මම සාමාන්‍යයෙන් යුද්ධයට කැමති නැති අයෙක්.යුද්ධය කියන්නේ විනාශයක් පමණයි.නමුත් මම ප්‍රිය කරන විෂයක් තමයි පළමු,දෙවැනි ලෝක යුද්ධ ඉතිහාසය.ඒ ආශ්රිත දේ කියවන්න මගේ විශේෂ කැමැත්තක් තියෙනවා.
දෙවැනි ලෝක යුද්ධය තුල ලොකුම සංහාරයකට මුහුණ දෙන්න සිද්ද වුනේ "යුදෙව්" ජාතිකයින්ට.ඒ නට්සි නායක ඇඩොල්ෆ් හිටිලර් ගේ ආඥදායකත්වය යුදෙව් ජාතිකයින්ට විරුද්ධව ඉහළින්ම තිබීම හේතුවෙන්. කෙසේ නමුදු යුදෙව්වන්ට එරෙහි මෙවැනි සංහාරයක් තනිව කිරීම හිට්ලර්ට පමණක් කල හැක්කක් නොවන අතර යුදෙව්වන් නොමැති ආර්ය ජර්මානු මහා අධිරාජ්යක් සැදීමේ හිට්ලර්ගේ අභිප්‍රාය සපල කරගැනීම වෙනුවෙන් ඔහුට සහාය දැක්වූ බොහොමයක් දෙනා සිටියා. ඒ අය අතර සිටි "හෙන්රිච් හිම්ලර්,හර්මන් ගොරින්,රුඩොල්ෆ් හර්ස්,මාර්ටින් බොර්මන්,අර්නස්ට් කැල්ටෙන්බ්රූනර්,ජෝසෆ් ගොබෙල්ස්,දොස්තර ජෝශප් මෙන්ගල්" වැනි නට්සි දේශපාලකයින්,නිලදාරීන් අතරට කියවෙන තවත් බිහිසුණු නමක් තමයි "ඇඩොල්ෆ් අයික්මාන්" යන නම.
දෙවැනි ලෝක යුද්ධය නිමාවෙන් අනතුරුව මිත්‍ර රටවල් විසින් ජර්මනියේ "නියුරම්බර්ග්" නුවර පිහිටෙව් විශේෂ අධිකරණයක් මගින් හිට්ලර්ගේ රජයේ සිටි නාසි පක්ෂයේ ප්‍රධානින් විසිහතර දෙනෙකුගේ සහා තවත් සංවිධාන හතක ඉරණම තීන්දු කරනු ලැබූ අතර එසේ නමුදු යුද්ධයෙන් අනතුරුව හෝ යුද්ධයේ අවසාන කාලයේදී ඇතැම් නාසි නායකයින් පලා යාමට සමත්වද සිටියේය.
කෙසේ වෙතත් එසේ පලාගිය ඇතැම් නාසි පක්ෂ නායකයින්,එස් එස් හමුදා නිලධාරීන් පසුපස හඹයෑම් සහා අත්අඩංගුවට ගැනීම් දිගටම සිදුවූ අතර පලාගිය බොහෝදෙනෙක් ගේ ගමනාන්තය වුයේ දකුණු ඇමරිකානු රටවල් වේ. එස් එස් අපරාධකරුවෙකු වූ දොස්තර ජෝශප් මෙන්ගල් කිසිදු අධිකරණයකින් දඬුවම් නොලබා මිය යන්නේ දකුණු ඇමරිකානු රටක් වන "බ්‍රසීලයේදී" වීම එක උදාහරණයක් පමණි.
මෙසේ පලාගිය අය අතරේ සිටි එක් අපරාධකරුවෙක් වූ "ඇඩොල්ෆ් අයික්මාන්" ආර්ජන්ටිනාවේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඊශ්‍රායලය වෙත ගෙනවිත් නඩු අසා දඬුවම් කරනු ලබන අතර ඒ නඩු විභාගය ගැන ලියවුනු කෘතියක් සිංහලට "එල් එස් එස් පතිරත්න" විසින් පරිවර්තනය කර ඇති අතර පරිවර්තනයේ නම "ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය"යන්නයි.
