Tuesday, November 5, 2013

හැදු මව.



හිමිවීම් වලට වඩා අහිමිවීම්  හිමි මගේ ජිවිතයේ තවත් අහිමිවීමක් පසුගිය වප් පෝය දිනයේදී සිදුවුයේ ලෝකයේ ඇත්තේ යාම් සහා ඉම් පමණි යන මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ  කීයමන නැවතත් සැබෑ කරමිනි.මා පෙරදී පවසා ඇති පරිදි අප කුඩා වියේදීම සිදු වූ මවගේ වියෝවෙන් පසු අපගේ මව් වුයේද ඇයයි.සැබැවින්ම මිත්තනියකට වඩා මවක වෙමින් ඇය අප වෙත දක්වන ලද ඒ සෙනෙහෙවන්ත ප්‍රේමය ඇයගේ කුසින් වැදු දරුවන් පස්දෙනා වෙත ඇය පෑ පෙමට නොදෙවැනිවිය.

අපගේ මවගේ වියෝවිමෙන් පසු අප කුඩාවුන් තිදෙනෙකුගේ කටයුතු තනිව කරගැනීමට පෝලියෝ රෝගයෙන් පිඩාවිදි මගේ පියාට අපහසුවන වාතාවරණයක් තුළ අප සමගින් පදිංචියට පැමිණි ඇය විසින් අප වෙත කවා,පොවා අප පෝෂණය කිරීම පමණක් නොකොට අපගේ කැතකුණු පිරිසිදු කිරීම පවා කිසිදු අපුලකින් තොරව සිදුකළ ඇය සිතල දිනවලදී මාහට ස්නානය සදහා ජලය රත්කරදෙනු ලබන්නේ "නාකි මට  මේ සිතලේ හොදට නාන්න පුළුවන් කොල්ලෝ වුණ උඹලාට තමයි බැරි"යයි පවසමිනි. 

අපවෙත හොද අධ්‍යාපනයක් ලබා දීම ඇතුළු අපගේ හුදුමහත් කටයුතු රාශියක් සිදුවුයේ ඇය අතිනි.අපගේ පාසැල්වල ගුරුදෙගුරු රැස්වීම් වලට සහභාගී වීමේ සිට අමතර පංති සොයාගෙන ඒවාට අපව යොමු කරමින් වඩාත් විධිමත් අධ්‍යාපනයක්ද අපට  ලබාදීමට ඇය මහත්සේ වෙහෙසුණේ ඇතැම්විට ඇයගේ රෝගී තත්වයන් ගැන පවා නොසලකමිනි.

ගමේ සමිති,සමාගම් වල ප්‍රමුඛ ක්‍රියකරිනියකද වූ ඇයගේ මරණ කටයුතු වලදී මුළු ගමම අප සමගින් එක්වුයේ ඇතැම් විට අපටද සිත ගත නොහැකි ලෙසය. 

මිහිපිට ඇති ඕනම රසවත් ආහරක් සැදීමේ හැකියාවද ඇය සතුව ඇතිඅතර ඇය සාදන ෆැන්කේක් වල රස දැනුදු මාගේ දිවට දැනෙන්නක් මෙනි.අප ඉල්ලා සිටින ඕනම ආහාරක් ඇය අප වෙනුවෙන් සැදුවේ මහත් වූ දයාවකිනි.

සැබවින්ම රසවත්ව කෑම පිසීමේ මනා අත්ගුනයක් ඇති ඇය විසින් මියයන්නට ප්‍රථමයෙන් එදින උදයේ පන්සලේ වප්පෝය දිනයේ සිල් ගන්නා අය වෙනුවෙන් තනිවම ඉදිඅප්ප 400 සකසා අවසානේ ඒ සියල්ල උදේ හයවන විට පංසලට යවනු ලැබූ ඇය එදින සැදැවේදීම එම පංසලේ චේතය මළුවෙදීම හදිසි හෘද්‍යබාධයකින් තම ජිවිත ගමන නිමා කරනු ලැබුවේ අපගේ මිත්තනිය ලෙස නොව අප හැදු මව ලෙසය. 

ඇයගැන අකුරු කිරීමට බොහෝදේ තිබුණත් මෙතකින් ඒ සියල්ල නතර කරනුයේ ඒවා එකින් එක සිහි කිරීම හදවත වේදනවට පත්කරනා බැවිනි. තවමත් සිහිනයක් මෙන් වූ ඇයගේ මරණය අපට පිරිමැසිය නොහැකි වේදනාවක් වුවද එම මරණය ඇයට වේදනාත්මක නොවීම ගැන මාතුලෙහි ඇත්තේ සැනසුමකි.ඒ ඇය මරණය කර පිවිසියේ දුක් විධිමකින් නොවන නිසාය.

