Monday, March 24, 2014

අපේක්ෂක රුවන් වැකි සහා මගේ මනාපය.


මිනිසා කියන්නේ දේශපාලන සත්වයෙක් කියා කියනවා මම කොහේදී හෝ දැක හෝ කියවා තිබෙනවා.කොහොමත් අපි එක එක්කෙනාට විවධ දේශපාලන මත තියෙනවනේ.මටත් එහෙමයි.

මේ දිනවල අපේ බස්නාහිර පලත් සභාවේ ඡන්දය නිසා අපේ දුක,සැප හොයාගෙන අපේ ගෙවල් දොරවල් වලට එන අයත් බොහොමයි.මේ අය අපේ පවුල් වල අයටත් වැඩියෙන් අපේ ප්‍රශ්න ගැන සංවේදී වෙන විධිය දැක්කාම හිතට එන්නේ අප්‍රමාණ ප්‍රීතියක්.

එත් අවංකවම එයාලා අපේ ප්‍රශ්න ගැන මේ තරම් සංවේදීද..?  

මම කොළඹ දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයෙක්,ඉතින් මේ දිනවල මැතිවරණයේ කැන්වසින් යන අය හරි,හරියට අපේ ගෙවල් වලට එනවා.හරියට අලුත් අවුරුද්දට නෑදෑයෝ එනවා වගේ.ඉතින් මේ එන අය අපිට දීලා යන ලිෆ්ලට් දැක්කාම මේ අය අපට කරන්න හදන මේ සේවයම ඇති එයාලාට නිවන් දකින්න.

දැන් එක්කෙනක් කියනවා

"හරි මග ගෙන යන උදය ගම්මන්පිල" කියලා.ඒ කියන්නේ මේතාක් කාලයක් අපි ගිහින් තියෙන්නේ නොමග වෙන්න ඇති.:Dහැබැයි ඉතින් ඕනෙම හොද දෙයක් නිකන් ලබෙන්නේ නැහැ වගේ අපිව හරි මග ගෙනියන්න එතුමා අපෙන් රුපියල් 100 බලාපොරොත්තු වෙනවා. 

තවත් කෙනෙක් එන්නේ "හිරු උදාවූ වගයි" කියමින්.ඒ කියන්නේ මේ දක්වා අපි හිටියේ අදුරේ කියන එක වෙන්න ඇති."මනුෂ්‍යත්වයේ නාමයෙන්,සත්‍ය වෙනුවෙන් පෙනි ඉන්න" එන ඇය වගේම තවත් බොහොදෙනෙක් විවිධ පාඨ කියාගෙන එනවා.

සමහරු එන්නේ "අතිශයින්ම ජනතා සේවයට" කියමින්,තවත් අය "දුෂණයට,අවනිතියට එරෙහිව,එකාධිපති වියරුව පරදවන්න,කල දේ ඉදිරියටත් කරන්න,නොකළ දේ කරන්න එනවා.සමහරු "දුප්පතාගේ හිතවත්තු"තවත් ඈයෝ "දුප්පතුන්ගේ ගැලවුම්කාරයෝ"වෙලා.ඒ විතරක් නෙමේ සමහරු එන්නේ "අහවලාගේ ආශීර්වාදයෙන්,මෙයාගේ උරුමයෙන්" කියලයි.තවත් අය "බුද්ධියේ පෙර ගමන්කරුවෝ" ඇවිත් අපේ බුද්ධිමත් මනාපය ඉල්ලා හිටිනවා.

හැබැයි ඉතින් මේ කවුරු කොහොම අවාත් මෙවරත් සුපුරුදු පරිදිම එත් එක වෙනසක් සහිතව මෙවර මැතිවරණයේ මගේ ඡන්දය භාවිතා කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ.සුපුරුදු පරිදි කිවේ මම කොහොමත් විපක්ෂයේ ඡන්දදායකයකු නිසයි.වෙනසක් කිවේ මේවර ජවිපෙ වෙනුවෙන් දෙන්න තීරණය කර ඇති නිසයි. 

