අමාවක අහසට පුර සඳක් | කොහින්දෝ |
ගලා හැලෙන කදුළු වලට තිතක් | කොහින්දෝ |
පරවී වැටෙන මල් පොකුරේ සුවඳ | කොහින්දෝ |
ඔබ ගැන නොසිතා මට හෙටක් | කොහින්දෝ |
එක කුඩයක් යට ගුලි වුණා මතකයි පොද | වැස්සේ |
දෙකොපුල් ඔබේ සිප ගත්තා ඒ හිරිමල් | වයසේ |
සිහිල් සුළන් හමා යද්දී අප වට කර | නිතොරේ |
තුරුල් වුණා ඔබ හෙමිහිට මගේ ළමැද | මැද්දේ |
අතිනත ගෙන අපි ඇවිදපු නුවර විදී | දිගේ |
අරලියා මල් පිපී තිබුණා මතකද | හැන්දෑවේ |
අන්නතවූ සතොසින් පිරි ඒ අතීතේ සිහිවන හැම | වාරේ |
කදුළු ඇසේ තවම නැගේ මටත් හොරෙන් | වාගේ |
ප.ළි.ය:-මේවා කවිද මන්දා.?කොහොම වුණත් මේ කවි ටික ලස්සනට මේ විදියට දාගන්න පුළුවන් වුණේ කාලෙකට කලින් අපේ දේශා මැතිතුමා එවාපු ලින්ක් එකක් උපකාරයෙන්.ඉතින් ඒ ලිනික් එක නිර්මාණය කරපු අළුත් මල්ලිටත්,දේශාටත් දෙන්නාටම තුති.. පින්තුරේ අන්තර්ජාලෙන්. |
Wednesday, May 28, 2014
කදුළු ඇසේ තවම නැගේ මටත් හොරෙන් වාගේ.
Subscribe to:
Post Comments (Atom)
........./////.අන්නතවූ සතොසින් පිරි..../////
ReplyDeleteමනෝ....මේ කියන්නේ මොකක්ද? මේ කවි පන්තිය තව පොඩ්ඩක් නිවි සැනහිල්ලේ ලිව්වානම් මීට වඩා යමක් කරන්න තිබුනා කියලා මට හිතෙනවා. මේ කවිවල යවහන්ද මොකක්ද මට තේරෙන්නේ නැහැ. හැබැයි මේ කවිය කියවෙන්නේ නුහුරු විදිහකට. මම හරිද මන්දා.
//අන්නතවූ සතොසින් පිරි..//
Deleteකියලා මම අදහස් කෙරුවේ අරූයියේ,අනන්තය දක්වා ගිය සන්තෝෂයක්,ප්‍රිතියක් ගැන කියන්නයි.ඒ යෙදුම ඒ තරම් සාර්ථක නැතුව ඇති.
නිවි සැනහිල්ලේ ලිව්වානම් මෙයට වඩා හොද කවි ටිකක් ලියා ගන්න තිබුණා කියලා මටත් හිතෙනවා.
"යවහන්" ගැන අහලා තියෙනවා.එත් ඒ මොකක්ද කියන්න මම දන්නේත් නැහැ අරූයියේ.
දන්නා කෙනෙක් ඒ ගැන කියලා දේවි කියලා හිතනවා.
ආ යවහන්. මේ ලින්ක් එකේ අගට මවුස් එක යවහන්. එතන ඉඳල ක්ලික් කරල මුලට යවහන්. ඊට පස්සෙ රයිට් ක්ලික් බටන් එකට ඇඟිල්ල යවහන්. ඇති නෙ. :D
Deletehttp://pahanyaaya.blogspot.com/2011/09/blog-post_24.html
හරි මචං,යැව්වා බං,ඇති බං උඹටයි,සයුරිටයි දෙන්නාටම ස්තූතියි බං...:)
Deleteහොරෙන් නැගෙන කඳුළු හොරෙන්ම හංගගන්න උත්සාහ කරපං බං.. ඒක තමයි හොදම දේ..
ReplyDeleteඑක ඇත්ත බං,එත් ඉතින් මේ අකීකරු ඇස් කියන දේ අහන්නේ නැහැනේ.
Deleteමනෝ මෙකේ පද ටික නම් ලස්සනයි ,මට නම් තාලය හරියට තෙරුණේ නෑ ,අදහස නම් එල
ReplyDeleteතාලයක් මේකේ මටත් නැහැ සහෝ.අදහස තේරුණා නම් හරි...:)
Deleteනරක නෑ!