දෙවැනි ලෝක යුද්ධය තුල ලොකුම සංහාරයකට මුහුණ දෙන්න සිද්ද වුනේ "යුදෙව්" ජාතිකයින්ට.ඒ නට්සි නායක ඇඩොල්ෆ් හිටිලර් ගේ ආඥදායකත්වය යුදෙව් ජාතිකයින්ට විරුද්ධව ඉහළින්ම තිබීම හේතුවෙන්. කෙසේ නමුදු යුදෙව්වන්ට එරෙහි මෙවැනි සංහාරයක් තනිව කිරීම හිට්ලර්ට පමණක් කල හැක්කක් නොවන අතර යුදෙව්වන් නොමැති ආර්ය ජර්මානු මහා අධිරාජ්යක් සැදීමේ හිට්ලර්ගේ අභිප්‍රාය සපල කරගැනීම වෙනුවෙන් ඔහුට සහාය දැක්වූ බොහොමයක් දෙනා සිටියා. ඒ අය අතර සිටි "හෙන්රිච් හිම්ලර්,හර්මන් ගොරින්,රුඩොල්ෆ් හර්ස්,මාර්ටින් බොර්මන්,අර්නස්ට් කැල්ටෙන්බ්රූනර්,ජෝසෆ් ගොබෙල්ස්,දොස්තර ජෝශප් මෙන්ගල්" වැනි නට්සි දේශපාලකයින්,නිලදාරීන් අතරට කියවෙන තවත් බිහිසුණු නමක් තමයි "ඇඩොල්ෆ් අයික්මාන්" යන නම.
දෙවැනි ලෝක යුද්ධය නිමාවෙන් අනතුරුව මිත්‍ර රටවල් විසින් ජර්මනියේ "නියුරම්බර්ග්" නුවර පිහිටෙව් විශේෂ අධිකරණයක් මගින් හිට්ලර්ගේ රජයේ සිටි නාසි පක්ෂයේ ප්‍රධානින් විසිහතර දෙනෙකුගේ සහා තවත් සංවිධාන හතක ඉරණම තීන්දු කරනු ලැබූ අතර එසේ නමුදු යුද්ධයෙන් අනතුරුව හෝ යුද්ධයේ අවසාන කාලයේදී ඇතැම් නාසි නායකයින් පලා යාමට සමත්වද සිටියේය.
කෙසේ වෙතත් එසේ පලාගිය ඇතැම් නාසි පක්ෂ නායකයින්,එස් එස් හමුදා නිලධාරීන් පසුපස හඹයෑම් සහා අත්අඩංගුවට ගැනීම් දිගටම සිදුවූ අතර පලාගිය බොහෝදෙනෙක් ගේ ගමනාන්තය වුයේ දකුණු ඇමරිකානු රටවල් වේ. එස් එස් අපරාධකරුවෙකු වූ දොස්තර ජෝශප් මෙන්ගල් කිසිදු අධිකරණයකින් දඬුවම් නොලබා මිය යන්නේ දකුණු ඇමරිකානු රටක් වන "බ්‍රසීලයේදී" වීම එක උදාහරණයක් පමණි.
මෙසේ පලාගිය අය අතරේ සිටි එක් අපරාධකරුවෙක් වූ "ඇඩොල්ෆ් අයික්මාන්" ආර්ජන්ටිනාවේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඊශ්‍රායලය වෙත ගෙනවිත් නඩු අසා දඬුවම් කරනු ලබන අතර ඒ නඩු විභාගය ගැන ලියවුනු කෘතියක් සිංහලට "එල් එස් එස් පතිරත්න" විසින් පරිවර්තනය කර ඇති අතර පරිවර්තනයේ නම "ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය"යන්නයි.
![]() |
මේ එම පරිවර්තනයේ මුල් කෘතිය විය හැක. |
"අවසන් විසඳුම,පිටුවහල් කිරීම,එක්තැන් කිරීම,වෙන් කිරීම" වැනි නම් වලින් ලේඛන වල සටහන් කර සිතාගත නොහැකි,අදහා ගත නොහැකි ලෙස මිලේච්ච ආකාරයෙන් මිනිසුන් ඝාතනය කරන ලද ඝාතන ක්‍රියාදාමයකට නායකත්වය දුන් ඝාතකයකු අවසානයේ තමන් සිදු කලේ ඉහලින් පැමිණි අණ පිළිපැදීමක් පමණක් කියා නිර්දෝෂී වීමට ගන්නා ප්රයන්තයන් විස්තර කෙරෙන කෘතියේ නඩුවේ චෝදනා ඉදිරිපත් කිරීම,සාක්ෂි මෙහෙයවීම,තීන්දුව,තීන්දුවට එරෙහි අහියාචනය සහා අභියාචනාධිකරණ තීන්දුව ගැන සියලු විස්තර සඳහන් වේ.
