Saturday, May 17, 2014

රටත් බල්ලට,නීතියත්....?



ඇරිස්ටොටල්ට අනුව "නිතිය යනු තාර්කික බුද්ධියේ උත්තරීතර ඵලය" වේ.එමෙන්ම ප්‍රජාවක් පාලනය කිරීමට නම් නිතියක් පැවතීම අනිවර්යවේ.මන්ද එසේ නොවන්නට සමාජයතුළ තිබිය යුතු සාධරණය,ප්‍රජාතන්ත්‍රවාදය වැනි මානව ගුණධර්ම සුරකීම අතිශය අපහසු කරුණක් වන බැවිනි.එමෙන්ම පවතින නිතිය සියල්ලන්ට සර්ව සාධාරණවත්,අපක්ෂපාති ලෙසත් ක්‍රියාත්මකවිය යුතු බවට තර්කයක් නැත.


එය එසේ වුවද ලෝකයේ වෙනත් රටවල් ඉදරියට ගමන් ගන්නා යුගයක එයට සාපේක්ෂව පසුපසට ගමන් ගන්නා රටක්ව තිබෙන සහා විධායකයේ ඒකාධිපතිත්වයට ගොදුරුවූ "ගොබෙල්ස්" න්‍යායෙන් පාලනය වන රටක එසේ නිතිය සර්ව සාධාරණව,අපක්ෂපාතිව ක්‍රියාත්මක වේයයි සිතීම මුලාවක් වුවත් පාලකයින් විසින් නාමිකව හෝ පවතින නිතිය පාලනය කිරීමට තැත් කිරීම කිසිසේත් සුදුසු නොවේ.

එසේ වුවද ජනාධිපතිවරයා යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන නීතිපති සරත් පාලිත ප්‍රනාන්දු විසින් පසුගිය 09 දා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවති ස්ත්‍රි දුෂණ නඩුවකට මැදිහත් වෙමින් නීතිපතිවරයා දැනුම් දී තිබුණේ එම ස්ත්‍රි දුෂණ ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන්ව නිදහස් කරන ලෙසටය.

නමුත් මෙහි ගැටලුව වන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ට විරුද්ධව ප්‍රමණවත් තරම් සාක්ෂි තිබියදී සහා මෙම දුෂණයෙන් පසු එම තරුණියට දරුවකු ලැබී තිබියදීත් එමෙන්ම එම දරුවාගේ පියා අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් බවට DNA වාර්තාවකින් තහවුරුවී තිබියදීත් අධිකරණ වෛද්‍ය වාර්තාවේ පවා තරුණිය දූෂණය කිරීමකට ලක්ව ඇති බව හෙළිදරව් කර තිබියදී මෙම නිදහස් කිරීම සිදුකිරීම ඉතාමත්ම පිළිකුල් සහගත මෙන්ම නරක පුර්වාදර්ශයක්ද වේ. 

මේ නිදහස් කිරීම ඔස්සේ පැනනගින ප්‍රධාන ගැටලුවක් වන්නේ නිතිය ගැන යම් පමණක හෝ විශ්වාසයක් පැවතියෙනම් මෙවනි සිදුවීම් තුළින් එම සුළු හෝ විශ්වාසය පලුදු වීමත් පිළිගත් නිතිය වෙනුවට කෑලැ නිතිය සමාජගත වීමට ඇති ඉඩකඩ තව,තවත් පුළුල් වීමත්ය.

 නිතිය සුරැකීමට සිටින අයත් නීතියේ දෙවගන මෙන් කඩතුරාවකින් දෙනෙත් වසා සිටිනම්,නිතිය ගැන විශ්වාසයක් තැබිය හැක්කේ කෙසේද?
මේ නීතිපතිවරයා යම් දිනෙක අගවිනිසුරුධුරයට පත් වුවහොත් කුමක්සිදු වනු ඇතිද?අගතියට පත් අය වරදකරුවන් වන්නත් වරදකරුවන් නිදොස් කොට නිදහස්වීමත් සිදුවන්නට වුවද බැරි නැත.

