Monday, January 26, 2015

රට පෙරට (ද) ?

වියයුත්ත එපරිද්දෙන්ම සිදුවෙමින් මහින්ද රාජපක්ෂ පරදවමින් විපක්‍ෂ අපේක්‍ෂකයා ජය ලැබුවා.ජනධිපතිවරණයට පෙර අලුත් රටක් ගැන තිබ්බ බලාපොරොත්තු ඉටු වෙනවා දකිනකොට හිත ඇතුළේ ලොකු සතුටක් දැනෙනවා.අලුත් රජයේ යම්,යම් අඩුපාඩු පෙනෙන්නේ නැතුව නෙමේ.නමුත් අවුරුදු ගාණක් ආපස්සට ගිය රටක්,ක්‍රමයක් දවසින් දෙකින් එක පාරටම වෙනස් කරන්න අමාරුයි.නමුත් දැන් පේන්න තියෙන ඒ වැරදි,අඩුපාඩු සුළුවෙන් තකන්නේ නැතුව දැම්මම හදා ගන්න එක ආණ්ඩුවට වගේම රටටත් හොඳයි.

පරද්දන්න බැහැ,අමාරුයි කියලා හිතපු පාලනයක් පෙරළා දමන්න ජනතා බලයට හැකි වුණා.රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත්තා වුණත් මිනිසුන්ගේ සිතීමේ නිදහසට සිමා පනවලා සමාජය නිද්‍රශීලි කරලා හොරු,තක්කඩි,කට්ටඩි එක්ක රට තමන්ගේ හිතුමනාපෙට සදාකල්ම පාලනය කරන්න හිතාගෙන හිටපු පාලකයාට අකමැත්තෙන් හෝ තමන් වාඩි වෙලා හිටපු සිහසුනෙන් බැහැලා යන්න සිද්ධ වුණේ ඔහු වටා සිටි අයගේ ක්‍රියාකලාපයන් නිසා කියලා බොහෝ දෙනා පැවසුවත් ඔහුගේ පරාජයේ ඒ අය වගේම ඔහුත් කොටස්කරුවෙක්.තමන් වටා ඉන්න අය පාලනය කර ගන්න බැරි කෙනා කොහොමද රටක් හරියට පාලනය කරන්නේ?

කොහොමින් කොහොම හරි ජනාධිපතිවරණයට කලින් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දිවිපුදන්න තරම් සුදානමින් සිටි අය මැතිවරණයෙන් පසුව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ කරගන්න උත්සහා කරන හැටි හරිම හස්‍යාජනකයි.එක අතකට ඒ ඉතින් මේ රටේ දේශපාලනයේ හැටිනේ.අවස්ථාවාදී දේශපාලකයෝ එක මොහොතින් තමන්ගේ පාට වෙනස් කරගන්නේ හරියට නිකං අහස වගේ,එක එක වේලාවට එක එක පාටයි.

ඒ කතා කොහොම වුණත් දැන් රට ඉස්සරහා ලොකු අභියෝගයක් තියෙනවා.එක තමයි මේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුව මහින්ද මහත්තයාගේ ආණ්ඩුව ගිය පාරේම යන්න නොදී "යහපාලන" මාවතේම ඉදිරියට අරන් යන එක. ඒක වේදිකාවල කියන තරම් කරන්න පහසු කරුණක් නොවුණත් කරන්න බැරි අපහසු දෙයක් නෙමෙයි.

මට හිතෙන විදියට අලුත් ආණ්ඩුවේ දින සියයේ වැඩ පිළිවෙළ තුළ ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ව්‍යවස්ථා සංශෝධනයට.දුෂිතයින්ට,සොරුන්ට අනිවර්යෙන්ම නිතිය ඉදිරියට පමුණුවා දඬුවම් දිය යුතුයි.එකේ තර්කයක් නැහැ.නමුත් මේ වේලාවේ මුල්තැන දෙන්න ඕනේ ව්‍යවස්ථා සංශෝධනයටඔළු ගෙඩි මාරු වීමෙන් පමණක් රටට යහපතක් වෙන්නේ නැහැ.එකට ක්‍රමයේ වෙනසක් තියෙන්න ඕනේ.ඒ කරුණ සම්පුර්ණ කරගන්න පුළුවන් නම් මේ ජයග්‍රහණය තවත් අර්ථන්විත වනු නිසැකයි.

