Friday, January 3, 2014

සිතල දුරුත්ත.


මේ වගේම සිතල දුරුත්තක අපි හමුවුණු හැටි කොහොමද අමතක කරන්නේ?කවදාවත් අමතක නොවන මුළු ලෝකෙම සමරන දවසක අපි පෙමින් බැදුන හැටි,අමතකද ඔය සිනිදු අත මගේ මේ සුරත උඩින් තියලා හිමි,හිමිට ඔය දෙතොල් පෙති මුමුණලා කිව්වා මට ඔයා ආදරේයි කියලා.ජිවිතේට වසන්තේ ආවේ එදා තමයි කියලායි මට හිතුණේ.

මතකද ඒ වසන්තේ අපේ ජිවිතවලට කොයි තරම් මිහිරක් ගෙනාවද කියලා.ඉර ඇහැරෙන්නත් කලින් අවදිවෙලා ඔයා සුබ උදැසනක් කියලා එවපු දුරකථන පණිවිඩයෙන් පටන් ගන්න දවස ඒ ඉර අවරට ගිහින් මුළු ලෝකෙම නිදිය ගන්න වේලාවේ ආයෙමත් ඔය එවන සුබ රාත්‍රියක් කියන පණිවිඩයෙන් ඉවර වෙන දවස පුරාවටම කොයි තරම් දේවල් අපේ ජිවිතවල සිද්ධ වෙන්න ඇතිද...?අමතක නැහැ නේද අපි ඒවාට මුහුණ දීපු හැටි.

මතකයි නේද අත්වැල් පටලාගෙන අපි ගමන් කරපු හැටි මහරගම නගරය පුරාවටම,සමහරක් දවස්වල ඒ විදියට අරමුණක් නැතුව ඇවිදලා,ඇවිදලා හති වැටෙනකොට,බොරලැස්ගමුව වැව ගාවට ඇවිත් ගල්බංකුවක් උඩ වාඩිවෙලා වැවේ හංස බෝට්ටු පදින අය දිහා බලගෙන හිටි හැටි සමහරක් දවස්වල එහෙම බෝට්ටුවක අපිත් නැගලා පැදපු හැටි අමතකද කරන්නේ කොහොමද.?

ඇයි සමහරක් වැසි දවස්වල එකට තුරුල් වේවි එක කුඩයක් යටින් ඇවිදන් ගිය හැටි,තවත් දවසක ගිනිගෙන දැවෙන හිරුගෙන් බේරෙන්න ඒ කුඩේ යටම අපි ගුලි වුණ හැටි හරියට නිකන් අද ඊයේ වගේයි නේද ඒ මතකය.

වෙරළේ මාළිගා හැදුවොත් රැල්ල ගහනකොට ඒවා කැඩෙනවා.අහසේ මාළිගා හැදුවත් ඒවා වළාකුළු එක්කම නැතිවෙනවා.ඒ බව දැන,දැනම අපි වෙරළේ මාළිගා හැදුවා,අහසේ මන්දිර තැනුවා.අනාගතය ගැන හින මැව්වා.ඒ දැකපු හින,ඒවා යථාර්ථයක් කර ගන්න අපි දරපු වෙහෙස,උත්සාහයන් කොයි තරම්ද?මගේ හෙවනැල්ල කියලා සමහරු ඔයාව දකිනකොට,එහෙම දැකපු අයට මම කිවේ ඔයා මගේ හෙවනැල්ල නෙමේ මගේ හුස්ම කියලායි.

එත් ඒ වසන්තේ හැමදාටමත් පවතින වසන්තයක් නොවුනේ ඇයි කියන ප්‍රශ්නයට තාමත් මම උත්තර හොයනවා.ජිවිතේ ලගින්ම වුන්න සමහරක් අය අපෙන් ඇත්වෙනකොට අපි කොයි තරම් ලං වුණාද?එත් දවසක මේ වගේ දුරස් වෙන්න වේවි කියලා හිතුණානම් සත්තයි ලං වෙන්නේ නැහැ ඒ තරම් කවදාවත්.

