Monday, August 3, 2015

මගේ මනාපය.



කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා "මී හරකෙක්" කිව්වායි කියන්නේ.ඉස්සර ගොවිතැන් කරන කොට නැතුවම බැරි වෙච්චි මී හරක් වුණත්  දැන් හිතනවා ඇති තාක්‍ෂණය කුබුරටත් බැහැලා තියෙන කොට නිරපරාදේ මඩ නා ගන්නේ මොකටද කියලා හිටං.

මී හරක්,මඩ වගේ වචනත් එක්ක එකටම ගලපා ගන්න පුළුවන් වචනයක් තමයි අපේ ජන්දත්.

දේශපාලකයෝ මී හරක්ය කියලා හිතං ඉන්න ජන්ද දායකයොත්,
ජන්දදායකයෝ මී හරක් කියලා හිතං ඉන්න දේශපලකයොත් ඉන්න රටේ මී හරක්ටත් වඩා වැඩියෙන් මඩ නාන/ගහන කාලයක්නේ ජන්ද කාලේ කියන්නේ.

පහුගිය ජනවාරි අටවෙනිදා මහින්දගේ ඒකාධිපති පාලනය අවසන් වෙච්චි දවසෙම වගේ තමයි මම හිතුවේ ඊගාව මහා ජන්දේදී "ජවිපෙට" ආයෙමත් දෙනවා කියලා හිටං.

එදා ජවිපෙට මහා ජන්දේදී කතිරේ ගහන්න ගත්ත තීරණය අද වෙද්දී තහවුරු කරගන්න රනිල්ගේ දින සියේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය බෙහෙවින්ම උපකාරී වුණා.රට ආපහු ජාතිවාදී,වර්ගවාදී බලලෝභයෙන් උමතු වෙච්චි ඒකාධිපතියෙක්ට යටත් කරන්න බැරි නිසා සන්ධානයට දෙන්නේ නැහැ.ඒ නිසා ජනවාරි අටවෙනිදා එපා වෙච්චි මහින්දව ආයෙමත් කොහොමත්ම එපාම තමයි.හිත හදාගෙන රනිල්ට දෙන්නත් බැරි මහා බැංකුවේ "බැඳුම්කර ගනුදෙනුව"ගැන රනිල්ගේ ඇල්මැරුණු ක්‍රියා කලාපය හා ප්‍රකාශ නිසයි.අජිත් නිවාඩ් මහා බැංකුවේ අධිපති ඉන්න කාලේ මිට වඩා දේවල් වුණා කියලා මේ ප්‍රශ්නය මග හරින එක සාධාරණ නැහැ.පහුගිය ආණ්ඩුවල වැරදි අලුත් ආණ්ඩුවේනුත් වෙනවානම් ජන්ද තියන එකෙනුත් තේරුමක් නැහැනේ. 

 කොහොම වෙතත් මේ මහා ජන්දෙන් කාටවත් 113 සරල බහුතරය ලබා ගන්න බැරි වෙන බව පැහැදිලියි.මොකාට වුණත් බලය අනිසි විදියට වැඩියෙන් ලැබුනාම පිස්සු කෙළින්න හදන නිසා එක එහෙම වෙන එකත් එක අතකට හොඳයි.කවුරු ආණ්ඩු කෙරුවත් ශක්තිමත් විපක්‍ෂයක් තියෙන්න ඕනේ රට අයාලේ නොයන්න නම්.පහුගිය කාලේ විපක්‍ෂයේ කාර්ය ජවිපෙන් ඉටුවූ ආකාරය ගැන සැහිමකට පත් විය හැකියි.ඒ නිසා කලිනුත් වතාවක වගේ මේ ගමනත් ජවිපෙට ජන්දේ දෙන්න ගත්තු තීරණය හරි කියලා මම හිතනවා.මේ ගමන මගේ මනාප තුන දෙන්නේ අනුර කුමාරට.ලාල් කාන්තට,සුනිල් වටගලට.

