Wednesday, June 26, 2013

අතිසාරයට අමුඩය ගැසීම.


පසුගිය 21 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබෙන ගැසට්‌ නිවේදනයකට අනුව පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය උසස්‌ පෙළ, සාමාන්‍ය පෙළ විභාග ආරම්භ කිරීමට දින පහකට පෙර සිට එම විභාග වලට අදාළවන සම්මන්ත්‍රණ,වැඩමුළු සහා අතිරේක උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.
එහි අරමුණ ලෙස දක්වන්නේ විභාග වංචා  වැලැක්‌වීමේ  අරමුණින් මෙම තහනම සිදු කරනා බවයි.
අතිසාරයට අමුඩය ගැසීමක් වැනි මෙම ගැසට් නිවේදනය නැවත වරක් අධ්‍යාපන අමාත්‍යාවරයාගේ නොහැකියාව ප්‍රදර්ශනය කරයි.

පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ විට අධ්‍යාපනඇමතිවරයා පැවසුවේ මෙය තමාගේ වරදක් නොවන බවත් මෙහි වගකීම දැරිය යුත්තේ විභාග දෙපර්තමෙන්තුව බවත්ය.ඇතැම් විට විභාග දෙපර්තමෙන්තුව ඇත්තේ කා යටතේදැයි එතුමා දැන නොසිටිය වන්නටද පුළුවන.

කෙසේ වුවත් වර්තමන අධ්‍යාපනඇමතිවරයාද රජයේ බොහොමයක් අමාත්‍යාවරුන් මෙන් කවටයෙකුගේ චරිතය නිරුපණය කිරීම රටේ ඉදිරි අනාගතය සම්බන්ධව කිසිම ලෙසකින්වත් යහපත් කරුණක් නොවේ.

වසරකට පමණ පෙර 04 දෙනකුගෙන් යුතු පවුලකට මසකට රුපියල් 2500/-ජිවත් විය හැකියයි පැවසු අමාත්‍යාවරයා වරක් රුපවාහිනියට පැමිණි විටකදී පැවසුවේ තමා ඇමැති වැටුපහෝ නොගන්නා බවය. 

එසේ වුවත් මා සිතන්නේ එතුමා එම වැටුප නොගන්නේ පින් පඩි ගැනීමට ඇති අකැමත්ත නිසා විය යුතුය.දේශපාලකයකු ලෙසට තම වගකීම නිසිලෙස ඉටුනොකර ජනතාව පිනවනවාට වඩා එතුමා දේශපාලනයට පිවිසීමට පෙර කලක් මෙන් චිත්‍රපට නිෂ්පාදනය සිදු කරමින් ජනතාවගේ ලේ කුපිත නොකර ජනතාව පිනවනු ලැබුවානම් බෙහෙවින්ම යහපත්ය.

දේශප්‍රේමීයකු වන්නටද අවශ්‍යනම් නලාකරුවකු ලෙස ජාතියේ සංවේදී පියා වෙනුවෙන් කඩේයාද හැක. 


ප.ලි :-පොටෝව ගුගල් ඉමේජ් වලින්.

32 comments:

  1. මේ වගේ හරක් ඉන්නා රටකට කෙදින පායයිදෝ සූර්යයා...

    ReplyDelete
    Replies
    1. ඔය පායන්නේ යස අපුරුවට හැබැයි ඉතින් එළිය නැහැ.

      Delete
  2. ඕවා මොනවද බං. අපේ ඉස්කෝලෙ Past paper sites බ්ලොක් කරලා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඒහෙත් මේ වාගේද..?
      එහෙමනම් අපි විහාග තහනම් කරනවා...:D

      Delete
    2. ඒ වුනාට අපරාදේ කියන්න බෑ යූ ටියුබ් වැඩ, හික් හික්. :D

      Delete
    3. යකඩෝ එකෙත් හැටි එහෙනම්.

      Delete
  3. බන්දුල නිකං හරකෙක් වගේ නේද

    ReplyDelete
    Replies
    1. දැන් හරක්ට තමයි මෙහෙ තැනක් තියෙන්නේ.
      බලපන්කෝ හරක් වෙනුවෙන් කොයි තරම් දෙනෙක් පෙනි ඉන්නවද කියලා.

      Delete
  4. මේකනං හැබැම ජෝකර් කෙනකුගේ වැඩක්. මේ ගැන මාතලන් තව තැන් කීපයකම සටහන් කරලාත් තිබුණා.

    ReplyDelete
    Replies
    1. එකනේ නලින් අයියා.අධ්‍යපන ඇමතියා ජෝකර් උනාම රටට වෙනදේ හිතා ගන්න පුළුවන්නේ.

      Delete
  5. මනෝජ් මගේ කමෙන්ට් එක සුපුරුදු විදියට ස්පෑම් වෙලාද බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ස්පෑම් වෙලා තිබුනේ ඩුඩ් අයියා.
      දේශකයාගේ උදව්වෙන් තමයි හොයා ගත්තේ...