මේ වනවිටත් නීතියේ ආධිපත්‍ය පිරිහී ගොස් ඇති රටක.තමන්ට අහිතකර තීන්දු දෙන විනිසුරුවන් පාලකයන් විසින් දන්ගෙඩිය කරාගෙන යන රටක.එසේනම් යුක්තිය බලාපොරොත්තු වන්නේ කවරෙක්ගෙන්ද.?

කෙසේ වෙතත් ඉහත සිදුවීම සම්බන්ධයෙන් නිතිපතිවරයා විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත සැකකරුවන්ව නිදහස් කරන මෙන් දන්වා ඒවා ඇති ලිපියේ දිනයක් සදහන් නොවී තිබීම මෙන්ම එසේ එම සැකකරුවන්ව නිදහස් කරන්නේ කුමන හේතු මතද යන්න සඳහන් නොවීමත්වීම තුළ මේ සිදුවීම ගැන දැඩි සැකයක් උපදවයි. 

පෙරදිග මුතු ඇටය මේ වනවිට බල්ලට ගොස් ඇත.දිනෙන් දින රට සමාජීය,ආර්ථික ලෙස පරිහානිය කරා ගමන් කරමින් තිබේ.එවැනි රටක මෙවැනි දේ වාර්තා වීම අරුමයක් නොවුණත් මේ තුළින් සමාජය කරා දෙන පණිවිඩය කිසිසේත්ම සුබදායක නොවනු ඇත. 



ප.ළි.ය:-"ඇස්" ගැන කාතවක්  ලියලා එක නොදා මේක ලියන්න හිතුවේ මෙවැනි දේ අසමින්,දකිමින් නොදැක්කා,නොදුටුවා සේ නිහඬව සිටීම නිවට කමක් යයි හැගුණු බැවිනි.

පිංතුරය අන්තර්ජාලෙන්.

පසු සටහන.
03.06.2014
මෙම සිදුවීම ගැන නිතිපතිවරයා විසින් කරන ලද පැහැදිලි කිරීමක් පසුගිය මැයි 22 "ලංකාදීප"පුවත් පතේ මෙසේ පල කර තිබිණි.


එනමුත් එම පැහැදිලි කිරීමේ කිසිදු තැනක මේ තරුණියට ලැබී ඇති දරුවා ගැන හෝ ඒ සම්බන්ධව ලැබී ඇති DNA වාර්තාව ගැන සදහන් නොවේ.



42 comments:

  1. අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
    කුමට එරට අධිකරණය නිතිය හා විනිසුරන්
    - නලින්

    ReplyDelete
    Replies
    1. අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදක් වුණත් අපිට අලුත් ලෝකයක් ගැන හිතන්න වෙනවා නලින් අයියේ.එහෙම නොවෙන්න අපි උඹලා හැමෝටම මේක ඇතුලේ ළිං මැඩියෝ වගේ හිර වෙලා ඉන්නයි වෙන්නේ.

      Delete
  2. මේවා අපිට දැනුනාට හැගුනාට වැඩක් නැහැ මනෝ,, ආයෙනම් මේ පින්බිමේ උපදින්න එපාය කියන එකයි මගේ පැතුම

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත අපුර්,එත් අපි මේ රටේ හිටියත්,නැතත් මේ රට තියෙන්න ඕනනේ.අනික මේවා දැක දැක නිහඬව සිටීමත් එක විදියකට අපි මේවා අනුමත කිරීමක් වෙනවා.

      Delete
    2. ඇයි අපි පතන්නෙ අපි උපදින්න එපා කියලා...අපි පතමු අපේ රට කාලකන්නි දේශයක් බවට පත්කරගෙන යන කාලකන්නි දේශපාලුවෝ ලක්දෙරණෙ නැවත උපදින්න එපා කියලා... කොහොමත් උන් කරන පව්කාර වැඩ වල හැටියට ආයෙමත් මිනිස් ආත්මයක ඉපදෙන එකක් නෑ....