යම් විදියකින් ජවිපෙට නොදී එක්සත් ජාතික පෙරමුණට දෙනවා නම් මනාප දෙන්නේ හර්ෂට,එරාන්ට හා මනෝ ගනේෂන්ට.මනෝට දෙන්නේ මනෝ වාසියට නොවිකෙන පුද්ගලයෙක් කියලා හිතෙන නිසයි.පහුගිය ජන්දේදී කොළඹ මන්ත්‍රී කෙනෙක් විදියට පත්වෙච්චි ප්‍රභා ගනේෂන් මහින්දගේ දැත් ශක්තිමත් කරන්න මහින්ද ගාවට ගියාම තමන්ගේ සහෝදරයා වුණත් කරපු වැඩේ වැරදියි කියන්නත් ඔහුට විරුද්ධව විනය මාර්ග ගන්නත් මනෝ පැකිලුනේ නැහැ.තමන්ගේ මතය වෙනුවෙන් පැහැදලි ලෙස පෙනි ඉන්න ඔහු වගේ අයෙක්ට මනාපයක් දීමේ වරදක් මා දකින්නේ නැහැ.

පහුගිය මහා ජන්දේදී මම දුන්නේ යුඑන්පි එකට.පරදින බව දැන,දැන යුඑන්පි එකට දුන්නේමහින්දට එරෙහිව යුඑන්පි එකෙන් වැඩක් වේවි කියලා හිතලා.හිතපු තරම් වැඩක් වූණේ නැහැ හැබැයි එකෙන්.ඒ වතාවේ මනාප දුන්නේ රනිල්ට,රවීට හා මොහාන් ලාල් ග්‍රේරෝට.රත්මලානේ මිනිස්සුන්ට කොකා පෙන්නලා අන්තිමේදී  මොහාන් ලාල් මහින්දට සෙට් වුණා.දැන් "නැණස පැදු මිනිසා"කියලා අපේ ඔෆිස් එක එහා පැත්තේ ඔෆිස් එකක් දාගෙන ඉන්නවා.මට රවීව එපා වූණේ රවීගේ ප්‍රචාරක ව්‍යපාරය නිසාමයි.ජනතාවට සහන දුන්නේ ගෙදරින් ගෙනත් වගේ තමයි රවී පෝස්ටර්.කටවුට් ගහන්නේ.

කොහොම වුණත් ගිය ගමන වගේ විකෘති පාර්ලිමේන්තුවක් නොවී යහපත් ජනතා නියෝජනයක් සහිත ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක් මෙවර පත් වුණොත් එක තමයි වැදගත් වෙන්නේ.යහපාලනය කාගෙන්වත් සියට සීයක් බලාපොරොත්තු වෙන්න බැහැ.සාපේක්ෂ වශයෙන් හොඳ පාර්ලිමේන්තුවක් තමයි මෙවර බලාපොරොත්තුව.


මේ ගමන කප් එක කොහොමත් උස්සන්නේ යුඑන්පි එක.එක විශ්වාසයි.නමුත් තනියෙන් ආණ්ඩුව පිහිටුවන්න බැරි වෙනවා.එතකොට ඔය සන්ධානේ අප්පච්චි එක්ක නැගිටලා ඉන්න වුන් එහෙම ලැජ්ජාව (එහෙම එකක් තියේනවා නම්) පැත්තකින් තියලා එහෙම ඇවිත් රනිල්ගේ දෑත ශක්තිමත් කරන හැටි බලන්න පුළුවන්.

අන්න ඒ නිසා ඉහත කරුණු කරනාත් සලකා බලා මමත් මගේ හෘදසාක්ෂියට ඉඩ දෙන්න තීරණය කලා.ජනතාවාදී පාර්ලිමේන්තුවක්,සුබවාදී හෙටක් මෙවරවත් සිහිනයක් නොවේවා.

