්බා.  

ප.ලි : අහම්බකාරක "සුරස"පොතක්, තාරා මගේ දෙව්දුව "විදර්ශන" පොතක්.

44 comments:

  1. අගෙයි මනෝජ්............ අමුතු විදිහට පොත් ගැන ඔත්තුවක් දීලා........ සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුට්ටනේ,
      පුලුවන් කමක් තියෙනවා නම් කියවන්න.අපුරු පොත් දෙකක්.

      Delete
  2. උඹ හොඳ විචාරකයෙක් වගේ....

    ReplyDelete
    Replies
    1. විචාරයකටත් වඩා මේ පොත් දෙක මම දැකපු ව්දිය සෙන්නයියේ මේ.

      ස්තුතියි සෙන්නයියේ...:)
      කමිසයක් ඇදගෙන ඉන්නවානම් කොරල් එක පොඩ්ඩක් උස්සා ගන්න තිබ්බා.එත් දැන් මේ සරමක් නේ ඇදන් ඉන්නේ.:D

      Delete
  3. අහම්බකාරක ගැන කියවපු හොඳම කියවීමක්. කෙටි වුණත් ඒ තැන දෙන්නම වෙනව. පොත මගේ ළග ඇතත් තවම කියෙව්වෙ නෑ. මොකද විභාග මගුල් අස්සෙ අර නොකියවන සික් එකට පොඩි පොතක් කියවනව මිස...
    තාරා නං කියවල තියෙනව.. මට ඒ පොතම කවියක් වගේ...

    අපූරු සටහනක් මනෝජ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්,

      මුහුණු පොතේ නැද්ද?මම අවන්හලට මුහුණු පොතෙන් පණිවිඩයකුත් දැම්මා.
      "තාරා" නම් කවියක්ම තමයි.

      Delete
    2. මූණු පොතෙන් මේ දවස් වල ටිකක් ඈත් වෙලා ඉන්නෙ
      ආයෙම එනව
      හැබැයි ටික වසකින්... ආවම බලල රිප් කරන්නං නැත්තං
      maheshrmx@gmail.com
      mail me..

      Delete
  4. පොත් දෙකම කියවන්න ලැබී නෑ මනෝජ්.

    ReplyDelete
    Replies
    1. ලැබුණොත් කියවන්න කෝ හැලපයියේ.

      Delete
  5. පොත් දෙක ගැන හොඳ විස්තරයක් දීල කියවන්න උනන්දුවක් ඇති කරලා. අපුරුයි මනෝජ් සහෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සොමී.

      Delete
  6. කුරුළු හදවත නං ගන්නවා කියල හිතං ඉන්නේ.. අමරකීර්තිගෛ් පොත් වල තියෙනවා පුදුමාකාර සංකේත බාවිතයක්.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. කුරුළු හදවතත් ගන්න ඕනේ."අහම්බකාරක"පොතේ සංකේත භාවිතය නම් අපුරුයි.
      ජයම වේවා අපේ දේශක මාමටත්.

      Delete
  7. රස විඳින, හිතට දැනෙන සාහිත්‍ය කලා නිර්මාණ ගැන සටහනක් ලියන එක හොඳයි... තවත් අයටත් ඒ ගැන දැනගන්න පෙළඹවීමක් ඇති වෙනවනේ... සතුටුයි මල්ලි..

    ඔයා රස වින්ද පොතේ අත්දැකීම ජීවිතයට, සමාජයට සම්බන්ධ කරලා විග්‍රහ කරන එකත් හොඳයි.. විය යුත්තෙත් එයම තමයි.

    ReplyDelete
    Replies
    1. අක්කාට තරම් ලස්සනට නම් ලියන්න බැහැ.එත් ඉදිරියට තව පොත් ගැන මේ විදියට ලියන්න හිතන් ඉන්නේ අක්කේ.අපේ බ්ලොග් ලියන අයගේ පොත් ගැනත් ලියන්න බලාපොරොත්තු වෙනවා.

      මේ පොත් දෙකේම මතුපිටින් තියෙන කතාවට වඩා යටින් තියෙන කතාවට මම කැමතියි.

      පොත් දෙකෙන්ම අපුරු සමාජ විවරණයකුත් කරනවානේ.

      Delete
  8. හොඳ incisive විචාරයක්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ප්‍රා.

