Friday, January 10, 2014

හිච්චි මාමා වෙනුවෙන්.



මෙයට පෙරත් ජනධිපතිතුමාට ලියුමක් ලීවා.

ආදරණිය ජනධිපති මාමේ,

මෙන්න මේ ලියමන ලියන්නේ බෝගම්බර ඉන්න අපේ හිච්චි මාමගේ බලවත් පෙරැත්තය නිසාය.

පහුගිය දොහක මාමා බලන්නට බෝගම්බර ගිය වෙලේ හිච්චි මාමා මට බලකොට කියා සිටියා මේ ගැන ඔබතුමාට ලියන්නයි කියා.මේක ලියන්න පරක්කු කොරන්න එපා කියලා මේ යකා මාමා මට කෝල් කරලත් නිතරම කියන නිසාත්, උන්දැ කියන දේවල් වල ඇත්තක් තියෙනවයි මගේ ටිකිරි මොළේටත් වැටහෙන නිසායි මේ ලියුම් කරදාහිය ලියන්නේ.

කසිප්පු අරක්කු පෙරුවත් අපේ හිච්චි මාමා ගමේ වුන්න හරිම අහිංසක,සාධරණ මිනිහෙක් බව අපි හොදටම දන්නේය.මම එහෙම කියන්නේ එකා අපේ මාමා නිසාම නොවේය.අනික කසිප්පු අරක්කු පෙරුවත් ඒකා ඒහෙම කළේ ගමේ වුන්ගේ බලවත් ඉල්ලීම නිසාය.මාමාට බෝගම්බර මහා උළු ගෙදර ලගීන්න වුණේ ගමේ වුන්නු එපාම කරපු චණ්ඩිය වෙච්චි ඉන්දරේට පිහියෙන් ඇන මරාපු නිසාය.මාමාට එහෙම ඉන්දරේ මරන්නට සිද්ධ වුණෙත් මාමාට ඔබතුමාට වගේ අයුක්තිය,අසාධරණේ පෙන්වන්න බැරි නිසාය.  

හැමදාම මාමා පෙරන අරක්කු බලහත්කාරයෙන් නිකං බිලා ගිය  ඉන්දරේ එහෙම යන ගමන් ඔබතුමාටත්,අපේ දේශප්‍රේමි ආණ්ඩුවේ මැති ඇමතිලාටත් බැණ,බැණ ගියේ ඌගේ සරමත් කරට අරන්ය.ඌ ඔබතුමාට නිතරම බැන්නේ චින්නුන්ගෙ ගිනිපොලි ගෙවන්න ඔබතුමා අරක්කු,සිගරට් මිල උස්සනවා කියලාය.ඒ නිසා අපේ මාමා පෙරන දහාජරාව බොන්න වෙනවායයි ඌ නිතරම කිවේය.එත් එහෙම ඔබතුමා අරක්කු,සිගරට් මිල උස්සන්නේ වෙන හේතුවක් නිසා නොව ඉන්දරේ වාගේ බේබද්දන්ගේන් මේ උතුම් මෘතෘ භූමිය රැකගන්නට බව උන් පිළිගත්තෙම නැතිය.

අනිත් අතට ඒවයේ මිලගණන් එහෙම ඉහළ යාම නිසා අපේ හිච්චි මාමලාටත් වාසිය.ඒ හිචිචි මාමා පෙරන අරක්කු වලට තියෙන ඉල්ලුම වැඩි වීමෙන් මාමාගේ ආර්ථිකේ යහපත් වන නිසාය.මාමාගේ ආර්ථිකේ යහපත් නිසා මාමාගේ ගෙදර ආර්ථිකේට හොදය,ගෙදර ආර්ථිකේ යහපත් නිසා එකෙන් හන්දියේ කඩේට වාසිය,කඩේට වාසියි යනු රජයට වාසි වීමයි.ඒ කඩේ තියෙන හැමදේටම ඔබතුමාලා බදු අය කරන නිසාය.මෙන්න මේ සරල ආර්ථික න්‍යායවල් ඉන්දරේලා වගේ මෝඩයන්ට තේරෙන්නේ නැත.