      Delete
  3. ආගම ගැන ලියන්න එපා කතා කරන්න එපා කියලා අම්බ බොරු නීතියක් දාගෙන ඉන්නවා වගේම දෙයක් තමයි, අධිකරනය විවේචනය කරන්න බෑ කියන නීතියත්. නීතිය සාධාරණය යුක්තිය ඉටු කරනවනම් මෙහෙම පෝස්ට් ලිය වෙන්නේ නෑ නේ. දැන් අධිකරණය කියන්නේ මුදල් හා බලය මත තීන්දු දෙන තැනක්. ඒකනේ උන්ගෙම මහ එකීටත් කෙල උනේ. අද අධිකරණය කියන්නෙත් බල්ලට ගිය තැනක්. කිසිම යුක්තියක් ඉටු නොවන තැනක්. ඒ අස්සේ මේ රටේ බූරුවෝ නීතයක් ගේන්න යනවලු. දූෂණයට ලක් වුන් කෙනා දූෂණය කරපු එකා බඳින්න ඕනාය් කියලා. අම්මපා මුන්ගේ ඔලුවල තියෙන්නේ ගූද හැබෑට.

    ReplyDelete
    Replies
    1. මාතලන්තුමා,නීතිය,සාධාරණය,යුක්තිය ඉටු කරන්න තියෙන ආයතන වලින් සිද්ද වෙන්නේ
      අවනීතිය,අසාධාරණය,අයුක්තිය ක්‍රියාත්මක වීම නම් කෑලෑ නීතියට තමයි ඉඩ විවර වෙන්නේ.එකම ඇති රටක් අරාජික කරන්න.

      //අද අධිකරණය කියන්නෙත් බල්ලට ගිය තැනක්//
      සම්පුර්ණ ඇත්ත,රටම බල්ලාට ගියායින් පස්සේ අධිකරණය විතරක් ඉතුරු වේවිද.?

      //මේ රටේ බූරුවෝ නීතයක් ගේන්න යනවලු. දූෂණයට ලක් වුන් කෙනා දූෂණය කරපු එකා බඳින්න ඕනාය් කියලා.//
      අම්මපා එහෙමත් එකක්ද.?ස්ත්‍රී දුෂණ වලිනුත් රට අංක එකට ගෙන ඒමේ සද්භාවයෙන් ගෙන නීතියක් වෙන්න ඕනේ එක එහෙනම්.අනේ මෙහමේත් මී හරක්නේ මේ රට කරවන්නේ.

      Delete
  4. අගවිනිසුරුවරිය සමූහ දූෂණයට ලක් කරල අයින් කල රටේ ඊට පහල ගෑනුන්ගෙ ආරක්ෂාව ගැන කුමන කතාද මනෝ. මාතලන් කියනව වගේ දූෂණයට ලක්වූවන් දූෂකයට දෙන්නත් නීති හදාගෙන යනව දැං. රාවය පත්තරේ විතරයි ඒ ගැන කතා කලෙත්.

    ReplyDelete
    Replies
    1. කලින් අගවිනිසුරුවරිය ඉතාම දුෂ්ට කෙනෙක්.මෙයා නිහතමානියි.සරත් සිල්වට වඩා හොඳයි. ඔය කියන දේවල් කලින් ගෑනි ඔයිට හපන් විදියට කළේ.කලින් ගෑනි වැඩ කලේ වලව්වක මුරන්ඩු හාමු කෙනෙක් වගෙ.හැමෝටම සැළකුවෙ බල්ලන්ට බලලුන්ට වගෙ.