  

34 comments:

  1. උඹේ නිරීක්ෂණය මගේ නිරීක්ෂණයට සමානයි. කොහොමත් එක පක්ෂෙකින් තව පක්ෂෙකට බලය හුවමාරු වෙනකොට ලොකු බලයක් පාර්ලිමේන්තුවෙ ලැබෙනවා දිනන පක්ෂයට. මේ පාර ඒතරම් බහුතරයක් ලැබෙන එකක් නෑ තමයි.

    රනිල් කියනවනේ ජාතික ආණ්ඩුවක් ගැන. ඒ වගේම මුළු පාර්ලිමේන්තුව ම ව්‍යවස්ථාදායක සභාවක් කරලා අලුත් ව්‍යවස්ථාවක් හදන එක ගැන. මට මතකයි 2001 දි විතර ජාතික ගැටළුවට විසඳුමක් විදිහට දකුණු අප්‍රිකාවෙ ක්‍රියාත්මක වුණු ඔයිට සමාන වැඩපිළිවෙලක්, යෝජනා කරලා තිබුණා රනිල් ම.

    ඒ නිසා පාර්ලිමේන්තුවෙ බහුතරය ලැබීම එච්චර තීරණාත්මක සාධකයක් වෙන එකක් නෑ රනිල්ට. මහින්දට නම් බහුතරයක් ලබාගැනීම අත්‍යවශ්‍යයි - ප්‍රතිවිප්ලවය සඳහා.

    ReplyDelete
    Replies
    1. මේ ගමන බහුතර බලයක් තියෙන ආණ්ඩුවක් නෙමේ පිහිටවෙන්නේ.දැන් ඔය අප්පච්චි එක්ක යන වුන් රනිල් එක්ක යන ලස්සන අපිට බලන්න පුළුවන් වෙයි මහා ජන්දෙන් පස්සේ.ශක්තිමත් විපක්‍ෂයක් ඕනේ වෙන්නේ අන්න එතකොටයි.ආණ්ඩුව පිහිටුවන්න රනිල් ඔය ඕන යකෙක්ව ලැජ්ජා නැතුව තමන්ගේ ඔඩොක්කුවට ගනීවි.උනුත් ලැජ්ජා නැතුව යාවි.එහෙම යන්නේ නැහැ කියලා විශ්වාසයක් තියන්න පුළුවන් ජවිපෙ වුන් ගැන විතරයි දැනට.

      ජාතික ආණ්ඩුව කියන්නේ විපක්ෂය නැති කිරීමක් වෙන්න හොඳ නැහැ.

      මහින්දගේ ප්‍රති විප්ලවය අගෝස්තු දාහත්වෙනිදායින් එහාට යන එකක් නෙමේ බං.

      Delete
  2. අපොයි අපේ රටේ ජන්දෙට ගිය කලක්.... ඉස්සර ජන්දෙ දුන්නෙ කාටද කියලා ගෙදර මිනිස්සුන්ට කියන්නෙත් නැති තරම්....
    මට අවසාන වතාවට ජන්දය පාවිච්චි කරන්න ලැබුනෙ 2005.වෙනදට නම් ජන්දෙට ගෙදර නැතිවීම ගැන කිසිම හැඟීමක් දැනිලා නෑ. ඒත් ජනවාරි 8 වගේම අගෝස්තු 17 ත් මගේ ජන්දය පාවිච්චි කරන්න නොලැබෙන එක ගැන දුකයි

    ReplyDelete
    Replies
    1. දැන් ජන්දේ කියන්නේ රහස්‍ය දෙයක් නෙමේ.
      සඳමාලි මෙහේ හිටියා නම් දෙන්නේ කාටද? දුක් වෙන්න එපා ජනවාරි 08 ජයග්‍රහණය අගෝස්තු 17 ආපස්සට හැරෙන්නේ නැහැ.

