Thursday, December 10, 2015

හින පිළිබදව නක්ෂත්‍රකරුවෝ.

මේ පොඩ්ඩක් විතර පිළුණු කතාවක්.

මේ කතාව කියන්න තිබ්බේ අර සෝමවංශ සහෝදරයා ගිහින් විරවංශ මහත්තයාව බදා ගත්තු දවස්වල.මතකයිනේ ඒ වෙලාවේ සෝමවංශ කරපු කතාව!

"පොදු සතුරා විසින් අපිව එකතු කරලා තියෙනවා"කියලා කිව්වේ.

මේ කියන්න යන්නේ ඒ කතා ගැන නෙමේ.මේ කියන්න හදන්නේ ඒ දෙන්නගේ එකතු දීගේ ගැන මම හීනෙන් දැක්ක එක.

මම හීනෙන් දැක්කේ සෝමවංශ විමල් එක්ක එකම වේදිකාවේ මහින්ද වෙනුවෙන් කතා කරනවා.

ඒ වෙනකොට සෝමවංශ ජවිපෙන් ඉවත් වෙලා හිටියත් විමල් එක්ක එකතු වෙලා හිටියේ නැහැ.නිකම් දැකපු හීනයක් නමුත් ඒ හීනේ අන්තිමට සැබෑ උනා.

හීනේ සැබෑ වෙලා දෙන්නා දීග ගියාට ඒ දෙන්නගේ දීගේ තව කොච්චර කාලයක් තියේද කියලා නම් මට සැකයි.මොකෝ සෝමවංශ මහත්තයා ජවිපෙන් දික්කසාද උනාට තව තව කසාද කරන්න හොයන නිසා.  

මේ හීනේ මම දැක්කේ ජුනි පළමුවැනිදා පාන්දර.මට හීනේ දැක්ක දවස මතක මම එදාම උදේ බුකීයේ "සංදේශය"පිටුවේ මේ හීනේ ගැන සටහනක් දාපු නිසයි.


මේ තියෙන්නේ ඒ සටහන.
මම ගොඩක් වෙලාවට නිදා ගන්න කොට රෑ දොළහට ඉතා ආසන්න වෙනවා.ආයෙමත් උදේ පහට නැගිටලා කිරිතේ එක බීලා නිදා ගන්නවා.ඊට පස්සේ නැගිටින්නේ උදේ හතට විතර.මට ගොඩක් වෙලාවට ඉතින් හීන පේන්නේ ඔය තේ එක බීලා ආපහු නිදාගෙන ඉන්න වේලාවටයි.


මේ ඔය වගේ දැක්ක තව හීනයක්.

එදා දැක්කේ අපේ හිතවත්ම මිත්‍රයෙක් මරණයට පත් වෙලා ඉන්නවා.දැන් ඉතින් ඒ යාලුවාගේ මරණ ගෙදර මම ඇතුළු අපේ තව යාළුවෝ සෙට් එකක් ගිහින් හිටියා.වැඩේ කියන්නේ මම හීනෙන් මැරිලා ඉන්නවා දැක්ක යාළුවාත් අපිත් එක්කම ඌගේ මරණ  ගෙදර නයිට් එක ගහනවා.

කොහොමින් හරි හීනේ දැක්ක දවසේ හවස කෝල් එකක් එනවා 

"මචං xxගේ මාමණ්ඩි අන්ත්‍රා වෙලා" කියලා.

මම හීනෙන් මැරිලා ඉන්නවා දැක්ක එකාගේ මාමණ්ඩියි මැරිලා තියෙන්නේ.

ඒ දැන් ඉතින් බලන් ගියාම මටත් "රාජකීය දෛවඥ"වගේ තනතුරකට ඉල්ලන්න සුදුසුකම් තියෙනවා වගේනේ.

කනාවට හෝ හරි යන්න අපෙනුත් හීන පලාපල අහන්ට.

ප.ලි :කාලයක් තිස්සේ දැක්ක තවත් "හීනයක්" අර්ධ වශයෙන් තව දින කිහිපයකින් සැබෑ වෙන්න යනවා.ඒ හීනේ අනිත් අර්ධය සැබෑ වෙන්ට තවත් මාස කිහිපයක් තියෙනවා.