හැමදාමත් අපේ මාමා හොරකම්,මැරකම් නොකර ඉතා දුක සේ පෙරන මේ අරක්කු ටික ඉන්දරේ වගේ උන් පිනට බිලා යන එක මාමාට බලාගෙන ඉන්න බැරුව ගියේය.     

ඒ මන්දයත් අපේ හිචිචි මාමාටත් ජනධිපති මාමාට සේම අසාධරණේ පෙන්වන්න බැරි නිසාය.අවසානයේදී ඉවසලා,ඉවසලා බැරිම තැන මාමා තීරණයක් ගත්තේය.ඉතින් මාමේ ජනධිපති මාමේ එහි අන්තිම ප්‍රතිපලය වුණේ අපේ අහිංසක හිච්චි මාමාට බෝගම්බර ලගින්නට වුණු එකය.අනේ එකෙන් අපේ හිච්චි මාමාට සිද්ධ වුණේ නම් බලවත් අසාධාරණයක්ය.මහත් වරදක්ය.

අවසානේ කුරුලු කුඩුවක් වගේ තිබුණු හිච්චි මාමාගේ ගෙදර දැන් සිසීකඩය.නැන්දාත් දැන් ජයේ මාමාලාගේ ගෙදරය.එකටත් අපේ මාමාට වාවාගෙන ඉන්න බැරිය.අනික ඔය ජයේකාරායා වරක් මටත් පාර්ට් එකක් දැම්මේය.ඌට පාඩමක් කියා දෙන්න අපේ හිච්චි මාමා එන්නම ඕනෙය. හිච්චි මාමා නිතරම කියන්නේ අනේ ඉතින් මේ වරද නිවැරදි කරන්න පුළුවන් ඔබතුමාට පමණක්ම කියලාය.එකත් ඇත්තය.මාමාත් එක්ක එක කල්දෙරමේ බත් කාපු එස්.බි ඇමතිතුමාගේ කට්ටියක් ඔබතුමාගේ කරුණාවෙන් ගෙදර යන්න ලැස්ති වෙනවාය.ඉතින් අපේ හිච්චි මාමා කියන්නෙ හරිනම් එයාටත් මේ නිදහස ලැබෙන්න ඕනේ කියාය.

මේ නිදහස හිච්චි මාමාටත් ලැබෙන්න ඕනේ කියා මට කෝල් කරලා හිච්චි මාමා මට කිවේ මෙන්න මේ කරුණු නිසාය.
  1. ඔබතුමාගේ පාක්ෂිකයෙක් වීම.
  2. ඉන්දරේ වැනි දේශද්‍රෝහීන්ට විරුද්ධ වීම.
  3. ජන්ද කාලෙට ඔබතුමාගේ ගෝලයන් වෙනුවෙන් දන්සැල් දී තිබීම.
  4. ජන්ද කාලෙට විරුද්ධ පාක්ෂිකයන්ට පහරදී තිබීම.
  5. ඔබතුමාට මෙන් මාමාටත් උඩු රැවුලක් තිබීම.
මේවාට අමතරව තවත් කරුණු ගොඩාරියක් හිච්චිමාමා කිවාත් මට ඒවා අමතකය.මේ මතක ටිකය.

ඉතින් ආදරණිය ජනධිපති මාමේ,ඔබතුමා මේ කරුණ ගැන ඉතා සංවේදීව බලනු ඇති බව අපේ හිච්චිමාමා හිතයි. ඒහිරකරයෝද මනුෂ්‍යන් වන බැවින් හා ඔබතුමා අපේ සංවේදී නායකතුමා වන නිසාය.

ප.ළි.ය:කාලෙකින් දේශපාලනයට සම්බන්ධ කිසිවක් ලියන්නට නොහැකිවූ නිසා මෙය ලියන්නට සිත්විය.උඩ කාටුනය අවන්ත ආටිගල ගෙනි.




40 comments:

  1. එහෙම බැලුවාම ඇතුලේ ඉන්න සේරම මාමා වගේ කැටගරි කරන්න පුලුවන් එකම ගොඩට

    ReplyDelete
    Replies
    1. ඔව් හුගක් වේලාවට එහෙම කරන්න පුළුවන්.

