පසුගිය 21 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබෙන ගැසට් නිවේදනයකට අනුව පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය උසස් පෙළ, සාමාන්‍ය පෙළ විභාග ආරම්භ කිරීමට දින පහකට පෙර සිට එම විභාග වලට අදාළවන සම්මන්ත්‍රණ,වැඩමුළු සහා අතිරේක උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.
එහි අරමුණ ලෙස දක්වන්නේ විභාග වංචා වැලැක්‌වීමේ අරමුණින් මෙම තහනම සිදු කරනා බවයි.
අතිසාරයට අමුඩය ගැසීමක් වැනි මෙම ගැසට් නිවේදනය නැවත වරක් අධ්‍යාපන අමාත්‍යාවරයාගේ නොහැකියාව ප්‍රදර්ශනය කරයි.
පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යාව ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ විට අධ්‍යාපනඇමතිවරයා පැවසුවේ මෙය තමාගේ වරදක් නොවන බවත් මෙහි වගකීම දැරිය යුත්තේ විභාග දෙපර්තමෙන්තුව බවත්ය.ඇතැම් විට විභාග දෙපර්තමෙන්තුව ඇත්තේ කා යටතේදැයි එතුමා දැන නොසිටිය වන්නටද පුළුවන.
කෙසේ වුවත් වර්තමන අධ්‍යාපනඇමතිවරයාද රජයේ බොහොමයක් අමාත්‍යාවරුන් මෙන් කවටයෙකුගේ චරිතය නිරුපණය කිරීම රටේ ඉදිරි අනාගතය සම්බන්ධව කිසිම ලෙසකින්වත් යහපත් කරුණක් නොවේ.
වසරකට පමණ පෙර 04 දෙනකුගෙන් යුතු පවුලකට මසකට රුපියල් 2500/-ජිවත් විය හැකියයි පැවසු අමාත්‍යාවරයා වරක් රුපවාහිනියට පැමිණි විටකදී පැවසුවේ තමා ඇමැති වැටුපහෝ නොගන්නා බවය.
එසේ වුවත් මා සිතන්නේ එතුමා එම වැටුප නොගන්නේ පින් පඩි ගැනීමට ඇති අකැමත්ත නිසා විය යුතුය.දේශපාලකයකු ලෙසට තම වගකීම නිසිලෙස ඉටුනොකර ජනතාව පිනවනවාට වඩා එතුමා දේශපාලනයට පිවිසීමට පෙර කලක් මෙන් චිත්‍රපට නිෂ්පාදනය සිදු කරමින් ජනතාවගේ ලේ කුපිත නොකර ජනතාව පිනවනු ලැබුවානම් බෙහෙවින්ම යහපත්ය.
දේශප්‍රේමීයකු වන්නටද අවශ්‍යනම් නලාකරුවකු ලෙස ජාතියේ සංවේදී පියා වෙනුවෙන් කඩේයාද හැක.
ප.ලි :-පොටෝව ගුගල් ඉමේජ් වලින්.
Wednesday, June 26, 2013
අතිසාරයට අමුඩය ගැසීම.
Saturday, June 1, 2013
දොස්තර ජයලත් කොටියෙක්ද...?
මෙරට පුහු දේශප්‍රේමින්ගේ නිර්දය චෝදනාවන්ට ලක්වු වෛද්‍ය ජයලත් ජයවර්ධන මහතා මෙරට බොහෝ දේශපාලකයින්ගේ නිල රෝහලව තිබෙන"සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත්" රෝහලේ දී අභාවප්‍රාප්ත වුයේ පසුගිය මැයි 29 වනදාය.
රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිව සිටින අවදියේ ඒ මහතාගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ ඒ මහතා 1994 වසරේදී ප්‍රථම වරට පාර්ලිමේන්තුව වෙත පිවිසි අතර මියයනතුරුම පාර්ලිමේන්තුව නියෝජනය කරන ලදී.දේශපාලනයට පිවිසීමට පෙර සිටම සමාජ ක්‍රියාකරියකු ලෙස කටයුතු කල ඒ මහතා පාර්ලිමේන්තුව වෙත පිවිසීමෙන් පසුව එම කටයුතු වඩාත් සංවිදනත්මකව සිදු කරන ලදී.
තමන් දරන මතවාදය තුල සෘජු ලෙස සිට ගැනීමට තිබුණු හැකියාව නිසාම නිර්දය ලෙස තමන්ව කොටි හිතවාදියකු ලෙස හංවඩු ගසා විවේචනය කරනවිටදී පවා තමාගේ ප්‍රතිපත්ති පවානොදී සිටීමට ඔහු වෙත හැකියාව තිබුණි.
