"එකනේ මම ඔයාට කිව්වේ දන්නා කෙනෙක් එක්ක යමු කියලා"
ඇයට මම එහෙම කිව්වේ මහන්සියෙන් විඩාවට පත් වෙලා හිටපු නිසා.ඇගේ පිළිතුර වුනේ පොඩි මන්දස්මිතයක්.
"ඔයා දන්නවාද වැඩක්" චණ්ඩි ඉර එළියෙන් බේරෙන්න කුඩේ ඉහලන ගමන් ඇය මගෙන් ඇහුවා.
"මොකක්ද" කියලා මම අහන්නත් කලින්ම ඇය කතාව කියන්න පටන් ගත්තා."අපේ අංජුයි,සංජුයි දෙන්නව මුලින්ම ගන්න හිටියේ අපේ වෙඩින් එකටනේ.දැන් ඒගොල්ලන්ව අපේ වෙඩින් එකට ගන්න වෙන්නේ දෙවැනියට"
අංජුයි,සංජුයි කියන්නේ ඇගේ අක්කාගේ දුවලා දෙන්නා.අපේ විවාහයේ වැඩ ගැන කතාබහා ඇති වෙන කොට ඇය අවධාරණයෙන් කියා සිටියා අපේ විවාහයේ මල් කුමරියන්ට ඇගේ අක්කගේ දුවලා දෙන්නවම ගත යුතු බව.
දැන් ඇය කියන්නේ අපේ විවාහයේ ඇගේ අක්කලාගේ දුවලාට මල් කුමාරියන්ට ඉන්න වෙන්නේ තවත් අයකුගේ විවාහයක එසේ මල් කුමාරියන්ට සිටීමෙන් අනතුරව බවයි.
"එතකොට කාගේ වෙඩින් එකටද දෙන්නවා අරන් තියෙන්නේ."
මම ඇයට ඒ ප්රශ්නය යොමු කෙරුවේ ගල්කිස්සට එන්න මොරටුව බස් එකකට කොටුවෙන් නගින ගමන්.
"අමාලි අක්කාගේ මල්ලිගේ වෙඩින් එකට" ඇය උත්තර දුන්නේ බස් එකේ ජනේලයක් ලගින් වාඩිවෙන ගමන්.
"කවුද අමාලි අක්කා" මගෙන් ඇයට තවත් පැනයක්.
"ඇයි අනේ අමාලි අක්කා කියන්නේ අපේ තරංග අයියාගේ මල්ලි බැඳලා ඉන්න කෙනානේ"
තරංග අයියා යනු ඇගේ එකම සහොදරිගේ එහෙමත් නැති නම් ඇගේ අක්කාගේ සැමියායි.ඇගේ අක්කාගේ කුඩා දරුවන් දෙදෙනා මල් කුමාරියන් ලෙස සැරසෙන්න නියමිතව සිටින්නේ එම අමාලි අක්කාගේ මල්ලිගේ විවාහයටයි.
"දැන් කවද්ද ඔය මගුල තියෙන්නේ,කොහේ කෙල්ලෙක්වද බදින්නේ ?" "මැයි මාසේ,එයාත් ගල්කිස්සේ කෙනෙක් මට හම්බු වෙලත් තියෙනවා"ඇය උත්තර දුන්නේ මගේ උරමත ඇගේ හිස සතපවන ගමනුයි.
කාලය ගත වුනා.අමාලි අක්කාගේ මල්ලිගේ විවාහයත් සිදුවුනා.
එදා ඉරිදාවක් කිසියම් කරුණක් නිසා එදින උදේ මට ඇගේ නිවසට යන්න සිදුවුනා.තවත් මාස කිහිපයක්ම ඇගෙත් මගෙත් විවාහයට ඉතුරුව තිබෙනවා.මා එදා උදේ ඇගේ නිවසට යන විට ඇගේ අක්කත් කුඩා දරුවන් දෙදෙනා සමගින් ඇගේ ගෙදරට ඇවිත් සිටියා.අමාලි අක්කාගේ මල්ලිගේ විවාහය සිදුවී තිබුනේ එයට පෙර සතියේදියි.