මෙය ඔබ උනන්දුවක් දක්වන විෂයයක් බව පේනවා. ඇඩ් එකක් මෙන් පෙනිය හැකි වුවත් අදාළ නිසා මේ ලින්ක් එක දමන්නම්.
ReplyDeletehttp://economatta.blogspot.com/2015/10/blog-post_29.html
මෙය නිශ්චිත පිළිතුරක් දෙන්න අමාරු ප්‍රශ්නයක්. මම හිතන්නේ හෘද සාක්ෂියට එරෙහි වැරදි අණක් නොපිළිපැද සිටීමේ හැකියාව පවතින වාතාවරණයට හා ධුරාවලියේ තමන් සිටින තැනට සාපේක්ෂ බවයි. ඒ අනුව, ඉහළ නිලධාරියෙකුට වගකීමෙන් ගැලවෙන්න අමාරුයි. ඒත් පහළ නිලධාරීන් සම්බන්ධව තත්ත්වය වෙනස්.
මේ එකොන් කියන අදහසම තමයි මම මගේ බ්ලොග් කොමෙන්ටුවෙත් කියන්නේ .
Delete"ඉකනොමැට්ටා"ඔබව සාදරයෙන් "ආයුබෝවන්" කියා මෙහි පිළිගන්න අතර ලින්ක් එකටත් ස්තුතිවන්ත වෙනවා.මම ඉකනෝගේ එම ලිපිය කියවා ප්රතිචාරයක්ද දක්වා තිබෙනවා සහා නැවත වතාවක් කියවනු ලැබුවා.
Delete"ඇඩොල්ෆ් අයික්මාන්" නට්සි සංවිධානයේ ඉහළ තනතුරක් දැරුවෙක්,හිට්ලර්ගේ අභිප්‍රාය සාර්ථක කරගැනීම වෙනුවෙන් ලොකු මෙහෙවරක් කෙරුව කෙනෙක්.සමහරවිට අයික්මාන් යුදෙව් ප්රශ්නය තුල නම්‍යශීලි විදියට කටයුතු කෙරුවා නම් යුදෙව් ඝාතන වලින් සැහෙන කොටසක් නවතා ගන්න තිබ්බා.
අජිත් අයියා කියන දේත් දැන් මට පැහැදිලියි.
//මේ එම පරිවර්තනයේ මුල් කෘතිය විය හැක// වෙන්න බෑ 'ලෝඩ් රසල්' ගේ පොතක් කියල නේද පරිවර්තනේ තියෙන්නේ.. හැබැයි ලෝඩ් රසල් (Bertrand Russell) එහෙම පොතක් ලියුව කියල කොහෙවත් හොයා ගන්න නෑ..
ReplyDeleteකියවල බලන්න වටිනවා..
https://www.amazon.com/TRIAL-ADOLF-EICHMANN-RUSSELL-LIVERPOOL/dp/0712645926
Deleteමුල් පොත ඇමසන් වෙතින් ඩොලර් සත 61කට මිලදී ගත හැකිය.
මටත් ගුගල් සර්ච් කරන කොට ආවේ ඔන්න ඔය මම දාලා තියෙන පොත විතරයි.ඉකානෝ දමා තියෙන ලින්ක් එක තුල තමයි මේ පරිවර්තනයේ මුල් කෘතිය තියෙන්නේ.
Deleteඔය රසල් කියන්නෙ (Bertrand Russell) නෙමෙයි අයියෙ එඩ්වඩ් රසල් Deputy Judge Advocate General (UK)one of the chief legal advisers during war-crimes proceedings
Delete@ AnonymousSeptember 15, 2016 at 3:46 PM
Deleteස්තුතියි පැහැදිලි කිරීමට.