      Delete
  6. අතිසාරයට අමුඩය ගැසීමක් හැර කියන්න දෙයක් නෑ.
    "විභාග වංචා වැලැක්‌වීමේ අරමුණින්"
    මෙහෙමත් බූරුවො!

    ReplyDelete
    Replies
    1. මේ වැඩෙත් හරි නොගියොත් විභාග පැවැත්වීම නතර කරනවා.
      වෙන විකල්පයක් නැහැ නොව.

      Delete
  7. ආස්චර්යනේ බං.. මොනා කරන්නද ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඔව් නෙන්නම් ආස්චර්ය නේ මේ..
      බොහෝම ස්තුතියි දිනේෂ් මෙහෙට ගොඩ උනාට.සාදරෙන් පිළිගන්නවා ඕන්.

      Delete
  8. මනෝ මේකලාගෙන් යහපත බලාපොරොත්තු වීම අපේ දුර්වල කමක්. මුන්ට මොනවද කරන්න පුලුවන්. බොරු කාරයෝ, පහත් මිනිස්සු. ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන අපේනෙ වරදකාරයෝ././.

    ReplyDelete
    Replies
    1. ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන අපේනෙ වරදකාරයෝ//
      ඒක ඇත්ත වෙද මාමේ අපිට මඩුවලිගෙන් තලන්න ඕන මුන් මේ තැන් වල රජ කරනවට.

      Delete
  9. ආශ්චාර්යේ ආශ්චර්යේ... වෙන මක්කද.....

    ReplyDelete
    Replies
    1. වෙන මක්කක් කියල කියන්නද...?ගැලපෙන නම එයාලම දාගෙන තියෙනකොට.

      Delete
  10. මොකා බලයට ආවත් ඔච්චර තමයි....

    ReplyDelete
    Replies
    1. එක ඒහෙමයි කියලා නොදැක්කා වාගේ ඉන්න බැහැනේ යාළුවා.

      Delete
  11. මුන් මැරිච්ච දවසක බලපල්ලකො, "සොඳුරු මානව හිතවාදියා", "මහත්මා දේශපාලනයේ ශ්‍රී ලාංකීය සලකුණ" , "සිසු දිවිය ආලෝකමත් කල පොදු ජන හිතවතා" , "දෙවෙනි කන්නංගර" , "නිදහස් අධ්‍යාපනයේ පියා නැවත නික්ම යයි" ......... දෙයි ඇට්ටි හැලෙන්න.

    ReplyDelete
  12. අනිවාර්යෙන් කන්නංගරලා මොනවාද කරලා තියෙනේ මේඅය එක්ක බැලුවාම.
    බලන්න ප්‍රශ්න පත්තරේ එක්ක ලකුණු පවා නිකන් දෙනවයි කියන්නේ කොයි තරම් සේවයක්ද රටේ දුවා දරුවන් වෙනුවෙන්.

    උඹේ කමන්ට් එක ස්පෑම් වෙලා තිබුනේ යාළුවා.

    ReplyDelete
  13. අම්බෝ..දේශපාලන බ්ලොගක් වගේ නේද. :)

    අනේ මටනම් මෙයාගේ ජෝක් කතා අහලම එපා වෙලා

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙම්මම නැහැ සයුරි....:)
      මෙහෙට ආපු පළවැනි පාරනේ සාදරෙන් පිළිගන්නවා ඕන්.

      Delete
  14. රටක් ගැන හැඟීමක් නැති අයට බලය ගියාම ඔහොම තමයි බං. වැරැද්දක් වුනාම ඒක හදනවා වෙනුවට මොනවා හරි රට බයිලා ටිකක් ගහල ආතල් එකේ ඉන්නවා. අපේ අවාසනාව ද උන්ගේ වාසනාව ද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඔව් බං මුනුත් එක්තරා ජාතියක ත්‍රස්තවාදීන් ටිකක්.
      උන් කිහිපදෙනෙක් ආ...තල් එකේ ඉන්නවා රටම දුක් විදිනවා..

      Delete
  15. ඔන්න මමත් ආවා.... ආයෙ දවසක එන්නම්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි....
      ඔබතුමාව සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  16. ක්ලාස් කරන කෙනා කොහොමත් කරනවා.. සුහද හමුවක් මුවාවෙන් උනත් ක්ලාස් එක කරන්න පුළුවන්නේ ළමයි එකතු කරන්.. දැන් ලංකාවේ ඉස්කෝල වල පෙළ පොත් බලන්න බැරි තරම් . ඒ තරමට විකාර පුරවලා.. කාර්ටූන් , බෝල , බැලුම් .. මට නම් විකාරේ වගේ ඒවා දකිද්දී..

    ReplyDelete
    Replies
    1. ඔව් සහන් මොකෝ කරන්න බැරි.සල්ලි තියෙන දෙමාපියෝ තමන්ගේ දරුවන්ට ගෙදරට ගුරුවරු ගෙන්වලා උගන්වනවායි.අධ්‍යාපන ඇමති කරන්න ඕනේ පාසල් අධ්‍යාපනය දියුණු කිරීම මිසක් මේ වගේ ගොන් තකතීරු වැඩ නෙමේ.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!