      Delete
    2. ඒ අගවිනිසුරු වරිය‍ගේ ඇතුල් පැත්ත දන්‍නෙ නෑ. ඔබ කිව්ව ඇත්ත ‍වෙන්න පුළුවන්‍. එයා‍ගෙ හැසිරීම වලව්‍වෙ හාමු ‍කෙ‍නෙක් ව‍ගේ නං ප්‍රති පාර්ශව‍යේ හැසිරීම වලව්වට පැන්න හොරු කණ්ඩායමකගෙ ව‍ගේ. අන්න එතනයි අවුල

      Delete
    3. එකත් ඇත්ත රාජ්,අගවිනිසුරුවරියකට එහෙම කරන්න පුළුවන් රටක තව මොනවද කරන්න බැරි බලාගෙන ගියාම.

      අරම නීතියක් ගෙනාවොත් රටට මොකක් වේවිද?දැනටම මෙහෙමනම්.

      @ඇනෝ
      රාජ් දීලා තියෙන්නේ උත්තරේ.

      Delete
  5. මේව ගැන හැම දා ම කතා කරනවා. ඒත් විසඳුමක් නෑ. කලකිරීමක් තමා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එත්,මේවා දැක,දැක නිහඩව ඉන්නත් බැහැනේ දිලිනියෝ.

      Delete
  6. මේ බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න අපේ ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,අජිත් ඇතුලත් කරන්නම් ....:)

      Delete
  7. රටේ විතරක් නෙවෙයි හැක දෙයක්ම පිරිහෙලා එක එහෙම කියලා පෙන්නෙ කීප දෙනෙකුට විතරක් වෙන්න ඇති .100 වෙනි එකට පාටි දාපු උන් තමයි මේ රට කරවන්නෙ අයේ මොන කතා ද ??? මේ නීති ගැන ??

    ReplyDelete
    Replies
    1. එක හරි සහෝ.රට පිරිහිලා තියෙන්නේ අන්තිමේටම.එක කට්ටියට පේන්නේ නැතිව නෙමේ තාමත් මිනිස්සු නිද්‍රශිලිව ඉන්නේ.එකට එක හේතුවක් තමයි රට "ගොබෙල්ස්"ලා පාලනය කරන එක.හැබැයි එයලා නැගිටින්න වැඩි වෙලවක් යන්නෙත් නැහැ.

      Delete
  8. කලින් අගවිනිසුරුවරිය කියන්නෙ මෙයාට වඩා නරක කෙනෙක්.මේ සිද්ධියෙත් නීතිපතිවරයාට මහෙස්ත්‍රාත් කෙනෙකුට නියෝග දෙන්න පුළුවන්ද කියල දන්නෙ නෑ.මහේස්ත්‍රාත් වග කියන්නෙ අගවිනිසුරුට නේද?නීතිපති කොහොමද නියෝග දෙන්නෙ.මේක ඊ නිව්ස් බොරුවක්ද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ....උඹ නම් මාර පොරක් බං. අපේ රටේ ඔක්කොම වෙන්නේ නීති පුස්තකයේ සහ රෙගුලාසිවලට නම් මේවා ලියයිද බන්. නීතිපති උපදෙස් මත අයින් කරපු හෝ ඉල්ලා අස්කර ගත්ත නඩුවල වාර්තා කොහොමද හොයාගන්නේ? ඇත්තටම මම අහන්නේ. එතකොට පුළුවන් අග,මුල,ඔක්කොම හොයාගන්න. කාට කාටත් ඒවාට වගකියන්නත් වෙයි දවසක.

