| අමාවක අහසට පුර සඳක් | කොහින්දෝ |
| ගලා හැලෙන කදුළු වලට තිතක් | කොහින්දෝ |
| පරවී වැටෙන මල් පොකුරේ සුවඳ | කොහින්දෝ |
| ඔබ ගැන නොසිතා මට හෙටක් | කොහින්දෝ |
| එක කුඩයක් යට ගුලි වුණා මතකයි පොද | වැස්සේ |
| දෙකොපුල් ඔබේ සිප ගත්තා ඒ හිරිමල් | වයසේ |
| සිහිල් සුළන් හමා යද්දී අප වට කර | නිතොරේ |
| තුරුල් වුණා ඔබ හෙමිහිට මගේ ළමැද | මැද්දේ |
| අතිනත ගෙන අපි ඇවිදපු නුවර විදී | දිගේ |
| අරලියා මල් පිපී තිබුණා මතකද | හැන්දෑවේ |
| අන්නතවූ සතොසින් පිරි ඒ අතීතේ සිහිවන හැම | වාරේ |
| කදුළු ඇසේ තවම නැගේ මටත් හොරෙන් | වාගේ |
| ප.ළි.ය:-මේවා කවිද මන්දා.?කොහොම වුණත් මේ කවි ටික ලස්සනට මේ විදියට දාගන්න පුළුවන් වුණේ කාලෙකට කලින් අපේ දේශා මැතිතුමා එවාපු ලින්ක් එකක් උපකාරයෙන්.ඉතින් ඒ ලිනික් එක නිර්මාණය කරපු අළුත් මල්ලිටත්,දේශාටත් දෙන්නාටම තුති.. පින්තුරේ අන්තර්ජාලෙන්. |
Showing posts with label ඔහේ ලියවුණු අකීකරු කවී.. Show all posts
Showing posts with label ඔහේ ලියවුණු අකීකරු කවී.. Show all posts
Wednesday, May 28, 2014
කදුළු ඇසේ තවම නැගේ මටත් හොරෙන් වාගේ.
Subscribe to:
Posts (Atom)
