Monday, February 24, 2014

සුරූපී සිහිනය.



ඒ හරියටම ගිය සිංහල අලුත් අවුරුද්දට කලින් දවස.ඒ කියන්නේ පරණ අවුරුදු දවස.නොනගතය උදාවෙන්න තවත් හෝරා කිහිපයක් විතරයි ඉතුරු වෙලා තිබුණේ.කළුබෝවිල රෝහල අසල මිතුරෙකු හමුවීම උදෙසා ඔහුගේ නිවසට ගිය මා හෝරා කිහිපයක ඇවැමෙන් අනතුරුව යළිත් නිවසට යෑම උදෙසා බස් රථයකට ගොඩ වුයේද මිනිත්තු 30 ආසන්න කාලයක් බස් නැවතුමේ බසයක් එනතුරා බලාසිටීමෙන් අනතුරුවයි.

සිංහල අලුත් අවුරුද්ද නිසාමදෝ වෙනදාටත් වඩා මගීන්ගෙන් පිරි තිබු බසය තුළ කොන්දොස්තරවරයා තම ආධිපත්‍ය පතුරුවමින් සිටි.ඔහුගේ අණකිරීම් වලට නතුවූ මගින් ඉඩකඩ සීමිත බසයේ අසීරුවෙන් වුවද එහෙටත්,මෙහෙටත් ගමන් ගනිමින් සිටියේ කැමත්තක් නොවුණු බව පැහැදිලිය.ඒසේ වුවත් කොන්දොස්තරවරයාගේ ආධිපත්‍යට ගොදුරුවූ මාහටද බස්රථයේ ඉදිරිය කරා ඇදෙන්නට සිදුවුයේ කරන්නට වෙනත් යමක් නොවුණු හෙයිනි.

එසේ සෙනග පිරි බසයේ ඉදිරියට ඇදෙනා මාවෙත එම ගමන නතර කිරීමට සිදුවුයේ මගේ දෙනෙත එක තැනක නතර වීම හේතුවෙනි.මගේ දෙනෙත නතර වූ තැන මගේ දෙපාද නතර විය.මා නොසිතු ලෙස මගේ සිතද නතර කිරීමට මා අනපේක්ෂිතව දුටු එම දසුන සමත් විය.

බසයේ මා සිටගෙන සිටි තැනට ඉදිරියෙන් ඇති අසුනක අසුන්ගෙන සිටියේ සිගිරි අප්සරාවියක මෙන් හැඩති,වීනස් දෙව්දුව වැනි(අත් දෙකම තිබුණා හොදේ)රුවැති වරක් දුටුවොත් නැවතත් හැරී බලන්නට සිතෙනා සුන්දර යුවතියකි.නිසැකවම තොටගමුවේ හිමියන් සැළලිහිණි සංදේශය තුළ වර්ණනා කල යුවතිය ඇය විය යුතුය.ඉදින් එවැනි යුවතියක් ළග නතර නොවන්නේ කවරකුගේ සිතක්ද.?

බසයේ ඉඩකඩ නැතිවුවත් ඉඩසදා ගනිමින් මා ඇය අසලට ගොසින් ඇය අසුන්ගෙන සිටි අසුන ඉදිරියෙන් සිටගනු ලැබුවේ ලොව සුන්දර දේ නොපෙනේනම් දෑසක් කුමකට ලබුණාදෝ කියා පසුතැවිලි වීමට මගේ සිතට ඉඩ නොතබමිනි.ඉදින් ඇය අසලින් සිට ගනු ලැබූ මා බසය තුළ මගේ සමබරතාව රැක ගැනීම උදෙසා ඇය පිටදී සිටි අසුනේ ඇති ඇන්දේන් සහා ඇයට ඉදිරියෙන් තිබු අසුනේ ඇන්දේන් අල්ලා ගනු ලැබූ අතර දැන් මා සිටින්නේ ඇය අසලමය ඇය මගේ අත් දෙකට මැදිවී අසුන් ගෙන සිටි.

