Monday, March 23, 2015

හොරු සමග හෙළුවෙන් බුදියන යහපාලන ආණ්ඩුව.


යහපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලස්සන කතන්දර කියමින් බලයට පැමිණි නව ආණ්ඩුවේ ගමන පෙර පැවති මහින්දගේ ජරාජීර්ණ ආණ්ඩුවේ ගමන මෙන් නොවුණත් යන හැටිය ඒ තරම් හොඳ නැත.පසුගිය ජනධිපතිවරණ කාලයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවෙන් ඇසුණු දේවල්,දුන් පොරොන්දු බලයට පැමිණිමෙන් අනතුරුව ඒ විදියෙන්ම සිදු නොවීම කණගාටුවකි.

ආකර්ෂණිය දින 100 වැඩසටහනට අදාළ දින ගණනින් දින 70 පමණ ගෙවී ගොස් තිබෙන නමුත් මහින්ද රාජපක්‍ෂගේ නාස්තිකාරී වියදම් පාලනයේ සීමාවක් සහා ලැබුණු සහන කිහිපයක් මිස ජනතාව වෙත සෘජු 
ප්‍රතිලාභ කිසිවක් නොලැබීමද අවාසනාවකි.සැමට එක ලෙස ක්‍රියාත්මකම වෙන නීතියක් ගැන යහපාලන බලාපොරොත්තු මුලින්ම බිඳ දැමුවේ නිතිය,සාමය,පොලිසිය භාර අමත්‍යවරයම වීම ඉමහත් කණගාටුවකි. 

මේ යහපාලන ආණ්ඩුවෙන් මා පුද්ගලිකවම බලාපොරොත්තු වුවේ මේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවේ ජනතාවාදී සංශෝධනයක් මිස අනිකක් නොවේ.මා පුද්ගලිකව එසේ බලාපොරොත්තු වුවත් අනෙක් බොහෝදෙනාගේ අපේක්ෂාව වී තිබුණේ හොරුන් එතනෝල්,කුඩු ජාවාරම්කරුවන් නිතිය හමුවට පමුණුවා දඬුවම් පැමිණවීමයි.

ධනබලයෙන්,මැරබලයෙන් උදම්වී රාජ්‍යබලය උපයෝගී කරගෙන වැරදිකල වුන්ට දඬුවම් කිරීම අනිවර්යෙන් සිදුකල යුතු වන අතරම එසේ දුෂිතයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතාව දෙන්නා සේම දුෂිතයින්,මිනීමරුවන් බිහිකරන,ආරක්ෂාකරන ව්‍යවස්ථාවේ පැහැදිළි වෙනසක්,ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම වැනි ජනතාවාදී දේ මේ දින 100 තුල සිදුකිරීමට යහපාලන ආණ්ඩුව ප්‍රමුඛතාව දියයුතු වන අතර එසේ සිදුකිරීමට බහුතර විපක්ෂයේ සහය නොලැබේනම් සිදුකල යුතුව තිබුණේ ආණ්ඩුව විසුරුවා හැර මහාමැතිවරණයකට යාමයි.නමුත් දැන් සිදුවෙන්නේ යහපාලනේ නාමයෙන් පක්‍ෂ,විපක්‍ෂ සියලු දුෂිතයින් එකම වේදිකාවකට එකතුවී එකිනෙකා සමග සහයෝගයෙන් එකිනෙකා ආරක්ෂා කර ගැනීමට සුදානම් වීමයි. 

පහුගිය මැතිවරණයෙන් පැරදවූයේ මහින්දගේ ඒකාධිපතිපාලනය පමණක් නොවේ.ඒ ආණ්ඩුවේ බොහොමයක්දෙනා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බව පැහැදිලිය.එසේ තිබියදී ගහෙන් ගෙඩි එන්නා සේ "ජාතික ආණ්ඩු"යයි කියාගන්නා විකෘති ආණ්ඩු පිහිටුවීම කිසිසේත් පිළිගත හැකි නොවේ.

ජනතාවට අවශ්‍ය නීතිගරුක,යුක්තිසහගත රටක් මිස වෙනකක් නොවේ.විපක්ෂය ආණ්ඩුව සමගින් දීග යෑමෙන් සිදු වන්නේ නාමික විපක්‍ෂය හෝ නැතිව යාමයි.එය ප්‍රජාතන්තවාදී රටකට කිසිසේත් සුදුසු නොවේ.විපක්ෂයේ හඬ ජවිපෙ වුවත් ඔවුන් පාර්ලිමේන්තුව තුළ ඔවුන් සතු බලය සීමිතවීමද ගැටලුවකි.

