Thursday, October 22, 2015

ඇඩ්‍රස් නැහැ


හෙන්රි අයියාගේ නොකීකතා බ්ලොග් එක ගැන දන්නවානේ.එකේ යන්නේ නොකී කතානේ,මටත් හිතුනා නොකී කතාවක් කියන්න.

හැබැයි මේක මේ නොකී කතාවක් කිව්වත් දන්නා කිහිපදෙනෙකුත් ඉන්නවා.හැබැයි ඒ දන්නා අය ඒ කතාව දන්නේ මම කියලා නෙමේ වෙනත් ආරංචි මාර්ග වලින් තමයි දන්න අය මේ කතාව ගැන දන්නේ.ඉතින් මම නොකිව්ව නිසා මේක නොකී කතාවක් තමයි හිටං.

මේ කතාවේ මම හැර තවත් අයෙක් ඉන්නවා.මිනිහා බ්ලොග් නොකියෙව්වාත් එයාගේ අනන්‍යතාව රකින්නත් එක්ක මම පොරට "දිගා"කියන අන්වර්ථ නාමය දෙන්නම්.මේ "දිගා" මගේ අතිජාත මිත්‍රයෙක්.එදාත්,අදත්,හැමදාටමත්.

මේ "දිගා"ඒ පවුලේ එකම දරුවා.

ඒ මීට හරියටම අවුරුදු පහකට විතර කලින් සිකුරාදා දවසක්.ඔෆිස් ගිහින් ගෙදර ඇවිත් හිටපු මට "දිගාගෙන්" කෝල් එකක් ආවේ මම බලපොරොත්තුවෙන් සිටිය විදියටමයි.

"මචං උඹලෑ ගේ ඉස්සරහා ඉන්නේ.වරෙන් පාරට" ඇමතුමට අනුව මමත් පාරට අවා.

දිගා ඇවිත් තිබ්බ කාර් එකේ ඉදිරිපස අනෙක් අසුනේ හිටියේ දිගාගේ පෙම්වතිය.හෙට දිනයේ ඇය ඔහුගේ නිත්‍යනුකුල බිරිඳ වීමට නියමිතයි.හැබැයි ඒ මුළු ලොවට හොරෙන්.දිගා කලින්ම ගිහින් විවහා ලේකම්වරයකු හමුවී සියල්ල සුදානම් කොට ගෙන තිබුණා.මට තිබුනේ පසුවදා එම විවාහයේ සාක්‍ෂිකරුවකු වීම පමණයි.

මම කාර් එකේ පිටුපසින් නැග්ගට පස්සේ මා මිතුරු දිගා හෙට දිනයේ සැලසුම විස්තර කලා.

ඒ අනුව පසුදා උදයේ නමය වනවිට සුදානමින් සිටි මාවත් රැගෙන මා මිත්‍රයා සහා ඔහුගේ පෙම්වතිය අනෙක් සාක්‍ෂිකරුද වාහනයට නංගාගෙන විවහා ලේකම් වෙතට ගියා.

අපි සාක්ෂියට අත්සන් කෙරුවා.විහාහය සිදු වුනා සියල්ලෝම සතුටින් විසිර ගියා.

හොඳම හරිය සිදුවුනේ ඊට දෙදවසකට පසුවයි.
පුරුද්දක් විදියට මම දිගාලාගේ ගෙවල් පැත්තේ නිතර යනවා.ඉතින් මේ වෙද්දී දිගා තම අලුත ගෙනා බිරිඳ සමගින් තමන්ගේ ගෙදර පදිංචිවී සිටියා.අලුත ගෙනා මනමාලිට විරුද්ධත්වයක් දිගාලාගේ ගෙදරින් ආවෙත් නැහැ.සියල්ල හොඳින් සිදු වෙන නිසා එදා හවස මම දිගාගේ ගෙදර යන්න ගියා.ඒ ගියෙත් දිගා මට කෝල් කරලා මෙහෙම කිව්වා නිසා.

"මචං අද හවසවත් උඹ අපේ ගෙවල් පැත්තේ වරෙන්.අපේ අම්මා දන්නේ නැහැ කවුද මේකට අත්සන් කෙරුවේ කියලා හිටං.උඹ නාවොත් උඹ ගැන සැක හිතයි.ඒ නිසා උඹ වරෙන්.හැබැයි අපේ අම්මා උඹේ කටට උත්තරේ දීලා අහයි උඹ නේද අත්සන් කෙරුවේ කියා උඹ නැහැ කියා කියපන්.දන්නෙවත් නැහැ කියලා කියපන් "

ඔන්න දැන් දිගාගේ උපදෙස් අනුව මම දිගාලාගේ ගෙදරට ගියා.මම යනකොට දිගා හදිසි වැඩකට එලියට ගිහින් හිටියේ.පෙරමගට ආපු දිගාගේ අම්මාත් මාත් අතරේ මෙහෙම දෙබසක් ඇති වුනා.