හයින්රිෂ් Heinrich (German version on Henry)
ReplyDeleteලෝක යුද්ධ දෙක ආශ්රිත කතා වගෙත් ප්‍රියතම genre එකක්
මම ඔය වාහන එංජින් අස්සේ එබෙන්න එච්චර අකමැති වුනාට ඩුඩයියේ මේ වගේ එව්වා අස්සේ එබෙන්න අකැමත්තක් නැහැ මගෙත්...:)
Deleteපළමු,දෙවැනි ලෝක යුද්ධ නිසා වාහන කර්මාන්තයේ සිදුවූ වෙනස් කම් හා ප්‍රගතින් ගැන ලිපියක් ලියන්නකෝ ඩුඩ්යියේ "ට්‍රෑන්ස්ෆෝර්මර්ස්" වගේ.
meka gana muthuhara sangaraave avasaana naasiya kiyala lipi pelak giyaa
ReplyDelete. avasaanaye mohuva paharagena gos ghaathanaya venava. (somiya)
අවසාන නාසියා" කියලා පොතක් තියෙනවා සොමි මචං සිංහලට සුජීව දිසානායක පරිවර්තනය කරපු.හැබැයි එකේ ඉන්නේ අර දොස්තර ජෝශප් මෙන්ගල්.
Deleteඅයික්මාන් ට ඉහලින් හිටියේ හිට්ලර් නිසා අයික්මාන් ට defect වෙන්න් පුළුවන් කම තිබ්බ වෙන රටකට. එනිසා ඉහලින් එන අණ කතාව පිලි ගන්න බහ. ඒ නිසාම සමනය සොල්දාදුවෝ ගොඩක් යුද අධිකරණයෙන් බේරුනා. වැඩ කඳවුරු වල සේවය කල අය විතරයි බොහොමයක් විට අහුවුනේ.
ReplyDeleteඔව් අජිත් අයියා අයික්මාන් ඉහළින් ආපු අණ අනුව ක්‍රියා කෙරුවා කියලා උසාවියේදී කියන්නේ තමන්ගේ ගැලවීමට කියලා හොඳටම පේනවා නට්සි පාලනය තුල ඔහුගේ අතීත ක්‍රියාකාරකම් බැලුවාම.
Deleteමමත් යුද්දයට නම් අකමැති වුනත් පළමු,දෙවැනි ලෝක යුද්ධ ඉතිහාසය ගැන කියවන්න කැමතියි...
ReplyDeleteඔව් තුශානියෝ යුද්දේට අකමැති වුනත් මගෙත් ප්‍රියතම විෂයක් මේක.
Delete//විජේසුරිය ප්රකාශනයක් වන කෘතිය මා මිලදී ගත්තේ එහි ඇත්තේ "ඇඩොල්ෆ් අයික්මාන්ව" ආර්ජන්ටිනාවේ සිට පැහැරගෙන එන කතාන්දරය ඇතැයි සිතා //
ReplyDeleteදකිද්දිම මේ පොත ගන්න හිතුවෙ මේ පැහැරගත්ත කතාව ඇති කියල.
ඔව් කම්මලේ මමත් හිතුවේ ඇක්ෂන් ෆිල්ම් එකක් වගේ ඇති කියලා මේකාව පැහැරගෙන එන කතාව.හරියට අර ඊශ්‍රයල් කරයෝ කරපු " Operation Entebbe" වගේ කතාවක් ඇති කියලා.හැබයි ඉතින් මේකේ තියෙන්නේ පොරව උස්සන් ආවට පස්සේ තියෙන නඩු විභාගය ගැන.එත් ඉතින් අවුලක් නැහැ.
Deleteමේ තියෙන්නෙ බ්‍රෝ පොත්... එල එල
ReplyDeleteමම හිතන්නෙ නෑ අයික්මාන්ට වගකීමෙන් මිදෙන්න පුලුවන් කියල. මිනිහව හඳුන්වා දුන්නෙ යුදෙව් ප්රශ්නය පිළිබඳ එක්ස්පර්ට් කෙනෙක් කියල නේද?
"ආයුබෝවන්" චාමර බ්‍රෝ,
Deleteමේ පොත කියවන කොටත්,මේ සටහන ලියනකොට මට චාමර බ්‍රෝව මතක් වුනා....:)මතකද මම මේ පොත ගැන චාමරගෙන් ඇහුවා.දැන් මේ විෂය ගැන චාමර පොතක් ලියනකම් බලන් ඉන්නවා.
අයික්මාන්ට වගකීමෙන් මිදෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ අන්තිමට ගස් යන්න තමයි වුනේ.මිනිහා චාමර කිව්වත් වගේ මිනිහා ගැන කියන්නේ ඒ විදියට.
නඩු විභාගය නෙවෙයි පැහැර ගනිපු හැටි තමයි ලස්සන. ඒ ගැන පොතක් ලියවිලා නැද්ද?
