Wednesday, November 23, 2016

වදකයන් ලුහුබැඳ යන්න.

මේ කියන්න යන්නේ පොතක් ගැන.
පොත තමයි "වදකයන් ලුහුබැඳ මියුනික් කරා" කියන පොත.


කෘතියේ මුල් කවරය.
පහුගිය සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනය වෙලේ විදර්ශන කුටියේදී මේ පොතට ඇස ගියේ පොතේ තිබ්බ නම නිසා.මියුනික් නගරය ජර්මනියේ නගරයක් වෙච්ච් නිසාම මට හිතුනා මේ පොතත් ලෝක යුද්ධය හා සම්බන්ධව ලියවෙච්චි පොතක් වෙන්න ඇති කියලා.

ඉතින් පොත අතට අරගෙන පිටුවක් පෙරලලා බැලුවාම දැක්කා පරිවර්තකගේ නම "නිලුක කදුරුගමුව." කියලා.ඒ නම නුහුරු නමක් නොවුනේ පරිවර්තකයා බ්ලොග් ලියන්නෙක් වෙන නිසා.අපුරු කවි වගේම කතාන්දර පරිවර්තනය කරන බ්ලොග් රචකයෙක් වෙන නිලුකගේ බ්ලොග් එකේ නමත් "පරිවර්තන"

දෙවැනි ලෝක යුද්ධ සමයේදී "මයිකල් රෝගන්" නම් ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීයකු ජර්මන් පාලනය යටතේ පවතින ප්‍රංශයේ සිට සැඟවී කරන  මෙහෙයුමකදී නාට්සි ජර්මානුවන්ගේ අත්අඩංගුවට පත් වීමත් ඔහු සමගින් අත්අඩංගුවට පත් වෙන ගැබිණි බිරිඳ ඔහුගෙන් වෙන් කර ඇය නගන වේදනාත්මක විලාපයන් යොදවාගෙන ඔහුගෙන් ප්‍රශ්න කරන නට්සි වදකයින් සත් දෙනෙකුගෙන් පළිගැනීම සඳහා නට්සින් වෙතින් නිදහස ලැබීමෙන් අනතුරුව ඔහු ක්‍රියා කරන ආකාරය ගැන ලියා ඇති කෘතිය කියවන විට මගේ මතකයට නිතැතින්ම පැමිණියේ තරමක් දුරට ඒ හා සමාන කතාවක් සහිත කෘතියක් වූ  "ෆෙඩ්රික් ෆෝසයිත්"විසින් රචිත අභය හේවාවසම් විසින් පරිවර්තනය කරන ලද "හිට්ලර් ගේ එස් එස් හමුදාව" නම් කෘතියයි.

කෙසේ නමුත් Mario Puzo විසින් 1967 දී රචිත "Six Graves to Munich" නම් කෘතියට වඩා ඉදිරියෙන් 1972 දී Frederick Forsyth විසින් රචිත "The Odessa File" කෘතිය ඇති බව මගේ හැඟීමයි.

වෙහෙසකර කියවීමක් නොවන ලෙසට නිලුක විසින් පරිවර්තනය කර ඇති කෘතිය තුලින් යම් දෙයක් කිරීමට කිසිවෙකු විසින් අධිෂ්ඨාන කරන ලැබූ විට ඒ අධිෂ්ඨානය ඉටුකරගැනීම සඳහා ඔහු විසින් ගන්නා වෙහෙසවීම්,කැපකිරීම් ගැන ලියවුනු කෘතිය විදර්ශන ප්‍රකාශනයකි.


පොතේ පසුකවරය.

22 comments:

  1. මමත් පොත ගත්තා. තාම කියෙව්වෙ නැහැ.... විදර්ශන පොත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කියවන්න.

    ReplyDelete
    Replies
    1. ( හාවෙක්ගේ මෙන් කන්දෙක පාතට කරගෙන) නෝනා... පොත් පිනට කියවන්නට එහෙම දෙනවද දන්නේ නැහැනේද?