"පුතා දන්නවාද අපේ දිගා කරපු හපන්කමක්"

"මොකක්ද ආන්ටි"

"දිගා කසාද බැන්දානේ"

"නැහැ බොරු"

"බොරු නෙමේ ඇත්ත"එන්නකෝ ගෙට.

මමත් ගෙට ගියා.ඒ වෙනකොට ඒ ගෙදර ඒ පවුලේ හිතවතෙක් වෙච්චි මමත් දන්නා කියන කෙනෙක් ඇවිත් හිටියා.දිගාගේ තාත්තාත් හිටියා.ඒ අතරේ දිගාගේ බිරිඳ මට කාමරයක් ඇතුලේ සිට හස්ත සඥාවෙන් යමක් කිව්වාත් මට එය එක් වරම වැටහුනේ නැහැ.එත් එකක්ම දිගා කෝල් කරලා කලබලයෙන් කිව්වා

 "අපේ අම්මාට කියපන් අත්සන් කෙරුවේ උඹ කියලා" 
දැන් එක පාරක් මම නෙමෙයි කිව්වා මම ආයෙමත් කොහොමද මම තමයි කියලා කියන්නේ මම සද්ද නැතුව හා කියලා නිකන් හිටියා.

"දිගා නැහැනේ ආන්ටි මම පස්සේ එන්නම්"
"පොඩ්ඩක් ඉන්නකෝ පුතා,පුතා දන්නවාද මේ අත්සනයි,නමයි කාගේද කියලා හිටං"

දිගාගේ අම්මා එහෙම ඇහුවේ මගෙන් අර මහානුභාව සම්පන්න කසාද සහතිකේ මට පෙන්වන ගමන්. 

අන්න එතකොටයි මට ඇඩ්‍රස් නැති වුනේ.

ප.ලි : ඒ දෙමාපියෝ මා එක්ක තරහා වුනේ නැහැ.දිගාගේ භර්යාවත් බොහොම හොඳ ගුණ යහපත් කාන්තාවක්.දැන් දරුවකුත් සිටිනවා.


ප.ප.ලි : අපි කර දුන් විවහායක් වැරදි නැත.



56 comments:

  1. "දිගා"
    මම මගේ පෝස්ට් එකක ලිව්වා "දිගා" කියලා මගේ යාලුවෙකුට වෙච්ච පට්ට සිද්ධියක්..ඒ දිගයි මේ දිගයි අතරේ ලොකු වෙනසක් නෑනේ..

    ReplyDelete
    Replies
    1. "දිගා" කියන නම නෙමේ මම මුලින්ම මේකට දැම්මේ වෙනින් නමක්.හැබැයි ඒ නමත් එක්ක යාළුවාට සම්බන්ධයක් තියෙන නිසා තමයි මේ නම ගත්තේ.

      Delete
  2. මම නම් කියනවා " මේ බලන්න ආන්ටි මේකව තියල වටින්නෙ නැහැනෙ, මූ කාව හරි දාල මගේ අස්සනත් හොරෙන් ගහලනේ... කෝ මේකා?? කොහාට ගියාද.? ඉන්න ආන්ටි මම හොයාගන්නම්".. කියල ටක් ගාල එලියට බැහැලා ශේප් වෙනවා.

    ReplyDelete
    Replies
    1. අම්මප
      අන්න මගෙ ජාතියෙ ඩයල් එකක්
      හැක්

      Delete
    2. ඉයන් ආයුබෝවන්..!

      මට එහෙම තවත් බොරුවක් කියන්න බැරි තරමටම අසරණ වුනා ඒ වෙලාවේ.කලන්ත නොවුනා විතරයි.

      Delete
  3. සිරාවටම ඇඩ්‍රස් නැතිවෙන්න ඇති ඒ වෙලාවේ........... අනාතයි නහේ..........

    ReplyDelete
    Replies
    1. අවංක ආර්යන් ආයුබෝවන්..!

      හිට්ලර්ගේ කවුරු හරිද මන්දා ?සිරාවටම ඇඩ්‍රස් නැති වුනා කියන්නේ අනාතයි කියන එකනේ හිටං.