සිතල දුරුත්තක හමුවුණු අපි ඊටත් වඩා සිතල දුරුත්තකදීම සමුගත්තා.ඒ තීරණය හරි වුණත්,වැරදුණත් ඒක යළිත් හරවන්න අපි දෙන්නාටම නොහැකි වුණත්,තාමත් සිතල දුරුත්ත එනකොට ඔයා ගැන මතකය අවදි වෙනවා වෙනදාටත් වඩා වැඩියෙන්.ඉතින් මේ සිතල දුරුත්තේ මට නිතරම මතක් වෙන ප්‍රශ්නයක් තියෙනවා.කවදාවත් උත්තරයක් නොලැබෙන.


දුරස් වන්නට මේ ලෙසින් 
ඇයිද අප හමුවුණේ
දුරස් වන්නට මේ ලෙසින් 
මොටද අප ඉපදුණේ 

අත්වැල් බැද මංමාවත් දිග 
ඔහේ ඇවිද ගිය කාලය මතකද 
පුංචි ළදැරියක් වගේ හුරතලෙන් 
ඔබ හිනැහුණු ඒ කාලය මතකද  

අනාගතය ගැන අහස් මාළිගා 
අප දෙදෙනා මැව් කාලය මතකද 
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා 

ඔබේ ලගින් වුන් කාලය මතකද.

ප.ළි.ය: මේ ලොකු ඇස් ගැන නොවේ.අමතක කරන්න අමාරු තවත් ඇස් දෙකක් ගැනයි මේ.
මේ පිංතුර ගුගල්ගෙන්.සිංදුව යු ටියුබ්. 

36 comments:

  1. මටත් උඳුවප් මහේදී ඇවිස්සෙන ඔවැනි මතකයක් තියෙනව මනෝජ්,කොච්චර ඈත කාලෙක සිද්ද වෙච්චි දෙයක් උනත් උඳුවප් සීතල දැනෙද්දී අදටත් ඒ මතකය හිත පාරනවා.
    ඔබට නං දැන් තවත් ඇස් දෙකක බැල්ම ලැබිල තියෙනව නේද.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව අපිටත් එහෙනම් දැනගන්න කියනවාද බලන්න හැලපයියේ.
      කාලය කොයි තරම් දුර ගියත් සමහරක් මතක අමතක කරන්න බැරි බව ඇත්තයි.

      Delete
  2. මටත් ඔයාගේ වගේ අත්දැකීමක් තියෙනවා..
    ජීවිතේ අපි වැඩියෙන්ම ආදරේ කරන අයගෙ දුරස් වීම පුදුමාකාර නොමැකෙන වේදනාවක් හිත්වල තැන්පත් කරනවා.

    ReplyDelete
    Replies
    1. දමිත්,
      ආයුබෝවන් කියලා ඔබව පිළිගන්නවා සහෝදරයා.ඔබ කියන එක ඇත්ත මිත්‍රයා.එක වචන වලින් කියන්න,අකුරු කරන්න අමාරු වේදනාවක්.

      Delete
  3. අපි හැමෝටම තියනවා මේ වගේ අමතක කරන්න බැරි හීන. තාමත් හොඳටම හොඳ නෑ ඒ තුවාල

    ReplyDelete
    Replies
    1. ඇත්ත,සමහරක් ඒ වගේ තුවාල කාලය විසින්වත් සුව කරයි කියලා හිතන්න අමාරුයි.

      Delete
  4. අපිට කෙනෙක්ව නැති උනාමද මන්ද එයාව වඩියෙන් දැනෙන්න පටන් ගන්නෙ :/

    ReplyDelete
    Replies
    1. නදී,
      ආයුබෝවන් ඔයාටත්,කොහොමත් ඕනම දෙයක වටිනාකම,අගය වැඩි වෙන්නේ ඒ දේවල් අපිට අහිමි වුනාට පස්සේ තමයි.