ඇගේ ගෙදර ගුවන්විදුලි යන්ත්‍රයේ ලස්සන සින්දුවක් යමින් තිබුනා.
අප යළි හමුවන දිනයේ
මේ දුක් කඳුලැල් වියකුණු දෑසින්
හිනැහෙනු මැන පෙර සේ
මේ පුංචි රටේ කොතැනකදී හෝ
මතු කවදා හෝ යළි අප හමුවේවි.
සින්දුව අහමින්ම මම සාලයේ තිබ්බ හාන්සි පුටුවට බර දුන්නා.තේ කෝප්පයක් අරන් මා වෙත පැමිණි ඈ ඉන් අනතුරව වෙඩින් කේක් එකක්ද මා අත තිබ්බා තේ එක සමගින් කන්න.
"කොහෙන්ද වෙඩින් කේක්" මම ඇහුවේ කේක් කෑල්ලක් කන ගමන්මයි.
"අමාලි අක්කාගේ මල්ලිගේ වෙඩින් එකේ එව්වා.අක්කා ගෙනැල්ලා"
ඉන් මොහොතකට පස්සේ ඇය මාවෙත පැමිණියේ විවහා උත්සවවලදී පැමිණෙන අමුත්තන් වෙත දෙන "Thank u Card" එකක්ද රැගෙනයි.
"මේ බලන්න අපේ පැංචියෝ දෙන්නා අර වෙඩින් එකේ ඉන්න හැටි" ඇය එහෙම කියමින් මට දීපු "Thank u Card" එක මම අතට ගන්නකොටම ඇගේ අක්කා කිව්වා "මල්ලි ඔය නංගිත් ගල්කිස්සේ" යනුවෙන්.
"Thank u Card" එක අතට ගත්ත මගේ ඇස් දෙකට මුලින්ම දැක්කේ කාඩ් එකේ තිබ්බ නම් දෙක.මනාලියගේ නම දකිනවාත් එක්කම මගේ ඇස ගියේ ඒ "Thank u Card"එකේ උඩරට ඇඳුමින් සැරසුණු මාල හතක් දාපු මනාලිය වෙතට.
එක මොහොතකට මගේ හුස්ම නතර වෙන්න ඇති.හැබැයි ඒ එක මොහොතකට පමණයි.මගේ මුවින් පිටවුනු විශ්මයාර්ථ හඬ නිසාම මා ලග සිටි ඇයත් අගේ අක්කාත් විමසුවේ
"ඇයි ඔය මෙයවා දන්නවාද"කියායි.
කුමට මුසා පවසම්ද ?
මේ මා පෙර දවසක පෙම් කල යුවතියයි.
අපේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටිමෙන් අනතුරුව අපි කිහිප වරක් මග තොට එකිනෙකා දැක තිබුනා.පසුව ඇය තරුණයකු සමගින් විවාහ ගිවිස ගෙන ඇති බව දැනගන්න ලැබුණා ඇගේ යෙහෙළියකගෙන්.කාලය ගත වෙලා දැන් මනලියකව සැරසුණු ඇගේ විවාහයේ "Thank u Card" එක මා අත.
ඒයිනුත් කලකට පස්සේ මමත්,ඇයත් නැවතත් පිටකොටුවේ යන්න ගියේ පෙරදිනයක මිලදී ගැනීමට නොහැකිවූ සාරි මිලදී ගැනීමටයි.
ඒ මොහොතේ අප ගමන්ගත් බස් රථයේ අමරදේවයන්ගේ
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැළවිලි ස්වරයෙන්
ඇතින් මතු වෙනවා
ගීය වාදනය වෙන්න ගත්තා.ඒවිට මගේ උරමත සුපුරුදු ලෙස ඇගේ හිස තබමින් ඈ කියා සිටියා මෙසේ
"ඔයාටත් ඕනේ නම් ඔය සින්දුව කියන්න පුළුවන්.ඔයගේ අර යාලුවා අම්මා කෙනෙක් වෙන්න යන්නේ"
හිත අවුලක් නැති උනත් මාර අප්සැට් වෙලාවක් ඒක නේද බං.. හැක්..