ReplyDeleteමම හෙව්වෙත් එහෙම පොතක් තමයිහැලපේ අයියේ.එත් අයික්මාන් ගැන අහුවුනේ මේ පොත.ඒ පැහැරගැනීම ගැනත් පොතක් තියෙනවා නම් දන්නා කෙනක් කියයිද බලමු.
Delete//මම සාමාන්‍යයෙන් යුද්ධයට කැමති නැති අයෙක්.යුද්ධය කියන්නේ විනාශයක් පමණයි.නමුත් මම ප්‍රිය කරන විෂයක් තමයි පළමු,දෙවැනි ලෝක යුද්ධ ඉතිහාසය.ඒ ආශ්රිත දේ කියවන්න මගේ විශේෂ කැමැත්තක් තියෙනවා//
Deleteඇත්තෙන්ම මේ තත්වය තමා ලෝකය පුරාම බහුතර මතය. යුද්ධ ඇගයීම යුද්ධය ප්‍රවර්ධනය කිරීම කියන්නේ යුදකාමී බවපෙන්වීමක්. නමුත් යුද තොරතුරු විශ්ලේෂණය කියන්නේ ඓතිහාසික සිදුවීම් පිළිබඳව කරන කරුණු විග්‍රහයක්. එහිදී ඒකපාර්ශ්විකව අදහස් දක්වන්න බැහැ. නමුත් එලෙස කරුණු ඉදිරිපත් කිරීම් පවා වරදවා වටහාගෙන යුද්ධය අගයනවා කියා කියන අයත් ඉන්නවා.
යුද්ධයක් ඇතිවෙනවාට අකමැතිම පුද්ගලයා තමා සොල්දාදුවා. ඔහු තම අවිය අතට ගන්නේ අද මට මේ අවිය පාවිච්චි කරන්න නොලැබේවා කියන හැඟීමෙන්.
යුද්ධය ඇති කරන්නෙත්, නවත්වන්නෙත්, රාජ්‍යපාලකයන් මිස හමුදාව විසින් නොවේ.
අයික්මාන් අල්ලාගැනීමේ ක්‍රියාන්විතය ගැන විස්තර සහිත පොතක් මෙන්න මෙතන තියනවා.
මෙතන තියනවා චිත්‍රපටිය
ඔව්,යුද්ධයට අකමැති වීමත් එනමුත් මෙවැනි කරණා ගැන උනන්දු වීමත් දෙකක් විදියටයි මම හිතන්නේත්.
Deleteඔබ දී තිබෙන ලින්ක් දෙක නම් බොහොම අගෙයි.ඒයට බොහොම ස්තුතියි.
// මම සාමාන්‍යයෙන් යුද්ධයට කැමති නැති අයෙක්.යුද්ධය කියන්නේ විනාශයක් පමණයි.නමුත් මම ප්‍රිය කරන විෂයක් තමයි පළමු,දෙවැනි ලෝක යුද්ධ ඉතිහාසය. //
ReplyDeleteයුද්දෙට අකමැති උන් මොකද යුද ඉතිහාසෙට කැමති කියන එක වෙන කොමිටියක් දාලා හොයන්න ඕනා සීරියස් කේස් එකක්...
මමනම් කැමති යුද ඉතිහාසෙටත් වැඩිය යුද්දයේ අතුරු කතා වලට.. උදාහරනයක් විදිහට බර්ලින් තාප්පෙ ක්‍රොස් කරන්න පොරවල් දීපු ගේම් වගේ ඒවා... මාර ඉන්ටරස්ටිං....
ඉහලින් ආපු අණ ක්‍රියාත්මක කිරීම කියලා එයට අත පිහදාගන්න බැ...
//යුද්දෙට අකමැති උන් මොකද යුද ඉතිහාසෙට කැමති කියන එක වෙන කොමිටියක් දාලා හොයන්න ඕනා සීරියස් කේස් එකක්//
Deleteඕන කොමිටියක් දාගනිල්ලා ජනපති කොමිෂන් නොදා.මොකද එව්වායේ වර්තා අවාට කිසිම වැඩක් වෙන්නේ නැති නිසා
.
දැන් ඔතන මෙන්න මෙහෙමනේ වෙන්නේ සෙන්නායියේ,ඔය නිර්මාංශිකයෝ "චිකන් රසති සෝයා මිට්,දැල්ලෝ රසැති සෝයා මිට්,දඩයම් බට්ටා" වගේ එව්වා කන්න හොයන්නේ.ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නෙත්.
