හිමිවීම් වලට වඩා අහිමිවීම් හිමි මගේ ජිවිතයේ තවත් අහිමිවීමක් පසුගිය වප් පෝය දිනයේදී සිදුවුයේ ලෝකයේ ඇත්තේ යාම් සහා ඉම් පමණි යන මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ කීයමන නැවතත් සැබෑ කරමිනි.මා පෙරදී පවසා ඇති පරිදි අප කුඩා වියේදීම සිදු වූ මවගේ වියෝවෙන් පසු අපගේ මව් වුයේද ඇයයි.සැබැවින්ම මිත්තනියකට වඩා මවක වෙමින් ඇය අප වෙත දක්වන ලද ඒ සෙනෙහෙවන්ත ප්‍රේමය ඇයගේ කුසින් වැදු දරුවන් පස්දෙනා වෙත ඇය පෑ පෙමට නොදෙවැනිවිය.
අපගේ මවගේ වියෝවිමෙන් පසු අප කුඩාවුන් තිදෙනෙකුගේ කටයුතු තනිව කරගැනීමට පෝලියෝ රෝගයෙන් පිඩාවිදි මගේ පියාට අපහසුවන වාතාවරණයක් තුළ අප සමගින් පදිංචියට පැමිණි ඇය විසින් අප වෙත කවා,පොවා අප පෝෂණය කිරීම පමණක් නොකොට අපගේ කැතකුණු පිරිසිදු කිරීම පවා කිසිදු අපුලකින් තොරව සිදුකළ ඇය සිතල දිනවලදී මාහට ස්නානය සදහා ජලය රත්කරදෙනු ලබන්නේ "නාකි මට මේ සිතලේ හොදට නාන්න පුළුවන් කොල්ලෝ වුණ උඹලාට තමයි බැරි"යයි පවසමිනි.
අපවෙත හොද අධ්‍යාපනයක් ලබා දීම ඇතුළු අපගේ හුදුමහත් කටයුතු රාශියක් සිදුවුයේ ඇය අතිනි.අපගේ පාසැල්වල ගුරුදෙගුරු රැස්වීම් වලට සහභාගී වීමේ සිට අමතර පංති සොයාගෙන ඒවාට අපව යොමු කරමින් වඩාත් විධිමත් අධ්‍යාපනයක්ද අපට ලබාදීමට ඇය මහත්සේ වෙහෙසුණේ ඇතැම්විට ඇයගේ රෝගී තත්වයන් ගැන පවා නොසලකමිනි.
ගමේ සමිති,සමාගම් වල ප්‍රමුඛ ක්‍රියකරිනියකද වූ ඇයගේ මරණ කටයුතු වලදී මුළු ගමම අප සමගින් එක්වුයේ ඇතැම් විට අපටද සිත ගත නොහැකි ලෙසය.
මිහිපිට ඇති ඕනම රසවත් ආහරක් සැදීමේ හැකියාවද ඇය සතුව ඇතිඅතර ඇය සාදන ෆැන්කේක් වල රස දැනුදු මාගේ දිවට දැනෙන්නක් මෙනි.අප ඉල්ලා සිටින ඕනම ආහාරක් ඇය අප වෙනුවෙන් සැදුවේ මහත් වූ දයාවකිනි.
සැබවින්ම රසවත්ව කෑම පිසීමේ මනා අත්ගුනයක් ඇති ඇය විසින් මියයන්නට ප්‍රථමයෙන් එදින උදයේ පන්සලේ වප්පෝය දිනයේ සිල් ගන්නා අය වෙනුවෙන් තනිවම ඉදිඅප්ප 400 සකසා අවසානේ ඒ සියල්ල උදේ හයවන විට පංසලට යවනු ලැබූ ඇය එදින සැදැවේදීම එම පංසලේ චේතය මළුවෙදීම හදිසි හෘද්‍යබාධයකින් තම ජිවිත ගමන නිමා කරනු ලැබුවේ අපගේ මිත්තනිය ලෙස නොව අප හැදු මව ලෙසය.
ඇයගැන අකුරු කිරීමට බොහෝදේ තිබුණත් මෙතකින් ඒ සියල්ල නතර කරනුයේ ඒවා එකින් එක සිහි කිරීම හදවත වේදනවට පත්කරනා බැවිනි. තවමත් සිහිනයක් මෙන් වූ ඇයගේ මරණය අපට පිරිමැසිය නොහැකි වේදනාවක් වුවද එම මරණය ඇයට වේදනාත්මක නොවීම ගැන මාතුලෙහි ඇත්තේ සැනසුමකි.ඒ ඇය මරණය කර පිවිසියේ දුක් විධිමකින් නොවන නිසාය.