      Delete
  2. මේ ගැන ලිපියක් බ්ලොග් ලියන එකෙක් වත් ලියයිද කියල බලං උන්න. ම්හු! ඒකටත් එක්ක උඹ නියමෙට වැඩේ දීල තියනව.

    අවුල තියෙන්නෙ උසාවියෙන් වරදකරු කල කෙනෙකු පාක්ෂිකයෙක්ය කියල නිදහස් කරන්නෙ ඇයිද කියල. මම අහගෙන එස්බිය කියනව ඒ ඉල්ලීමට යූඇන්පීකාරයන් පවා අස්සන් කලාය කියල. එහෙම අස්සනකින් පුළුවන්ද මරණ දඬුවම ලිහිල් කරන්න. :-()

    ReplyDelete
    Replies
    1. මොකද බැරි ඔය අස්සන් වලින් කුඩු කන්ටේනර් ගණන් බදුත් නොගෙවාම රිලීස් කොරන්නේ ...?

      Delete
    2. මම දන්න විදියට වරදකරුවන්ට ජනධිපති සමාව දෙන්න පුළුවන්.නමුත් සැකකරුවන්ට එහෙම දෙන්න බැහැ.එත් මම කලිනුත් ලිව ආසද් සාලි සිදුවීමේදී සැකපිට අත්අඩංගුවට ගත්ත සාලිට ජනධිපති සමාව මත නිදහස ලැබුණා.එතකොට එහෙම සැකකරුවන්ට ඒ විදියට ජනධිපතිකීම මත සමාව ලැබේනම් කිසිම පරීක්ෂණයක් ගැන විශ්වාසයක් තබන්න බැහැ නේ.

      Delete
    3. @ ප්‍රගීත්
      කුඩු කන්ටේනර් වලටත් බදු ගෙවන්න ඕනෙද බං,හැබැයි ඉතින් මේ යන විදියට ඒවත් බදු ගෙවලා ගෙන්වන්න පුළුවන් ක්‍රමයක් හදයි වාගේ :D

      Delete
    4. @ මනෝ... මමකිව්වේ බන් කොහොමත් කුඩු මේ රටට ගෙනාවේ වෙන වෙන නම් වලින් කවුරුත් කුඩු කියලා නොදැන නේ ...එතකොට ඒවාට බදු ගැහුවා. දැන් කුඩු කියලා දැන දැනම නිකම්ම එලියට දානවා ... අඩු ගානේ බදුවත් ගැහුවනම් ඒ ආදායම වත් තියෙනවා

      Delete
    5. ඔව් බං උඹ කියන එක සම්පුර්ණ ඇත්ත.කුඩු වලට බද්දක් ගහන්න පුළුවන්නම් එකත් නොකර ඉන්නේ නැති වේවි.ටික කාලයක් ගියාම කුඩු වලට බදු සහනයක් දේන්න බැරිත් නැහැ.

      Delete
  3. සුදු වෑන් එකක් එයි හොඳේ... හි හි :-)

    ReplyDelete
    Replies
    1. පරිස්සමින් ඉන්නම් මම හොඳේ...:)

      Delete
  4. මාමා සාටකයක් අඳින්නේ නැතෙයි ...? කසිප්පු පොට් එකේ සුබ අනාගතයක් කියලා නෙලුම් මලක් එහෙම ගහලා නැතෙයි. එකත් එකටම බැසිල්ගේ දිවි නැගුමේ රෙජිස්ටර් වෙලා නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. මෙන්න මූලිකම සුදුසුකම්..

      Delete
    2. මාමා පංසලේ පින්කම දාට නම් සාටකයක් දානවා.මම හිතන්නේත් මාමාට රෙජිස්ටර් වෙන්න බැරි වෙන්නත් ඇති.නැතිනම් අපේ හිච්චි මාමා වගේ මිනිහෙක්ට මෙහෙම විපතක් වෙන්න බැහැනේ.

      Delete
    3. එකනේ බං ඒ ඕනෙම දේවල් අපේ එකාට නැතිද කොහේද...?