ReplyDeleteහාට් එක එ් වෙලාවේ පපු කුහරේ හැපි හැපි අඩන්න ඇති නේද??
ඇත්තටම හිත අවුලක් නම් වුනේ නැහැ.එත් කිහිප දවසක්ම යනකම් ඒ උඩරට මනාළියගේ මුහුණ මැවී මැවී පෙනුනා.යකඩෝ මේ දැනුත් පේනවානේ.
Deleteඒ වේලාවේ නම් එහෙම උනේ නැහැ.තිබ්බේ අදහා ගන්න බැරි පුදුමයක් බං.කෙල්ල හොඳින්නේ ඉතින් අවුලක් නැහැ.
අයියෝ මල්ලි අඩ අඩා හිනාවෙන්න වෙන වැඩනෙ ඔයාටත් වෙන්නෙ.
ReplyDeleteමේ සින්දු කියන ජාතියත් පුදුම ජාතියක්
අඩ අඩා හිනාවෙන්න වෙන වැඩක් නේන්නම් මට වුනේ.මට හරියට ඔය වගේ වැඩ වෙලා තියෙනවා අක්කේ. මේ තියෙන්නෙත් එහෙම කතාවක්.මේක අහපු මගේ යාලුවන්ට මම මාර බයිට් එකකුත් වුනා.
Deleteමේක හරියට කිල්ලපනේ රැලියට මයිත්රීපාල සාබාගි වුනා වගේ කතාවක් නේ...
ReplyDeleteඑකනේ කියන්නේ සාරස,හැබැයි දෙන්නාම එකම පක්ෂයේ නිසා අවුලක් නැහැ හිටං.
Deleteඅර සමහර වෙඩින් තියෙනවා නේද සහායට මනාලියෝ දහසයක් දොළහක් විතර ගන්න, එකම පාට සාරි අන්දවලා?
ReplyDeleteමට මතක් වුනේ අන්න ඒවගේ වෙඩිමක ෆොටෝ එකක්!
ඔය තියෙන්නේ,ඔය තියෙන්නේ ඒ ජාතියේ වෙඩින් ඕනේ තරම්.සමහර එව්වායේ මනාලිව හදුනාගන්න මනාලයාටත් බැරි වෙනවා.
DeletePra Jay
DeleteMay 2, 2016 at 8:06 PM
ඒකත් එක රසයක් !
Reply
හැක්
ඇඟිල්ල ගහලා නහයට තියලා බලපන් මචෝ අපිනම් එහෙමයි අඳුන ගන්නේ
Deleteපොඩි මෙව්ව එකක් ඇතිවෙනව බං ඒ වගේ වෙලාවල්වල. මොනව කරන්නද
ReplyDeleteමොනවා කරන්නද බං,හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතාගන්නවා මිසක්.
Deleteමගේ ඔය වගේ සීන් එකේදි මට වෙඩිං එකට ආරාධනා කලා. ඉතින් මමත් ගියා. ඒ කථාව මෙතන.
ReplyDeleteකියෙව්වා, ඒතන හිටපු අනෙක් අයත් ඉයන්ගේත්,ඇගේත් සම්බන්ධය දැනගෙන සිටීම එතැන අපහසුතාවය තවත් වැඩිකරන්න ඇති.
Deleteඅපුරු පද රචනයක් එක ඉයන්.
දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
ReplyDeleteසිහිනෙක දැවටී ඔබ එනවා
සිත සිරකරලමි ඔබට නොඑන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා...
අහසට ඔසවන විටකදී නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා
මිහි මත පියකරු දසුනක් වේ නම්
ඔබේ රුව ඒ තුළ දැවටෙනවා...
පාළුව ඉවසා මා තනිවෙද්දී
සුසුමක් වී පසුපස එනවා
කල්පිත ලෝකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැලපෙනවා...