ආදරණිය
ප.ළි.ය: හිතමිතුරු බ්ලොග් අඩවි වලට පැමිණීමට නොහැකිවුයේ මේ කරුණ නිසාවෙනි.ඒ ගැන කමත්වා.
ඇයට නිවන් සුව පතමි.
ReplyDeleteනිවන ගැන විශ්වාසයක් මා තුල නැතත් ඔබේ පැතුමට ස්තුතියි දිලිනි.
Deleteඅම්මා ආච්චිට සුභ ගමන්.. උඹ හරිම සංවේදියි. කලින් එක තාත්තා ගැන මේ පාර ආච්චි ගැන.
ReplyDeleteස්තුතියි බං කෙනෙකුගේ සංවේදි කම දැනෙන්න අනිකත් සංවේදී වියයුතුයි.
Deleteදැනගෙන හිටියෙ නෑනෙ මනෝජ් මල්ලි,හරිම කනගාටුදායකයි,ඔබේ අම්මා බවට පත්වූ ආච්චිට නිවන් සුව පතමි.
ReplyDeleteස්තුතියි හැලපයියේ.
Deleteදෑස් තෙමුනා බන් මේක කියවලා.. මට හිතෙන හැටියට ඇයට බොහොම සුබ මරණයක් හිමි වෙලා තියෙන්නෙ. අවසාන මොහොතෙ සිත නිවන පරිසරයක දෑස් පියා ගැනීමට ලැබීම ඇත්තෙන්ම පිනක්.. ඇය අනිවාර්යයෙන්ම සුගතියක උපදීවී.. ඇය වෙනුවෙන් හැකි තරම් පින්කම් කොට කළගුණ සලකන්න තමා උඹලට තියෙන්නෙ...
ReplyDeleteදුක් වෙන්න එපා කිව්වට එහෙම නොකර ඉන්න අමාරුයි කියලා දන්නවා. ඒත් හිත හදා ගන්න බලහන්.. අපි හැමෝටම කවදා හරි ඔය අත්දැකීම වලට මුහුණ දෙන්න වෙනවා..
ඇය සුගතියක ඉන්නා බව මටත් හිතෙනවා සෙන්නා,
Deleteඋඹ කියන දේ ඇත්ත අපි හැමෝටම මේ ඉරණම නියතයි.
කොහොමත් ආච්ච්ලා මුනුබුරු මිනිබිරියන්ට, තමන්ගේ දරුවන්ටත් වඩා ආදරෙයි.. අපේ අම්මලා ඉඳලත්, වැඩිපුර සම්බන්ධකම් තිබුනේ ආච්චිලත් එක්ක.. තරුණ වයසෙදි තමයි අම්මලට කිට්ටු උනේ..
ReplyDeleteමම පිලි නොගත්තට.. උඹේ අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කොරනවා...
මගෙත් ඒ ගැන විශ්වාශයක් නැතත් ඔබේ පැතුමට ස්තුතියි මාතලන්.
Deleteහරිම දිරිය මවක්නේ ඇය. අනික අවසානය දක්වාම නිරෝගීව ඉඳලා ජරාජීර්ණ නොවී, දුක් නොවිඳ මියගිය එක සැනසුමක් කියලා මට හිතෙනවා.
ReplyDeleteඑතුමියට නිවන් සුව පතනවා.
ඔව් ඩුඩ් අයියා,ඇය දිරිය මවක් තමයි සැබවින්ම.
Deleteඒ වගේම ඇය දුක් වින්දෙත් නැහැ තමයි අපිටත් තියෙන සැනසීම ඇය ගැන එයම තමයි.
ආච්චි අම්මාට නිවන්සුව පතමි.
ReplyDeleteස්තුතියි බං
Deleteසංවේදී අවස්ථාවක් මනෝජ්....
ReplyDeleteනිර්වාණය ලඟා කරගත හැකි වටපිටාවක් ඇති තැනක ඇය ඉපදේවා ... නිර්වාණයට සිත් පහළ වේවා ...!
ස්තුතියි සහන්.
Deleteඔබගේ ආදරනීය ආච්චි අම්මාට නිවන් සුව පතනෙමි !
ReplyDeleteගමේ හිතවතා,ආයුබෝවන් ඔබට මේහි පැමිණීම ගැන.
Deleteඒ වගේම ඔබේ පැතුමටත් ස්තුතියි.
ආච්චි අම්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මනෝජ්..
ReplyDeleteස්තුතියි දිනේශ්.
Deleteඅදයි මම මේ කතාව දැන ගත්තෛ් මල්ලී... මට හිතෙන්නෙ ඒ ආච්චි අම්මගෙ යහපත්, ආදරණීය ජීවිතය නිසාම ඇය සුබ මරණයක් අත්කරගෙන කියලයි...