52 comments:

  1. ඒහ්... මචෝ, එංගේජ්ද? බොක්කෙම්ම සුභපතනව මස්සිනා...!!!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රෑකියාව උල තියනවා හිනෙන් පෙනිය

      Delete
    2. පෙනිය පෙනිය... එතකොට කවුද බොට කතන්දර කියාදෙන්නෙ?

      Delete
    3. යැස්,යැස් මචං.බොහෝම ස්තූතියි....:)

      මෙන්ඩා,
      අපෝ මට බැහැ බං.මදුරුවෙක්වත් උල තියන්න මට බැහැ.ගහලා මැරුවොත් මිසක්.

      Delete
  2. අපේ අක්කටත් ඔය මැරෙන්න ඉන්න උන්ව පේනවා. හෙහ් හෙහ්.... මැරෙන එකා දන්නවා නම් මග රැකලා ඉඳල නෙලන්නේ!!

    ඕකට ඉතින් රජවාසලටම යන්න ඕනෙය? යන්නකෝ කාලගුණ දෙපාර්තමේන්තුවට! අන්න එතනට නම් ඔබතුමා වගේ කෙනෙක්ගේ අවශ්‍යතාවය තදටම තියෙනවා

    ReplyDelete
    Replies
    1. හෙහේ,හෙහ් කියලා වැඩක් නැහැ.උන්ගේ හීන බලලා අපිට මැරෙන්න වෙන්නේ.

      අපෝ කාලගුණ හරියන්නේ නැහැ.ඒ වගේද රජවාසලට ගියාම.පවුලටම රට සංචාර,බැංකුවල ඩිරෙක්ට බෝඩ් එකට යන්ට පුළුවන්,තව ඔය ඩියුටි ෆ්‍රී වාහන,රාජ්‍යත්‍රන්තික විදේශ ගමන් බලපත්‍ර,තව තව කොච්චර දේවල්ද ?එහෙව් එකේ මක්කට යනවාද කාලගුණේට.

      Delete
  3. මචං අපිව ඒහෙම මතක් කරනවා නෙමෙයි ඔන්න හරිය....

    ReplyDelete
    Replies
    1. අසංකයාවයයි තුෂාරයයි හිනෙන් පෙනිය

      Delete
    2. ඇයි අර ගැණු දැරිවියෝ දෙන්නා.

      Delete
    3. ඔ්කනේ උඹලටත් ගෑණු දැරිවියෝ තමා මතක් වෙන්නේ.. මෙච්චර අපි ඉද්දි...

      Delete
    4. ගොරිල්ලන්ගේ මොනවා මතක් කරන්නද හිටං.

      Delete
  4. උඹට "රාජකීය දෛවඥ" වෙන්න තව සුදුසුකමක් කිහිපයක් සම්පූර්ණ කරන්න වෙනවා.මෙන්න මේ වගේ

    ඕන පට්ටපල් බොරුවක් ග්‍රහයන්ට ගලපමින් ඇත්ත වගේ කියන්න පුරුදුවීම.
    හැම වෙලාවේම විරුද්ධ පක්ෂයේ නායකයගේ සෙනසුරුනීච බව ප්‍රකාශ කරන්න පුරුදුවීම.
    තමන් කඩේ යන නායකයාගේ අප්‍රමාණ ගුණය ග්‍රහයන්ට අනුව විස්තර කිරීම.
    අනාවැකි වැරදුනොත් එකේන් බෙරෙන්න තව බේගලයක් ගොතාගෙන සිටීම.
    පලාපල කියවනකොට ජාතික ඇඳුම අදින්න පුරුදුවීම (අන්න එතකොටයි අපේ උපාසක අම්මලා ඕන බොරුවක් ඇත්ත කියලා පිලිගන්නේ)
    උඹ මේකට තව එකතු කරගනින්...

    ReplyDelete
    Replies
    1. එක ඇහැක් හරි දෙකම අන්ධ නම් තව හොඳයි

      Delete
    2. https://www.youtube.com/watch?v=tiVOzYrt0rg

      https://www.youtube.com/watch?v=9BQxlXViGzc

      මචංලා ඔන්න අහගෙන බලපල්ලා නිශාන්ත යෝගිතුමාගේ කෙරුම්

      Delete
    3. මනෝ,අන්න ඔහොම කියලා දියන්කෝ.මම "රාජකීය දෛවඥ" උනාම මම දෙනවා උඹට මගේ උපදේශක තනතුරක්!හොඳයිනේ.