අහසත් පොළවත් ඔබම ද මාහට
නැතුවද ඔබ මා හැරයන්නේ
තහනම් දේසේහි බැඳි බැමි බිඳ දා
කෙදිනද ඔබ මා හමුවන්නේ...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
සංගීත නිර්මාණය : ගුණදාස කපුගේ
ගායනය : පුණ්‍යා කත්‍රිආරච්චි
බොහෝම ස්තූතියි සින්දු ඇනෝ.
Deleteදයා ද අල්විස් මහත්මිය මේ ගීතය ලිව්වේ තම අත්දැකීම් තුලින්ද දන්නෙත් නැහැනේ.
මේ පුංචි රටේ
ReplyDeleteකොතනකදී හෝ
මතු කවදාහෝ
යලි අප හමු වේවී.. කියන්නේ ඕක තමයි.. :)
ඒ ලියවෙන්න ඇත්තෙත් කාගේ හරි අත්දැකීමක් වෙන්න ඇතිනේ.
Deleteඅවුරුදු හතරකින් විතර වෙඩිමකට සහභාගී වෙන්න ලැබුනෙ නෑ.මේ මඟුල අපටත් කියාවිද.
ReplyDeleteහැලපයියා ජුනි දෙවැනි සතිය වෙනකොට ලංකාවේ නම් ඉන්නේ එන්න.
Deleteමට ටිකක් විතර අප්ස සින් එකක් වුණා. හිහි. යාළු වෙලා හිටිය එකක් වෙඩිම කිව කියහංකො විලි ලැජ්ජාව කටේ ගහං ඔහෙ පලකො... මං ගෙදෙට්ට වෙලා නිදාගත්ත
ReplyDeleteඇයි යකූ...
ඇත්තටම මනෝ හදුං පොත කීං ගාන්න ඇති නේ
එච්චර අවුලක් වුනේ නැහැ හදුං පොතට නම්.
Deleteමොකද බං යන්න බැරි,අර ඉයන් එහෙමත් ගිහින් තියෙන්නේ.උඹටත් තිබ්බේ ගිහින් කලා,බීලා එන්නනේ.
බලපන් ඉතින් කෑවනෙ කතාවෙ කුතුහලය මාතෘකාවෙන්.. නෙදකින් විතරක් !
ReplyDeleteඅලුත් කෙල්ල ඉස්සරහා පරණ කෙල්ලව දකින්න ලැබීම...! හප්පා බොහොම සංවේදී වගේම ත්‍රාසජනක අවස්තාවක් වෙන්න පුළුවන් නේහ් ? හෙහ්
අඩේ ඔව්නේ,සෙන්නායියා කිව්වායින් පස්සේ මටත් හිතෙනවා මේ මාතෘකාව වෙනුවට වෙනත් එකක් දාන්න තිබ්බා කියලා හිටං.
Delete//අලුත් කෙල්ල ඉස්සරහා පරණ කෙල්ලව දකින්න ලැබීම...! හප්පා බොහොම සංවේදී වගේම ත්‍රාසජනක අවස්තාවක් වෙන්න පුළුවන් නේහ් ? //
ත්‍රාසජනක නම් වුනේ නැහැ.හැබැයි එයාලාටත් අදහා ගන්න බැහැ වගේ හිටියා.ඊට පස්සේ අලුත් කෙල්ල ඇහුවා "ඇයි දුකද?"කියලා.මම ඇහුවා "ඒ මොකටද කියලා" හිටං.
එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
ReplyDeleteනෙළා නොගත්තේ මගෙ බෝසත් කමට
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහිනි සිත අද්දරට.....
විස්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසට....
සිටිනා කොදෙවුවක නුඹ සැප විදීනම්
මවෙතින් ලැබුන ආදරයත් ලැබේනම්
මතකය නුඹට හිරිහැරයක් නොවේනම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්...........
- රොහාන් ශාන්ත බුලේගොඩ
අතීතය සිහිනයක් පමණයි
Deleteසෑබ සුවදක් නෑ
එදා සෙනෙහෙන් නොබෑදුනා නම්
මෙදා වියොවක් නෑ
තෑනූ මන්දිර බිදී වෑටුනට
නේතේ කදුලක් නෑ
සිනාසෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ
සොබා දහාමට නොවාන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවෙ පෑරදුම මිසක කිසිදා
ලෑබු දිනුමක් නෑ......
කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
Deleteකොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි
මගේ සතුටයි ...//
වලා ගැඹරෙහි සැඟව ගිය සඳසේ
ලිහී දෙනෙතින් නුහුරු දුරු පියසේ ..//
ගියද ඔබ ඒ එළිය නොනිවේ මැයි
පහස නොමැකේ මැයි
කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි
මගේ සතුටයි
වනේ වදුලෙහි ගලන දිය වැල සේ
නුවන් දෝතින් වැළඳ ගමි කෙලෙසේ ..//
නමුදු ඔබගේ සිසිල නොනැසේ මැයි
සුවඳ නොසිඳේ මැයි
කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහිතලයේ
එය මගේ පැතුමයි
මගේ සතුටයි
ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ඒකත් එක රසයක් !
ReplyDeleteකුසුම මොටද - ළංවී රොන් ගන්න බැරී :D
Deleteපෙර නොවිඳි රසයක්.
Deletehttp://sithuwili-sithu.blogspot.com/2016/05/blog-post.html
ReplyDeleteමේවා උඹයි දත් ගලෝන දැරිවියි කතාවෙලා දාපු පෝස්ට් නේද?
"දත් ගලෝන දැරිවි" නියම නම ඩූඩ්!
Deleteකතාකරලා දාන්නත් "දත් ගලෝන දැරිවි" හමුවුනේ ඩුඩයියා කිව්වා පාරෙන් ගියාමයි.
Deleteකාඩ් එකේ කෙල්ලගේ පිංතූරය දැක්ක ගමන් උඹේ හදුන් පොජ්ජ දාගෙන ගිහින් වේගෙන් ඩිග් ඩිග් ගාලා ගැහෙන්න ගත්තා නේද ?. මටත් ඔහොම එකක් උනා හැබැයි වෙඩින් කාඩ් එකක් දැකලා නෙවෙයි දෙහිවල ඉන්න ගොඩක් පරන යාලුවකුට කොල් කලාම ඉස්සුවේ උගේ වයිෆ්. ඒ කියන්නේ මගේ 1st එක.
ReplyDeleteඅපේ ගෙදරට මිස්කෝල් ගහන එකා අද අහුවුණා..මට අහුවෙයංකෝ පාරකදි හරි !!!
Delete- පරණ යාලුවා -
ඇයි මස්සිනේ පෙම්කලේ අපි එක මලට...
Delete1st එක,2nd එක කියන්නේ බං හරියට වාහනේක ගියර් වගේනේ.
Deleteඑක මලට පෙම් කලාට කමක් නැහැ නෙලා ගන්න යන්න එපා.උඹට පත්තර මල්ලිගෙන් කන්න තමයි වෙන්නේ.:D
ඩූඩ් කිව්ව නිසා තමයි මේ පැත්තට ආවෙ. ඔහොම සීන් එකක් වුණාම ඉතින් බිම පෙරලි පෙරලි අඬන්න වෙන සීන් එකක් තමයි ඉතින්.
ReplyDelete"ආයුබෝවන් සිතූ"
Deleteබිම පෙරලි පෙරලි අඬන්න වුනේ නැත්තේ හොඳ වේලාවට.එහෙම වුනානම් වෙන්නේ ගිණිවිජ්ජුම්බරයක් තමයි.
පපුව දිග අයිස් කූරක් යනව වගේ දැනෙන්නැති නේ..? සිතූ කිව්ව වගේ මටත් නං පොළවෙ පස් කන්න තමයි වෙන්නෙ. පෙරදිනයක මා සින්දුව මට හරිම සංවේදී විදියට දැනෙනව. ඉස්කෝලෙ කාලෙ ඕක අපි මොඩිෆයි කරලනෙ තිබ්බෙ රටකජු ගීතයකට.
ReplyDeleteලේ පාට හීනයටත් "ආයුබෝවන්"කිව්වා මේ පැත්තේ ආවාට.