"ජාතික ආණ්ඩු" බිහිවිය යුත්තේ "ජාතික ප්‍රතිපත්ති" පෙරදැරි කරගෙන මිස පුද්ගල පරමාර්ථ මුදුන් කර ගැනීමේ පටු චේතනාවෙන් නොවිය යුතුය.මේ "ජාතික ආණ්ඩුව" හොරු සමගින් හෙළුවෙන් එකට සිට ගැනීමකි.බල්ලන් සමග නිදියැමකි. 

33 comments:

  1. //"ජාතික ආණ්ඩු" බිහිවිය යුත්තේ "ජාතික ප්‍රතිපත්ති" පෙරදැරි කරගෙන මිස පුද්ගල පරමාර්ථ මුදුන් කර ගැනීමේ පටු චේතනාවෙන් නොවිය යුතුය.මේ "ජාතික ආණ්ඩුව" හොරු සමගින් හෙළුවෙන් එකට සිට ගැනීමකි.බල්ලන් සමග නිදියැමකි.//

    චී චී කැත කතා කියන්න එපා... මේ රනිල් හිටං පාලනේ කොච්චර අපූරුද?

    ReplyDelete
    Replies
    1. ඔව්,රනිල් හිටං පාලනේ මහින්දගේ අර අධම,මජර පාලනයට වඩා තවමත් දශමයකින් හරි හොඳයි.

      Delete
    2. ඊයේ මහින්දට කඩේ ගිය රෙජිනොල්ඩ් යහපාලනේ ඇමති කෙනෙක් වෙලා එදා හිටං යූ ඇන් පී හර්ශ සිල්වා උප ඇමති එක්ක තිබ්බ සාකච්චාව බැලුවද? යහපාලනේට කුලියට පෝස්ටර් ඇලවූ ජෙප්පන් ට මුක පූටු වෙන්න දුන්නා...

      උන් උන් ගහගන්නකොට අපට මොන සැපද අෆ්ෆා!!

      Delete
  2. ලේ මාපිලුන් වැනි දේශපාලකයින් සිටින තුරු යහපාලනය සිහිනයක් විතරයි... දැන් අපි මහන්සි වෙන්න ඕන අළුත් ජනතාවක් හදාගන්නෙ කොහොමද කියල හිතන්නයි මල්ලි....

    මේ මිනිස්සු පාර්ලිමේන්තු යවන්නෙත් අපිමනෙ...

    ReplyDelete
    Replies
    1. හ්ම්,එකත් එහෙම තමයි අක්කේ.අළුත් ජනතාවක් හදන වැඩෙත් හිතන තරම් ලේසි වෙන්නේ නැහැ.එත් ඒ වැඩේ අමාරු වුණත් නොකරත් බැහැ.

      Delete
  3. උඹ දන්නවද ලින්කන් තමන්ට අවශ්‍ය ව්‍යවස්ථා වෙනස් කරගන්න එක එක ජාතියේ හොර වැඩ, මුලා කිරිම කරා කියලා.. ඒ හැමදෙයක්ම කරේ ජනතාව වෙනුවෙන් හිතලයි.

    හැබැයි ඉතිං මෛත්‍රි කියන්නෙ ලින්කන් කෙනෙක් නෙමෙයි.. අපි බලං ඉමු. මොකෑ වෙන්නේ කියලා.. මට නං හිතනේනේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන කරගන්න මේ හොරු එක්ක හෙලුවෙන් නොහිට හරියන්නෑ කියලයි.. වැරදි හා විවේචන තිබුනත්

    ReplyDelete
    Replies
    1. ලින්කන් එහෙම පොරක්ද ?හැබෑට මම දන්නේ නැහැනේ ඒ වගක්.

      කොහෝම වෙතත් මේ විදියට හොරු එක්ක හෙළුවෙන් හිට ගන්නවා කියන්නේ ජනතා මතයට පයින් ගැසීමක්.කෝකටත් අපි බලමුකෝ එහෙනම්.

      Delete
  4. කරන්න බාරගත්තෙ අමාරු වැඩක්..ඒ හින්දා මේක නම් මං බලාපොරොත්තු උනා. දොල පිදේනි

    ReplyDelete
    Replies
    1. ඇත්තට සරත් අයියා මේ දොල පිදේනි ගන්න යක්කුන්ට ලැජ්ජාවක් නැති හැටි.කතා කරන්නෙම ජනතා සුබසෙත ගැන,හැබැයි ඒවා ක්‍රියාත්මක කරන්න වුන්ට පිදේනි දෙන්ට ඕනේ.මහා අවස්ථාවාදියෝ.