      Delete
  4. උඹ නිකං ලැජ්ජාවේ අැඹරෙන්න අැති නේද බං... මට මැවිලා පේනවා.... හැක් හැක් හෑ........

    ReplyDelete
    Replies
    1. අැඹරෙන්න නෙමේ අඬන්න වුනේ.

      Delete
  5. එහෙමවත් කියල හිත හදාගනින්.අර දෙමාපියො හොඳ නිසා බේරුණා.

    ReplyDelete
    Replies
    1. බොරු නෙමේ හැලපයියා උන් එළට ඉන්නවා.
      අනේ ඔව් ඒ දෙමපියෝ වාසනාවන්.!

      Delete
  6. අපි කළ කසාදයක් වැරදී නැත. හෙහ් හෙහ්
    ගෙදරට හොරෙන් කරපු කසාදෙ ඉක්මනටම ශේප් වෙන තරමට එයාල නියුට්‍රල් එකේ අත්සන් කළේ මොකාද කියලත් එයාලට වගේ වගක් නැතිව ඇති. අනික ඔහොම දේකට නැති අතිජාත යාලුකමේ ඵලය කිම ?

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ මාමේ යළුවො කියන්නේ එහෙම තමා.

      Delete
  7. පොලිසියෙන් අල්ලලලා බන්දවන කේස්වලදී සාක්‍ෂියට අත්සන් කරන්නේ පොලිස්කාරයින්ද?

    ReplyDelete
    Replies
    1. ඉස්සරහාට පොලිස් කොමිසමෙන් කරයිනේ.

      Delete
    2. මට පස්සේ මතක් වුනේ පොලිසියෙන් කසාද සහතික කෙසේ වෙතත් මරණ සහතික නම් ලියව ගන්න පුළුවන් නේද පහසුවෙන්ම.

      Delete
  8. අපි කරදුන් විවාහයක් වැරදී නොමැත.
    ඒක තමයි බං සුපිරිම ආතක් එක.

    උඹ දන්නවද මමයි දීපයිත් ඔය වගේ දේවල් කරලා තියෙනවා. ඇත්තෙන්ම දීපගෙම මල්ලි ගෙ කසාදෙට අත්සන් කලා මම. ඌටත් වැරදුනේ නෑ. දැන් ඉන්නේ ජෝඩුවම ලෝකෙ බලගතුම රටේ දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ. කොල්ලෝ දෙන්නෙකුත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒවගෙම තවත් සමහරු ආසයි අපි වගේ හාල් කෑලි නැතුව, කසාදෙට අස්සං කලේ ජේආර්. එහෙම නැතිනං චන්ද්‍රිකා. නැතිනම් මහින්ද. වගේ කියන්න පුලුවන් වෙන ආකාරයට වැඩ සලස්සගන්න. ඕං කොල්ලව කොළඹ ඉස්කෝලෙකට දානකොට මේ කොල්ල හම්බවුනේ ජනාධිපති සාක්කියට අස්සං කරපු විවාහෙකිං කියලා ලකුණු හම්බවෙන ක්‍රමයක් තියෙනවනම් ඕං ඒත් කමක් නෑ.

      Delete
    2. මම කසාද හතරකට විතර අත්සන් කරල තියෙනවා. එයින් තුනක්ම දික්කසාද වුනා. හොඳම වැඩේ මම අත්සන් කරල දික්කසාද වෙච්ච කෙනෙක් දෙවෙනි පාරට බඳින කොටත් මටම ආරාධනා කලා අත්සන් කරන්න. මම මඟ හරින්න බැලුවත් හරිගියේ නැහැ. මේ පාර නම් ඔවුන් එකට ඉන්නවා. දික්කසාද වෙන්න බලාගෙන බඳින අය ඉන්නවනන් කියන්න , මම අත්සන් කළොත් 50% විතර සම්භාවිතාව වැඩිවෙනවා.

      Delete
    3. ඉයන්, අලේ මටත් අස්සලක් ගහපංකෝ...

      Delete
    4. සික් මගේ කසාදෙටත් බොට කියන්න තිබුනා. හැක්

      Delete
    5. ඉයන අනිවා කියනව හිටු

      Delete
    6. හෙහේ,හෙහේ එක කියන්නේ ඩුඩයියේ පවතින විවාහයක් නම් අප අමතන්න.කැඩෙන විවහා සඳහා ඉයන් හමුවන්න.