      Delete
    2. අගවිනිසුරුවරිය ගැන ගැටලුවක් නෙමේ මෙතන තියෙන්න ඇනෝ.මෙතන ප්‍රශ්නේ නීතිපතිවරයාගේ ක්‍රියා කලාපයයි.
      මම නිතිය ගැන විශාල වශයෙන් දන්නා කෙනෙක් නෙමේ.නමුත් මම දන්න විදියට නිති පතිට මහේස්ත්‍රාත්ට වැඩි බලයක් තියෙනවා.නඩුවක් පවත්වාගෙන යනවාද,නැතිද කියන එක තීරණය කරන්නේ නීතිපතිවරයා විසින්.නමුත් කිසිම විටක සාක්ෂි තියෙන,නිසි ලෙස ගොනු කරපු නඩුවක් ඉවත් කරන්න නීතිපතිවරයාට හැකිද කියන්න දන්නේ නැහැ.එහෙම කරන්න පුළුවන් නම් රටේ නිතිය කොහොමද අපක්ෂපති වෙන්නේ.?

      මිට කලියෙන් නීතිපතිවරයා විසින් එක නඩුවක් ඉවත් කෙරු "නාම්පමුණුව"නඩුව ගැන දන්නවාද?

      මේක බොරුවක් නෙමේ නාරම්මල පොලිසිය තමයි කුලියාපිටිය මහේස්ත්‍රාත් උසාවියේ නඩුව පවරන්නේ නඩු අංකය බී19/2010.අධිකරණයට වෛද්‍ය වාර්තාවේ අංකය තමයි 221/2010 එකේ පැහැදිළිව සදහන් වෙනවා මේ තරුණිය දුෂණයකට ලක්ව තිබෙන බව.මේ තියෙන්නේ මේ සම්බන්ධව නීතිපතිවරයා මහේස්ත්‍රාත්ට එවපු ලිපියේ අංකය.කුලියාපිටිය ම/උ නඩු අංක බී19/2010 එකේ සදහන් වෙනවා චුදිතයන් නිදහස් කරන මෙන් කරන නීතිපතිවරයාගේ දැනුම් දීම.

      Delete
  9. මචං මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මොකක්ද බං නීතිය කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. අපේ රටේ නීතිය කියන්නේනම් බං අපි,උඹලා වගේ උන්ට කිසිදා සාධරණයක් බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්.මට හිතෙන විදියට මෙහේ නීතියක් නැහැ තියෙන්නේ අවනීතියක් විතරයි.

      Delete
  10. මැකියාවෙලි ආපහු ඉපදිලා රට හදනවට කැමතිද.....?

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් නිහිංසා, ඔයාට මුලින්ම

      මැකියාවෙලි ගැන නම් මම දන්නේ නැහැ.හැබැයි රට හදන්න කවුරුවත් ඉපදෙනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ.අපිම ඒ වැඩේ පටන් ගනිමු.

      Delete
  11. කොසොල් රජ තුමා දැකපු සිහින ඒ අයුරින්ම අපේ රට තුල සබා වෙනවා නේද, දෙයක් තමන්ට උනොත් විතරයි ඒ දෙ වෙන්නේ කියන මතයේ ඉඳන් රටේ ඉහල ඉඳන් පහලටම යනකන් පාලන ව්‍යූහය හැදිලා තියෙන කොට උන් උන්ට විතරක් කරගනිද්දී මේවා ගැන කවර කතාද, අපි මොන දෙ කීවත් මේකේ මොන දෙ ලීවත් ඊළඟ චන්දෙදීත් දුෂණ වනචා වලින් හරි කවුන්මද පත් වෙන්නේ, අන්තිමට ඉතින් බිහිවෙන්නේ ඕනෑම දෙකට අනේ අපොයි කියන ජාතියක් විතරයි, එක තමා වචන දෙකේ සංවේදී කම. අර කියමනක් තියෙනවනේ වටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අවනඩුව කියලා, නඩුත් හාමුදුරුවොන්ගේ නම් බඩුත් හාමුදුරුවොන්ගේනන් අහවල් එකකට උසාවියක් තියෙන්නේ, වැරදි කරන මිනිස්සුම වැරදි වලට දඬුවම් දෙන්න නීති හදනවනම් ඒ නීති වලින් සහ පහක වැඩක් අනේ අපට නම් නෑ.

