Showing posts with label මට හිතෙන හැටි.නොකළ කතා.. Show all posts
Showing posts with label මට හිතෙන හැටි.නොකළ කතා.. Show all posts

Friday, January 10, 2014

හිච්චි මාමා වෙනුවෙන්.



මෙයට පෙරත් ජනධිපතිතුමාට ලියුමක් ලීවා.

ආදරණිය ජනධිපති මාමේ,

මෙන්න මේ ලියමන ලියන්නේ බෝගම්බර ඉන්න අපේ හිච්චි මාමගේ බලවත් පෙරැත්තය නිසාය.

පහුගිය දොහක මාමා බලන්නට බෝගම්බර ගිය වෙලේ හිච්චි මාමා මට බලකොට කියා සිටියා මේ ගැන ඔබතුමාට ලියන්නයි කියා.මේක ලියන්න පරක්කු කොරන්න එපා කියලා මේ යකා මාමා මට කෝල් කරලත් නිතරම කියන නිසාත්, උන්දැ කියන දේවල් වල ඇත්තක් තියෙනවයි මගේ ටිකිරි මොළේටත් වැටහෙන නිසායි මේ ලියුම් කරදාහිය ලියන්නේ.

කසිප්පු අරක්කු පෙරුවත් අපේ හිච්චි මාමා ගමේ වුන්න හරිම අහිංසක,සාධරණ මිනිහෙක් බව අපි හොදටම දන්නේය.මම එහෙම කියන්නේ එකා අපේ මාමා නිසාම නොවේය.අනික කසිප්පු අරක්කු පෙරුවත් ඒකා ඒහෙම කළේ ගමේ වුන්ගේ බලවත් ඉල්ලීම නිසාය.මාමාට බෝගම්බර මහා උළු ගෙදර ලගීන්න වුණේ ගමේ වුන්නු එපාම කරපු චණ්ඩිය වෙච්චි ඉන්දරේට පිහියෙන් ඇන මරාපු නිසාය.මාමාට එහෙම ඉන්දරේ මරන්නට සිද්ධ වුණෙත් මාමාට ඔබතුමාට වගේ අයුක්තිය,අසාධරණේ පෙන්වන්න බැරි නිසාය.  

හැමදාම මාමා පෙරන අරක්කු බලහත්කාරයෙන් නිකං බිලා ගිය  ඉන්දරේ එහෙම යන ගමන් ඔබතුමාටත්,අපේ දේශප්‍රේමි ආණ්ඩුවේ මැති ඇමතිලාටත් බැණ,බැණ ගියේ ඌගේ සරමත් කරට අරන්ය.ඌ ඔබතුමාට නිතරම බැන්නේ චින්නුන්ගෙ ගිනිපොලි ගෙවන්න ඔබතුමා අරක්කු,සිගරට් මිල උස්සනවා කියලාය.ඒ නිසා අපේ මාමා පෙරන දහාජරාව බොන්න වෙනවායයි ඌ නිතරම කිවේය.එත් එහෙම ඔබතුමා අරක්කු,සිගරට් මිල උස්සන්නේ වෙන හේතුවක් නිසා නොව ඉන්දරේ වාගේ බේබද්දන්ගේන් මේ උතුම් මෘතෘ භූමිය රැකගන්නට බව උන් පිළිගත්තෙම නැතිය.

අනිත් අතට ඒවයේ මිලගණන් එහෙම ඉහළ යාම නිසා අපේ හිච්චි මාමලාටත් වාසිය.ඒ හිචිචි මාමා පෙරන අරක්කු වලට තියෙන ඉල්ලුම වැඩි වීමෙන් මාමාගේ ආර්ථිකේ යහපත් වන නිසාය.මාමාගේ ආර්ථිකේ යහපත් නිසා මාමාගේ ගෙදර ආර්ථිකේට හොදය,ගෙදර ආර්ථිකේ යහපත් නිසා එකෙන් හන්දියේ කඩේට වාසිය,කඩේට වාසියි යනු රජයට වාසි වීමයි.ඒ කඩේ තියෙන හැමදේටම ඔබතුමාලා බදු අය කරන නිසාය.මෙන්න මේ සරල ආර්ථික න්‍යායවල් ඉන්දරේලා වගේ මෝඩයන්ට තේරෙන්නේ නැත.

හැමදාමත් අපේ මාමා හොරකම්,මැරකම් නොකර ඉතා දුක සේ පෙරන මේ අරක්කු ටික ඉන්දරේ වගේ උන් පිනට බිලා යන එක මාමාට බලාගෙන ඉන්න බැරුව ගියේය.     

ඒ මන්දයත් අපේ හිචිචි මාමාටත් ජනධිපති මාමාට සේම අසාධරණේ පෙන්වන්න බැරි නිසාය.අවසානයේදී ඉවසලා,ඉවසලා බැරිම තැන මාමා තීරණයක් ගත්තේය.ඉතින් මාමේ ජනධිපති මාමේ එහි අන්තිම ප්‍රතිපලය වුණේ අපේ අහිංසක හිච්චි මාමාට බෝගම්බර ලගින්නට වුණු එකය.අනේ එකෙන් අපේ හිච්චි මාමාට සිද්ධ වුණේ නම් බලවත් අසාධාරණයක්ය.මහත් වරදක්ය.