      Delete
    2. මං මගේ මනාපෙ මං කැමති කෙනෙකුගෙ නම ඉස්සරහින් ලකුණු කරලා තියෙන්නෙ එකපාරයි මනෝජ්. ඒ සන්ධානෙ ජවිපෙ එක්ක එකතු වෙලා මොකක්දෝ ජන්ජාලයක් නැටුව මහ මැතිවරණෙදි පුංචි කාලෙ මගේ ලෝකෙ බොහොම ලොකු වීරයෙක් වෙලා හිටිය "සමන්ත විද්‍යාරත්න" අයියට.
      දැන් හිටියනම් ජන්දෙ තියෙන්නෙ මාතරට....එහෙන් ඉල්ලන්නෙ කවුද කියලවත් දන්නෑ ඒත් පැහැදිලිවම මගේ ජන්දෙ ලකුණු වෙන්නෙ සීනුව ඉස්සරහින්.

      Delete
    3. "සමන්ත විද්‍යාරත්න"කියන්නේ අනිවර්යෙන්ම මීලග පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයෙක්.බදුල්ලේ ජනතාව සීයට පහක් ඉක්මවා යන ප්‍රතිශතයකින් ජන්දය ජවිපෙට දුන්නොත් සමන්ත විද්‍යාරත්න සහෝදරයා අනිවර්යෙන්ම පාර්ලිමේන්තුවේ සිටීවි.

      මම දෙන්නෙත් සීනුවට,මම හිතනවා එක තමයි දැන් හරි තීරණේ කියලා.ගිය ගමන කොළඹ දිස්ත්‍රික්කේ හිටපු "සුනිල් හඳුන්නෙත්ති"මෙවර එන්නේ මාතර දිස්ත්‍රික්කෙන්.හඳුන්නෙත්ති කොළඹ ලිස්ට් එකේ හිටියා නම් මම "සුනිල් වටගල" වෙනුවට හඳුන්නෙත්ති මනාපයක් දෙනවා.මාතරින් එකක් ජවිපෙට ගන්න පුළුවන් වුනොත් හොඳයි.එත් එක මට එච්චර විශ්වාස නැහැ.

      Delete
  3. මහා බැංකු කතාවයි, රවීයි ජෝනුයි වගේ හේතු නිසා යූ ඇන්පිය තිත්ත වෙලයි තියෙන්නේ. මමත් ලංකාවේ හිටියනම් ජවිපෙට දීලා දානවා.

    ReplyDelete
    Replies
    1. මහා බැංකු කතාව නිසාමයි මට රනිල්ව එපා වුනේ.මහා බැංකු ප්‍රශ්නේට හරි පැහදිලි උත්තරයක් දෙන්න රනිල් අසමත් වීමේ වාසිය යන්නෙත් ජවිපෙට.

      මම රවීටත් ජන්දේ දීලා තියෙනවා.කොහොමත් සජිත්ට වඩා මම රවීට කැමතියි.සජිත් කියන්නේ ඩුප්ලිකේට් මහින්ද කෙනෙක්නේ.හැබැයි දැන් රවීව එපා වුණේ රවී ගහන පෝස්ටර්,කටවුට් නිසාමයි.හරියට රවී නැතිනම් මේ රටේ මිනිස්සු මැරිලා වගේනේ කතාව.

      ජෝන්ලාගෙන් යහපාලනේ බලාපොරොත්තු වෙනවාට වඩා ලේසියෙන් ඉබ්බෙක්ගෙන් පිහාටු ගන්න පුළුවන්.ජෝන්ලාට විශ්‍රම දෙන්න ගම්පහ මිනිස්සු දැනගන්න ඕනේ දැන්.

      Delete
  4. ජයවේවා!
    මාත් ආවොත් පරණ කතා අමතක කරළා ඔහොම තමයි කරන්නේ!

    ReplyDelete
    Replies
    1. නියමයි,
      අඩු නරක තෝරා ගැනීමේ ප්‍රතිපත්තිය.