      Delete
  5. මනෝ... උඹේ හීනෙට සුභපතනවා.. ඒ හීනෙ අන්තිමට හිරේ විලංගුවේ වැටිලා ඉන්නව පෙනුන නං වැඩේ ටක්කෙටම ෂුවර්.... ඔය කිරි තේ එක බොන වෙලාවට මාව එහෙම මතක් කොරන්න එපා වැරදිලාවත්...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සජ්ජා.හීනෙ අන්තිමට නෙමේ දැන්මම හිරේ විලංගුවේ වැටිලා වගේ බං ඉන්නේ..:D

      පොඩ්ඩක් මතක් කෙරුවාම මොනවා වෙනවාද...:D

      Delete
  6. මොන ලබ්බටද බන් උදේ පහට නැගිටලා කිරි තේ බොන්නේ.. එක දිගට නිදා ගන්නේ නැතුව.. මේක කියුව කියල හෙට තේ එක බොන ගමන් මාව එහෙම මතක් කරනවා නෙවෙයි.. හික් හික් හික්..

    ReplyDelete
    Replies
    1. ඒ මම පුරුදු වෙලා තියෙන හැටි බං.එහෙම නැත්නම් දවස නිකම් පටන් ගත්තේ නැහැ වගේ.
      උඹලාව අමතක කරලා කොහොමද.....:D ?

      Delete
  7. මටත් ඔය වගෙ දේවල් තියනවා. 80% ක් විතරම හරි. හැබැයි මට ඒක ස්වාභාවිකව පිහිටපු දෙයක් නොවෙයි. භාවනානුයෝගීව සිටි දිනවල අත් විදින අත්දැකීමක්.
    මම ආගම් පස්සෙ යන කෙනෙකුත් නොවන නිසා මැදහත්ව මේ දිහා බලන කොට අවබෝධ වුන දෙය තමයි අනාගත සිදුවීම් ඒවාට සතියකට කලින්වත් දැනෙන බව. සමහර ඒව සති කීපයකට කලින්. මම බැස ගත් නිගමනය තමයි කාලය හරහා සිදුවන සංවේදනයක් කියල. මම ආසයි මේ සබ්ජෙක්ට් එක ගැන වැඩිදුර දැන ගන්න.

    ReplyDelete
    Replies
    1. ම.ම,
      එහෙමත් එකක්ද කියන්න නම් මම දන්නේ නැහැ,මෙව්වා මේ නිකම් මට පෙනුන හීන.හැබැයි මට නම් මේ වගේ සබ්ජෙක්ට් වලට එච්චර කැමැත්තක් නැහැ.

      Delete
  8. පොඩි බිස්නස් අඩියා එකක්. ඔය නැන්දම්මත් එක්ක වලි කට්ටිය උඹට ගෙවයි හීනෙන් බලන්න කියල.

    ReplyDelete
    Replies
    1. ඉයන් අපිට අඔ පාටියක් දෙනවා හිනෙන් පෙනිය..

      Delete
    2. හෙට කවි අහුලලා අඹ අහුලමුද?

      Delete
    3. ඉල්ලලා ගන්න අඹද???

      Delete
    4. අපෝ මිනිස්සු මරන්න බැහැ අයියා.

      මොකක්ද මේ අඹ කතාව.දෙන්නකෝ අපිටත්.

      Delete
  9. එහෙම හැබෑ වෙච්ච හීනයක් මන් කියන්නද ...?

    මන් දවසක් දැක්ක .. අපේ ගේ ඉස්සරහ තියන බිලිදින් එක මොකද්ද වෙලා ගිනි ගන්නවා .... මෙන්න හවස ආරංචි වෙනවා ... ඇමරිකාවේ පෙන්ටගනයට ගහල කියල ....
    දැක්කද ...? ඇමරිකාවේ වෙන දේවල් මට කියන්න පුළුවන් ....

    තව අපේ පාරේ ගැනු ළමයෙක් පැනල යනවා මන් හිනෙනේ දැක්ක .... මෙන්න සතියකට පස්සේ ඒ ළමය ඇත්තටම කොල්ලෙක් එක්ක පැනල ගිහින්...

    දැන් මං ඉල්ලන ඕන පට්ටම මොකද්ද ...? මනෝ ....