               ආදරණිය අම්මේ,ආච්චියේ ඉතින් දැන් ඔබට සුබ ගමන්....!

ප.ළි.ය: හිතමිතුරු බ්ලොග් අඩවි වලට පැමිණීමට නොහැකිවුයේ මේ කරුණ නිසාවෙනි.ඒ ගැන කමත්වා.

38 comments:

  1. ඇයට නිවන් සුව පතමි.

    ReplyDelete
    Replies
    1. නිවන ගැන විශ්වාසයක් මා තුල නැතත් ඔබේ පැතුමට ස්තුතියි දිලිනි.

      Delete
  2. අම්මා ආච්චිට සුභ ගමන්.. උඹ හරිම සංවේදියි. කලින් එක තාත්තා ගැන මේ පාර ආච්චි ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බං කෙනෙකුගේ සංවේදි කම දැනෙන්න අනිකත් සංවේදී වියයුතුයි.

      Delete
  3. දැනගෙන හිටියෙ නෑනෙ මනෝජ් මල්ලි,හරිම කනගාටුදායකයි,ඔබේ අම්මා බවට පත්වූ ආච්චිට නිවන් සුව පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපයියේ.

      Delete
  4. දෑස් තෙමුනා බන් මේක කියවලා.. මට හිතෙන හැටියට ඇයට බොහොම සුබ මරණයක් හිමි වෙලා තියෙන්නෙ. අවසාන මොහොතෙ සිත නිවන පරිසරයක දෑස් පියා ගැනීමට ලැබීම ඇත්තෙන්ම පිනක්.. ඇය අනිවාර්යයෙන්ම සුගතියක උපදීවී.. ඇය වෙනුවෙන් හැකි තරම් පින්කම් කොට කළගුණ සලකන්න තමා උඹලට තියෙන්නෙ...

    දුක් වෙන්න එපා කිව්වට එහෙම නොකර ඉන්න අමාරුයි කියලා දන්නවා. ඒත් හිත හදා ගන්න බලහන්.. අපි හැමෝටම කවදා හරි ඔය අත්දැකීම වලට මුහුණ දෙන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇය සුගතියක ඉන්නා බව මටත් හිතෙනවා සෙන්නා,
      උඹ කියන දේ ඇත්ත අපි හැමෝටම මේ ඉරණම නියතයි.

      Delete
  5. කොහොමත් ආච්ච්ලා මුනුබුරු මිනිබිරියන්ට, තමන්ගේ දරුවන්ටත් වඩා ආදරෙයි.. අපේ අම්මලා ඉඳලත්, වැඩිපුර සම්බන්ධකම් තිබුනේ ආච්චිලත් එක්ක.. තරුණ වයසෙදි තමයි අම්මලට කිට්ටු උනේ..

    මම පිලි නොගත්තට.. උඹේ අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කොරනවා...

    ReplyDelete
    Replies
    1. මගෙත් ඒ ගැන විශ්වාශයක් නැතත් ඔබේ පැතුමට ස්තුතියි මාතලන්.

      Delete
  6. හරිම දිරිය මවක්නේ ඇය. අනික අවසානය දක්වාම නිරෝගීව ඉඳලා ජරාජීර්ණ නොවී, දුක් නොවිඳ මියගිය එක සැනසුමක් කියලා මට හිතෙනවා.

    එතුමියට නිවන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩුඩ් අයියා,ඇය දිරිය මවක් තමයි සැබවින්ම.
      ඒ වගේම ඇය දුක් වින්දෙත් නැහැ තමයි අපිටත් තියෙන සැනසීම ඇය ගැන එයම තමයි.

      Delete
  7. ආච්චි අම්මාට නිවන්සුව පතමි.

    ReplyDelete
  8. සංවේදී අවස්ථාවක් මනෝජ්....

    නිර්වාණය ලඟා කරගත හැකි වටපිටාවක් ඇති තැනක ඇය ඉපදේවා ... නිර්වාණයට සිත් පහළ වේවා ...!

    ReplyDelete
  9. ඔබගේ ආදරනීය ආච්චි අම්මාට නිවන් සුව පතනෙමි !

    ReplyDelete
    Replies
    1. ගමේ හිතවතා,ආයුබෝවන් ඔබට මේහි පැමිණීම ගැන.
      ඒ වගේම ඔබේ පැතුමටත් ස්තුතියි.

      Delete
  10. ආච්චි අම්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මනෝජ්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේශ්.