      Delete
  5. අයියෝ බං. මටත් තිබුණා ඔය වගේ පෑරෙන තුවාලයක්. ඒක නිට්ටාවටම සුව කළේ මිසිස් ඩ්‍රැකියා තමයි. (You toook my heart away - MLTR තමයි ඉතිං මගෙයි මිසිස් ඩ්‍රැකියගෙයි සින්දුව)

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකි,බලමුකෝ මේ තුවාලෙත් නිට්ටාවටම සුව වේවිද කියලා.
      You took my heart away-MLTR කලින් අහලාවත් නැති සින්දුවක්.

      Delete
  6. මොනවද කියන්නේ මේවට? නුඹ නාඩං උල ලේනෝ?

    ReplyDelete
    Replies
    1. ඩුඩ් අයියේ කාලෙකින්,මොනවා හරි කියහන් බං.මේ අමතක කරන්න බැරි මතකයක් ගැන සටහනක්.

      Delete
    2. නිවාඩුවට ගෙදර ගියානේ බං. ඉතිං එක්කෝ පාරේ. නැතිනම් ගෙදර වැඩක්. ඒකයි පේන්න නොහිටියේ.

      කියන්න තියෙන්නේ නම්, මම වෙනදටත් කියන විදියට, අපිට මේ මොහොතේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්ණේ කියලා හිතෙන ප්‍රශ්ණෙට තියෙන ප්‍රමුඛතාවය, හැමදාම ඒ විදියට තියෙන්නේ නෑ. නමුත් ඒ වේදනාව, තීව්‍රතාවය අඩු වෙවී හිතේ ‍රැඳී තියෙනවා.

      මම කිව්ව් එකෙන් උඹට යහපතක් වුනාද මන්දා. නමුත් තව මාසෙකින්, අවුරුද්දකින් බලාපං චෙක් කරලා.

      Delete
    3. මම දැක්කා ඩුඩ් අයියා කියලා තියෙනවා ගෙදර අවා කියලා.ලැපේ අවුල හොද ඇති නේද?
      එතකොට දැන් නිවාඩු ඉවරද.?

      එක ඇත්ත ඩුඩ් අයියා අපිට මේ මොහොතේ තියෙන ගැටළුව නෙමේ තමයි ඊගාව මොහොතේ තියෙන ප්‍රමුඛ ගැටළුව වෙන්නේ.නමුත් මට වෙලා තියෙන්නේ ඒ වේදනාව විටින් විට අඩු වගේම වැඩි වෙමින් පැවතීම.

      බලමුකෝ තවත් අවුරුද්දකින් චෙක් කරලා එහෙනම්....:D

      Delete
    4. හොඳයි බලාපංකෝ. අනිවා ඕකෙ තීව්‍රතාවය අඩූවෙනවා. අත්දැකීමෙන් කියන්නේ. මගේ තාත්තට මම පුදුම විදියට ආදරය කලා. තාත්තා නැතිවෙලා අවුරුදු 18ක් වෙලත් මට තාත්තව තවම මිස් වෙනවා. ඒ වේදනාව උඹ කියනවා වගේ සමහර වෙලාවට වැඩි වෙනවා. ඒත් තීව්‍රතාවය සහ පරමුඛතාවය අඩුවෙනවා කාලයත් එක්කම.

      ලැපට කෙලවුනා බං. මදර්බෝඩ් එක ගිහින්. මම HP වලින් Acer වලට මාරුවෙලා වෙන එකක් ගත්තා. මේ ඒක.

      Delete
    5. හරි,හරි බලමුකෝ එහෙනම් ඩුඩ් අයියේ.

      දැන් එහෙනම් අලුත් ලැපකුත් තියෙන එකේ ආයෙමත් ලියමු.කාලෙකින් ඩුඩ් අයියේ උඹේ පරිවර්තනයක් දැක්කෙත් නැහැ...:)

      Delete
  7. හැමදාම රිද්දන තුවලා බං මේවා.. ඒකේ වේදනාව දන්නේ ඒක විදවන උන් විතරයි.. කියන්න පුළුවන් එපමනයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් බං,මේ තුවාල වලට බෙහෙත් නැහැ.රිදවීම,විදවිමක් නොවේනම් මට එපමණයි.

      Delete
  8. ගීතයට අරගෙන තියන පූර්විකාව අපූරු යි. ගීතය නම් ඉතින් මගෙ ආස ම ගීත අතර එකක්.