මට හිතෙන විදියට දැන් මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය ජිනීවා ගැටලුව හෝ ජිවන වියදම ඉහළ යාමවත් රජයේ තියෙන මහා පරිමාණ දුෂණ,වංචාවත් නෙමේ ශක්තිමත් විපක්‍ෂයක් නොමැති කමයි.මොකද මේ ආණ්ඩුව මේ තරම් බල වියරුවකින් ක්‍රියා කරන්නේ විපක්ෂයෙන් තමන්ට අභියෝගයක් නැති නිසායි.එසේ වුවත් මේ වෙලාවේ ආණ්ඩුව පෙරළීමට වඩා ශක්තිමත් විපක්ෂයක් ගොඩ නැංවීමයි ප්‍රමුඛ කාරණාව ලෙස ගත යුත්තේ .

දැන් මේ වෙනකොට මේ රජය මොන තරම් ජනතාව මර්දනකාරී ලෙස හැසිරුනත් එක ඒතරම් රටේ ජනතාවට නොදැනෙන්නේ ජනතාව මේ වෙනකොට රජයේ දැවැන්ත මාධ්‍ය ප්‍රචරණ ඉදිරියේ නිර්වින්දනය වෙලා තියෙන නිසා වෙන්න ඕනේ.එතකොට ඒ නිර්වින්දනය නැති කරන එක තමයි විපක්ෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.නමුත් අවාසනාවකට වගේ අපි බලාපොරොත්තු වෙන ඒ දේ දැන් යු.එන්.පි යෙන් නොවෙන ගණයි.එක්සත් ජාතික පක්ෂයත්,රජයටත් දෙකක් නොවේ එකක් කියා හිතෙනවා සමහරක් විට මේ අයගේ හැසිරීම දැක්කාම.එක නිසා ඉතින් මේ වෙලවේ මට හිතෙන විදියට ශක්තිමත් විපක්ෂයක් ගැන අපේ බලාපොරොත්තු තියා ගන්න වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ සමගින් තමයි.

දැන් එතකොට තවත් කෙනෙකුට අහන්න පුළුවන් එකම විකල්පය ජනතා විමුක්ති පෙරමුණ විතරද.?ඇයි ෆොන්සේකා මහත්තයාගේ "ප්‍රජාතන්තවාදී පක්‍ෂය"හොද නැතිද කියා.නමුත් මට පේන්න තියෙන විදියට ප්‍රජාතන්තවාදී පක්‍ෂය දුෂණයට එරෙහි හඩක් නැගුවත් ඔවුන් තුළ තවමත් පිළිගත්  ප්‍රතිපත්තියක් නොමැති වීම විශාල අඩුවක්.අනික් අතින් එම පක්ෂයේ සිටින බහුතරයක් දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් ගැලවී ආ පිරිස්.ඉතින් ඒවැනි අයගෙන් මේ පවතින ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ.අනික් අතට ෆොන්සේකා මහත්තයාගේ ආඥදායකත්වය මම පිළිගන්නේ නැහැ.

මේ ආණ්ඩුව තනි පුද්ගලයෙක් වටා කේන්ද්‍රගතව තිබුණාත් ශක්තිමත් රජයක් බව අපි පිළිගන්න ඕනේ.ඉතින් එහෙම රජයකට අභියෝග කරන්නත් ඒ තරම්ම ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුමයි.දිනෙන් දින රට ගමන් කරන්නේ ආරාජිකත්වයට.ඒ ගමන ආපසු හැරවීම අපහසු නමුත් අනිවාර්යෙන්ම කළයුත්තක් වී තිබෙනවා.ඉතින් ඒ උදෙසා මට කල හැකි එක දෙයක් තමයි මේ.නිහඩව බලා සිටීම මේ ප්‍රශ්න වලට විසදුමක් නොවේ.කළයුත්තේ ක්‍රියාත්මක වීමයි.අපිට හැකි අයුරින්,අපිට හැකි පමණින්.

ප.ළි.ය:-මා ජවිපෙ කරුවෙකු නොවන වග සැලකුව මැනවි.