      Delete
  5. ආර්ථික විද්‍යාව මිස දේශපාලන විද්‍යාව දන්නේ නැත. :P

    ReplyDelete
    Replies
    1. ආර්ථික විද්‍යාව නිවැරදිව ක්‍රියත්මක කරන්න දේශපාලන විද්‍යාවද උගත යුතුය.:P

      Delete
  6. මෙය හරක්තන්ත්‍රවාදී සිරි ලන්කාවයි. සුබවාදී බලාපොරොත්තු ප්‍රායෝගික සුබවාදී විදිහට තියාගෙන ඉන්නවනම් , මේ අපි වගේ, ඇස් බී ඇමතිවුනාට ලොකු දුකක් නැත.
    මන්ද තාමත් මහින්ද අගමැතිවී හෝ ලෙමන්පෆ්, ගොම්මන්පිල, අලුත්ගමගේ ආදිය ඇමතිවී නැතිනිසාය.
    උනුත් එහෙම වුනත් එතකොට අපි සතුටුවෙනවා නානසාර ජනාදිපති වී , ඉත්තෑහිමි අගමැති වී සිවාජිලිංගම් විපස්සනායක වී නොමැතිනිසා.
    ඔන්න ඔහොමයි සිරිලන්කන් ස්ටයිල් ඔප්ටිමිසම්.

    ReplyDelete
    Replies
    1. //මෙය හරක්තන්ත්‍රවාදී සිරි ලන්කාවයි.//
      හුටා!එක තමයි හරක් මරණවාට මෙච්චර විරුද්ධ:D

      ප්‍ර හිතන විදියෙන් හිතන්න පුරුදු වෙන්න ඕනේ.නෙගටිව් පැත්තම නොබලා කොතැනකින් හරි පොසිට්ව් පැත්ත බලන්නත් ඉගෙන ගන්ට ඕනේ.

      Delete
  7. දේශපාලනය කතා කරන්නවත් අකමැති මාතෘකා වලින් එකක්.. ඒ නිසා මුකුත් නොකියමි.

    ReplyDelete
    Replies
    1. මුකුත් නොකියා ඉන්නවා කියන්නේ නිහඩවම මේ වැරදි අනුමත කරනවා කියන එකනේ බොලන්.

      Delete
  8. මම ඊයේම විපක්ශයේ වාඩි උනෙමි. බොහෝ දිනෙක සිට ඇතිවී තිබූ කළකිරීම් ඊයේ වනවිට උච්ඡස්ථානයට ලං විය. තවත් යහපාලනයක් බලාපොරොත්තු නොවෙමි.

    ReplyDelete
    Replies
    1. මේ විපක්ශය නාමික විපක්ශයක්නේ. කළකිරීම් තිබුණත් යහපාලනය ගැන තවමත් පුංචි හෝ බලාපොරොත්තු මා තුල නම් තියෙනවා.

      Delete
  9. හොරුන්ට දඬුවම් දෙන එක වගේ දේවල් වැදගත් තමයි. ඒත් පවතින සංකීර්ණ විකෘති දේශපාලන පසුබිමේ My3 ට කරන්න වෙනත් දෙයක් නෑ . හොරු සමග හෙළුවෙන් ඉඳගෙන හරි අඩු ගන්නේ ජනාධිපති බලතල අඩු කරලා ස්වාධීන කොමිෂන් ටික දාගත්තොත් ඒ ඇති. වෙන ලොකු දෙයක් කීයටවත් බලාපොරොත්තු වෙන්න බෑ

    ReplyDelete
    Replies
    1. තිලකේ අයියා මෙහෙට ආපු පළමුවැනි වතාවනේ."ආයුබෝවන්"කිව්වා,එහෙනම්.

      මම කියන්නෙත් තිලකේ අයියා හොරුන්ට දඬුවම් දෙන එක පොඩ්ඩක් පැත්තකින් තියලා හරි ජනාධිපති බලතල අඩු කරලා ස්වාධීන කොමිෂන් ස්ථාපිත කරලා ගන්නවා නම් ඒ ඇති මේ වෙලාවේ හැටියට.
      මෛත්‍රීට තියෙන්නේ මේ වැඩ පිළිවෙලට බහුතර විපක්‍ෂයේ සහාය නොලැබේ නම් එක ජනතාවට කියලා මහා ජන්දෙකට යන එකයි.හැබැයි එතකොට ඉතින් මේ ආපු වැඩපිළිවෙල මුල ඉඳන්ම පටන් ගන්න වෙනවා.