ඉදින් මා ඈ අසල සිටගත් මොහොතේදීම මා දෙස බැලු ඇය ඊළග මොහොතේ ලජ්ජාවෙන් මෙන් බිම බලාගත්තේ සිහින් සිහිනවකින් මාවෙත සංග්‍රහ කරමින්ය. මෙය විය හැකක්ද.?ඇය වැනි සුරුපිනියක් මා වැනි මගේ හොදම මිතුරන් පවසන පරිදි දැක්කොත් බල්ලොත් බත් නොකන මුහුණක් හිමි මා වෙත එවැනි සිනහාවක් පෑ හැකිද? මේ සිහිනයක්ද?එය සිහිනයක් නොව සැබෑවක් බව මා වෙත පසක් වුයේ නැවතත් ඈ මා දෙස බලා පෑ අර ලැජ්ජාශීලි සිහිනාව හේතුවෙනි.

ඇගේ ඒ සිහිනාව සැබවින්ම මා සිහින ලෝකයකට ගෙන යන්නට සමත් විය.බස් රථයේ කොයි තරම් සෙනගක් සිටියද,දැඩි හිරු රැස් වලින් නැගුණු ඌශ්නයද පරයා යමින් මිහිරි සිසිලසක් සමගින් වෙනම අන්තයක් කරා මා ගෙනයන්නට ඇගේ ඒ සිහිනව සමත් විය.ඇගේ නිල්මිණි දෙනෙත් කොයි තරම් ප්‍රියකරුවිද ?

දැන්,දැන් ඇය මා දෙස වැඩි වැඩියෙන් බලන බවක් මට පෙනේ.ඇය මාදෙස බලන සැමවිටකම මාහද නතර වන බවක් දැන් මට හැගේ.ඒ තරමටම ඇගේ සිනාව අලංකාරය.ඒ තරමටම ලැජ්ජාශීලි බවක්ද ඒ සිනාවේ සැගව ඇත.දැන්,දැන් මා බසයෙන් බැසිය යුතු නැවතුමටද ආසන්නය.එනමුත් ඇය දමා බසයෙන් බැස යාමට මට නොසිතේ.වෙන දෙයක් වුණාවේ මා බැසිය යුතු නැවතුමද පසු කර බසය දැන් ගමන් ගනී.මමද ඇය සමගින් ගමන් ගන්නෙමි.

සොදුරු ලොවට මල් වැහැලා
තව්තිසාවේ හද මැවිලා 
හැගුම් පහන් තාරකා 

පෙමට පායලා....

ඉදින් ඇය දෙසම බලමින්,නෙතින් ඇය රස විදිමින්,කොන්දොස්තරවරයාගේ ගෝරනාඩුවද නොතකා බැසිය යුතු නැවතුමද පසු කර සිහින පෙම් ලොවක ගමන් ගනිමින් සිටි මාගේ දැහැන බිදී ගියේ නොනවත්වා හඩදුන් මගේ ජංගම දුරකථනය හේතුවෙනි.එයට පිළිතුරු දීමට දුරකථනය ගැනීමට  ඩෙනිම් කලිසම් සාක්කුවට අත දැමීමට මාගිය මොහොතේදී මා දුටුවේ කුමක්ද..? 


අහෝ මෙවන් දුකක් !

මා කළුබෝවිල සිටම පැමිණ ඇත්තේ නිකං නොවේ මගේ කලිසමේ සිපරය විවර කරගෙනය.ඈ සිනා වන්නට ඇත්තේ නිසැකවම එයට විය යුතුය.මේ සියල්ල එක් ක්ෂණිකයකින් වටහා ගන්නා විටම මා බසයෙන් වහා බැසීමට තැන් කලේ මාවෙත ඇති වූ ලජ්ජාව නිසාමය.ඉදින් ධාවනය වන බසයෙන් මා බැස්සා නොව පැන්නාය."මැරෙන්න හදනවාද මන්දා"මා පසු කර යන බසයේ කොන්දොස්තරවරයා කියූ දේ ලාවට මෙන් මට ඇසුණි.

ප.ළි.ය. පින්තුර සියල්ල සදහා අනුග්‍රහය ගුගල් ඉමේජ් වෙතින්.









39 comments:

  1. හැක්. කෙල්ලට හිනා යන්නද ඇත්තේ හැංගිච්ච එකාටෙ සාපේක්ෂව සිපර් එක කොච්චර ලොකුද දැකල වෙන්ටැති..