    ReplyDelete
    Replies
    1. සොමියා,මුලින්ම ආයුබෝවන් කියලා උඹව පිළිගන්නවා.උඹ කියන දේ හරි වැටත්,නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ අවනඩුව.

      //වැරදි කරන මිනිස්සුම වැරදි වලට දඬුවම් දෙන්න නීති හදනවනම් ඒ නීති වලින් සහ පහක වැඩක් අනේ අපට නම් නෑ//
      ඕකෙන් වෙන්නේ අන්තිමට පිළිගත් නීතින් යටපත් වෙලා කෑලැ නිතිය ඉස්මතුවීමයි.අන්තිම ප්‍රතිපලය පි තව,තවත් ලෝකයෙන් කොන් වීමයි.

      Delete
  12. කොච්චර ලිවුවත් හදන්න නම් අමාරුයි බන්

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත වුණත් නිකම් බලාගෙන ඉන්න බැහැනේ බං.

      Delete
  13. ඔය කියන පොරට ඔච්චර කික් එකක් එන්නෙ නිකම්ම නෙමෙයිනෙ ගොයියො....ඉහළම අතකින් නැටවෙන රූකඩ තමයි මේ තනතුරු හැම එකක්ම....අන්න ඒ නිසයි විධායක ජනාධිපති ක්‍රමය කියන අටමගලය හැකි ඉක්මනින් ඉවත් කරලා දාන්න අවශ්‍ය....

    ReplyDelete
    Replies
    1. විධායක අටමගලය විතරක් නෙමේ සිරෝ මේ මුළු ක්‍රමේම වෙනස් කරන්න ඕනේ.නැතිනම් වෙන්නේ හිසරදෙට කෝට්ටේ මාරු කලා වගේ වැඩක්.

      Delete
  14. මම හිතන්නෙ අපේ රටට ආපු කාලකන්නිම පාලකය තමයි.මහින්ද කියන්නෙ.අද රට ගව් ගනනාවක් ආපස්සට ගිහින් තියෙන්නෙ.ඒක අපහු හරවන එකත් කරන්න වෙන්නෙ අපිටම තමයි.උත්සාහ කෙරුවොත් සිම්පල් කේස් එකක්.

    ReplyDelete
    Replies
    1. මහින්ද කියන්නේ මට නම් ඒකාධිපතියෙක්.එකගයි උඹත් එක්ක ඇනෝ.මේ යන ගමන ආපස්සට හරවන එක ඒ තරම් දෙයක් නොවේ තමයි.

      Delete
  15. මනෝජ්,

    මේ තමයි අද දවසේ රටේ නීතිය ක්‍රියාත්ම වීමේ තත්වය. හැම දේටම ඉහළින් විධායකයක් තියාගෙන දේශපාලන ක්‍රමවේදයන් අපි විකෘති කරලා භාවිතා කරනවා. ඒකේ ප්‍රතිඵල හැටියට හැමෝම අධිකරණයටත් අත ගහනවා. නීතිය කියන්නේ රටක සාධාරණත්වය රැකගැනීමට තියෙන තැන වුණාට ඒක යටපත් කර ගැනීම කියන්නේ අනික් හැම දෙයක්ම පාවා දීමක් තමයි. නමුත් රටේ මිනිස්සු නිෂ්ශබ්ද ව සිටින තත්වයක් තුළ මේ දේවල් සිදුවීම ප්‍රශ්ණ කරන්නටත් කෙනෙක් නෑ නේද මනෝජ්..........................

    ReplyDelete
    Replies
    1. ඒ නිෂ්ශබ්දතාවය නොකියා කියන්නේ අපි මේ දේවල් අනුමත කරනවයි කියන එකනම්.අපි හඩ නගමු එක්ව.මේ තත්වය වෙනස් කරන්න පුළුවන්.