    ReplyDelete
    Replies
    1. රාජකීය බොරුකාරි, හැක්

      Delete
    2. මම එක දවසක් හීනෙන් දැක්කනේ කරිෂ්මා කපූර් මාව කසාද බදිනවා.හනිමුන් යන්න ලෑස්ති වෙනකොටම තාත්තා වතුර ගහලා මාව අවදිකරානේ.කොහේද අපේ දෙමාපියෝ හීනෙන්වත් අපිට නිළියක් බඳින්න දෙන්නෑනේ.

      Delete
    3. නිහිංසාට ඔය දීලා තියෙන්නේ නියම තනතුරක් ඉයන්.අන්න එක ගන්ට.එක නියමයි.ඔයාට පුළුවන් ජාත්‍යන්තර කටයුතු ගැන අවධානය යොමු කරන්නත් ඊට අමරතව.

      @ මනෝ

      කරිෂ්මා වගේද කරීනා.
      උඹේ දෙමාපියෝ අර අහිංසක කරිෂ්මා කෙල්ල ගැන හිතලා තමයි උඹට වතුර ගහලා තියෙන්නේ හිටං.

      Delete
    4. නිහිංසා මගෙ අත්දැකීමුත් ඔය වගෙ තමයි. මම ගුප්ත දේවල් විශ්වාස කරන්නෙ නෑ. නමුත් මනස සහ ලෝකය අතර යම් සම්බන්ධයක් තිබිය හැකියි. එය සමහර විට පරිනාමයේදී අවශිෂ්ට වූ හැකියාවක් විය හැකියි. භාවනාවෙදිත් කෙරෙන්නෙ එය මතු කිරීම.

      Delete
  10. පොඩි මෙන්ඩා උදේ 5.45ට නැගිටලා..තේ මාම් තේ මාම් කියලා කෑගහනවා කිරි බෝතලේ අතට දුන්නාම බිලා නිදාගෙන ඉස්කෝලේ යන්න ඇහැරව්වාම මට කියනවා “තාත්තෝ..මම හිනෙන් දැක්කා අද ඉස්කෝලේ නෑ..ඔයා ඔෆිස් යන්නෙ නැතුව මාත් එක්ක සෙල්ලම් කරනවා“ කියලා..ඌටත් මොකක් හරි තනතුරක් දිපන්..

    උදේ පහට නැගිටලා කිරිතේ එක බීලා දුමක් දාපන් ඔය ලේඩේ හරියනවා

    ReplyDelete
    Replies
    1. පොඩි මෙන්ඩාට දෙන්නම් "සහාය නැකත්කරු"වගේ තනතුරක්.

      අපේ ගෙදරට දුම් තහනම් බං.කොටින්ම නගර සභාවේ උන්ටවත් දුම් ගහන්න දෙන්නේ නැහැ අපි.

      Delete
  11. මල් හීන දකින්න ඕනි කාලේදී ඔය අබලන් දේශපාලකයොයි මළ ගෙවලුයි ඉන්න හීන බලන්න එපා මනෝජ් . වහාම චැනල් මාරු කරන්න

    ReplyDelete
    Replies
    1. ඔව්,තිලකේ අයියා චැනල් එක මාරු කරන්න ඕනේ.මළ ගෙවල් කෙසේ වෙතත් අබලන් දේශපාලකයො හීනෙන් පෙන එකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා.

      Delete
  12. මට හීන පේන හැටියට පලාපල කියන්න ගියොත් ගුටි කන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. වැඩිය ගුටි කන්න එපා.ටැක්ස් ගහන්න පුළුවන් පරිභෝජනය අවම කරන්න.

      Delete
  13. http://yakaageadaviya.blogspot.com/2015/12/blog-post_10.html?showComment=1449817354378#c6278399636495359087

    ReplyDelete
    Replies
    1. මගෙත් ඔව්වා ගැන විශ්වාසයක් නැහැ ප්‍රා.විශ්වාස කරන මිනිස්සු ගැන අවිශ්වාසයකුත් නැහැ.ඒ මිනිස්සු ඔව්වා විශ්වාස කරන්නේ තමන්ගේ තියෙන අසරණ කම් නිසා.ඒ අසරණකම් ඉල්ලමක් කරගෙන වැඩ කරන බොරුකාරයෝ ගැන නම් තියෙන්නේ අපුලක්.