2002-2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පුනරුත්ථාපන නැවත පදිංචිකිරීම් හා සරණාගත කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙස කටයුතු කල ඔහු එසේ අමාත්‍යධූර දරන්නට පෙර සිටම යුද්දය නිසා පිඩා විදි මායිම් ගම්මාන වැසියන්ගේ අවශ්‍යතා උදෙසා ක්‍රියා කල අයෙකු විය.පොළොන්නරුව,මඩකළපුව වැනි දිස්ත්‍රික්කවල මායිමේ ඇති ඉතාමත් දුෂ්කර ගම්මන වල වෛද්‍ය සායන සංවිදානය කිරීමේ සිට එම ගම්මාන වලට ත්‍රස්තවාදී තර්ජනයන්ගෙන් ආරක්ශාවීමට සයිරන් නලා බෙදීම දක්වා විවිද ක්‍රියා මාර්ග ගනු ලැබුවෙක් වු ඔහු පොළවමත පයගසා කටයුතු කල අයෙක් ලෙසට දකිමි.
යුදවාදියෙක් නොවුන නිසාත් "ලංකා ඉ නිව්ස්" කියූ පරිදි එක දශමයකින් හෝ ජාතිවාදියෙක්,අගම්වදියෙක් නොවී අචල මානව හිතවාදියෙක්වු නිසාම එසේ නොවන්නගේ විවේචනයට ලක්වුවෙක් විය.
රටේ මානව හිමිකම් ගැටළු ජිනීවා ගෙන යමින් රට ජාත්‍යන්තර ලෙස අපහසුතාවයකට පත් කරන රට පවා දෙන්නෙක් ලෙසටද ඔහු වෙත චෝදනා එල්ල වුයේය.නමුත් ඒ චෝදනා එල්ල කරන අය විසින් රටේ මානව හිමිකම් කඩවීම් ගැන නිසි පරීක්ෂණ සිදු නොකිරීම ගැන ප්‍රශ්න නොකර එම ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන ගිය ඔවුන් පස්සේ ලුහුබදියි.රටේ මානව හිමිකම් උල්ලංගනය වේනම්,පාලකයින් ඒවා නොසලකා හරිනම් ජිනීවායාමේ වරදක් නැත.
කෙසවෙතත් මා ඔහුට ගරු කරන්නේ මාද යුද්දය ගැන ඔහු දැරු "යුද්දයට විසදුම සාමය" යන මතය පිළිගන්නා බැවිනි. බිහිසුණු යුද්දය විජයග්‍රහනයකින් නිමා වුවත් මාගේ මතයද වෙනස් නොවේ.
ඔහු වෙත කොටි ලේබලය අලවනු ලැබුවන්ගෙන් අසන්නට ඇත්තේ ඔබ මේ රට වෙනුවෙන් කර ඇත්තේ කුමක්ද කියා පමණි.
ප.ලි :-මම ඔහුව කිසි දිනක දැක නැත,ඔහු උදෙසා මගේ චන්දයක් හෝ භාවිතා කර නැත.ඒ ඔහු ගම්පහය නියෝජනය කරන ලද නිසාත් මම වෙනත් දිස්ත්රිහක්කයක චන්දදායකයකු වන නිසාත්ය.
හරක් මරණවට සංවේදී මිනිසුන් සිටින රටක තවත් මිනිසෙක් මලවිට ප්‍රීතිවනු දැක අතිශය කණගාටුවට පත්වෙමි.
(ඉහත චයාරුපය ගුගල් ඉමේජ් වලින් උපුටා ගත්තෙමි.)
Tuesday, May 7, 2013
ජනාධීපති මාමාට ලියුමක්.....
අපරාද පරීක්ෂණ දේපාර්තමේන්තුව විසින් පසුගිය මැයි 2 අත්අඩංගුවට ගනු ලැබු දෙමළ,මුස්ලිම් සන්ධනයේ නායක ආසද් සාලි මහතාගේ දියණිය විසින් තම පියා නිර්දෝශි බැවින් ඔහුව නිදහස් කරන මෙන් ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යවනු ලැබුබව මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබිය.
එසේ ඇය විසින් යවන ලද ලිපියට මේ වනතුරු ජනාධිපතිවරයන්ගෙන් ප්‍රතිචාරයක් නොලබන්නට හේතුව ඇය විසින් යවන ලද ලිපියේ අඩුපාඩුවක් විය හැක.කෙසේ වෙතත් ඇය විසින් යවන ලද ලිපිය මේ ආකරයෙන් තිබුනිනම් අනිවර්යෙන්ම යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්නට ඉඩතිබුණි.
