Tuesday, March 8, 2016

නිදහස් චතුරස්‍රය පිහිටි භුමියේදී පෙම් යුවලකට බාධා කරන ලදැයි කියන කතාබහා සම්බන්ධයෙනි.

බුකීයෙන් ගත්තේ.

මිට අවුරුදු එකහාමරකට විතර කලින් මටත් ඔය වගේ සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුනා.ඒ පිල්ලෑව-බොරලැස්ගමුව ඇවිදීමේ පථයේදී.
එදා මම මගේ පෙම්වතිය සමගින් එහි ඇවිදමින් සිටියා.ඇය සිටියේ මගේ අතින් අල්ලාගෙන පමණයි.අපි බෙල්ලන්විල පැත්තේ සිට ඉදිරියට එසේ ඇවිදන් එන විට එක් මුර කුටියක සිටි අයෙක් අප දෙස අවධානයෙන් බලා ඉන්න බවක් පෙනුනත් අප එය නොතකා ඉදිරියට පැමිණෙමින් සිටියා.
එවිට අර ආරක්ෂක කුටියේ සිටි නිලධාරියා එහි සිටම අප වෙත කෑගසමින් කියා සිටියා

 "මේකේ පොඩි ළමයි,අම්මලා ඇවිදිනවා ඔය විදියට මේකේ ඇවිදින්න බැහැ.ලඟම තියෙන ගේට්ටුවෙන් එළියට යන්න" කියා.

ඇත්තෙන්ම ඒ මොහොතේ අපි වික්ෂිප්ත භාවයටත්,පිඩාවටත් පත් වුනා ඔහු පැවසු දේත් සමගින්.එම නිලධාරීයාගේ චෝදනාව වූයේ අපි එහි ආශිලාචාර ලෙස හැසිරුණා යන්නයි.ඒ මොහොතේ මා තුල පැමිණි ආවේගය මා පාලනය කර ගත්තේ මා අසල සිටි ඈ එම ස්ථානයෙන් පිටව යාමට හඬමින් බල කරපු නිසා.

කෙසේ නමුත් පිටව යාමට පෙර මම ඔහුගෙන් විමසා සිටියා ඔහු කොහොමද තීරණය කරන්නේ කියලා අපි හැසිරුණු විදියේ ශිලාචාර-අශිලාචාර බව ගැන කියා.ඔහු එයට පැහැදිලි උත්තරයක් දුන්නේ නැති අතර ඔහුට වැඩි යමක් කියන්න මට නොහැකි වුවේ පෙම්වතිය කදුළු පිරි දෑසින් මට එතනින් පිටව යන්නට බල කල නිසායි.

ඔහුගේ නිර්ණායක අනුව පෙම් යුවලක් අත් අල්ලා ගමන් ගැනීම අශිලාචර ක්‍රියාවක්. එසේ වන්නේ ඔහු අඩු වශයෙන් දයාරත්න රණතුංගයන් ගයනා "දුරස් වන්නට මේ ලෙසින්"ගීතය හෝ අසා නැති වන්නට පුළුවන්.එම ගීතය අසා ඇත්නම් එහි අන්තරා කොටසේ ඇති 

"අත්වැල් බැඳගෙන මං මාවත් දිග 
ඔහේ ඇවිද ගිය කාලය මතකද"  යන කොටසද අසා නැති වන්නට බැරි නැත.

අත් අල්ලා පෙම් යුවලක් ගමන් ගැනීම දඩුවම් ලබා දිය යුතු වරදක්ද?

නීති පැනවීමෙන් සදාචරය ඇති කල නොහැක. 

නිදහස් චතුරස්‍ර භූමියේ පෙම්වතුන්ගේ හැසිරීමක් සම්බන්ධයෙන් ඇති වූ නාටක අවසානයේ පෙම්වතුන්ට අවවාද  කරන ලද ආරක්ෂකයින්ගේ රැකියා අවදානමකට ලක් වීමට ඉඩ දිය යුතුද නොවේ.සිදුවිය යුත්තේ පුද්ගල නිදහසට බාධා නොවන පරිදි දෙපිරිසම කටයුතු කිරීමයි.එය එසේ නොවන තාක් මෙවැනි නාටක සාමාජය ඉදිරියේ වරින් වර දිග හැරෙනු ඇත.