      Delete
    2. මා ගාවත් තව විදර්ශන පොත් දෙකක් තියෙනවා මේ ගමන ගත්ත තව කියවන්න ඉතුරු වෙලා.
      මෙන්න මේ ලිඛිතාටත් අක්කා ගාව තියෙන පොත් පොඩ්ඩක් කියවන්න දෙන්නකෝ.පව්නේ උන්දැ කන් දෙකත් පහත් කරන් ඉන්නේ ඔය.

      Delete
  2. අන්තර්ජාලයේ පොත් ගැන ඇති මේවාගේ කෙටි හැඳින්වීම් මගේ සිත් ගන්නවා..
    එයින් අපට පොත ගැනීමට හෝ කියැවීමට ගන්නා තීරණය පහසු වෙනවා....
    ජය!

    ReplyDelete
    Replies
    1. කියවලා බලන්නකෝ තිස්ස අයියා පුළුවන් නම් පොත.නිලුක ගේ බ්ලොග් එකත් කියවන්න වටිනා බ්ලොග් එකක්.

      Delete
  3. පූසෙක් ලියපු පොතක් නං හොඳ ඇති. බොහොම ස්තූතියි විචාරයට. පොත් දෙකම හොයාගෙන කියවන්න ඕනා

    ReplyDelete
    Replies
    1. පුසෝ ලියන පොත් මීයන්ට අගුණයි.බෂ්ශාන්ට නම් කොහොමද මන්දා

      Delete
  4. Replies
    1. මලිත් "ආයුබෝවන්" මචං.කියවන්න අවුලක් නැති පොතක්.

      Delete
  5. Mario Puzo විසින් ලියපු පස්වන නවකතාව පියල් පනාපිටිය පරිවර්තනය කරපු තවත් හොද පොතක් ගෝඩ්ෆාදර් .
    ප්‍රකාශනය ෆාස්ට්පබ්ලිය්ශියන්
    බෙදාහැරීම සුරස පොත් මැදුර

    ReplyDelete
    Replies
    1. නියමයි,හොයන් කියවන්න ඕනේ මෙන්ඩා එකත්.

      Delete
  6. ලස්සන පොතක්. නිවාඩු හන්දා අරගෙන කියවන්න හිතුණා.

    ReplyDelete
    Replies
    1. මෙඩුසා,
      "ආයුබෝවන්" කියවලා බලන්න පොත.ඒ වගේම නිලුකගේ බ්ලොග් එකෙත් ලස්සන පරිවර්තන තියෙනවා බලන්න පුළුවන් නම්.

      Delete
  7. ස්තූතියි ඔත්තුවට අරගෙන කියවලා බලන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. තුශානි,
      නිලුකගේ බ්ලොග් එකෙත් ලස්සන පරිවර්තන තියෙනවා බලන්න පුළුවන් නම්.

      Delete
  8. ස්තූතියි ඔත්තුවට මනෝජ්

    ReplyDelete
    Replies
    1. පොත බලහං එළකිරි වගේ තියෙනවා.

      Delete
  9. අඩෝ මේවට උත්තර දීපන් ...
    උබට වැඩ වැඩි කියලා අපිට පාන්ද

    ReplyDelete
    Replies
    1. මෙහෙම ආදරෙන් කියද්දී කොහොමද උත්තර නොදී. හිටපන් හෙට දෙන්නම් .

      Delete
    2. මෙන්ඩා,ඔන්න උදෙන්ම උත්තර දුන්නා බ්‍රෝ.

      Delete
  10. විස්තර කරලා තියෙන විදිහට පොත අරගෙන කියවන්නම හිතුනා !
    ස්තූතියි

    ReplyDelete

වැරදි හදන්න,විවේචනය කරන්න,ඕනෑම මතවාදයක් සදහා ඉඩ..
බොහොම ස්තුතියි....!!!