      Delete
  9. තාරා මගේ දෙව් දුව කියෙව්වම දැනුණේ නිකම් කවියක් කියවපු වගේ සැහැල්ලු ඒත් බොහොම ආදරණීය හැඟීමක්. මම ඒ ගැන බ්ලොග් එකකුත් ලීවා වෙන්න ඕනේ. අහම්බකාරක කියවලා නෑ තවම ඒත් ලියනගේ මහත්තයාගේ පොත් වලට මම බොහොම කැමතියි. කුරුළු හදවතේ වගේ අන්තිමට කතාව මරලා දාන්නේ නැති හොඳ නිමවුමක් තියෙනවා නම් තවත් හොඳයි.

    පොත් ගැනලීවට මනෝජ්ට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔව්,ඔව් බුරු බබා ලියලා තිබ්බා "තාරා මගේ දෙව් දුව" ගැන පොස්ට් එකක්. මේ තියෙන්නේ ඒ පොස්ට් එක.

      ඇත්තටම බුරුබබාගේ පොස්ට් එක කියවලා තමයි මේ පොත මගේ කියවීම් ලැයිස්තුවට දා ගත්තේ.ඒ නිසා රංගි අක්කාටත් ගොඩක් ස්තුතියි ඒ ගැන ලියපු සටහනට.

      කුරුළු හදවත කියවලා නැහැ,හැබැයි දැන් කතාව නම් දන්නවා...:)

      Delete
  10. කතාවේ රසයට බාධා නොවෙන විදියට, ඒ කීවේ නොකියා, දේවල් ගැන කියන්ට මනෝ හරි දක්ෂයෙක්නේ. :P

    කියවන්ට ආසා වෙන විදියට පොත ගැන ලියලා. දැන් බලන්ට පොත් ගොඩයි. ගොඩක් ස්තූතියි මනෝ. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොඩ්ඩි.

      කියවලා බලන්ටකෝ ගොඩක් ආසා හිතෙයි පොත් දෙකටම.

      Delete
  11. මනෝජ් කියලා තියෙන විදිහට පොත් දෙක නොකියව කොහොමද.. :)

    මේ ටිකේ කට්ටිය සෑහෙන්න පොත් ගැන කියනවනේ... කියවන්න පොත් ගොඩයි..

    ReplyDelete
    Replies
    1. ලස්සන පොත් දෙකක් තුශානි කියවලා බලන්නකෝ කොහොමද කියලා.

      තව පොත් කිහිපයක්ම ගැනම ලියන්න හිතන්ඉන්නේ.

      Delete
  12. කියවන්න හම්බවෙලා නැහැ. තෑන්ක්ස් මනෝ.

    ReplyDelete
    Replies
    1. හැකියාවක් තියෙනවා නම් කියවන්න අරුයියා.අගේ ඇති පොත් දෙකක්.

      Delete
  13. අහම්බකාරක ඉක්මනින් කියවන ඕනේ. මේ බ්ලොග් කෙරුවාවක් නිසා පොත් කියවන එකත් අඩු වුණා මගෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. ම්ම්,මට නම් ඕකේ අනිත් පැත්ත බ්ලොග් කියවිල්ලෙන් ගොඩක් පොත් ගැනත් දැනගත්තා වගේම ගොඩක් පොත් කියවන්නත් යොමු වුනා.

      හෙන්රි අයියාගේ පොත් ගැන දැනගත්තෙත් බ්ලොග් නිසා."විල්ලරවාඩිය"අරගන්න,කියවන්න පෙලබුනේ රසික ඒ ගැන ලියපු
      මේ බ්ලොග් සටහන නිසා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  14. හැකිනම් රාවයට විකුම් ජිතේන්ද්‍ර ලියූ විචාරය කියවන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අශෝක,

      පහතින් ඒ ලින්ක් එක තියෙනවා.මා එය කියවන්නම්.

      Delete
  15. Replies
    1. ලින්ක් එකට ස්තුතියි අරුයියා.

      Delete
  16. ස්තූතියි මනෝජ් ඔත්තුවට.. එකපාරම් අරං කියවනවට වඩා මෙහෙම අහු උනාම අගේ වැඩී.

    ReplyDelete
    Replies

    1. වටිනාකම තව වැඩි වේවි පොත් කියෙව්වාම.