 පිංතුර ගුගල්ගෙන්.

නුෂ්‍යත්වයේ නාමයෙන්,සත්‍ය වෙනුවෙන් පෙනි ඉන්න 

54 comments:

  1. මේක නිකං දෙලෝවට නැති පිනක් වගේ කතාවක්...

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙමත් හිතෙනවා තමයි.හැබැයි දැන් ඇති මේ රැවටීම කියලායි මට නම් හිතෙන්නේ.

      Delete
  2. සාමාන්‍යයෙන් මම ආන්ඩුපාක්ෂිකයෙක්. එහෙම තමයි සැළකෙන්නෙ මාව හැඳින්වෙන්නෙ. හැබැයි මම මෙතනදි මනෝගෙ කතාවට එකඟ වෙනව. ශක්තිමත් විපක්ෂයක් රටකට ඕන. ව්පක්ෂය දියවීම තුල පුරවැසියාට ලොකු හානියක් වෙනව. සියළු බලය එක්තැනකට කේන්ද්‍රගතවීම හොඳයි සමහර අවස්ථාවල. යුද්ධෙ ජයගන්න ඒක මනා උපකාරයක් වුනා. ඒත් මානව හිමිකම් විදියට ගත්තහම එතන අවාසියක් තිබෙනව.
    පොලීසිය වගෙ ආයතන ගෝත්‍රවාදීව හැසිරුන සමහර අවස්ථාවල මාධ්‍යවල සහාය නීතියෙ සහාය වගෙ කිසිම දෙයක් නැතිවුනහම මිනිස්සු මාර විදියට අසරණ වෙනව. ඒ අය ජාත්‍යාන්තරය දෙසටත් නැඹුරු වෙනව.
    මේ නිසා ශක්තිමත් විපක්ෂයක් තමයි ඕනැ. ඇත්තටම මටත් හිතෙනව ඒක තමයි අද තිබෙන ලොකුම ප්‍රශ්නෙ කියලත්. ඒත් ඒකට නියම විසදුම මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම. අඩුගානෙ පැළස්තර විසදුමක් විදියට පක්ෂ මාරුකළාම මන්ත්‍රී දූරය අහිමි වීමවත් තියෙන්න ඕන.

    මනෝට සුබපැතුම් ඔබ විපක්ෂෙ කෙනෙකුට දෙන්න. මම ආන්ඩුවෙ කෙනෙකුට දෙනව මොකද සමහර දේවල් ගැන මගෙ මතය ඔබට වඩා වෙනස් නිසා

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දීම හෝ නොදීම යකාගේ කැමැත්තක්.නමුත් ඒ වරද මම කරන්නේ නැහැ.

      Delete
  3. මනෝ උඹ විපස්සෙට ඡන්දෙ දෙනවාය කියල ප්‍රසිද්ධියේම කියෝනව.ඒක උඹේ ප්‍රජා අයිතිය.නමුත් මං එහෙම කියන්නෙ නෑ. උඹ කියෝපු දේ යකා උත්තමයා සම්මත කොරා. උඹත් හරි යකත් හරි.මං බලාන ඉන්නම්. හැබැයි එකක් මතක තියා ගනින්, උඹ ජේවීපෙට ඡන්දෙ දෙනවනම් උඹ ජේවීපී කාරයෙක්. මොකද උඹ ඒකට ඡන්දෙ දෙන්නෙ ඒ අදහස් වලට ගරු කොරන නිසා.උඹ හරි බයවෙන්න එපා.හොද නෑ කියන හැම දේටම දිනුවට පස්සෙ හැමඑකාම එකතු වෙලා හොදයි කියනවා.