කලින් ජනාධිපතිගේ ආකර්ශනිය තේමවක් තිබ්බේ "රට පෙරට" කියලා.හැබැයි ඉතින් එක තේමා පාඨයටම සිමා වෙලයි තිබ්බේ.කිසියම් භෞතිකව පෙනෙන සංවර්ධනයක් තිබ්බත් රටේ සංස්කෘතිම හෝ අධ්‍යාත්මික සංවර්ධනයක් තිබ්බේම නැති ගාණයි."රට පෙරට" කොහොම වෙතත් "රට වලට" ගිය යුගයක් කියලායි මට නම් හිතෙන්නේ ඒ යුගේ ගැන. 

කොහොමින් කොහොමහරි ගිය දේවල් වලට වඩා දැන් උදා කරගන්න,දිනා ගන්න සැහෙන දේවල් තවත් බොහොමයක් තියෙනවා.අපි බලමු මේ ආණ්ඩුව යන මාවත දිහා ඉවසිල්ලෙන්.හැබැයි මේ ආණ්ඩුවත් ගියොත් මහින්ද ගිය කෑලෑ පාරේම මේ ආණ්ඩුවට විරුද්ධව ලියන්න කතා කරන්න පසුබට වෙන්නෙත් නැහැ අපි.මොකද අපිට ඕනේ ආපස්සට යන රටක් නෙමේ පෙරට යන රටක් නිසා.

24 comments:

  1. උඹලා ඕව ගැන හිතනවා.. අපි මේ කල්පනා කරන්නේ ඡන්දෙට කලින් හොදට තිබුන යුරෝ එකට ගෙවන ගාන එන්න එන්න අඩුවීගෙන යන එක ගැන බං..

    ReplyDelete
    Replies
    1. දැන් බලපං ඒ කියන්නේ රුපියලේ අගය වැඩි වෙලා කියන එකනේ.එක උඹලාට පුද්ගලිකව පාඩු වුණත් රටට හොඳයි.

      Delete
  2. අපි දිගට ම බලාගෙන ඉමු.... අවිදියෙන් ඉන්න ඒකයි වැදගත් මනෝජ්... නැත්තම් කවුරු වුණත් කනෙන් රිංගනවා ෂුවර්..........

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අවදියෙන් ඉන්න ඕනේ,නිකන් හරි ඇහැ වසා ගත්තොත් මේ ආණ්ඩුවත් මහින්දගේ ආණ්ඩුව ගිය පාරේම බැරි නැහැ තමයි.

      Delete
  3. කාලෙකින් මනෝ ලියලා තියෙන හන්දා ආවේ. නැත්නම් දේශපාලන ලිපිවලට කමෙන්ට් කරන්නේ නෑ.:P

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,එහෙනම් මම රිප්ලයි කරන්නෙත් නැහැ...:D

      Delete
  4. මෙතෙක් තිබුන ආණ්ඩු වලට වැඩිය පොඩි වෙනසක් මේ ආණ්ඩුවෙ පේන්න තියනව. ඒ තමයි ආණ්ඩු/විධායක බලය තිබියදී පවා මුලින් ඉටුකරනවා යැයි කියූ ‍පොරොන්දු අමතක කරන අදහසක් (දැනට) නොපෙනීම.
    කෙනෙකුට කියන්න පුළුවන් දින සීයෙන් පස්සෙ මේව අමතක කරයි කියලත්. නමුත් දින සීයෙදි කරනවා යයි කියූ දේවල් ජනතාවට ලැබුනොත් ඒ ජයග්‍රහණයත් අැති තවත් වරක් මේ ටීම් එකට බලය දෙන්න.
    මම ඊයෙ අහගෙන මෛත්‍රී කියනව එයා කිව්ව කියල විධායකයේ කාලය අවුරුදු හතර කරන්න කියල. අන්තිමට අවුරුදු පහට එකඟ වුනාලු. ඒ වගේම මේ වතාවෙන් පස්සෙ ආයෙ ඉල්ලන්න අදහසක් නෑ කියලත් කිව්ව. මේ වගේ කතා බලයට පත්වූ කලින් නායකයන්ගෙන් අහන්න ලැබුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්,බොහෝම සාධනීය ලකුණු මේ ආණ්ඩුවේ දැනට පේන්න තියෙනවා.මෛත‍්‍රී ගැන මහින්දට සාපේක්ෂව හොඳ විශ්වාසයක් තියන්න පුළුවන්.විශේෂයෙන්ම ගිය ආණ්ඩුවේ තිබ්බ සෝබන,නිරර්ථක ආණ්ඩුවේ පේන්න නැති එකට ගොඩක් කැමතියි.මහින්දගේ ඇමති මණ්ඩලේ අය ගත්තු ලක්‍ෂයේ ගෙවල් කුලිය මේ ඇමති මණ්ඩලේ අය ගන්නේ නැහැ කියලාත්.