      Delete
  5. මේ පාර කඩනවා උන් 40 කට කිට්ටුව... (මම එහෙම හිතනවා)

    ReplyDelete
    Replies
    1. එච්චර ගනීවි කියලා මම හිතන්නේ නැහැ.අටත්,දොළහත් අතර තමයි මගේ ගාන උපරිම වුනොත් පහළොවයි.මොකද ජවිපෙ එකට මධ්‍යම පළාතේ,උතුරු,නැගෙනහිර පළාත් වලින් වගේම රත්නපුර,පුත්තලම,මොණරාගල වගේ දිස්ත්‍රික්ක එච්චර වාසිදායක නැහැ නේද ජවිපෙට.

      Delete
  6. මනෝජ්..................

    මේක තමයි මං දැකපු සුපර් ම විශ්ලේෂණය..... බොහෝ දුරට මේ අදහස් අපේ අදහස් වලට සමානයි.... ඔබේ තේරීමත් අති සාර්ථකයි..... හොදම දේශපාලන බුද්ධියක් අැති කෙනෙක් වුණත් මේ වෙලාවේ කළ යුත්තේ ඒයයි.... මොකද මේ අනාගතයේ අැති වෙන්න යන තත්වය තිබුණ තත්වයටත් නරක් වෙන්න බැරි කමක් නැහැ.... ඉතින් ඒක පාලනය කරන්න හොද බලයක් අවශ්‍යයි....... මොනවා වුණත් ඔබ ඉතා හොද විශ්ලේෂණයක් කරලා තියෙනවා.... ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුට්ටනේ,
      ශක්තිමත් ආණ්ඩුවක් වගේම ශක්තිමත් විපක්ෂයක් ඕනෙමයි.මගේ ජන්දේ ඒ ශක්තිමත් විපක්‍ෂය වෙනුවෙන්.

      Delete
  7. මම ඉල්ලනවා මට දීපං, මොකද අනික් උන් එකෙකුටවත් දීලා වැඩක් නැති නිසා . මං නම් දෙන්නේ නෑ කාටවත්

    ReplyDelete
    Replies
    1. ඉල්ලනවා නම් කොළඹට ඉල්ලාපන්,අපිට ඔය බදුල්ලේ ජන්ද නැහැනේ.

      Delete
  8. දේශපාඥයා නමි නලුවා එකම වෙිදිකාවෙි විවිධ පක්ෂ පාට පිල් මාරැ කරිමින් විවිධ වෙස් ගෙන රගපැන විට ජන්ද දායකයා නමි ප්‍රෙක්ෂකයා එකම පක්ෂයක් බදාගනිමින් ..................මෝඩයන් මෙන් ක්‍රියා කරති.හිස් තැනට ගොඩක් දේ ලියන්න පුලුවන්.
    මම අලුතෙන් බිලොග් එකක් පටන් ගත්තා.ඒකේ මානසික ගැටලු පිළිබදව මෙි වන විට පලකෙරෙනවා.අලුත්ම ලිපිය කියනව්ව ඇවිත් යන්න.
    ලිංගිකත්වය හා සමිබන්ධ මානසික ගැටලු

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් මනෝ මන්දිර,

      "මනෝ මන්දිර" කියන්නේ මායා මන්දිරද යථාර්තයක් නොවන.උඹ කියන දේ ඇත්ත.ජන්දදායකයෝ එකම දේශපාලන පක්‍ෂයක් බදාගෙන ඉන්න එක හොඳ දෙයක් නෙමේ.
      එන්නම්කෝ ඒ පැත්තේ.

      Delete
  9. මගේ මනාපය මනෝජ්ට...:D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,ස්තුතියි පොඩ්ඩි මම දින්නම ඔයාව මගේ පුද්ගලික ලේකම් කර ගන්නවා.:D

      Delete
  10. මගෙත් ඡන්දය ජවිපෙට. මනාප ගහන්න අදහසක් නෑ. යූඇන්පිය සමඟ ලොකු විරෝධයක් නැතත් තියන විරෝධයවත් ‍හරියට පෙන්නන්න විදියක් නැතිවීම කණගාටුවක්. හේතුව ජනවාරි අට එලවපු එකා ආයෙත් රජ වෙන්න බලං ඉන්න නිසා එයාට වාසි වෙන කිසිම දෙයක් කරන්න තියන අකමැත්ත.

