මෙයට පෙරත් ජනධිපතිතුමාට ලියුමක් ලීවා.
ආදරණිය ජනධිපති මාමේ,
මෙන්න මේ ලියමන ලියන්නේ බෝගම්බර ඉන්න අපේ හිච්චි මාමගේ බලවත් පෙරැත්තය නිසාය.
පහුගිය දොහක මාමා බලන්නට බෝගම්බර ගිය වෙලේ හිච්චි මාමා මට බලකොට කියා සිටියා මේ ගැන ඔබතුමාට ලියන්නයි කියා.මේක ලියන්න පරක්කු කොරන්න එපා කියලා මේ
හැමදාම මාමා පෙරන අරක්කු බලහත්කාරයෙන් නිකං බිලා ගිය ඉන්දරේ එහෙම යන ගමන් ඔබතුමාටත්,අපේ දේශප්‍රේමි ආණ්ඩුවේ මැති ඇමතිලාටත් බැණ,බැණ ගියේ ඌගේ සරමත් කරට අරන්ය.ඌ ඔබතුමාට නිතරම බැන්නේ චින්නුන්ගෙ ගිනිපොලි ගෙවන්න ඔබතුමා අරක්කු,සිගරට් මිල උස්සනවා කියලාය.ඒ නිසා අපේ මාමා පෙරන දහාජරාව බොන්න වෙනවායයි ඌ නිතරම කිවේය.එත් එහෙම ඔබතුමා අරක්කු,සිගරට් මිල උස්සන්නේ වෙන හේතුවක් නිසා නොව ඉන්දරේ වාගේ බේබද්දන්ගේන් මේ උතුම් මෘතෘ භූමිය රැකගන්නට බව උන් පිළිගත්තෙම නැතිය.
අනිත් අතට ඒවයේ මිලගණන් එහෙම ඉහළ යාම නිසා අපේ හිච්චි මාමලාටත් වාසිය.ඒ හිචිචි මාමා පෙරන අරක්කු වලට තියෙන ඉල්ලුම වැඩි වීමෙන් මාමාගේ ආර්ථිකේ යහපත් වන නිසාය.මාමාගේ ආර්ථිකේ යහපත් නිසා මාමාගේ ගෙදර ආර්ථිකේට හොදය,ගෙදර ආර්ථිකේ යහපත් නිසා එකෙන් හන්දියේ කඩේට වාසිය,කඩේට වාසියි යනු රජයට වාසි වීමයි.ඒ කඩේ තියෙන හැමදේටම ඔබතුමාලා බදු අය කරන නිසාය.මෙන්න මේ සරල ආර්ථික න්‍යායවල් ඉන්දරේලා වගේ මෝඩයන්ට තේරෙන්නේ නැත.
හැමදාමත් අපේ මාමා හොරකම්,මැරකම් නොකර ඉතා දුක සේ පෙරන මේ අරක්කු ටික ඉන්දරේ වගේ උන් පිනට බිලා යන එක මාමාට බලාගෙන ඉන්න බැරුව ගියේය.
ඒ මන්දයත් අපේ හිචිචි මාමාටත් ජනධිපති මාමාට සේම අසාධරණේ පෙන්වන්න බැරි නිසාය.අවසානයේදී ඉවසලා,ඉවසලා බැරිම තැන මාමා තීරණයක් ගත්තේය.ඉතින්
අවසානේ කුරුලු කුඩුවක් වගේ තිබුණු හිච්චි මාමාගේ ගෙදර දැන් සිසීකඩය.
මේ නිදහස හිච්චි මාමාටත් ලැබෙන්න ඕනේ කියා මට කෝල් කරලා හිච්චි මාමා මට කිවේ මෙන්න මේ කරුණු නිසාය.
- ඔබතුමාගේ පාක්ෂිකයෙක් වීම.
- ඉන්දරේ වැනි දේශද්‍රෝහීන්ට විරුද්ධ වීම.
- ජන්ද කාලෙට ඔබතුමාගේ ගෝලයන් වෙනුවෙන් දන්සැල් දී තිබීම.
- ජන්ද කාලෙට විරුද්ධ පාක්ෂිකයන්ට පහරදී තිබීම.
- ඔබතුමාට මෙන් මාමාටත් උඩු රැවුලක් තිබීම.