41 comments:

  1. මේ සම්බන්ධයෙන් ජනාධිපති තුමාගේ ප්‍රකාශය නිකුත් වෙනකම් අදහසක් ඉදිරිපත් කිරීම අසීරුයි...

    ReplyDelete
    Replies
    1. අනිවර්යෙන්, මේ වගේ ජාතික ප්‍රශ්නයකදී ජනාධිපතිතුමාගේ නිහඬතාව අදහාගන්නත් බැහැනේ හිටං.

      Delete
  2. සෙකියුරිටි මහත්වරුන්ගේ පැත්තෙන් මේක සාධාරණයි. ගොඩක් දෙනෙක් ඔය රැකියාවට එන්නේ පිට පලාත්වල සිට. එවිට ඔවුන්ගේ ප්‍රියම්බිකාවන් දාලා එන්න වෙන්නේ. එහෙම ඇවිත් පැය දොලහක් එක තැන ඉඳන් රාජකාරිය කරන කොට කෙල්ලෙක් එක්ක කථා කරන්න එහෙම ලැබෙන්නේ නැහැ. ඉඳල හිටල ෆෝන් එකෙන් මල් කඩන එක හැරෙන්න. එයිටාමාතරව පාක් වල දැක්ක කෙල්ලො ගැන හිතල රෑට අතක් පාවිච්චි කරන එක තමයි ඒගොල්ලන්ට තියෙන සැප. ඒක නිකන් කන්න නැති එකෙක් ඉස්සරහ ඉඳන් කනව වගේ වැඩක්නෙ. ඒගොල්ලන් හිතන්නේ ඒ අයට නැති නිදහසක් නගරේ කට්ටියට තියෙනවා කියලා. ඒකට ඉරිසියාවට ගෙම්බර් එකක් දැම්මට එච්චර ගණන ගන්න දෙයක් නෙමෙයි. අනික ඒගොල්ලන්ට කිසි වාසියක් නැතුව අනික් අය සැප විඳින කොට එහෙම හිතෙන එක සාධාරණ නැත්ද? කෙල්ලෙක් කියන්නෙ බෙදාගෙන කන්න පුළුවන් දෙයක් නොවන් නිසා රුපියල් සීයක් දෙසීයක් වත් අත මිට මොලවන්නෙ නැතුව ඔහොම තනියම සැප විඳින එක හරිද? කීයක් හරි දුන්නනම් ඔය මොනවත් නැතුව විත්‍රක් නෙමෙයි ඕනනම් කොට්ට මෙට්ට වුණත් සප්ලයි කරන්න ඉඩ තියෙනවා. ලංකාවේ අපි අනික් අයට වඩා වෙනස්.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++

      එහෙම නැත්නම් යුවලකට එතන හුදෙක් වාඩිවී හෝ සිටගෙන සිටීමට අත්‍යවශ්‍ය දෙයක්ලෙස ඒ මුරදේවතාවන් සලකන ලමයෙක්වුනත් සපයා දෙනු ඇත.

      Delete
    2. it wont be a good excuse to abuse others privacy n freedom.

      Delete
    3. /රුපියල් සීයක් දෙසීයක් වත් අත මිට මොලවන්නෙ නැතුව ඔහොම තනියම සැප විඳින එක හරිද? කීයක් හරි දුන්නනම් ඔය මොනවත් නැතුව විත්‍රක් නෙමෙයි ඕනනම් කොට්ට මෙට්ට වුණත් සප්ලයි කරන්න ඉඩ තියෙනවා. ලංකාවේ අපි අනික් අයට වඩා වෙනස්./

      Delete
    4. @ ඉයන්,

      සිකුරටි රස්සාව කියන්නේ කට්ටක්.තමන්ගේ රැකියාව ගැන වෙහෙසෙන එයින් තෘප්තියට පත් නොවන ඔවුන් ඒ ආවේගය පිට කරන විදිය සාධාරණ නැහැ.

      දැන් ආරක්ෂක හමුදාවලින් ඉවත් වෙන නිලධාරීන් කරන්න එක ව්‍යාපාරයක් තමයි.පුද්ගලික ආරක්ෂක සේවා පටන් ගන්න එක.අර සේනාධිපති උන්නැහේ වගේ ලොකුවට නොවුනත් මේ විදියට පටන් ගත්තු පුද්ගලික ආරක්ෂක ආයතන හරියට තියෙනවා.ඒවායේ සේවයේ නියුතු ආරක්ෂකයින්ට සැලකිය යුතු වැටුපක් ලැබෙනවාද දන්නෙත් නැහැ.එත් සුළු හෝ අධිකාරී බලයක් ලැබුනාට පසු ඔවුන් මේ විදියට ක්‍රියා කරන එක හරි නැහැ.

