Friday, June 9, 2017

ජෝන්


කෙරුවාට සංවිධායකකම විපක්ෂයේ 
තිබ්බේ කකුල් දෙකම ආණ්ඩුවේ 
එල්ලිලා මහරජාගේ කුණු සාටකයේ 
උන්නා මතකයි ජෝන් උඹ උන්නා එජාපයේ 

අරගෙන ආණ්ඩුවක් රනිල් හා මෛත්‍රි 
උඹටත් දුන්නේ ඇමති කම් සුපිරි 
කටුස්සාගේ කරේ බැන්ද වැනි රන් අනගි 
හැසිරේ උඹත් වළං කඩේට පැන්න ගොනා හැටි 

මොකටද අයිසේ හදලා "ජෝගින් පාක්"
අනවශ්‍ය උන් රස්තියාදු ගහන තරම් 
කියමින් මැතිඳු ගලවලා ගල් පේලි 
කරයි ජනතා සේවය හරි තුටිනි 

වාහන පදින්නේ අනවශ්‍ය උන් හින්දා 
හැම තැන අනතුරු ඇත ඉන් වැඩි විලා 
මිල වැඩි කරලා වාහන ගෙන්වීම නවතලා 
අපි යමු ගොනා බැඳී කරත්තෙක නැගලා 

තිබුනත් බලේ තවමත් නැති හින්දා මොලේ 
යන යන තැන ඇදගෙන නාන සොඳේ 
කිළුටු වී ඇති යහපාලන සුදු රෙද්දේ 
උඹත් අනවශ්‍ය මිනිහෙක් තමා ජෝන් 

20 comments:

  1. මට නම් හි‍තෙන්නෙ මනෝ ඒ දවස්වල හිටියද නැද්ද කියල හොයන්න බැරි රැඩිකල් මාධ්‍යවේදීන් සෙට් එකක් දැන් කළ එළි බැහැලා හින්දා ජෝන් ඔහොම කියපු එක ගැන මගේ නං ලොකු අකැමැත්තක් නෑ- අනිත් අතට සැරයක් මහින්ද රාජපක්ෂ ලසන්තට කුණුහරුපෙන් බැනලා එ‍තකොට ලසන්ත ජනාධිපති කියල බලන්නෙ නැතුව මහින්දට බැනපු කේස් එකත් මතක් වුනා

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත.දැන් තියෙන මේ මාධ්‍ය නිදහස අවභාවිතා වෙන තත්වයක් තමයි තියෙන්නේ.හැබැයි පලපුරුදු දේශපාලඥයෙක් විදියට ජෝන් මෙයට වඩා සංයමයෙන් හැසිරෙන්න දැනගන්න ඕනේ.එහෙම නොවුනොත් එතනින් පල්ලෙහා ඉන්න දේශපාලඥයොත් යන්නේ කැලේ තමයි.

      Delete
  2. මීඩියාකාරයො මේ නාකි මනුස්සය බයිට් කරනවා සෑහෙන කාලෙක ඉදන්. ඒක හරිම කැත වැඩක්. අවශ්‍ය දේයි අනවශ්‍ය දෙයි හැම එකම මෙයාගෙන අහනව ආන්දෝලනාත්මක වොයිස් කට් එකක් ගන්න. තරහ යන එක සාධාරණයි. මීඩියාකාරයන්ට විනයක් නෑ. උන් ඉන්නෙ අමුතුම සුපිරි මනුෂ්‍ය වර්ගයක් වගෙ.

    ReplyDelete
    Replies
    1. මාධ්‍යවේදියෝ කියන අය ගැන සුබෝධ කියලා තියෙන කතාව ඇත්ත.හැබැයි පළපුරුදු දේශපාලඥයෙක් විදියට හැසිරෙන්න තවමත් ජෝන් අමරතුංග දන්නේ නැහැ.එතුමා වටේට ඉන්න අයවත් හැසිරෙන හැටි ගැන ලොක්කාට කියලා දෙන්නේ නැහැ.එකෙන් වෙන්නේ ගිය ආණ්ඩුවේ මර්වින් කරපු අන්දරේ චරිතේ මේ ආණ්ඩුවේ ජෝන්ට කරන්න වෙලා තියෙන එක.

      Delete
  3. නාන විට
    බ්රේක් නැති
    ජනපති ඇඹනියක්
    පිහිනුම් තටාකයක
    කොල්ලුපිටියේ

    හසුකරගත් වරදට
    ඇගේ රුව
    සිය කාචයට
    කැමර පෙට්ටියේ

    දිවි ගමන
    වත්තලදී
    අවසාන කල
    රූප මල්ලියේ

    සිහිවෙනවා
    නුඹව මට
    අස්සෙ
    මේ ජල්ලියේ

    එතකොටත්
    මේ ජෝන්
    චණ්ඩියෙකි
    හංදියේ

    නොමැත
    තාමත් නිමාවක්
    මැරකම් වල නම්
    මොවුන්ගේ



    ReplyDelete
    Replies
    1. චණ්ඩිකම් වලට නැද්ද තිතක් තියන්නේ මුන්ගේ.

      Delete
  4. මේ මිනිහව ගෙදර යවන්න තිබුණේ 2015 පෙබරවාරියේ දී ම යි.

    ReplyDelete
    Replies
    1. මුන්ට නාමයෝජනා දෙන අයටයි ජන්දේ දෙන අයටයි තලන්න ඕනේ මඩු වලිගෙන් හිටං.

      Delete
  5. බ්‍රේක් නැති කටවල් වලට හරියන්නෙත් ඒ වගේපුතයෙක්ම තමා
    කෝමත් ජෝන් ල වගේ මක බාස් ල සෙට් එකක්ම ඉන්නව ගෙදර යන්න ඕන
    ඒත් අපේ අවස්තාවාදී මිනිස්සු නිසා රජ කරන

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් බං ඔය 225 ඇතුලේ ඉන්න ඕන සුදුස්සෝ ඉන්නේ බොහොම අල්පයක් විතරයි.මුන් ඉන්නේ අවස්ථාවාදී මිනිස්සු නිසා කියන එක හරි.

      Delete
  6. හැමතැනම කුණු නේද ?

    ReplyDelete
    Replies
    1. මිතොටමුල්ලේත් නැහැ මේ වගේ කුණු.

      Delete
  7. අම්මෝ උබ ලියලා
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අකුරක් හරි ලියන්න හිතෙන්නේ උඹලා දෙන තල්ලුව නිසයි.

      Delete
  8. මේක නම් මරු කවිය.
    ඒ දිගේ මාත් ආවා මේ පැත්තට.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කවි පද වැල් ගලනා දුන්හිද වගේ
      "ආයුබෝවන්" කියා පිළිගමි දුමින්ද අපගේ

      Delete
  9. මේක මට මග ඇරිලා නේ.
    සෝක ජනකයි කිව්වලු...

    ReplyDelete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!