      Delete
  14. ඔයාගෙ හැබෑ වෙන්න යන හීනෙට සුබ පැතුම් මල්ලි! . ඒ හීනෙ අස්සෙ තියෙන හීන ඔක්කොම හැබෑ කරගන්න ලැබේවා කියාල ප්‍රාර්ථනා කරනවා.

    මිනිස්සු ඔයාට වට කරගෙන ගල් මුල් ප්‍රහාර එල්ල කරනවා වගේ හීනෙන් දැක්කොත් අන්න ඊට පහුවදාට අර තනතුරට ඉල්ලුම් කරාට කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සඳමාලි අක්කේ.ඇත්තටම ඒ හීනේ ඇතුලේ ගොඩක් හීන තියෙනවා හැබෑ කරගන්න....:)

      ඔය ගල්,මුල් දවසයි දෙකයි.ඊට පස්සේ මුකුත් නැහැ.ආයෙමත් අවස්ථානුකුලව බොරු කිය කියා ඉන්ට තියෙන්නේ.මොකද ඒ වගේ බොරු වලට අපේ මිනිස්සු හරි ඉක්මනින් රැවටෙනවානේ.

      Delete
  15. උඹත් මාර බඩුවක් නොවැ මනෝජ්.පහුගිය රජාගෙ කාලෙ උඹේ මේ දක්ෂකම එළි දැක්ක නම් උඹත් පොරක් තමා.

    ReplyDelete
    Replies
    1. එකනේ හැලපයියේ අපිට ස්වීප් ඇදෙනකොට අශ්වයා ස්තාලේ නැහැ ලු...:D

      Delete
  16. ඒ වඳින්නම් මචං, උඹට මාවනම් හීනෙන් පේන්නෙපා..!!

    ReplyDelete
    Replies
    1. කවදා හරි පෙනේවි මචං..:D

      Delete
  17. ඔය හැකියාව පරිස්සම කරල අරන් තියාගනින්... මොකද, "කණගා‍ටු වෙන්න එපා අනේ හෙට ඔයා මැරෙනවා"කියලා අනාවැකිය කිව්වම, හෙට උගේ මාමණ්ඩි නම් මැරෙන්නේ.. උඹට වැඩිකල් ඔය රස්සාව කරන්න බෑ, මොකද අනිද්දට උඹත් අරූගේ මාමණඩි ගිය දිහා හින්දා..

    උදේ හත වෙනකම් නිදියන්න !!!ආණ්ඩුවේ රස්සාවක් වෙන්නැති කරන්නේ මයෙ හිතේ.. එහෙම නැත්නම් දේශපාලුවන්ව හීනෙන් පේන නිසා උමත් දේශපාලුවෙක් වෙන්නත් පුලුවන්...

    ReplyDelete
    Replies
    1. හෙහේ,හැකියාව කොහොමද සෙන්නයියේ.උඹට කියන්න මම ඊයේ හීනෙන් දැක්කා "හිරුණිකා"ඉන්න රැස්වීමක් මැදට පැනලා කෑගහලා කියනවා "හිරුණිකා ප්‍රේමචන්ද්‍ර" අත්අඩංගුවට ගනු කියලා.ඒ අර කොල්ලා පැහැර යෑමට විරෝධය පල කරන්න.

      උදේ හත වෙනකම් නිදා ගන්නේ ආණ්ඩුවේ රස්සාවක් කරන නිසා නෙමේ බං.ඔෆිස් එක ගෙදරට ලග නිසා.

      Delete
    2. උඹටනම් තියෙන්නේ ලේසි පාසු අසනීපයක් නෙමේ... බේතක් ගනින් ඉක්මනට.. නැත්නම් දියවන්නාවෙ ගිලිලා තමා බොලා නතර වෙන්නේ...

      Delete
    3. මම දියවන්නාවේ ගිලුණු දාක මගේ මාධ්‍ය ලේකම් කමට උඹව ගන්නවා සෙන්නයියේ.හොඳයිනේ...:)

      Delete
  18. ඉඳලා හිටලා උඹටත් පේන හීන. මොකද බං අර බුකියේත් කට්ටිය මරාගන්නෙ?

    ReplyDelete
    Replies
    1. හෙහේ අපිට පේන හීන ආයේ ලොවෙත් නැහැ.බුකියේ කේස් එක මොකක්ද ?මම දන්නේ නැහැනේ.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!