    ReplyDelete
    Replies
    1. වැව් ඉස්මත්ත,
      ආයුබෝවන් කියලා උඹව මුලින්ම පිළිගන්නවා.
      //උඹ ජේවීපෙට ඡන්දෙ දෙනවනම් උඹ ජේවීපී කාරයෙක්.//ස්තුතියි බං මට දේශද්‍රෝහියෙක් නොකියා ජවිපෙ කාරයෙක් කියා කිව්වාට.හැබැයි මම ආයෙමත් කියන්නේ බං මම ජවිපෙ නෙමේ.අපිට අවශ්‍යය මේ වෙලවේ ශක්තිමත් විපක්ෂයක් ඒ වෙනුවෙන් තමයි බං මේ දේ මම කරන්නේ.මොකද දැන් යු.එන්.පි එක කරන්නේ ආණ්ඩුව එක්ක නිදි වදින එක. එක නිසා දැනට තියෙන හොදම විසදුම තමයි මට හිතෙන විදියට මේක.

      Delete
    2. ජවිපේ හෝ මොන පක්ෂයක සාමාජිකයෙක් වීම සහ එහි sympathiser කෙනෙක් වීම දෙකක්. අනිත් එක ප්‍රජාතන්ත්‍රවාදය උතුරා ගලායන රටක ජවිපේ සමාජිකයෙක් වුනත් තියෙන වැරැද්ද මොකක්ද...

      Delete
  4. මනෝජ් මල්ලි,
    පැමිණියෙමි කියවුවෙමි යමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපයියා,ඇවිත් කියවපු එකම ඇති.

      Delete
  5. හැක්.... අයියූ අර රුවන් වැකි තව ලිවුවනම් වැඩේ නැගල යනව මනෝ...
    eg: හිත හොඳ දොස්තර, පෝස්ටර් නැති අපේ කොල්ලෙක් etc

    ReplyDelete
    Replies
    1. ඇයි තව "අපෙන් එකෙකි මේ මිනිසා","අදුරට ආලෝකයක්","ගමේ එකෙක්"වගේ ඒවාත් දාත හැකියි.හැබැයි ඉතින් මෙන්න මේ වගේ ඒවා දැම්මත් අවුලක් නැති වේවි
      "වනචරයා","නිධන් හොරා","බේබද්දා" etc...:D

      Delete
  6. මනෝජ් අය්යා චන්දේ ඉල්ලුවොත් නරකද :p

    ReplyDelete
    Replies
    1. මොණරි,
      ආයුබෝවන් මුලින්ම,මොණරිගේ මනාපේ මට දෙනවා නම් ඇත්තමයි ඉල්ලනවා.:D

      Delete
    2. ආයු බෝ වේවා මනෝජ් අය්යේ.. :) මගේ මනාපේ විතරක් ඇති ද අෆ්ෆේ... :v

      Delete
    3. එහෙනම්,හොදටම ඇති නගෝ..:P
      එත් එක මනාපයක් නැතුව තමයි මං ලත වෙන්නේ..:D

      Delete
    4. අපොයි මගේ මනාපේ නම් දැන් අන්සතුයි.. කලින් ඉල්ලුවා නම් සලකා බලන්න තිබුණා. :p

      ඉවසලා ඉන්නකෝ ඔහොම යද්දී එකට මනාප ගොඩක් ලැබේවි :D

      Delete
    5. අඩේ ඉතින් ඔන්න ඕකනේ බැරි...:(
      එහෙනම් ඉතින් ඉවසලාවත් බලමුනේ...:)

      Delete
  7. හෙහ්, ඔය රුවන් වැකි ඔක්කොම ඉතින් පෝස්ටරේට විතරයිනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං මුන් පොස්ටරේට ගහන ඒවා ඇත්තක් වුණානම් හදන්න දෙයක් නැහැ රට දැනටමත් සුරපුරයක්.

      Delete
  8. කාන්තාවන්ට විමුක්තිය ලබාදෙන්නේ නැති කාට උනත් කාන්තාවන් චන්දය නොදියයුතුයි.

    ReplyDelete
    Replies
    1. වනිතා හඩ,
      ආයුබෝවන් මුලින්ම.
      කොයිම විමුක්තියක්වත් නිකං ලැබෙන්නේ නැති බව මතක තියා ගන්න.