    ReplyDelete
    Replies
    1. අනේ මේ කුණුහබ්බ නොකියා හිටින් බං.:D

      Delete
  2. උඹ ඔය විදියටම සිපර් එක ඇරගෙන පළයන්.අප්සරාවියෝ උඹ පස්සෙන් එයි වැල නොකැඩි පෙරහර වගෙ.හෙහෙ හෙහෙ

    ReplyDelete
  3. තොටගමුවේ හිමියෝ කියාපු ගෑණි හැන්දෑවක දැක්කොත්නං පු‍තෝ උඹට නූල් බඳින්න වෙනවා. උඹ A4 ෂීට් එකක ඇඳලා බලාපං ඒවගේ ගෑණියෙක්ව.

    මට ඉස්සර ඔය කොමාව එහෙමෙහෙ වෙලා නිසි පුළුලුකුල රියසකයු රු තිසර තන කිව්වාම මතක්වෙන්නේ කරත්තරෝද වගේ පියයුරු ඕයි. :p

    උඹත් මං වාගේ මාර වේගයක් පවත්වාගෙන යනවා මේ අවුරුද්දේ ඈ. :D

    ReplyDelete
    Replies
    1. මම මේ වෙන කතාවක් කියන්න ගියානේ. ඇති උඹව වීඩියෝ කරලා මූණුපොතේ නොදැම්මා. උඹ දැක්කේ නැද්ද සෑමාගේ බ්ලොගේ තිබ්බ සීන් එක?

      Delete
    2. අම්මපා ඔව් හෙන්රියෝ.......

      Delete
    3. @ ඩුඩ් අයියා.මට ඉතිං ඔයාට වගේ චිත්‍ර බැහැ නොවැ එහෙම ඇදලා බලන්න..:(
      චියා එහෙම කරත්ත රෝද වගේ පියයුරු කොහේද තියෙන්නේ බං ඩුඩ් අයියේ.?:D වේගේ කිවේ පොස්ට් දාන වේගේ ගැන වෙන්නැති.
      සිරාවට කීවාත් වගේ එහෙම වීඩියෝ කරලා මුණු පොතේ දැම්මා නම් වෙන්නේ මටත් බුරිය ඇගිල්ලෙන් හාරාගෙන මැරෙන්න.

      දෙන්නකෝ පිංවත ඒ පොස්ට් එකේ ලින්ක් එකක් තියේනම්.

      Delete
    4. @ නලින් අයියා.
      අයියලා මොනා ගැන කියනවාද මන්දා..?

      Delete
    5. @ ඉවාන් අයියා.
      පිස්සුද අයියා,ඒ වෙන කෙනෙක් වෙන්න ඇති.මයේ සම්බන්ධයක් නැහැ ඕකේ.

      Delete
    6. http://samindikasrimantha.blogspot.com/2014/02/sex-maniac.html

      Delete
    7. කරත්ත රෝද වගෙ පියයුරු !! හිතන කොටත් බයේ බෑ :D

      Delete
    8. @ ඩුඩ් අයියා.
      තැන්කුයු හොදේ...:)

      Delete
    9. @ චන්දන
      ඒකනේ බං බලපංකො ඒ උපමාවේ සැර...:D

      Delete
  4. ඇරගනම යමන් පුතෝ.......

    ReplyDelete
    Replies
    1. හපෝ නලින් අයියා හදන්නේ මාව පත්තරේට දාන්නද..?

      Delete
  5. උඹ ජංගම දුරකථනය කොහෙද සිප් එක අස්සේ දාගෙන හිටියේ...? කොහොම වුනත් කෙල්ල හිනාවෙච්ච එකම මදැයි බං .. එකී හිතන්න ඇති අවංක කොල්ලෙක් ..කිසි දෙයක් හංගන්නේ නෑ කියලා හිකිස්

    ReplyDelete
    Replies
    1. නැහැ බං කලිසම් සාක්කුවට අත දානකොට තමයි සිදුවීම ඇහැ ගැටුණේ.
      ඔව් අපි එහෙම එළ කොල්ලෝ තමයි ඈ..:D

      Delete
  6. ඕකට හිනාවෙන්න දෙයක් නෑ බං සමහර එවුන් කලිසං අඳින හැටියට. ලඟදි දවසක් එකෙක් නැග්ග බස් එකට. පන්ති යන කෙල්ලො සැට් එක හිනාවෙනව හොඳටම. ඩෙනිම පහත් වෙලා පුකත් පහුකරගෙන.

    උඹ ජොක්ලස්ද හිටියෙ? :-)

    ReplyDelete
    Replies
    1. සිරාවට එකනම් ඇත්ත.වුන් කලිසන් අදින හැටි දැක්කාම අපිටත් ලැජ්ජයි.