      Delete
  5. සුබ පැතුම් මනෝජ් .... කේක් කෑල්ලක රස බලන්න ඇහැක් වේවි මයේ හිතේ මේ යන විදිහට .... ඒකත් ජය සිරි මංගලම් එහෙනම් ....

    ReplyDelete
    Replies
    1. සුබ පතන්නනම් තවත් කල් තියේ...:)

      Delete
  6. ඉතින් දැන් උභට මාමව බේරගන්න ඕනමනම් කරන්න තියෙන්නෙ එක දෙයයි. ඒ එස්බී ගේ දෑත් ශක්තිමත් කරන්න යාම.

    ඔය කට්ටියව එලියට දාන්නෙ සමහර විට හෙටානිද්දා කැම්පස් වල ස්ට්‍රයික් එහෙම මොනා හරි ප්ලෑන් කරලා තියනවා කියලා ඔත්තුවක්වත් ලැබිලද දන්නෑනෙ ඇස්බී උත්තමයට..

    ReplyDelete
    Replies
    1. ආයෙමත් හිචිචි මාමා කෝල් කලාම මම එකත් කරලා බලන්න කියන්නම්.

      සමහරක් විට විශ්වවිද්‍යාල වල තියෙන ආචර්ය හිගයට පිළියම් යොදන්න හදනවාද දන්නෙත් නැහැනේ එස්.බි උත්තමය.

      Delete
  7. අම්මපා බං, මේ වගේ ඒවා ලියලා ඔය ලෝබ බදින ඇස් පබ්ලිශ් කලා කියලා මාට්ටු කරන්න එපා බොල.. ඔය හොද රොමෑන්ටික් ඒවා ලියලා ඒ කෙල්ලව අල්ලපං පබ්ලිශ් කලා කියලා.. මේ මම වගේ..

    ReplyDelete
    Replies
    1. අම්මපා එකත් ඇත්තනේ බං,ඒ උපදෙස පිළිගනිමි.මට තව උපදෙස් ටිකක් දියන් මේ සම්බන්ධව.බලමුකෝ බං එහෙනම් අනිත් එක එහෙම කරන්න.

      Delete
  8. ඔබේ ලියුම ජනාධිපති මාමා වෙත යොමු කල බව දන්වා සිටිමි.. ළඟදීම සහනයක් ලැබෙනවා ඇත..

    ReplyDelete
    Replies
    1. අම්මපා,එහෙනම් හිචිචි මාමා වෙනුවෙන් මාගේ බලවත් ස්තුතිය පිළිගන්වමි.

      Delete
  9. උඹ විහිං අමරුවේ වැටෙන්නේ මට කරනන දෙයක් නෑ.. මම දැං රපෝර්තු කරා

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම වේවිද බං.මොන කරන්නද.?හිච්චි මාමා වෙනුවෙන් නොවැ මේ.

      Delete
  10. අපි නම් දන්නෑ සුදු වෑන් එයි හොඳේ... පරිස්සම් වෙලා හිටාන්. මාම කැම්පුස් වල නාහෙට නාහන කොල්ලන්ට එරෙහිව ඇස්.බී.ගෙ දෑත ශක්තිමත් කොරන්න ගියෙ නැතෙයි? ඒකත් එක සුදුසුකමක් නෙව.

    …ලිපිය නම් සුපිරියි සහෝ...

    ReplyDelete
    Replies
    1. ඕ..හිච්චි මාමාට කියලා බලන්න ඕනේ.දෑත ශක්තිමත් කොරලා හරි කමක් නැහැ එළියට වරෙන් කියලා.

      ස්තුතියි යශෝ සහෝ.

      Delete
  11. මනෝ......උඹේ ලිපිගොනුවේ ඇති අන් සියල්ලටම වඩා සාර්ථකම ලිපියයි. ඒ දේශපාලනික කරුණු මත පමනක් පිහිටා කියනවා නොවේ. උඹේ මේ ලිපියේ රචණා ශෛලියට මම කැමතිය.

