Wednesday, May 28, 2014

කදුළු ඇසේ තවම නැගේ මටත් හොරෙන් වාගේ.





         

අමාවක අහසට පුර සඳක්කොහින්දෝ
ගලා හැලෙන කදුළු වලට තිතක් කොහින්දෝ
පරවී වැටෙන මල් පොකුරේ සුවඳකොහින්දෝ
ඔබ ගැන නොසිතා මට හෙටක්කොහින්දෝ
  
එක කුඩයක් යට ගුලි වුණා මතකයි පොදවැස්සේ
දෙකොපුල් ඔබේ සිප ගත්තා ඒ හිරිමල්වයසේ
සිහිල් සුළන් හමා යද්දී අප වට කරනිතොරේ
තුරුල් වුණා ඔබ හෙමිහිට මගේ ළමැදමැද්දේ
  
අතිනත ගෙන අපි ඇවිදපු නුවර විදීදිගේ
අරලියා මල් පිපී තිබුණා මතකදහැන්දෑවේ
අන්නතවූ සතොසින් පිරි ඒ අතීතේ සිහිවන හැමවාරේ
කදුළු ඇසේ තවම නැගේ මටත් හොරෙන්              




වාගේ
ප.ළි.ය:-මේවා කවිද මන්දා.?කොහොම වුණත් මේ කවි ටික ලස්සනට මේ විදියට දාගන්න පුළුවන් වුණේ කාලෙකට කලින් අපේ දේශා මැතිතුමා එවාපු ලින්ක් එකක් උපකාරයෙන්.ඉතින් ඒ ලිනික් එක නිර්මාණය කරපු අළුත් මල්ලිටත්,දේශාටත් දෙන්නාටම තුති.. පින්තුරේ අන්තර්ජාලෙන්.

36 comments:

  1. ........./////.අන්නතවූ සතොසින් පිරි..../////

    මනෝ....මේ කියන්නේ මොකක්ද? මේ කවි පන්තිය තව පොඩ්ඩක් නිවි සැනහිල්ලේ ලිව්වානම් මීට වඩා යමක් කරන්න තිබුනා කියලා මට හිතෙනවා. මේ කවිවල යවහන්ද මොකක්ද මට තේරෙන්නේ නැහැ. හැබැයි මේ කවිය කියවෙන්නේ නුහුරු විදිහකට. මම හරිද මන්දා.

    ReplyDelete
    Replies
    1. //අන්නතවූ සතොසින් පිරි..//
      කියලා මම අදහස් කෙරුවේ අරූයියේ,අනන්තය දක්වා ගිය සන්තෝෂයක්,ප්‍රිතියක් ගැන කියන්නයි.ඒ යෙදුම ඒ තරම් සාර්ථක නැතුව ඇති.

      නිවි සැනහිල්ලේ ලිව්වානම් මෙයට වඩා හොද කවි ටිකක් ලියා ගන්න තිබුණා කියලා මටත් හිතෙනවා.

      "යවහන්" ගැන අහලා තියෙනවා.එත් ඒ මොකක්ද කියන්න මම දන්නේත් නැහැ අරූයියේ.
      දන්නා කෙනෙක් ඒ ගැන කියලා දේවි කියලා හිතනවා.

      Delete
    2. ආ යවහන්. මේ ලින්ක් එකේ අගට මවුස් එක යවහන්. එතන ඉඳල ක්ලික් කරල මුලට යවහන්. ඊට පස්සෙ රයිට් ක්ලික් බටන් එකට ඇඟිල්ල යවහන්. ඇති නෙ. :D

      http://pahanyaaya.blogspot.com/2011/09/blog-post_24.html

      Delete
    3. හරි මචං,යැව්වා බං,ඇති බං උඹටයි,සයුරිටයි දෙන්නාටම ස්තූතියි බං...:)

      Delete
  2. හොරෙන් නැගෙන කඳුළු හොරෙන්ම හංගගන්න උත්සාහ කරපං බං.. ඒක තමයි හොදම දේ..

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත බං,එත් ඉතින් මේ අකීකරු ඇස් කියන දේ අහන්නේ නැහැනේ.