ඉතින් ආදරණිය ජනධිපති මාමේ,ඔබතුමා මේ කරුණ ගැන ඉතා සංවේදීව බලනු ඇති බව අපේ හිච්චිමාමා හිතයි. ඒහිරකරයෝද මනුෂ්‍යන් වන බැවින් හා ඔබතුමාද අපේ සංවේදී නායකතුමා වන නිසාය.
ප.ළි.ය:කාලෙකින් දේශපාලනයට සම්බන්ධ කිසිවක් ලියන්නට නොහැකිවූ නිසා මෙය ලියන්නට සිත්විය.උඩ කාටුනය අවන්ත ආටිගල ගෙනි.
එහෙම බැලුවාම ඇතුලේ ඉන්න සේරම මාමා වගේ කැටගරි කරන්න පුලුවන් එකම ගොඩට
ReplyDeleteඔව් හුගක් වේලාවට එහෙම කරන්න පුළුවන්.
Deleteමේ ගැන ලිපියක් බ්ලොග් ලියන එකෙක් වත් ලියයිද කියල බලං උන්න. ම්හු! ඒකටත් එක්ක උඹ නියමෙට වැඩේ දීල තියනව.
ReplyDeleteඅවුල තියෙන්නෙ උසාවියෙන් වරදකරු කල කෙනෙකු පාක්ෂිකයෙක්ය කියල නිදහස් කරන්නෙ ඇයිද කියල. මම අහගෙන එස්බිය කියනව ඒ ඉල්ලීමට යූඇන්පීකාරයන් පවා අස්සන් කලාය කියල. එහෙම අස්සනකින් පුළුවන්ද මරණ දඬුවම ලිහිල් කරන්න. :-()
මොකද බැරි ඔය අස්සන් වලින් කුඩු කන්ටේනර් ගණන් බදුත් නොගෙවාම රිලීස් කොරන්නේ ...?
Deleteමම දන්න විදියට වරදකරුවන්ට ජනධිපති සමාව දෙන්න පුළුවන්.නමුත් සැකකරුවන්ට එහෙම දෙන්න බැහැ.එත් මම කලිනුත් ලිව ආසද් සාලි සිදුවීමේදී සැකපිට අත්අඩංගුවට ගත්ත සාලිට ජනධිපති සමාව මත නිදහස ලැබුණා.එතකොට එහෙම සැකකරුවන්ට ඒ විදියට ජනධිපතිකීම මත සමාව ලැබේනම් කිසිම පරීක්ෂණයක් ගැන විශ්වාසයක් තබන්න බැහැ නේ.
Delete@ ප්‍රගීත්
Deleteකුඩු කන්ටේනර් වලටත් බදු ගෙවන්න ඕනෙද බං,හැබැයි ඉතින් මේ යන විදියට ඒවත් බදු ගෙවලා ගෙන්වන්න පුළුවන් ක්‍රමයක් හදයි වාගේ :D
@ මනෝ... මමකිව්වේ බන් කොහොමත් කුඩු මේ රටට ගෙනාවේ වෙන වෙන නම් වලින් කවුරුත් කුඩු කියලා නොදැන නේ ...එතකොට ඒවාට බදු ගැහුවා. දැන් කුඩු කියලා දැන දැනම නිකම්ම එලියට දානවා ... අඩු ගානේ බදුවත් ගැහුවනම් ඒ ආදායම වත් තියෙනවා
Deleteඔව් බං උඹ කියන එක සම්පුර්ණ ඇත්ත.කුඩු වලට බද්දක් ගහන්න පුළුවන්නම් එකත් නොකර ඉන්නේ නැති වේවි.ටික කාලයක් ගියාම කුඩු වලට බදු සහනයක් දේන්න බැරිත් නැහැ.
Deleteසුදු වෑන් එකක් එයි හොඳේ... හි හි :-)
ReplyDeleteපරිස්සමින් ඉන්නම් මම හොඳේ...:)
Deleteමාමා සාටකයක් අඳින්නේ නැතෙයි ...? කසිප්පු පොට් එකේ සුබ අනාගතයක් කියලා නෙලුම් මලක් එහෙම ගහලා නැතෙයි. එකත් එකටම බැසිල්ගේ දිවි නැගුමේ රෙජිස්ටර් වෙලා නැතුව ඇති.