      Delete
  17. මාත් කැමතිම පොත් දෙකක්. අහම්බකාරක ජජ්ජර නදී වගේ, වේගයෙන් කියවාගෙන යන්න හිතෙනවා. තාරා මගේ දෙව්දුව ලයාන්විත කවියක් වගේ, හිමින් හිමින් මුමුණන්න හිතෙනවා. හැබැයි මං නං පොත් කියවද්දි පේන දේශපාලනෙත් දැක්කේ නැහැ වගේ අහකබලාගෙන කියවන්න‍ේ. :)

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් ගොඩක් ආස හිතුන පොත් දෙකක් රන්දිකා අක්කේ.
      හැබැයි ඔය පොත යටින් යන දේශපාලන කතන්දරය තමයි වඩාත් සිත් ගන්නේ මට නම්.:)

      Delete
  18. අතේ සතේ නැත
    හිතේ පොතේ ඇත
    ගියොත් මෙසේ මට
    වෙන්නේ...
    ඔන්න ඔහේ මේ පොත් දෙකත් ගන්නවා... පොත් අරන් කියවල මේ වගේ ඔත්තු දෙන එක නම් ගොඩක් හොඳ වැඩක්...

    ReplyDelete
    Replies
    1. ඉතින් හීනදකින්නියේ ඔය පුස්තකාල තියෙන්නේ.හැබැයි ඉතින් පුස්තකාල වලින් පොත් කියවන එකට වඩා තමන් ගාව තියන් පොත් කියවන එක ලේසියි.අපේ පුස්තකාලවල සමාජිකත්වය ගන්න රටේ නැති නීතිනේ.
      මම ගොඩක්විට පොත් ගන්නේ සැප්තැම්බර් පොත් ප්‍රදාර්ශනයෙන්.නැතිනම් පොතේ ප්‍රකාශකගෙන්.එතකොට බෝහොවිට වට්ටම් ලැබෙනවානේ.

      Delete
    2. මනෝ.. මම ඉන්න තැන පුස්තකාල වලින් පුලුවන් උපරිම ප්‍රමාණෙටත් වඩා වැඩ ගන්නවා, එහෙම කරන්න ගිහින් අනුනවයෙන් සැහෙන දඩයක් මට කන්න වෙන සිද්ධියකිනුත් බේරුනා... ඒත් අත අරින්නෙ නැ, හැබැයි තියන එකම ප්‍රශ්නය පොත් වර්ග හරිම සීමාසහිත විම..ලඟදි ලංකාවේ ප්‍රසිද්ධ පොත් හලකින් onlineපොත් ගන්න ගියාම පොත වල ගානට සමාන ගානක් "Handling charges " විදිහට දාලා බිලක් ආවා...

      Delete
    3. හීන දකින්නී ඉන්නේ ලංකාවේ නොවේද?මම නම් පුස්තකාලවලින් පොත් ගන්නෙම නැහැ.වෙන හේතුවක් නිසා නෙමේ එව්වායේ තියෙන තද නීති නිසා.මීට වඩා ලේසියෙන් පුස්තකාල සමාජිකත්වය ගන්න පුළුවන් කම තියෙන්න ඕනේ.

      පොත් මිල වැඩි වීමත් මිනිස්සු පොත් කියවීමෙන් ඇත්වෙන්න හේතුවක් වෙන්න ඇති.

      Delete
    4. නැ මනෝ.. පුස්තකාල සමාජිකත්වය ගන්න නම් කිසිම අමාරුවක් නැ. මම කරල තිබ්බෙ එක පුස්තකාලයකින් ගත් පොත් වෙන පුස්තකාලයකට බාර දිල.. පොත් බාර දෙන්න ඔන දවසට සතියකට පස්සෙත් පොත් ඇවිත් තිබ්බෙ නැ නියම පුස්තකාලයට.. මෙහෙ පොත් යන්නෙ ප්‍රධාන පුස්තකාලය හරහා අනෙකුත් ප්‍රාදේශිය පුස්තකාල වලට මාරු වෙවි.වෙන් කරල අදුර ගන්න අමරුයි අ නිසා...පොතක් නැති උනොත් දඩය ලේසි ගානක් නෙමෙ..

      Price is always a barrier..

      Delete
  19. lingikathwaya gena ehema nedda eke?

    ReplyDelete
    Replies
    1. අර මෝහන් රාජ්ගේ පොත් වල වගේ නම් ලිංගිකත්වය ගැන කෙලින්ම කතා කරන්නේ නැහැ.හැබැයි කතා නොකරන්නේමත් නැහැ.

      විශේෂයෙන්ම "අහම්බකාරක"පොතේ නම් සමලිංගිකත්වය ගැන ස්ත්‍රී පුරුෂ (අනියම්) සම්බන්ධකම් ගැන එහෙමත් කතා වෙනවා.

      Delete
  20. අහම්බකාරක මේ දවස්වල කියවනවා - තාම නවකතාවේ යටිපෙළ හරියටම අහුවුනේ නෑ - තව සති 2කින් විතර රිවීව් එකක් ලියන්න හිතං ඉන්නේ

    ReplyDelete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!