    මම කියවන්නට වඩා කැමති දේශපාලනික ලිපිය. මෙය ඒ අතින්ද පොහොසත්ය. උඹ වැනි තරුණයින් මහළු අපටද ආදර්ශයකි. අඩෝ අපි මහළු නැහැ. තරුණ මදි .:D

    ReplyDelete
    Replies
    1. මදි = ඇති ( මලයාලම් භාෂාවෙන් ) :D

      Delete
    2. කේරල කාරයෝ මදි මදි කිව්වාම අපි තව බෙදනවා..උන් හොල්මන්.

      Delete
    3. ඒකනෙ අරූ, මමත් ෆුල් හොල්මන් වුනා ඔය වචනෙ උන්ගේ තෙරුම දැනගත්තු දවසෙ. සිංහල භාෂාවේ තියන ගොඩක් වචන වල සමාන තේරුම් උන්ගෙ බාසාවෙත් තිබුනත් මේක එහෙම් පිටින්ම විරුද්ධාර්තය. හරි පුදුම ජනකයි !!

      Delete
    4. බොහොමත්ම ස්තුතියි අරූ අයියේ.අපි ආදර්ශයක් කිවා.පිස්සු හැදේ.
      //අඩෝ අපි මහළු නැහැ. තරුණ මදි .//එක නිකන් ඇහුණේ නැහැ වගේ...:D

      Delete
    5. @ සෙන්නායියා
      එක,එක භාෂාවල තියෙන විවිධත්වය කොහොමදනේ...?

      Delete
  12. Replies
    1. ස්තුතියි,ස්තුතියි ඔබතුමිට

      Delete
  13. //ඔබතුමාට මෙන් මාමාටත් උඩු රැවුලක් තිබීම.// :D

    මොනවා හරි කරන්නම වටිනවා මේ වාගේ මනුස්සයෙක් වෙනුවෙන්.. මාමා බේරා ගැනීමේ වියාපාරය කියල එකක් හදමුද, මේක බැරි වුනොත්. :)

    ReplyDelete
    Replies
    1. හප්පේ චන්දන සැහෙන කාලෙකින්...

      ඔව් බං මොනවම හරි කොරොන්න ඕනේ මේකා වෙනුවෙන්.ඇත්තෙන්ම මාමා බේරා ගැනීමේ ව්‍යපාරය බොහෝම හොද යෝජනාවක්.අපේ සාක්කුවත් පිරේවිනේ..:D එකත් බැරි වුනොත් පටාන් ගන්නවා මාරාන්තික උපවාසයක්.

      Delete
    2. //මාරාන්තික උපවාසයක්// වතුර වීදුරුවක් බිලා ක්ලෝස් කරන්න හරි බැරියැ අර අහවලා කළා වාගේ.. :)

      Delete
    3. පිස්සුද බං වතුර වීදුරු බිලා කවුද ඕවා නතර කොරන්නේ.ඕක නතර කරන්නේ තැබිලි වතුර බිලා,ලෙමන් පෆ් කාලයි ඕවා අතරින්නේ.

      Delete
  14. නින්ද යන්නෙත් නෑ වගේ ලැප ඕන් කළා බන්.මට උබ හිතට අල්ලන්නෙ මම වගේම ආගම්,ජාති බේද නැති එකෙක් නිසයි.මම ත් ජාති,ආගම්,කුල,ප්‍රදේශ ඔය කියන කිසිම බේදයක් නැති එකෙක්.ඉතින් එහෙම එකෙකුට තව එකෙක් ඉවෙන් වගෙ හදුන ගත්තැහැකි.
    ඈ බන් තවත් මොනවහරි ලියන්න කාලෙ හරි නේද?
    දේශපාලන ප්‍රභසනයක් එහෙම

    ReplyDelete
    Replies
    1. යකා නින්ද නොයන වේලාවක හරි මෙහෙට ආපු උඹවත් ආයුබෝවන් කියලා පිළිගන්නවා.
      ඔව් තවත් මොනවහරි ලියන්න ඕනේ තමයි.වැඩේ කියන්නේ ලියන්න හිතන් හිටියත් ලියන්න වෙලවක් නැති එකනේ බං යකෝ.

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!