ReplyDeleteමෙන්න මූලිකම සුදුසුකම්..
Deleteමාමා පංසලේ පින්කම දාට නම් සාටකයක් දානවා.මම හිතන්නේත් මාමාට රෙජිස්ටර් වෙන්න බැරි වෙන්නත් ඇති.නැතිනම් අපේ හිච්චි මාමා වගේ මිනිහෙක්ට මෙහෙම විපතක් වෙන්න බැහැනේ.
Deleteඑකනේ බං ඒ ඕනෙම දේවල් අපේ එකාට නැතිද කොහේද...?
Deleteසුබ පැතුම් මනෝජ් .... කේක් කෑල්ලක රස බලන්න ඇහැක් වේවි මයේ හිතේ මේ යන විදිහට .... ඒකත් ජය සිරි මංගලම් එහෙනම් ....
ReplyDeleteසුබ පතන්නනම් තවත් කල් තියේ...:)
Deleteඉතින් දැන් උභට මාමව බේරගන්න ඕනමනම් කරන්න තියෙන්නෙ එක දෙයයි. ඒ එස්බී ගේ දෑත් ශක්තිමත් කරන්න යාම.
ReplyDeleteඔය කට්ටියව එලියට දාන්නෙ සමහර විට හෙටානිද්දා කැම්පස් වල ස්ට්‍රයික් එහෙම මොනා හරි ප්ලෑන් කරලා තියනවා කියලා ඔත්තුවක්වත් ලැබිලද දන්නෑනෙ ඇස්බී උත්තමයට..
ආයෙමත් හිචිචි මාමා කෝල් කලාම මම එකත් කරලා බලන්න කියන්නම්.
Deleteසමහරක් විට විශ්වවිද්‍යාල වල තියෙන ආචර්ය හිගයට පිළියම් යොදන්න හදනවාද දන්නෙත් නැහැනේ එස්.බි උත්තමය.
අම්මපා බං, මේ වගේ ඒවා ලියලා ඔය ලෝබ බදින ඇස් පබ්ලිශ් කලා කියලා මාට්ටු කරන්න එපා බොල.. ඔය හොද රොමෑන්ටික් ඒවා ලියලා ඒ කෙල්ලව අල්ලපං පබ්ලිශ් කලා කියලා.. මේ මම වගේ..
ReplyDeleteඅම්මපා එකත් ඇත්තනේ බං,ඒ උපදෙස පිළිගනිමි.මට තව උපදෙස් ටිකක් දියන් මේ සම්බන්ධව.බලමුකෝ බං එහෙනම් අනිත් එක එහෙම කරන්න.
Deleteඔබේ ලියුම ජනාධිපති මාමා වෙත යොමු කල බව දන්වා සිටිමි.. ළඟදීම සහනයක් ලැබෙනවා ඇත..
ReplyDeleteඅම්මපා,එහෙනම් හිචිචි මාමා වෙනුවෙන් මාගේ බලවත් ස්තුතිය පිළිගන්වමි.
Deleteඋඹ විහිං අමරුවේ වැටෙන්නේ මට කරනන දෙයක් නෑ.. මම දැං රපෝර්තු කරා
ReplyDeleteඅනේ එහෙම වේවිද බං.මොන කරන්නද.?හිච්චි මාමා වෙනුවෙන් නොවැ මේ.
Deleteඅපි නම් දන්නෑ සුදු වෑන් එයි හොඳේ... පරිස්සම් වෙලා හිටාන්. මාම කැම්පුස් වල නාහෙට නාහන කොල්ලන්ට එරෙහිව ඇස්.බී.ගෙ දෑත ශක්තිමත් කොරන්න ගියෙ නැතෙයි? ඒකත් එක සුදුසුකමක් නෙව.
ReplyDeleteලිපිය නම් සුපිරියි සහෝ...
ඕ..හිච්චි මාමාට කියලා බලන්න ඕනේ.දෑත ශක්තිමත් කොරලා හරි කමක් නැහැ එළියට වරෙන් කියලා.
Deleteස්තුතියි යශෝ සහෝ.