      බැරි වේවිද මගේ වෙඩින් එකට ඔබාමායි,පුටීන්වයි ගෙන්නන් අත්සන් කරගන්න.එතකොට අපේ විවහායට අන්තර්ජාතික පිළිගැනීමක් ලැබිලා දරුවන්ට උනත් ජාත්‍යන්තර පිළිගැනීමක් ආවොත් එක සමස්ත රටටත් කොයි තරම් ආඩම්බරයක් වේවිද ? ඔය කිව්වට එතකොට ළමයින්ව ජාත්‍යන්තර පාසැල් ගෙදරටම ඇවිත් එක්ක යන්න බැරි නැහැ ඩුඩයියේ.

      Delete
    7. යකඩෝ ඉයන්ට තියෙන ඉල්ලුම.මගුල කඩා ගත්තා වගේ නෙමෙයි පුතාලා නඩත්තු ගෙවන්න උනාම.

      Delete
    8. ඉයන් මගේ කසාද සහතිකේට අත්සනක් දාපන් දෙයියෝ...(දැන් එකට)
      උඔට තව අවස්ථා තුනක් දෙනවා

      Delete
  9. එහෙම තමයි හොඳ යාලුවෝ, හොඳ ඉතින් දෙයක් කලාම.

    දැන් ඔයාගේ එකට අත්සන් කරන්නේ කවුද? :P

    ReplyDelete
    Replies
    1. පිවිතුරු චේතනා ගෙනදෙයි වසනා කියන්නේ එකනේ පොඩ්ඩියේ.

      පොඩ්ඩිට පුළුවන් නේද මං වෙනුවෙන් අත්සන් කරන්න.

      Delete
  10. මම නෙවෙයි ආන්ටි , මං වගේ වෙන කෙනෙක් ගේ කියල කියන්න තිබ්බේ . හොරෙන් බැඳපු එකා ගෙදර ඇවිත් ඉද්දි අම්මයි තාත්තයි හැසිරිච්ච් හැටි නම් හරිම පුදුමයි ..

    ReplyDelete
    Replies
    1. ආයෙත් තව බොරුවක් කියන්න බැරි තරමටම මම ගල් වුනා බං.දැන් ඉතින් බැන්දට පස්සේ මරන්න කියලයි.

      Delete
  11. උගෙ අම්මගෙ යාළුවෙක්නෙ යකෝ ඌ. කල් ඇතිව කියන්න එපායැ උඹට. දැන් උන් හොඳයි, උඹ වැරදියි..සැක් විතරක්!

    ReplyDelete
    Replies
    1. කල් ඇතුව කියන්න කියන්නේ වැඩේ ලීක් වෙච්චි බව ඌ දැනගෙන තියෙන්නේත් අන්තිම මොහොතේ.ඒ දැන ගත්තු ගමන් තමයි මට ආයෙමත් කෝල් කරලා අරම කියන්න එපා.මෙහෙම කියපන් කියලා කිව්වේ.එත් ඉතින් එතකොට පරක්කුයි.

      Delete
  12. විනාසයි. අරූ උඹව කාල නේද?

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් කසුන්.!

      ආයෙත් අහලා ඌ මාව කෑවා නෙන්නම්.උඹට වගේ අහසින් යන්න පුළුවන් නම් මම යනවා ඒ වෙලාවේ වැඩේ මාට්ටු වෙනකොටම.

      Delete
  13. යකෝ පුදුම දෙමාපිය හැසිරිල්ලක් නෙව ඒක.. උඹට ලැජ්ජාවක් හෙම දැනුනේ නැහනේ

    ReplyDelete
    Replies
    1. එක නෙන්නම්.මටත් ලැජ්ජාව කියලා එකක් තියෙන බව දැනගත්තේ මම ඒ වෙලාවේ.

      Delete
  14. කළ හොද පස්සෙන්...

    යකු ගෙදරින් අවුලක් නැත්තං දිගා අහවල් එකකට හොරෙන් ගිහින් බැදලා, ගෙදරටම ගැණිව අරන් ආවේ..?

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ ඒකමයි. නිකන් කික් එකට වෙන්න ඇති නෙහ් ?

      Delete
    2. එලවනවා කියන්නේ ඕකට තමයි....:D

      මෙහෙමයිනේ දිගා පවුලේ එකම ළමයා.ඌගේ අම්මා,තාත්තා දෙන්නාව ඌ එපැයි බලාගන්නත්.අනික දැන් බැන්දයින් පස්සේ කෙල්ලට ගෙදර යන්නත් බැහැනේ.ඌ ඉතින් එදාම කෙල්ලව ගෙදර එක්ක ගිහින් කියලා අපි දෙන්නා බැන්දා කියලා.