    ReplyDelete
    Replies
    1. මේ පුර්විකාව මගේ ජිවිතේට සාපේක්ෂව මගේ අත්දැකීමක් දිලිනියෝ..

      Delete
  9. ඔන්න ඉතින් කලා වැඩක්...ඇවිස්සුවානෙ අතීතෙම...
    ඔය ගීතයට නම් මං මාරම ආදරෙයි...

    ReplyDelete
    Replies
    1. මේ වාගේ අතීතයක් නැති කෙනෙක් නැහැ රෙහානියෝ.ඒ අතීතේ නිසා අපි වර්තමානය තුලත් සිර වෙන වෙලාවල් තාමත් තියෙනවා.

      Delete
  10. මොනාද බං කලේ... මටත් මගෙ අතීතෙ මතක් වුනා. දැං ඉතින් මූඩ් :(
    වර්තමානය මොනවා ලබා දුන්නත් ඒ අතීතය හදවතින් මකලා දාන්න හරිම අමාරුයි නේද? සුපිරියටම ලියලා තියෙනවා. හදවතට වැදුනා ඇස් දෙක තෙත් වෙන්නම.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත යශෝ වර්තමානය මොන තරම් සුන්දර වුවත් ඒ අතීතය අමතක කරන්න ඒ හැටි ලේසි වෙන්නේ නැහැ.එක තමයි ඇත්ත බං.

      Delete
  11. පටන් ගන්නකොටම දීලා නේද වැඩේ... හෙලාදකිමි ...:(

    ReplyDelete
    Replies
    1. හෑ,ඒ කිවුවේ අවුරුද්ද පටන් ගද්දීමද...?

      Delete
  12. ඔබ ඉන්නවනං ඉන්න මා ලග
    නෑ පලක් දුර ඉදීමෙන්

    ReplyDelete
    Replies
    1. දුරස් වන්නට සිතන සැමවිට
      තවත් ලං වෙනවා.
      මතක නැති කර ගන්න
      සිතු විට සිතේ රජ වෙනවා.

      Delete
  13. "sina malak wee....yali yali pipiyan......pem kala sithata mathuuu......"

    ReplyDelete
    Replies
    1. ඔව්,එහෙම කරන්න බලමු...:)

      Delete
  14. 'jale maluwan kopamana sitiyath.....kohomada naada inne.....oba misa wena aya nopathu hindai.......me heti hitha perenne...........'

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත බස්සියේ,කොයි තරම් දේවල් තිබුණත් අපිට ඕනේ කරන දේ නැතිනම් අපේ හිත් පෑරෙනවානේ.එතකොට මොකෝ කරන්නේ ?

      Delete
  15. උඹ මේ වෙනකොට ඇස් කීයක් බලලා තියෙනවද මන් අහන්නේ...?

    ReplyDelete
    Replies
    1. හා,හා අමරුවේ වැටෙන ප්‍රශ්න අහන්න එපා බං...:D

      Delete
  16. යකෝ උඹ නියම පොරක් නේ....ඔයිට වඩා හොඳයිනේ ඇස් දොස්තර කෙනෙක් උනා නම්...ලොකු ඇස්, පොඩි ඇස්, වටකුරු ඇස්.....

    ඔය හැම මතකයක්ම හෙමින් අමතක වෙනවා, හිමිකාරිය ගාව පහන් කරන හැම රාත්‍රියක්ම පාසා..එහෙම නොවුනොත් උඹව ඇස් වාට්ටුවට ඇතුල් කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. හේ,හේ ඇත්තට මට එක කල්පනා වුණේ නැහැනේ අරූ අයියේ අස් දොස්තර කෙනෙක් වෙන්න.එහෙනම් ඔය හැම ඇහකටම එබිලා බලන්න තිබුණා..:D

      //ඔය හැම මතකයක්ම හෙමින් අමතක වෙනවා, හිමිකාරිය ගාව පහන් කරන හැම රාත්‍රියක්ම පාසා.// එහෙනම් එදාට බලමුකෝ එක..:)

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!