      Delete
  3. මනෝ මෙකේ පද ටික නම් ලස්සනයි ,මට නම් තාලය හරියට තෙරුණේ නෑ ,අදහස නම් එල

    ReplyDelete
    Replies
    1. තාලයක් මේකේ මටත් නැහැ සහෝ.අදහස තේරුණා නම් හරි...:)

      Delete
  4. Replies
    1. ඇත්තෙයි,ස්තුතියි රාජ්..:)

      Delete
  5. අවුලක් නැහැ.. උඹට තියෙන අමරුව නේ බෝම අමරුවෙන් හංගල එළියට දාලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,ස්තුතියි..
      ඔව් බං අයියේ හරිම අමරුවෙන් තමයි මේ ටික දැම්මේ එළියට.

      Delete
  6. එළසමයත් රැකගන්න බලන්න මේ ව‍ගගෙ සදැස් කවකදී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන් අයියේ,අයෙමත් මේ වගේ කවක් ලීවොත් ඒ විදියට කරන්න උත්සහාගන්නම්...:)

      Delete
  7. නියමයි මනෝජ්,

    අපේ සුභ පැතුම්. අපිනම් ඉතින් කවිකරන අයට අත් දෙකම උස්සලා සහය දෙනවා. කවි ලිවීමට උත්සහ කිරීම සහ මෙවැනි නිර්මාණයක් කිරීම ගැන බොහොම සතුටුයි... තව තවත් කවි ලියන්න. කවි ලියන්න ලියන්න හැකියාව වැඩි වෙයි. ඔබට ඒ දේ හදාගන්න පුළුවන්. මේ නිර්මාණය ගැන සතුටුයි...

    ඉතින් හැම ආකාරයකින් ම නිර්මාණ කරන එක වැදගත්. ඒකට ඔබ ගත්ත උත්සාහයට අපේ සහය.දැනගන්න යමක් තිබුණොත් අහන්න. අපි දන්න තරමින් කියලා දෙන්නම්

    නිර්මාණය එළ හොදේ..............

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ගී පවුරේ කට්ටියටම...:)
      අනිවාර්යෙන්ම මට දැනගන්න හුගක් දේවල් තියෙනවා.මේක නම් මේ ඔහේ ලියවුණු සිතුවිල්ලක්.ඊගාව පාර ප්‍රශ්නයක් දෙකක් හදා ගෙනම එන්නම් කෝ එහෙනම්....:)

      Delete
  8. ඔබ ගැන හිත හිතා මන් කාලෙක කල් මැරුවා
    ඔබ වෙන එවුන් සමගින් මට හොරා ඉඟි මැරුවා
    ඔබ එන එන පෙම් හීන වල විස පොවලා මැරුවා
    ඔබ උන් හා එක්ව මතකද මා නොමරා මැරුවා

    හෙක් හෙක් ඔන්න ඔහොමයි ඕවට රෙප්ල්යි කවි ලියන්නේ, අත් දැකීම් සහිතයිනේ ලස්සනයි ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ඈ හින්දා කෑවේම මම ටකරන්මයි තහඩු
      අරගෙන ආවේ ඈ මට ලොවෙත් නොමැති නඩු
      ඈ හින්ද වුන තරමක් වුනේ මට මහා පාඩු
      කරපු දේට දවසක ගන්නවාමයි මම වාඩු

      රිප්ලයි කවිය මරු සොමි ජය....!!

      Delete
  9. ලස්සනයි මනෝ. එලිසමයත් රකින්න බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යශෝ,ඊගාවට තව එකක් ලීවොත් එලිසමයත් රැකගෙන ලියන්නම් කෝ...:)

      Delete
  10. උඹ කවි ලියනවා කියලා අද තමයි දැක්කෙ...පරණ අත්දැකීමක් දෙකක් වැහිබර රාතියක සම්මුඛ වී ඇති හැඩයි...ඔය වගේ අත්දැකීම් මටත් තියෙනවා බං....ඉස්සර නම් අකුරු කලා...නිසදැස් විදියට...දැන් ඒ හැගීම නැති හින්දද මන්දා...ලියන්න තරම් ෆිට් එකක් නෑ....

    පැත්තකින් තියෙන යශෝධගෙ බැනර් එක ගලවලා දාහං....ඒ කාරිය අවසන් දැන්..

    ReplyDelete
    Replies
    1. එහෙමට ලියන්නේ නැහැ බං.ඇත්තම කිවොත් මට කවී ලියන්න බැහැ බං.:)
      මේ අකුරු වුණේ නම් අත්දැකීමක් තමයි.දැන් ඒ හැගීම නැහැ කියන්නේ උඹට දැන් ලව් අරහන්ද..:D ?