      Delete
  9. ශක්තිමත් විපක්ෂයක් රටකට තියෙන්න ඕන තමයි. දැන් වුනත් තියනව නේද හරි විදිහට බැලුවොත් ?. වැඩේ කියන්නෙ ඉතින් අනෙක් පැත්තෙ ඉන්න, ටිකක් සද්දෙ දාන එකාට, ටික දවසක් ගියාම එක එක ඒව ශක්තිමත් කරන්න හිත් පහල වෙන එකයි.

    අප පිට පළාත් වැසියෝ වම්හ..ඉදින් අපට ඡන්ද නැත්තේ ය. :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය අහවල් එක ශක්තිමත් කරන්න කට්ටිය යන එකත් හේතුවක් වුණා මේ පාර මගේ ඡන්දෙ ජවිපෙට දෙන්න.

      තොප පළාතේ පළමුව තබා මෙහි පසුව ආ බැව් මතක තබා ගනු..:P

      Delete
  10. මොකා මොනා කිව්වත් මම දෙන්නේ හිරුනිකාට .."හිරු උදා වූ වගයි " . ඒ මූණ දැක්කම පෝස්ටර් ඉරන්න හිතෙන්නෙත් නෑ කියලා පොලිසියේ එවුනුත් කියනවා , උඹ මේ මගුලක් කියවනවා ...

    ReplyDelete
    Replies
    1. මචං,මම දුමින්ද සිල්වාට කැමති නැහැ.හැබැයි දුමින්දට අභියෝග කරනවයි කියන හිරුණිකාට ත් මම කැමති නැහැ.මොකෝ හිරුණිකා කරන්නේ රගපෑමක් කියලා පේන්න තියෙන නිසා.දැන් හිරුණිකා මේ සන්ධානයේ අපේක්ෂිකාවක්.අම්මා ජනධිපති උපදේශිකාවක්.අම්මාට තියෙන සුදුසුකම මොකක්ද ජනධිපති උපදේශිකාවක් වෙන්න.අනික් පැත්තෙන් ජනධිපතිට මොනවාද එයගෙන් ගන්න තියෙන උපදෙස්.නිකං රටේ මහා ජනයාගේ සල්ලි වලින් පිං පඩි ගන්නා ගමන්.අනික් පැත්තෙන් එනවා ආණ්ඩුව ඇතුලේ මිනීමරුවෝ ඉන්නවා කියාගෙන.

      මේවා තමයි සුපිරි රැවටීම් මුන්ට දෙන්න ඕනේ ඔස්කාර් සම්මාන මේ විදියට රගනවාට.

      Delete
    2. උඹ හරි ...අපේ ජනාධිපති උපදේශකයෝ කවුද ඉන්නේ සුදුසුකම් තියෙන? හිරුනිකා කරන්නෙත් අනිත් අය වගේම රඟපෑමක්. එත් එක කවදා මිනිස්සු තේරුම් ගනීද . බලාපන් බොරුනම් කොළඹ
      මනාප වලින් අංක එකට එන්නේ "හරිමග යන උදය ගම්මනපිල"
      දෙකට එන්නේ "හිරු උදාවූ වගයි හිරුනිකා "
      බුධ්ධිමතම ඡන්ද දායකයෝ ඉන්න බස්නාහිර පළාතේ ප්‍රතිපලය ඕක තමයි

      Delete
    3. ඔව් බං ඔන්න බලපන් ඡන්ද ප්‍රතිපල කියනකොට මුලින්ම කියන්නේ

      "එක්සත් ජනතා නිදහස් සන්ධානය"කියලායි.ඒ කියන්නේ මේ ඡන්දයත් සන්ධානය දිනනවා කියන එක.හැබැයි එක අත උඩින් දිනන්න දෙන්න බැහැ.

      උඹේ ප්‍රතිපල හරි ඔය දෙන්න තමයි එක,දෙක.

      Delete
    4. ඔය දෙන්නගෙම රඟපෑම තමයි මටත් පෙන්නන්න බැරි.මුන් හිතන්නෙ මේ රටේ මිනිස්සු මහ මරි මෝඩයො කියල. ඒත් මුන් දෙන්නම ඉහලින්ම දිනනව. මට පේන්න තිබෙන හැටියට හිරුණිකා එකට එයි.