      //ලංකාවේ අපි අනික් අයට වඩා වෙනස්.//

      එක නම් සෑහෙන්න ඇත්ත.

      Delete
    5. @ බුරු බබා.

      "ආයුබෝවන්"කියලා පිළිගන්නවා මුලින්ම.

      තවත් කෙනෙක්ගේ නිදහසට බාධා කරන අයට කියන්න නම් ඕනේ තරම් දේවල් තියෙනවා.තමන්ගේ නිදහස සිමා වෙච්චි දවසට තමයි ඔවුනුත් වැලපෙන්නේ.

      @ pra & drackey

      එච්චරටම හොඳයිද අපේ පුද්ගලික ආරක්ෂකයෝ ?

      Delete
    6. සම්පූර්ණෙන්ම වෙනස්...

      Delete
  3. අනේ ද කියන්නේ බං............. මේක උඩු දිව්වා වැඩිද කියලත් හිතෙනවා. ඒත් මේ වෙලාවේ සමාජජාල අඩවි වල තියෙන ලොකුම මාතෘකාව මේක වෙලා. හරි වැරදි කිය කිය අපි උඩ පනිනවා. නමුත් ඔබ කියන කතාවත් එක්ක බැලුවා ම මේක එක තැනක විතරක් නෙමෙයි අලුතින් ඉදිවුණ හැමතැනකම වාගේ භාවිතා වෙලා තියෙන බවත් පේනවා. මේවා විකාර කියලා තමා කියන්න තියෙන්නේ. පොඩි ළමයි පිටින් දාලා ඔය එක එකාගේ ආතල් පියවා ගැනීම නං ඇත්තට ම හෙලා දැකිය යුතුයි. මේ සියලු දේ පොඩි උන්ගෙන් හංගලා උන්ට ගෑනු තිත්ත කරවලා ජීවත් වෙන්න දෙන්න පුළුවන් ද බං. උනුත් මේ ලෝකය ඉගෙන ගන්න එපැයි. උන් ඉස්සරහා බොන්න සිගරට් ගහන්න උන් එක වසරට දාද්දි බොරු කියලා දෙන්න අනික් උන් මරාගෙන හරි ශිෂ්‍යත්වය පාස් කරන්න පුළුවං මේක දැක්කා ම තමා උන් නැහැදෙන්නේ...... මේවා නොදැක්කොත් තමා උන් නැහැදෙන්නේ....... මේවාට වෙන මොනවා කියන්නද බං...

    ReplyDelete
    Replies
    1. මචං මම මේ සිදුවීමට මුහුණ දෙනකොට තිබ්බේ මහින්දගේ ආණ්ඩුව.
      ඔය මම කියන පිල්ලෑව-බොරලැස්ගමුව ඇවිදීමේ පථය හදලා,නඩත්තු කෙරුවේ එවකට ගෝඨා යටතේ තිබ්බ නාගරික සංවර්ධන අධිකාරිය මගින්.සමහරවිට ඒ ගෝඨාගේ නියෝග වෙන්නත් පුළුවන්.හැබැයි ඒ සිදුවීමට මම මුහුණ දෙන්න පෙරත්,පසුත් මා දැක තිබේනවා ඕන තරම් පෙම්වතුන් එහි සක්මන් කරනවා.

      අනෙක් අතට උඹලා කියනවා වගේ ලිංගිකත්වය කියන දේ වහලා තියන්න පුළුවන් දෙයක් නෙමේ.(මේ කියන්නේ ප්රසිද්දියේ සංසර්ගයේ යෙදෙන්න ඉඩ දෙන්න ඕනේ කියන එක නෙමේ.)ලිංගික අධ්‍යාපනය සියල්ලන්ට ලබාදෙන්න ඕනේ.