      Delete
  10. දැන් නම් බං සිරාවටම එපා වෙලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්,මේ වැරදි හදාගන්න බලකරලා තව පොඩ්ඩක් බලමු බං.

      Delete
  11. මේ දවස් වල මෛත්‍රීට කතිරෙ දුනන අය ඔක්කටම ඤාව් වී ඇත...
    සිරාවටම දුකය...
    ඒ උං ගැන නෙවී රට ගැනය

    ReplyDelete
    Replies
    1. ඔව් බං රට ගැන තියෙන රුදාව නිසා නේ අපිත් මෙව්වා මේ ලියන්නේ.
      මෛත්‍රී ගැන කතා කරපු,යහපාලනය වෙනුවෙන් පෙනි සිටපු අය අමරුවේ දැමීමක් නේ මේ කරන්නේ හිටං.

      Delete
    2. //මෛත්‍රී ගැන කතා කරපු,යහපාලනය වෙනුවෙන් පෙනි සිටපු අය අමරුවේ දැමීමක් නේ මේ කරන්නේ හිටං.//

      ඇමති මංඩලේ සීය වෙනකන් ටිකක් ඉවසන්න මෙයා

      Delete
    3. //ඇමති මංඩලේ සීය වෙනකන් ටිකක් ඉවසන්න මෙයා//

      මොකටද ඉවසන්නේ ?කවුරු කලත් වරද වර්දමයි මෙයා.මහින්ද කරද්දී වැරදි දේ මෛත්‍රී කරද්දී හරි වෙන්නේ නැහැ.

      Delete
  12. යහපාලනයට මමත් සහාය දුන්නා. ඒත් දැන් දැන් කෙරෙන විදිය ගැන පැහැදීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්,දැන්ම වැරදි හදාගත්තේ නැතිනම් මහින්දට වෙච්චි දේ මෛත්‍රීට වෙන්න වැඩි කල් යන්නේ නැහැ.

      Delete
  13. //බහුතර විපක්ෂයේ සහය නොලැබේනම් සිදුකල යුතුව තිබුණේ ආණ්ඩුව විසුරුවා හැර මහාමැතිවරණයකට යාමයි//
    වටපිටාවේ ඉදන් අපි දකින දේශපාලනයට වඩා වසර ගනනාවක දේශපාලන අත්දැකීම් ඇති පරිණත දේශපාලකයින් යම් යම් දේ දකින්නේ සහ සමහර අවස්ථා වල ක්‍රීයා කරන්නේ වෙනස් විදිහකට බවයි මගේ නම් අදහස.
    ඒ නිසා දැන් පවතින වාතාවරණය මත මහ මැතිවරණයකට යාම අනුචිත බව ඔවුන්ට වැටහෙනවා වන්නට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් "සඳමාලි"
      ඔව් එක එහෙමත් වෙන්න පුළුවන්.නමුත් මේ ජනතාව බලාපොරොත්තු වෙච්චි,ජනතාවට පොරොන්දු වෙච්චි යහපාලනය නොවේ.අන්න එකයි කණගාටුව.

      Delete
    2. මම වැඩිය දේශපාලනේ ගැන කතා කරන්න කැමති නෑ, මොකද ඒක මිනී සබ්ජෙක්ට් එකක් හින්දා. එට එසේ වියයුතු නෑ. මිනී මරාගෙන දේශපාලනය කරන තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ සිස්ටම් එක අන්තයටම පිරිහිලා නිසා.

      ඒත් අකමැති වුනත් කතා කරන්න වෙනවා, ඒ දේශපාලනය , අපේ ජීවිතත් පාලනය කරන නිසා.

      //වටපිටාවේ ඉදන් අපි දකින දේශපාලනයට වඩා වසර ගනනාවක දේශපාලන අත්දැකීම් ඇති පරිණත දේශපාලකයින් යම් යම් දේ දකින්නේ සහ සමහර අවස්ථා වල ක්‍රීයා කරන්නේ වෙනස් විදිහකට බවයි මගේ නම් අදහස//

      මේක තමයි මගේ අදහසත්. අපේ බලාපොරොත්තු බොහොම ඉහලයි, මේ වැඩ පිලිවෙල හරි මන්දගාමියි. ඒ වගේම ලිස්සා යැවීම්, යටිකූට්‍ටු වැඩ, අතයට ඩීල් එහෙමත් තියනවා වගේ පේනවා.