      Delete
  11. උඹ කියන එක හරි.. මම මෙදාපාරත් කුරුටුගාලා දාන්න කියලා හිතුවේ.. දැන් මටත් හිතෙනවා ජවිපේ ගැන සළකලාබලන්න. ශක්තිමත් විපක්ශයක් වෙනුවෙන්..

    ReplyDelete
    Replies
    1. කුරුටු ගලා දාන වැඩේ කරන්න එපා සෙන්නයියේ.දැන් ඕනේ නිර්වින්ධනය නැති කරන්න මිනිස්සුන්ගේ.එක කරන්න තියෙන එක ක්‍රමය ජවිපෙ නොවේ.නමුත් දැනට තියෙන හොදම විකල්පය එයයි.

      Delete
    2. මමත් දැන් හිතන්නෙ මේ රටේ ප්‍රධානම අවශ්‍ය තාවයක් තමයි ශක්තිමත් ව්පක්ෂයක්. ශක්තිමත් විපක්ෂයක් ඕන කරන්නෙ විපක්ෂ ඡන්දදායකයන්ට විතරක් නොවෙයි මුළු රටටමයි.

      Delete
    3. සෙන්නා.....ඡන්දය කුරුටු ගාන්න එපා බං. උඹ සළකාබලන්න හදනදේ ක්‍රියාවට නගපන්.

      Delete
    4. ///////මනෝට සුබපැතුම් ඔබ විපක්ෂෙ කෙනෙකුට දෙන්න. මම ආන්ඩුවෙ කෙනෙකුට දෙනව මොකද සමහර දේවල් ගැන මගෙ මතය ඔබට වඩා වෙනස් නිසා///////

      @යකා....ශක්තිමත් විපක්ෂයක් මුලු රටටම අවශ්‍ය නම් කරන්න ඕන නැවත ආණ්ඩුවට ඡන්දයක් පාවිච්චි කිරීම නම් මේ අදහස් දෙක පරස්පරයි නේද? මම මේ උඹේ අයිතිය ප්‍රශ්න කරනවා නෙමේ. අදහස් දෙක විමසනවා.

      අනිත් එක ජනාඪිපතිත් කියනවානේ ශක්තිමත් විපක්ෂයක් අපේ රටට අවශ්‍යයි කියලා...ජනාධිපතිට කන් දීලා අපිට පුළුවන්නේ, ඒ අවශ්‍යතාවය ඉටුකර දෙන්න.

      Delete
    5. විපක්ෂය නැති කරලා දැම්මේ ඔය ජනාධිපතිවරයාම තමයි.මෙහෙන් කට්ටිය සල්ලි වලට ගන්න ගමන් කියනවා.ශක්තිමත් විපක්ෂයක් ඕනේ කියලා.මේවාට කොහෙන් හිනා වෙන්නද මන්දා..?

      Delete
    6. ආණ්ඩුවට චන්දය දෙන අයත් කියන්නෙ ශක්තිමත් විපක්ෂයක් ඕනෙ කියල.ඒකියන්නෙ ආණ්ඪුව පෙරලන්න නොවෙයි. ඒක පෙරලෙන දවසකට පෙරලුනාවෙ. ශක්තිමත් විපක්ෂයක් ඕන ආණ්ඩුව කොන්ට්‍රෝල් කරන්න

      Delete
    7. පිස්සු බල්ලෙක්ව කොන්ට්‍රෝල් කරන්න තියෙන හොදම ක්‍රමය මොකක්ද.?අන්න ඒ විදියට තමයි මේ බලයෙන් උමතු වුණු ආණ්ඩුව කොන්ට්‍රෝල් කරන්නත් ඕනේ.