      Delete
  4. සදාචාරයක්නම් තියෙන්න ඕන තමයි. හැබැයි මේ වගේ අමන නීති දාලා පාලනය කරන පිස්සු සදාචාරයක් වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. අජිත්,
      නීති පැනවීමෙන් සදාචරයක් ගොඩ නගන්න පුළුවන් කියලා මමත් විශ්වාස කරන්නේ නැහැ.

      Delete
  5. මටත් ඔය වගේම අත්දැකීමකට මුහුන දෙන්න උනා දැනට සති දෙකකට විතර කලින් ගම්පහ පාර්ක් එකේදි. මම වයිෆ් එක්ක පාර්ක් එකේ ටිකක් ඇවිදලා එයාට මහන්සි කිව්ව නිසා ලගම තිබුන බංකුවක වාඩිවුනා. විනාඩියක් යන්න කලින් සිකුරිටි කෙනෙක් ඇවිත් ඔතන කපල් වලට ඉන්න දෙන්නේ නෑ යන්න කීවා. මම කිව්වා වයිෆ්ට මහන්සි නිසා වාඩිවුනේ ඇයි මේ හරියේ ඉන්න දෙන්නේ නැත්තේ කියලා ඇහුවා. ඔහු ඉතාමත් සුහදසීලිව කිව්වා මහත්තයෝ මේ කොටස ලමයින්ට සෙල්ලම් කරන්න වෙන් කරලා තියෙන්නේ ඒකයි කියලා. අපි එහෙනම් අනිත් පැත්තට යන්නම් කියලා අපි ගියා. ඔන්න ඒ පැත්තේ කපල් විතරයි. ඒ වුනාට එතන ඉන්න සිකුරිට්ලත් අර කපල් දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. කපල් සිකුරිටිලා දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ මට හිතුනේ මේ වගේ අයට වෙනම තැනක් හදලා තිබුනනම් හරි කියලා. ඒ අය මොනව කරගන්න ආව වුනත් ඒ අයටත් ඒ වෙනුවෙන් තැනක් හදලා තිබුනනම් ඔය අනවශ්‍ය ප්‍රශ්න මොකුත් නෑ. කොහොම උනත් ලොකු ඇත්තන්ගේ දරුවෝ නයිට් කල්බ් රිංගලා පිස්සු කෙලලා ආතල් එකක් අරගෙන පොලිසියටත් ගැම්බර් දාලා එනකොට පුංචි එකා තමන්ගේ කෙල්ලට කිස් එකක් දුන්නම ඒකටත් ලොකු කෙස් එකක් වැටෙනවා. හැබැයි කපලුත් දැනගන්න ඕන හැමතැනම හැම දේම කරන්න නොයා යුතුයි කියලා. අනිත් පැත්තෙන් ඉතින් උන්ට හරියට යන්න තැනකුත් නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ගොඩක් දේවල් වලට හේතුව මචං හරි ලිංගික අධ්‍යාපනයක් නැති එක.

      ඇයි මනෝ අහලා නැතිද අර සුනිල් පෙරේරා කියන

      සතුට සොයා පොඩි ගෙස්ට් හවුස් වලට ගියේ ඇයි
      ඒ ගියාම පොලීසියෙන් රේප් කෙරුවෙ ඇයි
      ෆයිව් ස්ටාර් හොටෙල් වලට පනින් නැත්තෙ ඇයි
      ලංකාවේ එහෙම තමයි අයි ඩෝන්ට් නෝ වයි

      සිංදුව...:)

      Delete
  6. Replies
    1. කියලා වැඩක් නැහැ බ්‍රෝ.

      Delete
  7. ලංකාවේ ප්‍රසිද්දියේ ලව් කිරීමට නොහැක. කල යුත්තේ කාමර වලට රිංගීම පමණයි....හික් හික්..

    ReplyDelete
    Replies
    1. ඒ ගියත් වෙන්නේ මේක ලු..

      සතුට සොයා පොඩි ගෙස්ට් හවුස් වලට ගියේ ඇයි
      ඒ ගියාම පොලීසියෙන් රේප් කෙරුවෙ ඇයි
      ෆයිව් ස්ටාර් හොටෙල් වලට පනින් නැත්තෙ ඇයි
      ලංකාවේ එහෙම තමයි අයි ඩෝන්ට් නෝ වයි..