      ඉතිං අපි කලකිරෙනවා - සාධාරණයි.

      නමුත්, අපි මෙහෙම හිතමු. ඇටක‍ටු වලටම ජීරණය වෙච්ච, හොරා කෑම, ඤාති සංග්‍රහය, මිනී මැරීම සමාජ සම්මතයන් තරමටම, සාමාන්‍යකරණය වෙච්ච සමාජයක දූෂිත ක්‍රමයක්, ඔච්චර ඉක්මනට, ජාම බේරගෙන කනපිට හරවන්නෙ කොහොමද?

      මට හිතන්නෙ, ඒකට කල්යාවි. ඒ වගේම හීන් නූලෙන් කරන්න ඕනෙ දෙයක්, ඇයි තාමත් රටන් බාගයක් බලාගෙන ඉන්නෙ ඇන ගන්නකම් නෙව?

      පරණ, පලපුරුදු කපටි දේශපාලන ඥාණය අවශ්‍ය වෙනව ඒකට. ඒ නිසා අපි කල් දීලා බලමු , කියන එකයි මගේ අදහස.

      ඒ අතරවාරෙ සතු‍ටු වියහැකි කාරණා

      1.මහින්ද ගෙදර යැවීම, පාඩමක් ඉගැන්වීම - checked

      2. Absolute power corrupts absolutely - විධායකය මකා දැමීම, වාර දෙකකට සීමා කිරීම - checked

      මිනිස්සු කියන්නෙ කලු-සුදු නැත්නම් අළු චරිත කියලයි මට හිතෙන්නෙ. මහින්ද නෙමෙයි, ඔතන වඳුරෙක් තියලා , අවුරුදු දහයක් " ආයුබෝවන් මහරජානෙනි " කිව්වොත්, ඌ උනත් රජාට අඳිනවා

      Delete
    3. මිස්ට බසු 'ආයුබෝවන්'කිව්වා මුලින්ම.

      //මම වැඩිය දේශපාලනේ ගැන කතා කරන්න කැමති නෑ,//එත් දේශපාලනය කියන දේ අපිට මඟ හැරලා යන්න බැහැ නොවැ දැන්.

      බස්සා කියන දේවල් එක්ක මමත් එකඟයි.එක රැයෙන් හැම දේම වෙනස් කරන්න බැරි බව ඇත්තයි.එකට ප්‍රමාණවත් කාලයක් අවශ්‍යයි.සමහර විට 'යහපාලනය'ගැන පමණට වඩා බලාපොරොත්තු වෙන්න ඇති.එකයි මේ වේදනාව.

      බස්සා කියන සතුටු විය හැකි කාරණා ගැන මටත් සතුටුයි Cheers.

      //මිනිස්සු කියන්නෙ කලු-සුදු නැත්නම් අළු චරිත කියලයි මට හිතෙන්නෙ. මහින්ද නෙමෙයි, ඔතන වඳුරෙක් තියලා , අවුරුදු දහයක් " ආයුබෝවන් මහරජානෙනි " කිව්වොත්, ඌ උනත් රජාට අඳිනවා.//

      එකත් ඇත්ත අඳින්න වගේම අන්දගන්නත් අපි හරි දස්සයි නොවැ.

      Delete
  14. ප්‍රතික්ෂේප වුනත් වැඩක් නෑ. ජාතික ලැයිස්තුවෙන් ආහැකිනෙ. ඒක වලක්වන කෙරමයක් නෑ නේද තාම?

    ReplyDelete
    Replies
    1. 'ආයුබෝවන්' මධු,
      ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න ඕනේ කවුද කියලා ඒ,ඒ පක්‍ෂ නිවැරදිව තීරණය කරන්න ඕනේ.ජාතික ලැයිස්තුව තියෙන්න ඕනේ වලපයයි,ගොඩ පයයි ඉන්න අයට හෝ නළු නිළියන්ට,කිවිඳියන්ට නොවේ.ජාතික ලැයිස්තුව අල්ලස් දෙන්න භාවිතා කිරීම වලක්වන්න ඕනේ.
      මේ දේවල් ඒ විදියෙන් කරන්න බැරි නම් පනතක් මගින් පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් ගත යුතු අය තීරණය කරන්න ඕනේ ජනතාවාදී ලෙසට.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!