      Delete
  12. මම නම් ඉන්තේරුවෙන්ම දන්නවා...අපේක්ෂකයො කොහොමත් දිනනවා...උන්ට පෝස්ටර් අලවපු උනුයි...ඡන්දෙ දුන්න එවුනුයි තමයි පරාද...අපේක්ෂකයව ආයෙ දකින්න ලැබෙන්නෙ ඊලග ඡන්දෙදි උනත් ඒකා ඒ වෙලාවට සට සට ගාලා දෙන කැරට් අල ගිලලා අපේ උන් ආයෙමත් කතිරෙ ගහනවා....ඕක තමයි අපේ රටට වෙලා තියෙන නස්පැත්තිය.

    ReplyDelete
    Replies
    1. පෝස්ටර් අලවන උන් දිනවන ක්‍රමයක් ගැන අපි හොයල බලන්න ඕන. මම ලිපි කීපයකින්ම ඒකට සංවාදයක් කරන්න හැදුවත් සාර්ථක වුනේ නෑ. තනිපක්ෂ මර්ධනය විශ්වාස කරන මාක්ස්වාදීන් මැද්දට පැනල ඒක අලකරල දැම්මා.

      Delete
    2. @ සිරා
      ආයුබෝවන් බං මෙහෙට ආවට.ඇත්තෙන්ම උඹ කියන දේ හරි උන් දිනනවා,උන්ට දිනන්න පාර කපන අපි පරදිනවා.එත් ඔක්කොම අමතක කරලා ඊලග මැතිවරණය ආවම ආයෙමත් අර වරද කරනවා.

      Delete
  13. මට මගේ ඡන්දය පාවිච්චි කරන්න නොලැබෙන එක ගැන කණගාටුයි. සමහර රටවල ඡන්ද තියෙනකොට පිටරටවල අයට තමන්ගේ තානාපති කාර්යාලයට ගිහිල්ලා ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. අපිට තාම එහෙම නැහැ.

    මම කවදාත් හිටියේ පොදු විපක්ෂයක් තුල ශක්තිමත් විය යුතුයි කියන මතයේ. එහෙම එකතුවීමක් වුනානම් අද කාටවත් මේ සමහර පරිප්පු කන්න වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ අවස්ථාව ජවිපෙ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් ශක්තිමත් විපක්ෂයක් පිළිබඳ බලාපොරොත්තුවක් තියා ගන්න හැකිවෙයි කියල. එය එසේ විය යුතුයි. මා දන්නා බොහොමයක් අය එහෙම කරන්න සුදානමින් ඉන්න බව කියා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. අරූ අයියා,ඔයලා රට ඉදන් හම්බ කරලා එවන එක නැති කරලා දාන පාලකයින්ට තාමත් බැරි ඇයි ඕකට ක්‍රම වේදයක් යොදන්න...?

      මේ ඡන්දයත් ආණ්ඩුව දිනනවා.එකේ සැකයක් නැහැ.ඒ තරම් රටේ මිනිස්සු නිර්වින්ධනය වෙලා ඉන්නේ රටේ තියෙන ප්‍රශ්න ගැන.විපක්ෂය ශක්තිමත් කරන්න යු.එන්.පි එකට දෙනවාට වඩා හොදයි ජවිපෙ එකට දෙන එක.මොකෝ දැන් තියෙන තත්වය තුල ජවිපෙ තමයි විපක්ෂයේ කාර්ය නිවැරදි ලෙස රට වෙනුවෙන් කරන්නේ.ජනතාව නැගිට්වන්න හොද විපක්ෂයක් ඕනේ.ඒ දේ ජවිපෙට කරන්න පුළුවන් කියලා විශ්වාසයි විපක්‍ෂයේ අනෙක් පක්‍ෂ වලට වඩා.

      Delete
  14. හිරුණිකාට දෙන්න, සමන්මලී සකලසූරියට දෙන්න, නදීශාට දෙන්න....වෙන ...ඩයනට දෙන්න හැබැයි අර පන්දමේ වට්ටි අම්මට දෙන්න එපා....

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් ඉන්දික මුලින්ම මෙහෙට ආවට.

      සමන්මලී ගැන නම් සලකා බලත හැකියි.එත් අනික් අයට දෙන්නේ නැහැ.පුර්ණකලිනව දේශපාලනය කරන අය මිස පාර්ට් ටයිම් කරන අයට දෙන්නේ නැහැ.පන්දමේ වට්ටි අම්මා කිවේ අර "රන්මලී"ද රත්මලානෙන් ඉල්ලන.