අවසානේ කුරුලු කුඩුවක් වගේ තිබුණු හිච්චි මාමාගේ ගෙදර දැන් සිසීකඩය.නැන්දාත් දැන් ජයේ මාමාලාගේ ගෙදරය.එකටත් අපේ මාමාට වාවාගෙන ඉන්න බැරිය.අනික ඔය ජයේකාරායා වරක් මටත් පාර්ට් එකක් දැම්මේය.ඌට පාඩමක් කියා දෙන්න අපේ හිච්චි මාමා එන්නම ඕනෙය. හිච්චි මාමා නිතරම කියන්නේ අනේ ඉතින් මේ වරද නිවැරදි කරන්න පුළුවන් ඔබතුමාට පමණක්ම කියලාය.එකත් ඇත්තය.මාමාත් එක්ක එක කල්දෙරමේ බත් කාපු එස්.බි ඇමතිතුමාගේ කට්ටියක් ඔබතුමාගේ කරුණාවෙන් ගෙදර යන්න ලැස්ති වෙනවාය.ඉතින් අපේ හිච්චි මාමා කියන්නෙ හරිනම් එයාටත් මේ නිදහස ලැබෙන්න ඕනේ කියාය.

මේ නිදහස හිච්චි මාමාටත් ලැබෙන්න ඕනේ කියා මට කෝල් කරලා හිච්චි මාමා මට කිවේ මෙන්න මේ කරුණු නිසාය.
  1. ඔබතුමාගේ පාක්ෂිකයෙක් වීම.
  2. ඉන්දරේ වැනි දේශද්‍රෝහීන්ට විරුද්ධ වීම.
  3. ජන්ද කාලෙට ඔබතුමාගේ ගෝලයන් වෙනුවෙන් දන්සැල් දී තිබීම.
  4. ජන්ද කාලෙට විරුද්ධ පාක්ෂිකයන්ට පහරදී තිබීම.
  5. ඔබතුමාට මෙන් මාමාටත් උඩු රැවුලක් තිබීම.
මේවාට අමතරව තවත් කරුණු ගොඩාරියක් හිච්චිමාමා කිවාත් මට ඒවා අමතකය.මේ මතක ටිකය.

ඉතින් ආදරණිය ජනධිපති මාමේ,ඔබතුමා මේ කරුණ ගැන ඉතා සංවේදීව බලනු ඇති බව අපේ හිච්චිමාමා හිතයි. ඒහිරකරයෝද මනුෂ්‍යන් වන බැවින් හා ඔබතුමා අපේ සංවේදී නායකතුමා වන නිසාය.

ප.ළි.ය:කාලෙකින් දේශපාලනයට සම්බන්ධ කිසිවක් ලියන්නට නොහැකිවූ නිසා මෙය ලියන්නට සිත්විය.උඩ කාටුනය අවන්ත ආටිගල ගෙනි.




Thursday, March 21, 2013

මත්තල ගුවන් තොටුපල ජනතා අයිතියට පැවරීමේදී ජනපති නොකළ කතාව.


ආයුබෝවන්,වාසනාවන් මා රට වැසියනි, අද දිනය අපේ ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවෙන දිනයක් බව නිසැකයි.
මන්ද යත් අපරටේ පුරවැසියන්ට දැඩි අවශ්යතවයක්ව පැවති අහස්යාත්රා තොටුපලක් අපි තමුන්නහෙලටලබා දෙන නිසා.

දැන් බලන්න මෙයාලා අපේ ආණ්ඩුව තමුන්නාන්සේලා ගැන සිතාලා අපි චීන්නු එක්ක එකහු වෙලා හැදුව මේ අහස්යාත්රා තොටුපල ගැන එක,එකලා කියන කතා.දැන් ඔය සම හරක් අපෙන් අහනවා මොකටද බෝලඅපිට ඔය අහස්යාත්රා තොටුපලවල් කියලා.දැන් එහෙම කියන උන්දලට අපි කියන්නේ දැන් බලන්න මේ දකුණු මුහුදෙන්ම අපේ අයියලා කොයි තරම් දෙනෙක් ඔය මාළු අල්ලන බෝට්ටුවල නැගලා ඔස්ට්‍රේලියාව වගේ රට වලට යනවාද..?දැන් අපේ මේ අහස් යාත්‍රා තොටුපල හදන්න කලියෙන් උන් කි දෙනෙක් ඔහොම යන්න ගිහින් නැහැහුනද..?දැන් සහෝදරවරුනි එහෙම දුක් විදින්න අවශ්‍ය නැ.අනික අපි දැන් මේ රටේ ඉන්න තමුන්නාන්සේලාට මේ රටේ ඉන්න බැරි වෙන තත්වයක් හදලා දුන්නේ මොන තරම් කැපවිමකින්ද..?ඒ ඇයි අපි එහෙම කලේ.අපි එහෙම කලේ තමුන්නාසේලා මේ රට ඇතුලෙම ඉන්නේ නැතුව ලෝකයේ වෙනත් රට වලට යවලා ඒ රටවලින් පාඩම් ඉගෙනගන්නයි අපි එහෙම කලේ.
 දැන් අනික සම හරක් කියනව මේක සුදු අලියෙක් කියලා......
Add caption

 අනේ මුන්ගේ කටවල් ..... 
අනික තමුන්නාසේලා මතක තිය ගන්න ඕනේ අපි ණය ගත්තේ තමුන්නාසේලාට කන්න නෙමේ අපිට කන්න සංවර්දනයට කියලා.
රටේ සංවර්දනයට ගත් ණය ගෙවන එක ඔබේ වගකීමක්.එක නිසාම අපි තිරණය කලා ලබන මාසේ සිට විදුලි බිල ඉහල දමන්න.
කොහොම උනත් දැන් මට යන්න වෙලා තියනවා තවත්  හදිසි ණයක් ගන්න  වැඩකට.
එහෙනම් තමුන්නාසේලාට "සුබ අනාගතයක්"