      Delete
  5. තරමක් හොදයි ඒත් අර හෙල උරුම පොලිස් බලකාය තමා අල්ලන්නැත්තේ

    ReplyDelete
    Replies
    1. අඩුපාඩු නැතුව නෙමේ.අන්තවාදී පක්ෂ පොලිස් පාට් ගන්න එක පුදුමයක් නෙමේ බලය තියෙන කොට.

      Delete
  6. කාලේකින් නේද පෝස්ට් එකක් ලිව්වේ... කොයි පැත්තේ අය වුනත් වැරදි පාරේ යනව නම් ඊට එරෙහිව කතා කරන්න අපි පසුබට වෙන්න ඕනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් තුශානියෝ කාලෙකින් ලිව්වේ නම්,වැරදි පාරේ යන අය දැක,දැක නොදැක්කා වගේ ඉන්නවා නම් අපි කරන්නේ ඒ වැරදි අයට අනුබල දීමක්.

      Delete
  7. දැන් නිකන් වෙන්ස් කරගෙන යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා මාර වෙනස් කිරිල්ලක්... උඹට කියන්න හවස යද්දි වන් වේ තිබුන පාර පහුවදා එනකොට ටූ වේ කරලා.. තව පොඩ්ඩෙන් ඇන ගන්නවත් එක්ක.. ඒකත් දින සීයෙ කෑල්ලක්ද මංද !

    වෙන කියන්න දෙයක් නෑ බන්ස්.. යන්න ඕනා පොල්වත්තේ ගෙදර මල් කොබාලගෙ ගෙවල් පැත්තෙ ගිහින් එන්න.. අටමත් කියපු එකේ නොගිහින් හිටියොත් හරි නෑනෙ.. :D

    ReplyDelete
    Replies
    1. ඔව්,ඔන්න බලපන් වෙනස් කරන වෙනස් කිරිල්ල අපි.පාර මාරු කර ගත්තාට කමක් නැහැ ඇන ගන්නවා එහෙම නෙමේ...:D

      කමක් නැහැ,හදිසියෙන් හරි කියන්න දෙයක් තිබ්බොත් ඇවිල්ලා කියපන්කො මල් කොබාලගෙ ගෙවල් පැත්තෙ මමත් යන්න ඕනේ හිටං ..:D

      Delete
    2. "අපි"කියලා කිව්වේ වෙනසක් බලාපොරොත්තුවෙන් හිටපු අය ගැන.

      Delete
  8. ඉස්සරහ ගැන හිතල තමා කටයුතු කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අනිවර්යෙන්ම අජිත් අයියේ,අතීතයෙන් පාඩම් ඉගෙනගත්තු නිසා ඉස්සරහා වරද්දා නොගෙන යන්න දැන් තමයි හොඳම කාලය.

      Delete
  9. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15559-2015-01-29-20-13-03

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අජිත් අයියා.

      Delete
  10. දැනට යන විදියෙ විශාල ගැටළු නෑ...ඒත් වැරදිකරුවන්ට තවම නීතිය ක්‍රියාත්මක වෙන්න ප්‍රමාදයි...ඒ වගේම ආණ්ඩුව තුල සිටින දූෂිතයන්ටත් දඬුවම් දිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව්,මහින්දගේ මජර පාලනයට වඩා නම් අවුලක් නැහැ තමයි.නමුත් සෑහෙන්න පුළුවන් මට්ටමේ මත් අලුත් ආණ්ඩුව නැහැ.දූෂිතයන්ට දඬුවම් දෙන්න පක්ෂ,විපක්‍ෂ බලන්න හොඳ නැහැ.නිතිය හැමෝටම ක්‍රියාත්මක වෙන්න ඕනේ.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!