මනෝ......උඹේ ලිපිගොනුවේ ඇති අන් සියල්ලටම වඩා සාර්ථකම ලිපියයි. ඒ දේශපාලනික කරුණු මත පමනක් පිහිටා කියනවා නොවේ. උඹේ මේ ලිපියේ රචණා ශෛලියට මම කැමතිය.
ReplyDeleteමම කියවන්නට වඩා කැමති දේශපාලනික ලිපිය. මෙය ඒ අතින්ද පොහොසත්ය. උඹ වැනි තරුණයින් මහළු අපටද ආදර්ශයකි. අඩෝ අපි මහළු නැහැ. තරුණ මදි .:D
මදි = ඇති ( මලයාලම් භාෂාවෙන් ) :D
Deleteකේරල කාරයෝ මදි මදි කිව්වාම අපි තව බෙදනවා..උන් හොල්මන්.
Deleteඒකනෙ අරූ, මමත් ෆුල් හොල්මන් වුනා ඔය වචනෙ උන්ගේ තෙරුම දැනගත්තු දවසෙ. සිංහල භාෂාවේ තියන ගොඩක් වචන වල සමාන තේරුම් උන්ගෙ බාසාවෙත් තිබුනත් මේක එහෙම් පිටින්ම විරුද්ධාර්තය. හරි පුදුම ජනකයි !!
Deleteබොහොමත්ම ස්තුතියි අරූ අයියේ.අපි ආදර්ශයක් කිවා.පිස්සු හැදේ.
Delete//අඩෝ අපි මහළු නැහැ. තරුණ මදි .//එක නිකන් ඇහුණේ නැහැ වගේ...:D
@ සෙන්නායියා
Deleteඑක,එක භාෂාවල තියෙන විවිධත්වය කොහොමදනේ...?
niyamai niyamai...
ReplyDeleteස්තුතියි,ස්තුතියි ඔබතුමිට
Delete//ඔබතුමාට මෙන් මාමාටත් උඩු රැවුලක් තිබීම.// :D
ReplyDeleteමොනවා හරි කරන්නම වටිනවා මේ වාගේ මනුස්සයෙක් වෙනුවෙන්.. මාමා බේරා ගැනීමේ වියාපාරය කියල එකක් හදමුද, මේක බැරි වුනොත්. :)
හප්පේ චන්දන සැහෙන කාලෙකින්...
Deleteඔව් බං මොනවම හරි කොරොන්න ඕනේ මේකා වෙනුවෙන්.ඇත්තෙන්ම මාමා බේරා ගැනීමේ ව්‍යපාරය බොහෝම හොද යෝජනාවක්.අපේ සාක්කුවත් පිරේවිනේ..:D එකත් බැරි වුනොත් පටාන් ගන්නවා මාරාන්තික උපවාසයක්.
//මාරාන්තික උපවාසයක්// වතුර වීදුරුවක් බිලා ක්ලෝස් කරන්න හරි බැරියැ අර අහවලා කළා වාගේ.. :)
Deleteපිස්සුද බං වතුර වීදුරු බිලා කවුද ඕවා නතර කොරන්නේ.ඕක නතර කරන්නේ තැබිලි වතුර බිලා,ලෙමන් පෆ් කාලයි ඕවා අතරින්නේ.
Deleteනින්ද යන්නෙත් නෑ වගේ ලැප ඕන් කළා බන්.මට උබ හිතට අල්ලන්නෙ මම වගේම ආගම්,ජාති බේද නැති එකෙක් නිසයි.මම ත් ජාති,ආගම්,කුල,ප්‍රදේශ ඔය කියන කිසිම බේදයක් නැති එකෙක්.ඉතින් එහෙම එකෙකුට තව එකෙක් ඉවෙන් වගෙ හදුන ගත්තැහැකි.
ReplyDeleteඈ බන් තවත් මොනවහරි ලියන්න කාලෙ හරි නේද?
දේශපාලන ප්‍රභසනයක් එහෙම
යකා නින්ද නොයන වේලාවක හරි මෙහෙට ආපු උඹවත් ආයුබෝවන් කියලා පිළිගන්නවා.
Deleteඔව් තවත් මොනවහරි ලියන්න ඕනේ තමයි.වැඩේ කියන්නේ ලියන්න හිතන් හිටියත් ලියන්න වෙලවක් නැති එකනේ බං යකෝ.