ReplyDeleteඇත්තෙයි,ස්තුතියි රාජ්..:)
Deleteඅවුලක් නැහැ.. උඹට තියෙන අමරුව නේ බෝම අමරුවෙන් හංගල එළියට දාලා තියෙන්නේ..
ReplyDeleteස්තුතියි,ස්තුතියි..
Deleteඔව් බං අයියේ හරිම අමරුවෙන් තමයි මේ ටික දැම්මේ එළියට.
එළසමයත් රැකගන්න බලන්න මේ වගගෙ සදැස් කවකදී
ReplyDeleteස්තුතියි නලීන් අයියේ,අයෙමත් මේ වගේ කවක් ලීවොත් ඒ විදියට කරන්න උත්සහාගන්නම්...:)
Deleteනියමයි මනෝජ්,
ReplyDeleteඅපේ සුභ පැතුම්. අපිනම් ඉතින් කවිකරන අයට අත් දෙකම උස්සලා සහය දෙනවා. කවි ලිවීමට උත්සහ කිරීම සහ මෙවැනි නිර්මාණයක් කිරීම ගැන බොහොම සතුටුයි... තව තවත් කවි ලියන්න. කවි ලියන්න ලියන්න හැකියාව වැඩි වෙයි. ඔබට ඒ දේ හදාගන්න පුළුවන්. මේ නිර්මාණය ගැන සතුටුයි...
ඉතින් හැම ආකාරයකින් ම නිර්මාණ කරන එක වැදගත්. ඒකට ඔබ ගත්ත උත්සාහයට අපේ සහය.දැනගන්න යමක් තිබුණොත් අහන්න. අපි දන්න තරමින් කියලා දෙන්නම්
නිර්මාණය එළ හොදේ..............
බොහෝම ස්තුතියි ගී පවුරේ කට්ටියටම...:)
Deleteඅනිවාර්යෙන්ම මට දැනගන්න හුගක් දේවල් තියෙනවා.මේක නම් මේ ඔහේ ලියවුණු සිතුවිල්ලක්.ඊගාව පාර ප්‍රශ්නයක් දෙකක් හදා ගෙනම එන්නම් කෝ එහෙනම්....:)
ඔබ ගැන හිත හිතා මන් කාලෙක කල් මැරුවා
ReplyDeleteඔබ වෙන එවුන් සමගින් මට හොරා ඉඟි මැරුවා
ඔබ එන එන පෙම් හීන වල විස පොවලා මැරුවා
ඔබ උන් හා එක්ව මතකද මා නොමරා මැරුවා
හෙක් හෙක් ඔන්න ඔහොමයි ඕවට රෙප්ල්යි කවි ලියන්නේ, අත් දැකීම් සහිතයිනේ ලස්සනයි ජයවේවා.
ඈ හින්දා කෑවේම මම ටකරන්මයි තහඩු
Deleteඅරගෙන ආවේ ඈ මට ලොවෙත් නොමැති නඩු
ඈ හින්ද වුන තරමක් වුනේ මට මහා පාඩු
කරපු දේට දවසක ගන්නවාමයි මම වාඩු
රිප්ලයි කවිය මරු සොමි ජය....!!
ලස්සනයි මනෝ. එලිසමයත් රකින්න බලන්න.
ReplyDeleteස්තුතියි යශෝ,ඊගාවට තව එකක් ලීවොත් එලිසමයත් රැකගෙන ලියන්නම් කෝ...:)
Deleteඋඹ කවි ලියනවා කියලා අද තමයි දැක්කෙ...පරණ අත්දැකීමක් දෙකක් වැහිබර රාතියක සම්මුඛ වී ඇති හැඩයි...ඔය වගේ අත්දැකීම් මටත් තියෙනවා බං....ඉස්සර නම් අකුරු කලා...නිසදැස් විදියට...දැන් ඒ හැගීම නැති හින්දද මන්දා...ලියන්න තරම් ෆිට් එකක් නෑ....
ReplyDeleteපැත්තකින් තියෙන යශෝධගෙ බැනර් එක ගලවලා දාහං....ඒ කාරිය අවසන් දැන්..
එහෙමට ලියන්නේ නැහැ බං.ඇත්තම කිවොත් මට කවී ලියන්න බැහැ බං.:)
Deleteමේ අකුරු වුණේ නම් අත්දැකීමක් තමයි.දැන් ඒ හැගීම නැහැ කියන්නේ උඹට දැන් ලව් අරහන්ද..:D ?