      Delete
  8. සිකියුරිටි ගාඩ්ල කරන්නෙ එයාලට කියන දේ. ඒ මිනිස්සුන්ට වරදක් කියන්න බෑ. තමන්ට යම් අධිකාරි බලයක් ආපුවාම අස්සයට අං ආව වගෙ ඒකෙං දකින දකින අයට අනින මොඩල් එකේ විකෘති මානසිකත්වයක් ඇති අයත් ඇති. ඒත් බහුතරය මම හිතන්නෙ එහෙම නෑ. එතකොට නූගත් සිකියුරිටි කාරය කරපු දේ වැරදියි කියමුකො. අර ආචාර්ය උපාධිකාර නියෝජ්‍ය ඇමති කරපු වැඩේ ඊට වඩා කොච්චර අප්‍රසන්නද? ඒ වැඩේ කරන්න තිබ්බෙ ඔහොම නෙවෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ යුනිෆෝම් අඳින ගොඩක් අය තමන්ට තියෙන සුළු හෝ අධිකාරී බලය නිතරම වගේ තව කෙනෙක්ව පිඩාවට පත් කරන්න යොදා ගන්න හැටි බලන්න පුළුවන් රවීයියා.

      ඔය නිදහස් චතුරස්‍ර සිදුවීමේදී මට අර ආරක්ෂක නිලධාරීන් වැරදියි වගේම ඒ වරද හදන්න ගිය හර්ෂ කෙරුවෙත් ලොකු වරදක්.
      හරියට බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගියා වගේ.
      ලකුණු දාගන්න ගිහින් ලකුණු කපා ගත්තා.ඔය වගේ පාට් රඟපාන්න හොඳයි මර්වින් සිල්වා වගේ අය නම්.

      Delete
  9. සික්ක වත් උඹ වත් වැරදි නෑ
    උංට ඕඩරේ දෙන එකා මිස

    ReplyDelete
    Replies
    1. ඔව් බං උන් කරන්නෙත් ඕඩර් එකක් වෙන්න ඇති.එත් මිනිස්සුන්ට කතා කරද්දී මිට වඩා සංවර වෙන්න ඕනේ.

      Delete
  10. නව පරපුරේ කාන්තාවට පිරිමියෙකුගේ අතේ එල්ලිලා සම්ප්‍රදායික පෙම්වතියගේ භූමිකාව රඟදැක්වීම ගැලපෙන්නේ නෑ. සිකියුරිටිලාගේ කපල් විරෝධය මොකක් උනත් මෙතන කාන්තාවන්ගේ පැත්තෙනුත් යම් වරදක් තියෙනවා. පිරිමියෙක් එක්ක පෙම් කෙලින්න යන කාන්තාවන් ඒ යන ගමන කෙලවර කරගන්නේ පිරිමියාට යටත් වී ඔහුගේ කාම වහලියක් වීමෙනුයි.

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඉතින් අර පිල් මාරුවට කලින් කන කෑම තමා හැමදාම කන්න වෙන්නෙ...ජනගහන පුරස්නයටත් හොඳ විසඳුමක් වෙයි....:D

      Delete
    2. වනිතා හඬ මෙහෙට ආපු පළමු වතාව වෙන්න ඕනේ "ආයුබෝවන්"කියා පිළිගන්නවා.

      හැබැයි ඉතින් වනිතා අක්කා කියන විදියට වැඩ කරන්න ගියොත් වෙන්නේ අර පහතින් සෙන්නායියා කියලා තියෙනවා වගේ ජනගහණ පාලනය කර ගන්න නම් පුළුවන් වේවි.

      Delete
    3. @ සෙන්නයියා

      //අර පිල් මාරුවට කලින් කන කෑම තමා හැමදාම කන්න වෙන්නෙ.//

      මේ කියන්නේ මොන කෑමක් ගැනද ?

      Delete
    4. ඇයි බන් අපේ ජනාධිපති තුමා කරණම ගහන්න කලින්දා රෑ හිටපු තුමා එක්ක කෑවා කීවේ... මතක නැද්ද ? බලපන් ඉතින් උඹලගෙ මතකයක හැටි.....:D

      Delete
    5. ආ..........................මේ ආප්ප. හෙහේ.:D

      Delete
  11. yatawenawaa wtharak newe nangiye yatatama obanawaa

    ReplyDelete
  12. කරපින්නාගෙන යන සංස්කෘතියේ සෘණාත්මක අතුරුපල තමයි මේ...