      Delete
    2. උඹ හිතන සමන්මලී හොඳයි සකළකලා සමන්මලීට වැඩිය. දෙහිවල-රත්මලානට හැකි විදිහට කලානේ..

      Delete
    3. අරූ අයියා හරි සකළකලා සමන්මලීට තියෙන්නේ මහා ඇමතිනි වීමේ අභිප්‍රාය.දකුණේ ජයලලිතාලු එයා.:D

      දේශපාලනය තුල කාන්තා නියෝජනයක් තිබීමය යුතුමයි.නමුත් සකළකලා සමන්මලීලා හරි යන්නේ නැහැ දේශාපාලනයට.නමුත් ජවිපෙ සමන්මලී ඇත්තෙන්ම දෙහිවල-ගල්කිස්ස මිනිසුන් නියෝජනය කරනවා හරි ලෙසට.

      Delete
    4. සකලසූරිය සමන්මලී කෙනෙකුත් ඉන්නවා ගම්පහ. හිටපු ඇමති දුවෙක්...අපි බලමු කොයි සමන්මලීද ගොඩ යන්නේ කියලා :D

      Delete
    5. මේ තරම් සමන්මලීලා ඉල්ලන එකේ පළත්සභාව කොයි තරම් සුගන්ධවත් වේවිද නේ අරූයියේ.

      Delete
  15. මම ජීවිතේටම ඡන්දේ දාලා තියෙන්නේ දෙපාරයි. මුලින්ම දැම්මේ අර මහින්ද මාමා පත් වෙච්ච ජනාධිපතිවරනෙටද කොහෙද. ඊට පස්සේ ඉතින් මගේ ඡන්දෙත් අපතේ. ආණ්ඩුවටත් වඩා කලකිරෙන්නේ විපක්ෂේ ගැන තමයි අප්පා. රනිල් ඉන්නකන් ඕක ඔහොම තමයි. කිව්වත් වගේ ජවිපෙ ඊට හොඳයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මමත් ඡන්දේ මුලින්ම දැම්මේ සයුරියේ ඒ මැතිවරණයේ වෙන්න ඕනේ.හැබැයි මම නම් හැම මැතිවරණයකම ජන්දය දමා තිබෙනවා.මොකෝ ඉතින් පුරවැසියෝ විදියට අපිට තියෙන එකම අයිතිය ඕක නොවැ..:D

      //ආණ්ඩුවටත් වඩා කලකිරෙන්නේ විපක්ෂේ ගැන තමයි අප්පා.//
      ඔහොම හිතලා කොහොමැයි වෙනසක් කරන්නේ.:(

      ඇත්තටම දැන් තියෙන එකම විකල්පය ජවිපෙ තමයි සයුරියේ මට හිතෙන විදියට.

      Delete
  16. කලින් ඉල්ලු හැමෝටම ආපහු ඉල්ලන්න බැහැ කියලා නීතියක් ගෙනාවොත් නං එක විදියක් වේවි.

    ReplyDelete
    Replies
    1. කකාටත් "ආයුබෝවන්"මුලින්ම.
      ඔව් දෙකෝටියක් ඉන්න රටේ එකම කණ්ඩායමක්ම විතරක් මේ සෙල්ලම කරන එක අසාධරණයි තමා.

      Delete
  17. මනෝජ්ලා දෙන්නෙක් ඉන්නවා නේ ...හරි කෙනා කවුද ?? ඈ ...

    ReplyDelete
    Replies
    1. සහෝදර කලිනුත් මෙහේ ඇවිත් තියෙනවා වගේ මතකයක් තියෙනවා.

      ඇත්තටම කවුද ඒ අනෙක් මනෝජ්...?

      Delete
  18. ආයුබෝවන් විර කාන්තා මේ පැත්තේ අවාට.
    ඇවිත් බලන්නම්කෝ ඔයාගේ රස කතා.

    ReplyDelete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!