    ReplyDelete
    Replies
    1. ජනවාරි අටවෙනිදා එලවපු යකා ආයෙමත් එන්නේ නැහැ.හැබැයි අපි අකමැති වුණත් අපේ සමහරුම එකාට ආයෙමත් බලයට එන විදියට පාර හදන එකනේ කතන්දරේ.

      Delete
  11. එකෙකුටවත් සපෝර්ට්කරන්න තරම් මනාපයක් නෑ.
    ඒත් ඒක පුද්ගල වංදනාව හා පිම්බීම කරන රිලා කැම්පේන් එකට ඇති අමනාපය නිසා එය පරාජය කිරීම සඳහා පමණක් චන්දය දෙමි.

    ReplyDelete
    Replies
    1. බය වෙන්න දෙයක් නැහැ ඔය අප්පච්චි එක්ක නැගිට්ට වුන්ට අප්පච්චි එක්කම හාන්සි වෙන්න තමයි වෙන්නේ අගෝස්තු දාහත්වෙනිදාට.

      Delete
  12. මගේ ඡන්ද දෙකනම් විකුණන්න දාල තියෙන්නේ.. සමන්ත විද්‍යාරත්නට සල්ලි නැති නිසා බොහෝ විට නිමල් සිරිපාල ලොක්ක ගනියි වගේ.. හරීන්ට සල්ලි වගේම ඡන්දත් ඇති වෙන්න තියෙනවනේ.. හැක්.

    ReplyDelete
    Replies
    1. මේ ඉරිදා පොළේවත් දාලා බලමු එහෙනම්.
      උඹ නොදන්නා ගියත් කමක් නැහැ දන්නා කියන උන්ව උනන්දු කරපන් සමන්තට දෙන්න.සමන්ත කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ එකෙක්.

      Delete
  13. ගමන සුබයි... ජවිපෙ හැර විකල්පයක් නෑ.

    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. මේ මොහොතේ හැටියට තියෙන අඩු නරක තෝරා ගත්තා.

      Delete
  14. හා...හා...කට...කට...
    රහස් ඡන්දෙ දෙන්නෙ කාටද කියල ප්‍රසිද්ධියේ කීම දඩුවම් ලැබිය යුතු වරදක්.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් හෙන්රි අයියේ,

      ඒ කියන්නේ ජන්දේ දෙන්නේ කාටද කියන එක "නොකී කතාවක්" වෙන්න ඕනේද?

      Delete
  15. බොරු කියන්නේ මොකටද, මට නම් ඔය එකෙක්ටවත් කිසිම කැමැත්තක් නෑ. ඒත් මේ පාර ඡන්දෙදි වැව මැද මඩුවට පත් වෙන මී හරක් රංචුව අයාලේ යන්නේ නැති, එකමුතුව පිළිවෙලකට ඉන්න එවුන් ටිකක් උනොත් හොඳයි කියල හිතෙනවා ;).

    ReplyDelete
    Replies
    1. හරක් ටික අයාලේ යනවා නම් අපි දැනගන්ට ඕනේ බං කෙවිට පාවිච්චි කරන්න හරියට.

      Delete
  16. කොච්චර හොරා කෑවත් යුද්ධය දිනුවනෙ කියන මී හරක් රැළක් තවමත් ඉන්නවා බං...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැබං .යුද්දේ ඉවර කෙරුවා එක හරි.එහෙම කියලා මරාගේ පින්තුරේ ගෙදර බිත්තියේ ගහන් මල් පුජා කරන්නද?ලොකුම විහිළුව ඔය "යුද්දේ"ගැන කියලා මහින්දට ජන්දේ දෙන උන් අර ෆොන්සේකා ගෙන් පලි ගත්තු හැටි අමතක කරලා හරි දන්නේ නැහැ වගේ හරි ඉන්න එකනේ.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!