      Delete
  16. නීතිය තියෙන්නේ කාගේ හරි සාක්කුවක බව හොඳටම පේන්න තියෙනවානේ. එදා නඩුකාරයින්ගේ ගෙවල්වලට ගල් ගැස්සුවා. දැන් නඩුකාරයින්ට බඩු ගස්සනවා.

    ReplyDelete
    Replies
    1. නිතිය ගැන විස්වාසයක් තියන්න බැරි වුණාම අරූයියේ අන්තිමට කෑලැ නිතිය තමයි රජ කරන්න ගන්නේ.බලය,ධනය තියෙන එකට දිනුම නැති එකට පරාජය ඔහොමයි වෙන්නේ අන්තිමට.

      Delete
  17. නීතිය අකුරට ක්‍රියාත්මක වෙනව නම් කොයි තරම් ප්‍රශ්ණ ගොඩක් විසද ගන්න පුලුවන්ද ...

    ReplyDelete
    Replies
    1. තුශානි මුලින්ම ඔයාවත් ආයුබෝවන් කියලා පිළිගන්නවා.

      ඔයා කියන දේ හරි රටක් හදන්න නම් නිතිය හැමෝටම එක වගේ සාධාරණව ක්‍රියාත්මක වෙන්න ඕනේ.එහෙම නොවෙන්න රටක් හදන්න බැහැ.

      Delete
  18. මේ කොමෙන්ටුව මෙතනට අදාල වන්නේ නඩු තීන්දුවක් සම්බන්ධ වූ නිසාය.සාධාරන නඩු තීන්දු ලබා ගැනීමට ලෝක බලය වැදගත්ය.

    සුසිලා හේරත් මහත්මිය යනු පාසල් වල දරුවන්ට වධ හිංසා කරන ගුරුවරු අතරින් තවත් එක් ගුරුතුමියක් පමණි.මෙම වධ හිංසා ලංකා සමාජය අනුමත කරන නිසා ඊට එරෙහිව අපිදු කිසිවක් නොකියමු.නමුත් මේ සිද්ධියෙන් ඇ‍ය ලෝක ප්‍රසිද්ධ වී සුරක්ෂිත වී ඇත.ඇත්තෙන්ම මේ රටේ කිසිම කෙනෙක් සුරක්ෂිත නැත.එහෙත් සුසිලා හේරත් වැනි කෙනෙකුට අත තියන්න දැන් බයය.මේ ගුරුතුමියත් මානව හිමිකම් කඩන්නියක් වුනත් ලෝක මානව හිමිකම් සංවිධාන දැන් ඇය සමඟය.
    මේ ලෝක බලය සුළුපටු දෙයක් නොවේ.මලාලා යුසුෆ්කායිට අත තියන්නට තලේබාන්ලා පවා බයය.
    මේ රටේ ජනතාව තමන් වහන්සේලා සුප්‍රසිද්ධ නොවනතාක් කල් අනරක්ෂිත බව වටහා ගෙන නැත.පුද්ගලයාගේ සුරක්ෂිත බව ඇත්තේ සියලු බල ආයතන වෙනව තිබෙන තාක් කල් පමනි.අද මේ සියල්ල ඒකරාශී වෙමේ අනතුරක් ඇත.එබැවින් ජනතාවට ඉතිරි වී ඇති එකම සරණ ලෝක බලයයි.
    බටහිර බටහිර යැයි කියා නලින් ද සිල්වලාගේ වැදි බණ අසමින් මෙම ලෝක බලයට බනින සියල්ලෝම යන්නේ කොටියාගේ ගුහාවටය.
    සුසිලා මහත්මිය වාසනාවන්තය.ඇයට දැන් උපදෙස් දෙන අය සිටින බව ඇයගේ මේකප් දැමූ පොටෝ එක දුටු පමනින් සිතේ.ඇයට බකින්හැම් මාලිගයට ඇරයුම් නොලැබුනත් ඊලඟ මැතිවරණැයේදී විපක්ෂ වේදිකාවට ගොඩ විය හැක.ඇයට ජනතාව රැවටීමේ හැකියාවක් තිබුනොත් දෑත් ශක්තිමත් කිරීමට ආරාධනාවක් ලැබී පළාත් සභා මන්ත්‍රී සමඟ එකම වේදිකාවේ දකින්නට ලැබුනොත් ඒත් පුදුම විය යුතු නැත.