Delete//සිතූ කිව්ව වගේ මටත් නං පොළවෙ පස් කන්න තමයි වෙන්නෙ.//
එහෙමනම් ඒ තත්වයට මම මුහුණ දීපු හැටි හොඳයිනේ.
ඔය "පෙර දිනයක මා" මොඩිෆයි කරපු රටකජු ගීතයේ කොටසක් වරක් සුනිල් එදිරිසිංහයන් විසින් ගයනු ඇසුවා ප්‍රසංගයකදී.
හප්පා, හිතාගන්න අමාරුයි කොහොම දැනෙන්න ඇතිද කියලා ඒ වෙලාවේ. හැබැයි මට මෙන්න මේකනම් හිතුණා. ඔයත් එක්ක ඔය සාරි තෝරන්න ගිය නගා ඉන්නවා නේද. ඔයා එයාට ඇත්තම කියපු එක ගොඩක් වටිනවා. ඒ ගැන ඒ නගා ඔය අන්තිමට කියලා තියනවා තරම් අවබෝධෙකි කතා කරන්න පුළුවන් කෙනෙක් වීම ඊටත් වඩා වටිනවා. ජය සිරි මංගලම් එහෙනං! :)
ReplyDeleteඅක්කාවත් මෙන්න "ආයුබෝවන්" කියලා පිළිගන්නවා.
Deleteමට ඒ වෙලාවේ දුකක් වගේ හැඟීමක්නම් දැනුනේ නැහැ.සමහරවිට එහෙම දැනෙන්නත් ඉඩ තිබ්බා මට ප්‍රේමවන්තියක් ඒ වෙද්දීත් නොහිටියානම්.මට ඒ වෙලාවේ ඇති වුනේ නම් පුදුමයක්.
ඔව් අක්කේ මම එයාට බොරු කිව්වෙත් නැහැ.එහෙම කියන්න හිතුනෙත් නැහැ.එක බොරුවක් වහන්න බොරු සීයක් කියනවාට වඩා ඇත්තම කියන එක හොඳයිනේ.
මාත් එක්ක සාරි තෝරන්න ගිය නගා මේ ගැන අවබෝධයෙන් ඉන්න බව මටත් තේරෙනවා.
බොහෝම ස්තුතියි අක්කේ...:)
ඇත්තටමද බං
ReplyDeleteනම් විතරයි බං මනංකල්පිත.
Deleteහපොයි , මදැයි ...
ReplyDeleteඔයින් ගියා...
Deleteවැඩක් නැ කියල හිතුවට thank u carf බෙදල දෙන එකෙත් වැඩක් තියනවනෙ බලනකොට :) :)
ReplyDeleteඔයාටත් "ආයුබෝවන්" හීන දකින්නී,
Deleteනැතුව නැතුව "Thank u Card" එකටත් තැන්කු වෙන්න ඕනේ.
මට නම් මතක් වෙන්නෙම "සුභෘෂිණී ඔබ මගේ නමට එව් ඇරයුම්පත ලැබුණා" කියන පද පෙලමයි. මොකද ඒක එහෙම්මම මට වේගෙන යන්නේ මේ දවස්වල දුක තමා
ReplyDeleteපුසාටත් "ආයුබෝවන්"
Deleteදුක් වෙන්න එපා පුසෝ.දෙයක් මග හැරෙන්නේ ඊටත් වඩා හොඳ දෙයක් ලැබෙන්න වෙන්න පුළුවන්.ඇරයුම්පතක් ආවොත් නොගිහින් ඉන්න එපා.
සමහර එක්ස්ලා ඉන්නවා කෙල්ලගේ කොල්ලගේ උපන්දිනේට පාන්දර හයට විතර නැගිටලා සප්‍රයිස් කේක් හෙම ගෙනත් දෙන.
ReplyDeleteඕන රෑක ඕන දවාලක ඕන හදිසියකදි පිහිටට එන. ;)
මට වුනේත් අදහාගන්න බැරි "සප්‍රයිස්" එකක්නේ බුරු බබෝ...