    ReplyDelete
    Replies
    1. අම්බලන්ගොඩටත් "ආයුබෝවන්"

      //කරපින්නාගෙන යන සංස්කෘතියේ සෘණාත්මක අතුරුපල තමයි මේ//

      හරියට හරි.සම්පුරණයෙන් එකඟයි මේ කියමනත් එක්ක.

      Delete
  13. මේකට අදාල නැති උනත් පොඩි කතාවක් කියන්න හිතුනා. මගේ නමින් දාන්න බැරි නිසා ඇනෝ විදියට ආවෙ. මාස දෙක තුනකට ඉස්සෙල්ල පුද්ගලික වැඩ දෙකක් කරගන්න කොළඹ්න් දුර බැහැර නගරෙකට ගියා. එක වැඩක් උදේ කරගත්තා අනිත් එක කරගන්න තව පය 5-6ක් ඉන්න උනා. මේ වෙලාව වෙනකොට මමයි මහත්තයයි දෙන්නම හොදටම හෙම්බත් වෙලා හිටියේ ඊට කලින් දවස් දෙක තුනක්ම නිදි වරලා තිබුන නිසා නිදිමතත් අඩුවක් තිබුන නෑ. නිදිමතේ වාහනේ එලවන්නත් අමාරු නිසා ලග පාත තිබුන හෝටලයකට ගියා නිදාගන්න හිතාගෙන​. අපි කාමරේ ඇතුලට හිහින් හොදට නිදාගත්තා ටිකකින් හෝටලේ සේවකයෙක් දොර කඩන්න වගේ දොරට ගහන සද්දෙට නැගිටලා බැලුවා. ඒ සේවකයා කියුවෙ පොලීසියෙන් පැනලා ඉක්මනට පස්සෙ දොරෙන් එලියට යන්න කියලා. හ්බී මේ මගේ වයිෆ් කියුවම ඒ මනුස්සයා අපි දෙන්නා දිහා බලුවෙ ලෝකෙ අටවෙනි පුදුමෙ දැක්කා වගේ. ඊට පස්සේ පොලීසියන් ආවම අපි දෙන්නගාව තිබුන ඩොකියුමන්ට් පෙන්නලා අමාරුවෙන් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා ඔප්පු කලා. අන්තිමට යනකොට එතන හිටපු එක පොලිස් කාරයෙක් කියුවෙ ගෙදර වහලෙ හිල් වෙන්න ඇති කියලා. ඉතින කාට කියන්නද අප්පා...

    ReplyDelete
    Replies
    1. අපේ රටේ තියෙන සමහර මනස්ගාත නීති තමයි මේ.

      එහෙම බැලුවාම කාසද සහතිකෙත් අර වාහන වල අදායම් බලප්ර්ත වගේ යන යන තැන අරන් යන්න වේවි වගේනේ.

      Delete
  14. //එදා මම මගේ පෙම්වතිය සමගින් එහි ඇවිදමින් සිටියා.ඇය සිටියේ මගේ අතින් අල්ලාගෙන පමණයි.//

    සමාවෙන්ට මනෝජ්. මේ ටික දැකලා මට හිනා ගියා. :D :D

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් අපි ගැන හිතං ඉන්න හැටි...:D :D

      Delete
  15. ඉතින් මනෝජ් කොහොමද ...කාලෙකට පස්සෙ මාත් ආව බ්ලොග් කියවන්න..
    ඒඩ්ස් ළඟ හිටියහම බෝවෙනවැයි කියල කෑගහන මිනිස්සු ඉන්නැද්දි ඕව මොනවද මනෝජ් , ඔන්න ඔය ඉවසං ඉමු ඕව , අලුත් පරම්පරාව සෑහෙන්න දියුණුයි ඕනනං ඕව තව අවුරුදු 10 ක් 15 ක් තියෙයි ....

    ReplyDelete
    Replies
    1. විදුර,කාලෙකින් නෙන්නම් දැක්කේ.

      ඔව් මමත් හිතනවා අලුත් පරම්පරාව දිහා සුබවාදීව බලන්න පුළුවන් කියලා.එක තමයි සතුට.

      Delete
  16. එක අතකින් සතුටුයි,මේවා තමයි දැන් රටේ තියෙන සාකච්චා කල යුතු ගැටලු.

    ReplyDelete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!