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එක W3 Lanka බ්ලොග් එකෙත් මම දැක්කා.

      //සාධාරන නඩු තීන්දු ලබා ගැනීමට ලෝක බලය වැදගත්ය.//
      ගොඩක් දුරට එකග වෙන්න පුළුවන්.දැන් ඇහෙන "කුරාම් සෙයික්" නඩුවෙන් සාධාරණ තීන්දුවක් ලැබේවි කියලා හිතෙනවා.එකටත් ඔබ ඔය කියන ලෝක බලය තරමක් දුරට හෝ බලපැමක් එල්ල කර තිබෙන බව රහසක් නොවේ.නමුත් ගැටලුව වෙන්නේ එවැනි සාධාරණ තීන්දු ලබා ගැනීමට අධිකරණයකට බලපෑම් කිරීමට තරම් රටේ බහුතරයක් මිනිසුන්ට නොහැකි වීමයි.වෙසෙසින්ම ඉහත මම සදහන් කරපු ස්ත්‍රි දුෂණ නඩුව වගේ තැන් වලදී.

      ඔබ සදහන් කරන කරණය ගැන කියනවා නම් මේ ගුරුවරිය අර දරුවාට කරපු දේ මම සාධාරණය කරන්නේ නැහැ.ඇය මුලින්ම කල යුතුව තිබුණේ එම දැරියට අවවාද කිරීමයි.ඒ වගේම ඒ ක්‍රියාවට ඇගේ තාත්තා දක්වන ලද ප්‍රතිචරය කිසිසෙත් පිළිගන්නත් බැහැ.

      ඔබ අවසානේ කියපු දේ නොවෙන්න බැරි කමකුත් නැහැ.ඒ දේ ගැන එක පාරක් අපේ "ඉවාන්"සහෝදරයා ඒ දවස් වලම කියලා තිබුණා මට මතකයි මාතලන් ගේ පොස්ට් එකක කොමෙන්ට් එකක් විදියට.

      Delete
    2. //සාධාරන නඩු තීන්දු ලබා ගැනීමට ලෝක බලය වැදගත්ය.//
      මට නම් මේවාට හිනා බං.
      මේකට කියන්න වෙන්නේ............මෙරට මොකට අධිකරණය නීතිය සහ විනිසුරන් කියලා තමයි.

      Delete
    3. අරූයියා,
      අපි හිනා වුණත් ඕක තමයි බං ඇත්ත.ලොක්කා බොරුවට කෑ මොර දුන්නත් ජාත්‍යන්තරයට ඕනේ විදියට දගලන්නේ නැහැ කියලා කරන්නේත් ජාත්‍යන්තරයට ඕනේ දේවල්ම තමයි.එකනේ චොගම් එක කටේ තියගෙන පොලිසිය ආරක්ෂක අමත්‍යන්ශයෙන් අයින් කෙරුවේ.නැතිනම් ඕක ඊට කලින් කරන්න තිබුණා නේද..?

      රටක අධිකරණ පද්දධතිය ස්වාධින වෙන්න ඕනේ එකේ කිසිම තර්කයක් නැහැ.එත් සාධාරන නඩු තීන්දුවක් ලංකාවේ අධිකරණය තුලින් ලබා ගන්නනම් ලෝක බලයක් හෝ කිසියම් ජනතා බලපෑමක් කල යුතුව තිබෙනවා.කණගාටුවට,ලැජ්ජාවට හේතුවක් උණත් එක ඇත්ත.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!