      යශෝධගෙ වැඩේ හරි කියා කොහේ හරි තියෙනවා දැක්කා.එක එත් ගලවන්න තරම් වුමනාවක් වුනේ නැහැ බං.මම එක ගලවලා දාන්නම්.

      Delete
    2. ලව් අරහං නෙමෙයි බං....විරහව ගැන ලියද්දි ඒ හැගීම හිතට හොදට දැනුන කාලයෙදි තමයි මගේ අතින් හොද නිර්මාණ බිහි වුනේ..ඒ දවස් වල මට නිසදැසක් ලියන එක කජු කනවා වගේ වැඩක්...දැන් නම් පැය භාගයක් කල්පනා කලත් සමහර වෙලාවට වචන ගොනු වෙන්නෙ නෑ...ඒක නුපුරුදු දෙයක් වෙලා.

      Delete
    3. එක ඇත්ත සිරෝ.ඕනේම හොද නිර්මාණයක් බිහි වෙන්න නම් ඒ හැගීම නිර්මණකරුවාගේ හිතට හොදින් දැනෙන්න ඕනේ.හැබැයි ඔය නුපුරුදු දේ පුරුද්දක් කර ගන්න බැලුවානම් මොකෝ වෙන්නේ...?

      Delete
  11. කවි තමයි බං. ඔහොම එලිසමය අහවල් එක තියෙන්න ලියන්න පුලුවන් එවුන් අද හරි අඩුයි. මට නම් කොහොමටවත් බෑ.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම ලියන්න බැහැ බං ඩුඩ් අයියේ.මේක ලිව්වෙත් අමරුවෙන්.

      Delete
  12. කවිය නෙවෙයි මෙතන ඉස්මතුවෙලා පෙන්නේ මනෝ ගේ හිතේ තෙරපෙන හැඟුම් , කවි නම් තව දෙක තුනක් ඉයනකොට ගානට ට්‍රැක් එකට වැටෙයි , එත් ඔහොම හැගීම් දෙක තුන එන්නේ නෑ නොවැ

    ReplyDelete
    Replies
    1. ඔව්,මේ හිතේ තෙරපෙන හැඟුම් තමයි බං අකුරු වෙලා එළියට ආවේ...:)

      Delete
  13. අඩේ..ඇයි බං මට මේකට එන්න මෙච්චර පරක්කු උනේ. නම වෙනස් වෙන්නෙ එක අකුරෙන් ඈ....??
    අලුත් ලිපියක් ඉක්මනට දැම්මනම් නේද හොඳ?

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් උඹවත් "ආයුබෝවන්"කියලා පිළිගන්නවා මුලින්ම.
      ලියන්න නම් ඕනේ බං.වෙලා තියෙන්නේ කම්මැලිකම නිසා ලියන්න බැරි වෙන එකයි.

      Delete
  14. අප්පේ ....අපි ටිකක් එහාට මෙහාට වෙනකං ඉදලා මෙයා කවිත් ලියලා.... :)

    ReplyDelete
    Replies
    1. ඉතින් අප්පේ එහෙම හොඳ නැතෙයිද...:)

      Delete
  15. අවුලක්ම නෑ...එක පාරටම දුවන්න බෑනෙ..මල්ලි..තව දෙක තුනක් ලියනකොට උඹටම තේරෙයි රිද්මය ගන්න විදිහ...:)

    නිසඳැස් ලියන්න බලන්න මනෝජ් ඉස්සෙල්ල..පුරුදු වෙන්ට එහෙම හොඳයි.

    ReplyDelete
    Replies
    1. රවීයියා මනෝගේ ලෝකෙට ආපු පළමුවැනි වතාවනේ ආයුබෝවන් කියලා මුලින්ම පිළිගන්නවා.
      මේ කවි පන්තියේ රිදම් එකේ අවුලක් තියෙන බව මටත් තේරෙනවා රවී අයියේ,බොහෝමත්ම ස්තුතියි මේ උපදෙස් වලට,දිරි ගැන්වීම් වලට.....:)

      Delete
  16. තව ලියහන්. එතකොට අඩුපාඩු අඩුවෙන් ලියන්න පුළුවන්. උත්සාහය එල.

    ReplyDelete
    Replies
    1. උඹව ආයෙමත් දකින්න ලැබිච්චි එකත් සන්තෝසයක් බං.එල,එල උත්සහා ගමු තව ලියන්න.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!