Deleteඇත්තටම පෙරදිනයක මා පෙම් කල යුවතිය කියන්නේ මග හැරුනු පැරණි පෙම්වතියකට කියන ගීතයක්ද?
ReplyDeleteඒ අර්ථයට අමතරව තවත් අර්ථ තේරුම් ඇති.සිතුවිලි ගේ අදහස මොකක්ද ඒ ගීතය ගැන.
Deleteනොසිඳෙන ජීවන මතකය. ආදරයේ සුන්දරත්වය. විරහවේ පැණිරස
ReplyDeleteඔබ මෙහි පැමිණි පළමු වතාව "ආයුබෝවන්"කියලා පිළිගන්නවා.
Deleteවිරහාවත් එක රසයක් කිව්වත් පැණි උනත් නිතරම කනකොට එපා වෙනවා වගේ තමයි විරහා රසත්.
හක්ක පනිනවා
ReplyDeleteඇඩෙනවා තනි ඇහැට
අඬන එකේ ඇස් දෙකෙන්ම අඩහන්කෝ...
Deleteහප්පේ. එහෙම ඒවත් වෙනවනේ අප්පා. මගුල් ෆොටෝ නම් දැක්ක. සුභ පැතුම් අපෙනුත්.
ReplyDeleteඒ මදිවට පර දිනයක එක්කෙනෙ නෑදෑයෝ වෙන්නේ කීයෙන් කි දෙනාටද?
Deleteබොහොමත්ම ස්තුතියි අජිත් අයියා.
Deleteඑහෙම එව්වා වෙනවා.හැබැයි නෑ වෙන්නේ කලාතුරකින් වෙන්ට ඇතිනේ.
මනෝජ් මල්ලිටත් මල්ලිගෙ පියම්බිකාවටත් සුභ මංගලම්! :)
ReplyDeleteබොහොම ස්තුතියි අක්කේ.
Deleteලියන් නැද්දෝ ලියහංකෝ
ReplyDeleteලියමු,ලියමු හිටං.
Deleteමුලින්ම සුභ ම සුභ මංගලං මචං!!!
ReplyDeleteගොඩ කාලෙකට පස්සෙ අවේ බං මේ පැත්තෙ,, දැන් ඉතින් දිගටම එනව ...
උඹටත් වෙන දේවල් බං ;) ;) බලං ගියාම සම්බන්ධතා කියන්නෙත් මාරම සබ්ජෙක්ට් එකක් බං. මට නං මලාට තෙරුන් ගන්න අමාරු දෙයක් ...
බොහොම ස්තුතියි මචං.
Deleteරිප්ලයි පරක්කු වුනාට සොරි මචෝ.
අහ හා .... අලුත් ජීවිතේට සුබ පැතුම් මනෝ !
ReplyDeleteරෙහානි,ගොඩ කලෙකින් එනකොට අපි කසාදත් බැඳලා.
Deleteගොඩක් ස්තුතියි.
ඇය කොහේ කෝ සතුටින් ඉන්නවා යැයි සිතා ඔබ සතුටු වන හැඩයි . . ඒ කියන්නේ ඔයා එයාටත් ඇත්තටම ආදරය කරලා . . .
ReplyDeleteජානකගේ සින්දුවකුත් තියේ ඒ වගේ
කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහි තලයේ
එය මගේ සතුටයි . . මගේ පැතුමයි
කරුණාරත්න සපුතන්ත්‍රි ලියපු ගීතයක්
"දුකා"මේ පැත්තේ අවාම "ආයුබෝවන්" කියලායි අපි පිළිගන්නේ...:)
Deleteඔව් බොරුවට නෙමේ ඇත්තටම ආදරය කෙරුවා.හැබැයි දැන් ඒවා අතීතයේ මතක විතරයි.
ජානක වික්‍රමසිංහ මගෙත් ප්‍රියතම ගායකයෙක්.එත් මේ ගීතය තවමත් අසා නැහැනේ.අපුරු පද පෙළක්,ගීතයත් ඒ වගේම රසවත් ඇති