ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්.හරි නිර්වචනයක් දෙන්න බැරි ජිවිතේ තුළ අපිට මුහුණ දෙන්න වෙන සමහරක් දේවල් අපි බොහොම ආදරයෙන් පිළිගන්නකොට තවත් දේවල් අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි නිසාම භාර ගන්න වෙනවා අපි කැමති වුණත් අකැමති වුණත් එක එහෙමමයි.
කාලෙකට කලින් දකින්න කැමති,හමුවෙන්න කැමති,ඇසුරුකරන්න කැමතිව හිතපු අය කාලයේ වියෝවෙන් දැකීම වේදනාවක් වෙන අවස්ථා කොයි තරම් ජිවිතේ තියෙනවාද.? ඒ නිසා නේ කරුණාරත්න දිවුල්ගනේ ගයන්නේ නෙතට උළෙලක් විය එදා ඔබ කදුළු බිදුවක් විය මෙදා කියලා.ඉතින් මගේ ජිවිතේත් කාලෙකට පෙර නෙතට උළෙලක්ව සිටි අයෙක් අද කදුළු බිදුවක්ව මගේ නෙතත් පරවනවා.අමතක කරන්න හදන අතීත මතක පොත නැවත,නැවතත් පෙරළාමින්.
ඉතින් ඒ මතකය අමතක කරන්න හදන හැමවිටම නැවත,නැවතත් මතක් වෙන්නේ කොයිම විදියකට හරි අපි දෙන්නට,දෙන්නා නිතරම වගේ මුණ ගැහෙන නිසා වෙන්න පුළුවන්.එකම ගමක එකම විදීයක ජිවත් වෙන අපි එකිනෙකා මගහැර ජිවත් වෙන්න කොයි තරම් උත්සහාකළත් එහෙම කරන්න බැරි ප්‍රයෝගික කරනා කොයි තරම් තියේද.?
කොහොම වුණත් කාලෙකට කලින් සිහිනයෙන් පවා දකින්නට පැතු රුවක් ජීවමානවම ඇස් ඉදිරියේ දර්ශනය වීම කොයි තරම් සුන්දර අත්දැකීමක් විය යුතුද?නමුත් අමාරුවෙන් වළලා දමන්න යන මතකයක් නැවතත් අවදි කරන්න හදන දෑසක් යළි,යළිත් හමුවීම හරියට පරණ තුවාලයක් පාරනවා වගේ වැඩක්.
ඉතින් අමරුවෙන් සුවවුණු තුවාලයක් ආයෙමත් පාරවා ගන්න මට වුවමනා නැහැ.අන්න ඒ නිසායි අහම්බයකින් වුණත් ඔයාව මගතොට මුණ ගැසුණාම මම නන්නාදුනන විදියට හුගාක් අමරුවෙන් වුණත් ඔයාව මග හැරලා යන්නේ.එහෙම නොවෙන්න අපේ හමුවීම ඔයාටත්,මටත් වේදනාව ගෙන දෙන එක නියතයි.
ඉතින් ඔයා කියලා තිබුණාත් ඔයාගේ මිතුරියන්ට මම ඔයාව දැක්කත් නොදැක්කා වගේ යන එනවා කියලා.එත් ඇත්ත එක නෙමේ.අපි කොහොමත් ආයේ,ආයෙත් හමුවේවි.එත් එහෙම හමුවෙන හැමවිටකම අපි නන්නාදුනන ලෙසටම ගමන් ගනිමු හරිම අමාරුවෙන් වුණත් ලස්සන අතීතයේ සුන්දර අතිතසිදුවීම් සියල්ල යටපත් කරමින්.
මම පෙම් කළේ මිරිගුවකට නොවේ.නමුත් ඒ ප්‍රේමය අද මිරිගුවක් වෙලා.මිරිගුවක් කියන්නේ මායාවක් ඒ මායාවට රැවටෙන්න බැහැ.ඒ නිසා අපි මේ විදියටම ඉමු හොදින්ම දන්නා එත් නන්නාදුනනා අය විලසින්.
දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
යෞවනේ අපට විය විරහි හද ගිලන් වෙලා
ගහ කොළ ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුණේ
නන්නාඳුනන ලෙසේ මග තොට යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා.

ප.ළි.ය:සිංදු දෙකම යු ටියුබ් වෙතින්.පින්තුරය ගුගල් ඉමේජ්.

.jpg)