ඔව්,ඔව් ඒ අතුරු කතන්දර එහෙමත් නියමයි.
එයාට අතපිහදාගන්න ලැබුනේ නැහැ.මිනිහා ගස් අන්තිමේදී.
ස්තුතියි මනෝ
ReplyDeleteවෙල්කම් පවුලුශෝ....:)
Deleteබොහොම ස්තුතියී, පොත කියවලා අපට මේ විස්තරය දුන්නට
ReplyDeleteබොහොම ස්තුතියි බස්ශාටත් මේ අත්තේ වැහුවාට.
Deleteඑතකොට බැස්ශී මේ අත්තේ හුල වෙයි
Deleteමම මේ පොත ගැන දැනුයි දැනගත්තේ. ස්තූතියි! දැක්ක වෙලාවක මමත් මේ පොත මිලට ගන්නවා...
ReplyDeleteදිනේෂ්,ඔබව "ආයුබෝවන්"කියලා මෙහි පිළිගන්නවා.ඇත්තෙන්ම මේ පොත කියවන විටත් මේ සටහන ලියන විටත් මට ඔබේ "සත්සමුදුර"නිරන්තරයෙන් මතක් වුනා.ඔබ මේ විෂය ගැන ලියු ලිපිත් මගේ මේ ගැන උනන්දුව වැඩි වෙන්න හේතු වුනා.
Deleteමේ පිළිබඳව හැනා අරන්ට් Eichmann in Jerusalem නම් පොතක් ලියුවා. ඇගේ මතය වන්නේ මේ නට්සිවාදය පැවති කාලය තුළ දුෂ්ට බව සාමාන්‍යකරණය වී තිබූ නිසා අයික්මාන් වැන්නන් තමන් කරන්නේ වැරැද්දක් බව නොදුටු බවයි - ඇයි මේ සංසිද්ධිය සඳහා Banality of Evil නම් ප්‍රසිද්ධ වදනක් භාවිතා කළා
ReplyDeleteලක්ෂාන්,
Deleteඔබවත් මෙහි "ආයුබෝවන්" කියා පිළිගන්නවා.ඔව් ඇයගේ එම මතයේ යම් සත්‍යතාවක් තිබෙනවා.ඕනෑම වරදක් සාමාන්‍යකරණය වුනාම එක වරදක් විදියට පේන්නේ නැහැ.අනිත් අතට ඒ වනවිට ජර්මනිය තුල මේ සියල්ල නීතිගතව තිබීම තුලත් තමන්ගේ ඉලක්කය සපුරා ගැනීමට අයික්මාන් වැනි නට්සින් තුල තිබු උනන්දුව,කැපවීම වැනි දේ නිසාත් මෙහි තිබෙන මනුෂ්‍යත්වයට එරෙහි බව නොපෙනෙන්න තියෙන ඉඩ ඉතා වැඩියි.
එක කායලයක් පිස්සුවෙන් වගේ දෙවෙනි ලෝක යුද්ධයට සම්බන්ධ කතා කියෙව්වා. ෆිල්ම් බැලුවා.
ReplyDeleteනිරෙම්බර්ග් නඩු විභාගය කියලා මහා ලොකු පොත්ක් කියෙව්වා. පිස්සු හැදෙනවා එක කියවද්දී. තව ගොඩක් පොත් කියෙව්වා.
ද රීඩර්, බෝයි ඉන් ස්ට්‍රිප් පිජාමාස්, ශින්ඩ්ලර්ස් ලිස්ට්, ද පියානිස්ට් වගේ ෆිල්ම් පට්ට
ඔව් දුකා මේක හරිම උනන්දු සහගත විෂයක්.තව මේ වගේ පොත් කිහිපයක් කියවන්න ලයිස්තුවේ තියෙනවා.
Deleteකියවන්න ආසයි බං ඉස්සර ඉස්කෝලෙ යන කාලෙදි වගේ...ඒත් වෙලාවක් හොයාගන්න එක හරිම අමාරුයි දැන් දැන්...බොග දාන්නෙත් අවාරෙට...
ReplyDeleteමම නම් කොහොම හරි කියවන්න වෙලාවක් හොයා ගන්නවා.අඩු ගානේ පැයක්වත්.
Deleteලියන්නේ නැද්ද බං
ReplyDeleteඅඩෝ ලියපං ..
ReplyDeleteලියන්න කම්මැලියි බං
Delete