      Delete
  15. මං නං අර කීව වගේ මොකක් හරි ගල් කෙබරයක් ගහල ෂේප් වෙනව ආයෙ ඉතිං පැත්ත පලාතෙ යන්නෙ නෑ හැක්...
    වැඩේ ගොඩ නං එච්චරනෙ ඉතිං නැද්ද
    හිහි

    ReplyDelete
    Replies
    1. එකනේ ඔය ඉන්නේ දැන් ආතල් එකේ කට්ටියම.

      Delete
  16. මාර කතාවක්නේ. නියමයි.

    ඒක නෙවෙයි... බැරිද අත්සනක් ගහන්න. නෑ නෑ .. එනකොට මනාලයෙකුත් එක්කන් එනවා නම් විතරයි ඈ

    ReplyDelete
    Replies
    1. අයියෝ මොකද බැරි.කලින් කිව්වා නම් මනමාලයාට මටම එන්නත් තිබ්බා.

      Delete
  17. කොහෙද ඒ කාලේ අපට මනෝ වගේ යාලුවෙක් හොයාගන්න බැරිව සෑහෙන දුක් වින්දනේ. මරු මේ වගේ නොකී කතා ලියලා දාන එක ඉතා හොඳයි

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කාද තිලකේ අයියාට තේරුනා අපේ වටිනාකම.
      නොකී කතා නම් සැහෙන්න තියෙනවා තිලකේ අයියේ.බලමුකෝ පුළු,පුළුවන් විදියට කියන්න.

      Delete
  18. මාත් ජීවිත කාලෙටම එකකට අත්සන් කරල තියනව. ඒ අපේ රවි අයියගෙ වෙඩිමට.
    උඹ කරල තියෙන්නෙ භයානක වැඩක් මම දන්න තැනක ‍කෙල්ලගෙ අයිය කෙනෙක් පිහි පාරක් දුන්න අත්සන් කරපු කොල්ලෙකු‍ෙට!

    ReplyDelete
    Replies
    1. භයානක වැඩක් නෙන්නම්.කෙල්ලට අයියලා දෙන්නෙක් ඉන්නේ.හැබැයි උන් දෙන්නාවත් මම ඉස්සර ඉඳන් දැනන් හිටිය නිසා අවුලක් උනේ නැහැ.
      මේ කසාදෙන් අවුරුද්දකට විතර පස්සේ දිගායි කෙල්ලයි එක්ක කෙල්ලගේ ගෙදර ගියා.එතකොට කෙල්ලගේ පොඩි අයියා ඇවිත් මට කිව්වා "මල්ලී මම එනකම් පොඩ්ඩක් හිටපන්.යන්න එපා"කියලා.එහෙම කියලා ඌ දිගාගේ පවුලගේ ගෙදර පල්ලහා තිබ්බ උන්ගේ ගෙදරට ගිහින් එන්න ගියා. දිගා කිව්වා "ඕකා ඔය යන්නේ මන්නේ ගෙන්න උඹව කපන්න" කියලා.හැබැයි පොර ඉන්න කිව්වේ වෙනින් වැඩකට.

      Delete
  19. අනේ මචං මටත් කසාදයක් කරලා දියන්

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා ආයුබෝවන් මචං...!

      මොකද බැරි එත් තාමත් ලංකාවේ බහු විවාහ බැහැ නේ බං.

      Delete
  20. Math assan karala thiyenawa oyawage dekakata .. hodak misak narakak nam wela ne..

    ReplyDelete
    Replies
    1. අපි කර දුන් විවහායක් වැරදි නැත.:)

      Delete
  21. හි.. හි... ඇඩ්‍රස් නෑ තමයි නේද ...

    ReplyDelete
  22. පමා වෙලා බැලුවේ ..ඒත් මරු කතාව ...හී හී .. මනෝජ්ට පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති නේද...ඔයා ඇත්තටම පව්.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් පියුමි !

      පව් නෙන්නම් මම.පොළව පලන් යන්න ක්‍රමයක් තිබ්බා නම් මම ඇත්තටම එහෙම කරනවා තමයි....:)

      Delete
  23. අනේ මන්දා ඔයාටමනෙ මෙහෙම වැඩ වෙන්නෙ. ඒ දෙමව්පියො හොද හන්දා හොදට ගියා.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් අක්කේ මටමයි මෙහෙම වෙන්නේ...:(
      ඇත්තටම ඒ දෙමව්පියෝ හොඳ හින්දයි ඒ ගැණු ළමයාගේ ගෙවල් වල කට්ටිය හොඳ හින්දයි මමත් බේරුණා.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!