ReplyDeleteඇයට සදාතනික සැනසුම, නිර්වාණ සුවය මමත් ප්‍රාර්ථනා කරනවා...
බොහෝම ස්තුතියි තරු අක්කේ.
Deleteබොහොම කණගාටුයි. ආච්චිගෙ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා කියල පතනව.
ReplyDeleteබොහෝම ස්තුතියි රාජ්,මගෙත් බලාපොරොත්තුවක් තමයි එක.
ReplyDeleteආච්චි අම්මට නිවන් සුව ලැබෙන්න ඕන බන්,
ReplyDeleteබොහෝම ස්තුතියි මචෝ
Deleteමනෝ.......සමාවෙයන්....මම අතපය දිග හැරගන්න බැරි තරමට හිරවෙලා හිටියේ.
ReplyDeleteමගේ ජීවිතේ මම හැමදාම තාමත හිතන එක දෙයක් තියෙනවා....ඒ තමයි අපේ ආච්චි ඉන්න තැනක ඉඳන් අපිට නපුරක් වෙන්න ඉඩ නොදී බලාගන්නවා කියලා. මනෝගේ ආච්චීත් එහෙම වෙයි. මට අපේ ආච්චීගේ මරණය මතක් වෙනවා.
අපේ මුළු පවුලේම සාතිශය සංවේගය.
අරූ සමාව ඉල්ලිය යුතු නැහැ.මටත් පහුගිය ටිකේ ඔය සමහරක් පැතිවල එන්න බැරි වුනා.
Deleteබොහොමත්ම ස්තුතියි අරූ අයියේ...
මුලින්ම සමාවෙන්න ඕනේ මනෝ............
ReplyDeleteදැනගෙන හිටියේ නෑ මෙහෙම දෙයක්..
ඒ අම්මා පිංවන්තයි..ඒ නිසා කවදාවත් ඇයට නරකක් වෙන්නෙ නෑ....ඇයට නිවන් සුව පතනවා..!
සමාව ඉල්ලනේ මොකටද රෙහානියෝ..?
Deleteස්තුතියි ඒ පැතුමට.
SO SAD
ReplyDeleteyes bassiyo
Deleteආච්චි අම්මා අනිවාර්යයෙන්ම හොද තැනක ඉපදී ඇති මනෝජ්. ඒකෙ සැකයක් නෑ. ඇයට නිවන් සුව පතනවා!!
ReplyDeleteආයුබෝවන් සිගිති ඔයාට.ඒ වගේම ඔයාගේ පැතුමටත් බොහෝම ස්තුතියි.
Deleteආච්චි ගැන පෝස්ටුව අගෙයි. අලුත් සබැදියාවෙන් ඇවේ..............
ReplyDeleteමනෝජ් මේ ආච්චිලාගේ හැටි තමයි. වයස කීය වුණත් හිතට හයිය තියෙනවා. ඒ වගේ ම අපිට හරිම ආදරෙයි...........................
ස්තුතියි ආවට,
Deleteඇගේ වටිනාකම වැඩියෙන් දැනෙන්නේ දැන් තමයි.
මනෝ මේක ලියල තියෙන කාලේ මං බ්ලොග් කියවන්නේ නෑ.. ඉතින් මේ විස්තර ගොඩක් දන්නේ නෑ.. අඩුම තරමින් ඔබේ මව ඊට පෙර අහිමි වූ බවක්වත්...
ReplyDeleteතමන්ගේ දරුවන්ගේ දරුවන්ටද මවක්වූ මෙවන් ආච්චී අම්මලා මං බොහෝ දැක තිබෙනවා.. මව අහිමි උනත් එවන් මිත්තණියක ලැබීමට ඔබ වාසනාවන්ත වී තිබෙනවා.. ඇයට නිවන් සැප ලැබෙන්න යැයි මා කියන්නේ නෑ.. මගේ ප්‍රාර්ථනය ඇය නැවත නැවතත් ඔබ අතරම ඉපදී ඒ ආදරණීය බව රැකෙන්න කියලායි.. පමාවී ආවාට තරහා අවසර..
තරහා වෙන්නේ මොකටද?කලණ ගේ ඇතුළු ආච්චිලා ගැන ලියවෙච්චි ලිපි කියවීමෙන් ආච්චි ගැන මතකය අලුත් වුණා.දවසක ඇයව ආයෙමත් මුණ ගැහේවි කියන විශ්වාසය හිතේ තියෙනවා තමයි..:)
Deleteබොහෝම ස්තූතියි බං.