      පිස්සුද බං දාලා හිටියේ.:D

      Delete
  7. හොඳ වෙලාවට කෙල්ල උඹව වීඩියෝ කලේ නෑ,නැත්නං අර සැමගේ බ්ලොගේ වගේ නොමිලේ ප්‍රචාරයක් ලබාගන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. එකනේ හැලපයියේ,වෙලාව හොඳ නිසා හොඳයි.නැතිනම් උඹලා වුනත් මා ගැන වරදවා හිතන්න තිබුණා.:(

      Delete
  8. නොවේවා මෙවන් විපත්...)))

    ReplyDelete
    Replies
    1. එකනේ දිලිනියෝ අපිට වෙන්නෙම මෙහෙම දේවල් නොවැ...:(

      Delete
  9. චිකේ චිකේ චිකේ වස ලැජ්ජයි!

    මටත් ඔය වැඩේ වෙලා තියෙනවා... දවසක් වයසක සුදු නෝනා කෙනෙක් කෝච්චියේදි මට කණට ලං කරලා කිව්වා... your letter box is open කියලා. මට තේරුනේ නැහැ. පස්සේ වැටහුනේ. පරණ සුද්දෝ ගාව ඔය වගේ මරු යෙදුම් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කැතයි අරූ අයියේ ඈ.සුද්දි වෙන මුකුත් කිවේ නැතැයි..:D

      Delete
  10. මං හෙන ෆිට් එකේ ආවෙ ලස්සන ලව් ස්ටෝරියක් අහන්න. කෑවනෙ වැඩේ. කොහොමහරි ට්‍රයි කරල මේකට දෙවන පරිච්ඡේදයක් ලියපන් :)

    හොඳ කෙල්ලෙක්. නැත්තන් මෙලහකට උඹ කොහෙද දන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. ලව් ස්ටෝරියක් අහන්න වරෙන් තව ටික දවසකින්.
      ( if u know what i meant...:D)

      දෙවැනි පරිච්ඡේද කොහේ ලියන්නද බං මේකට.රෙදි නැතුව යන්නද උඹ කියන්නේ..:D
      හොඳ කෙල්ලෙක් නම් එකී කට ඇරලා කියන්න තිබුණානේ බං "අයියේ ඔයාගේ ශිප් එක ඇරලා"කියලා.

      Delete
    2. එහෙම කියන්න ලෝබ හිතුනද කියල කවුද දන්නෙ :P :D

      Delete
    3. ////අයියේ ඔයාගේ ශිප් එක ඇරලා"කියලා./////
      මනෝ......මේ දෙක පටලාගන්න එපා කතාබහේදි ship & zip
      කමක් නැහැනේ කිව්වාට :D

      Delete
    4. @ චන්දනයා කවුද දන්නෙ බං එයාට තව මොනා හිතුණාද කියලා.

      Delete
    5. @ අරූ අයියා.
      යටින්ම මම ලියලා තියෙන්නේ මේක දැක්කේ නැතෙයි.
      //වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ.//ඕනෙම දෙයක් පෙන්නලා,කියලා දියන් අරූ අයියේ කිසිම අවුලක් නැහැ...:)

      Delete
  11. හික්ස්! ඇඩ්‍රස් නෑ!!!

    ReplyDelete
    Replies
    1. ඇඩ්‍රස් නෑ කියන්නේ යශෝ.ඇඩ්‍රස් ඉල්ලෙයිම තමයි.

      Delete
  12. ඔන්න ඔහේ හැමදාම ඇරෙගෙන පලයන් බං.. ෆෝන් ගැන විතරක් හිතන්න යන්න එපා.. එතකොටනේ උඹට ඕවා මතක් වෙන්නේ පේන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං උඹලා තමයි මාව වරදට පත් කරලා නොමග යවන්නේ...:D

      Delete
  13. උඹේ ෂිපරයක් දිහා බලලා නෙවෙයි බං. කණ්නාඩියකින් මුණ බලහංකෝ. උඹගේ මූණත් නිකං කෙලි පැටික්කියෙක්ගේ වගේනේ. (බොරුනං ඔය පේන්න තියෙන ඉමේජ් එක බලපං) ඒකි අක්කා කෙනෙක් කියලා හිතලා හිනා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ඇනෝ උඹේ අවංක අදහසට...:D

      Delete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!