යශෝධගෙ වැඩේ හරි කියා කොහේ හරි තියෙනවා දැක්කා.එක එත් ගලවන්න තරම් වුමනාවක් වුනේ නැහැ බං.මම එක ගලවලා දාන්නම්.
ලව් අරහං නෙමෙයි බං....විරහව ගැන ලියද්දි ඒ හැගීම හිතට හොදට දැනුන කාලයෙදි තමයි මගේ අතින් හොද නිර්මාණ බිහි වුනේ..ඒ දවස් වල මට නිසදැසක් ලියන එක කජු කනවා වගේ වැඩක්...දැන් නම් පැය භාගයක් කල්පනා කලත් සමහර වෙලාවට වචන ගොනු වෙන්නෙ නෑ...ඒක නුපුරුදු දෙයක් වෙලා.
Deleteඑක ඇත්ත සිරෝ.ඕනේම හොද නිර්මාණයක් බිහි වෙන්න නම් ඒ හැගීම නිර්මණකරුවාගේ හිතට හොදින් දැනෙන්න ඕනේ.හැබැයි ඔය නුපුරුදු දේ පුරුද්දක් කර ගන්න බැලුවානම් මොකෝ වෙන්නේ...?
Deleteකවි තමයි බං. ඔහොම එලිසමය අහවල් එක තියෙන්න ලියන්න පුලුවන් එවුන් අද හරි අඩුයි. මට නම් කොහොමටවත් බෑ.
ReplyDeleteමටත් එහෙම ලියන්න බැහැ බං ඩුඩ් අයියේ.මේක ලිව්වෙත් අමරුවෙන්.
Deleteකවිය නෙවෙයි මෙතන ඉස්මතුවෙලා පෙන්නේ මනෝ ගේ හිතේ තෙරපෙන හැඟුම් , කවි නම් තව දෙක තුනක් ඉයනකොට ගානට ට්‍රැක් එකට වැටෙයි , එත් ඔහොම හැගීම් දෙක තුන එන්නේ නෑ නොවැ
ReplyDeleteඔව්,මේ හිතේ තෙරපෙන හැඟුම් තමයි බං අකුරු වෙලා එළියට ආවේ...:)
Deleteඅඩේ..ඇයි බං මට මේකට එන්න මෙච්චර පරක්කු උනේ. නම වෙනස් වෙන්නෙ එක අකුරෙන් ඈ....??
ReplyDeleteඅලුත් ලිපියක් ඉක්මනට දැම්මනම් නේද හොඳ?
ඔන්න එහෙනම් උඹවත් "ආයුබෝවන්"කියලා පිළිගන්නවා මුලින්ම.
Deleteලියන්න නම් ඕනේ බං.වෙලා තියෙන්නේ කම්මැලිකම නිසා ලියන්න බැරි වෙන එකයි.
අප්පේ ....අපි ටිකක් එහාට මෙහාට වෙනකං ඉදලා මෙයා කවිත් ලියලා.... :)
ReplyDeleteඉතින් අප්පේ එහෙම හොඳ නැතෙයිද...:)
Deleteඅවුලක්ම නෑ...එක පාරටම දුවන්න බෑනෙ..මල්ලි..තව දෙක තුනක් ලියනකොට උඹටම තේරෙයි රිද්මය ගන්න විදිහ...:)
ReplyDeleteනිසඳැස් ලියන්න බලන්න මනෝජ් ඉස්සෙල්ල..පුරුදු වෙන්ට එහෙම හොඳයි.
රවීයියා මනෝගේ ලෝකෙට ආපු පළමුවැනි වතාවනේ ආයුබෝවන් කියලා මුලින්ම පිළිගන්නවා.
Deleteමේ කවි පන්තියේ රිදම් එකේ අවුලක් තියෙන බව මටත් තේරෙනවා රවී අයියේ,බොහෝමත්ම ස්තුතියි මේ උපදෙස් වලට,දිරි ගැන්වීම් වලට.....:)
තව ලියහන්. එතකොට අඩුපාඩු අඩුවෙන් ලියන්න පුළුවන්. උත්සාහය එල.
ReplyDeleteඋඹව ආයෙමත් දකින්න ලැබිච්චි එකත් සන්තෝසයක් බං.එල,එල උත්සහා ගමු තව ලියන්න.
Delete