      Delete
  11. අදයි මම මේ කතාව දැන ගත්තෛ් මල්ලී... මට හිතෙන්නෙ ඒ ආච්චි අම්මගෙ යහපත්, ආදරණීය ජීවිතය නිසාම ඇය සුබ මරණයක් අත්කරගෙන කියලයි...

    ඇයට සදාතනික සැනසුම, නිර්වාණ සුවය මමත් ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි තරු අක්කේ.

      Delete
  12. බොහොම කණගාටුයි. ආච්චිගෙ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා කියල පතනව.

    ReplyDelete
  13. බොහෝම ස්තුතියි රාජ්,මගෙත් බලාපොරොත්තුවක් තමයි එක.

    ReplyDelete
  14. ආච්චි අම්මට නිවන් සුව ලැබෙන්න ඕන බන්,

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මචෝ

      Delete
  15. මනෝ.......සමාවෙයන්....මම අතපය දිග හැරගන්න බැරි තරමට හිරවෙලා හිටියේ.

    මගේ ජීවිතේ මම හැමදාම තාමත හිතන එක දෙයක් තියෙනවා....ඒ තමයි අපේ ආච්චි ඉන්න තැනක ඉඳන් අපිට නපුරක් වෙන්න ඉඩ නොදී බලාගන්නවා කියලා. මනෝගේ ආච්චීත් එහෙම වෙයි. මට අපේ ආච්චීගේ මරණය මතක් වෙනවා.

    අපේ මුළු පවුලේම සාතිශය සංවේගය.

    ReplyDelete
    Replies
    1. අරූ සමාව ඉල්ලිය යුතු නැහැ.මටත් පහුගිය ටිකේ ඔය සමහරක් පැතිවල එන්න බැරි වුනා.
      බොහොමත්ම ස්තුතියි අරූ අයියේ...

      Delete
  16. මුලින්ම සමාවෙන්න ඕනේ මනෝ............
    දැනගෙන හිටියේ නෑ මෙහෙම දෙයක්..

    ඒ අම්මා පිංවන්තයි..ඒ නිසා කවදාවත් ඇයට නරකක් වෙන්නෙ නෑ....ඇයට නිවන් සුව පතනවා..!

    ReplyDelete
    Replies
    1. සමාව ඉල්ලනේ මොකටද රෙහානියෝ..?
      ස්තුතියි ඒ පැතුමට.

      Delete
  17. ආච්චි අම්මා අනිවාර්යයෙන්ම හොද තැනක ඉපදී ඇති මනෝජ්. ඒකෙ සැකයක් නෑ. ඇයට නිවන් සුව පතනවා!!

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් සිගිති ඔයාට.ඒ වගේම ඔයාගේ පැතුමටත් බොහෝම ස්තුතියි.

      Delete
  18. ආච්චි ගැන පෝස්ටුව අගෙයි. අලුත් සබැදියාවෙන් ඇවේ..............

    මනෝජ් මේ ආච්චිලාගේ හැටි තමයි. වයස කීය වුණත් හිතට හයිය තියෙනවා. ඒ වගේ ම අපිට හරිම ආදරෙයි...........................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවට,
      ඇගේ වටිනාකම වැඩියෙන් දැනෙන්නේ දැන් තමයි.

      Delete
  19. මනෝ මේක ලියල තියෙන කාලේ මං බ්ලොග් කියවන්නේ නෑ.. ඉතින් මේ විස්තර ගොඩක් දන්නේ නෑ.. අඩුම තරමින් ඔබේ මව ඊට පෙර අහිමි වූ බවක්වත්...
    තමන්ගේ දරුවන්ගේ දරුවන්ටද මවක්වූ මෙවන් ආච්චී අම්මලා මං බොහෝ දැක තිබෙනවා.. මව අහිමි උනත් එවන් මිත්තණියක ලැබීමට ඔබ වාසනාවන්ත වී තිබෙනවා.. ඇයට නිවන් සැප ලැබෙන්න යැයි මා කියන්නේ නෑ.. මගේ ප්‍රාර්ථනය ඇය නැවත නැවතත් ඔබ අතරම ඉපදී ඒ ආදරණීය බව රැකෙන්න කියලායි.. පමාවී ආවාට තරහා අවසර..

    ReplyDelete
    Replies
    1. තරහා වෙන්නේ මොකටද?කලණ ගේ ඇතුළු ආච්චිලා ගැන ලියවෙච්චි ලිපි කියවීමෙන් ආච්චි ගැන මතකය අලුත් වුණා.දවසක ඇයව ආයෙමත් මුණ ගැහේවි කියන විශ්වාසය හිතේ තියෙනවා තමයි..:)
      බොහෝම ස්තූතියි බං.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!