අමිනා සාලි,
නො:_,
නිවසේදීය.
මහින්ද රාජපක්ෂ
අතිගරු ජනාධීපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමජවාදී ජනරජය
අරලිය ගහ මන්දිරය.
තාත්තා නිදහස් කර ගැනීම උදෙසා.
ආදරණිය සංවේදී ජනාධිපති මාම වෙත,
ජනාධිපති මාමේ අපේ තාත්තාව සි.අයි.ඩි මාමලා කිසිම වරදක් නොකර ඉන්නකොට ඇවිල්ලා අත්අඩංගුවට අරගත්තයා.අපේ තාත්තා කිසිම වරදක් නොකළ බව අපි දන්නවා.වරදක් නොකරපු අපේ තාත්තා දැන් කිසිම කෑමක්,බිමක් නොකා නොබී ඉන්නේය.අනේ ජනාධිපති මාමේ එයා එහෙම ඉන්නකොට අපිට උනත් කිසිම කෑමක්,බිමක් ගන්නට බැරිය.
අපේ තාත්තා ජාතිවාදය ඇවිස්සෙන විදියේ ප්‍රකාශ කලාය කියන්නේ පට්ට පල් බොරුවක්ය ජනාධිපති මාමේ.එහෙම අපේ තාත්තා කියන දේවල් වලට ජාතිවාදය ඇවිස්සෙනවනම් ඔයා චම්පික මාම,විමල් මාමලා වගේ මාමලා කියන ඒවාට කොච්චර එහෙම වෙන්න ඕනෙද.?
අනික ජනාධිපති මාමේ අපේ තාත්තාට දැන් ඉස්සර වාගේ ලොකුවැඩ කරන්නට බැරිය.ඉස්සර තාත්තා යු.න්.පි එකේ ඉන්න කොටනම් ඒයාට මාර තැනක් තිබුනත් දැන් එහෙම නැත.අනේ ජනාධිපති මාමේ අපේ තාත්තාට ඒහෙම වුනේත් ජනාධිපති මාමගේ දෑත ශක්තිමත් කරන්නට ආපු නිසාය.
ජනාධිපති මාමට මේ දේවල් අමතක නැතැයි සිතමි.ඒ ජනාධිපති මාම ගමේ කුරහන් සුවද හදුනන,සුන්දර නිහතමනී,"සංවේදී නායකයෙක්,ආඩම්බර තාත්තේක්" නිසාය.
ජනාධිපති මාම අපේ තාත්තාට දෙනවා කියා කිව්වා දේවල් නොදුන් නිසා එයා චුට්ටක් දුකෙන්,තරහෙන් හිටියත් එයා හරිම හොදකෙනෙක් බව අපට විස්වශය.
ඒ ගිය දේවල් වලින් වැඩක් නෑ ජනාධීපති මාමේ.අනේ "සංවේදී මාමේ" අපේ දුක කියන්න දැන් ඉන්නේ ජනාධීපති මාම විතරක්මය.
ඒ නිසා ජනාධීපති මාම මේ ගැන සොයාබලා අපේ තාත්තාව නිදහස් කරන්නට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.
මොකෝ තාත්තාට ඉන්නේ අපි විතරක් වාගේම අපිට ඉන්නෙත් මේ තාත්තා විතරක් නිසාමය.
අනේ ජනාධිපති මාමේ,අපේ දුක දන්නා ඔබතුමා අපේ මේ ප්‍රශ්නය දෙස සංවේදීව බලනු ඇතැයි අපට විශ්වාසය.
මේයට,
විස්වාශි
අමිනා සාලි.
මේ විදියේ ලියුමක් යැව්වොත් වැඩේ ගොඩම තමයි....
ප.ලි:-මේ දැන් රටේ පවතින තත්වයයි මා සිතමි.අත්අඩංගුවේ සිටින අසාද් සාලි මහතා වෙත මේ ඉරණම අත්වුයේ ඔහු ආණ්ඩු විරෝධී මතවදයක් දරන නිසායයි සිතමි.සියලු අන්තවාදීන් පිටු දැකිය යුතුය. මා දරණ මතවාදය වන්නේ ඒයයි.ඒසේ වුවත් අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීම මා හෙළාදකින්නේ එය පැහැදිලි ලෙසම ප්‍රතිවීරුද්ද දේශපාලනමතවාද මර්දනය කිරීමට පාලකයින් ගන්නා අමන උත්සාහයක් බැවිනි.
(ෆොටෝ එක අර ගත්තේ ගුගල් ඉමේජ් වලින්......)
(ෆොටෝ එක අර ගත්තේ ගුගල් ඉමේජ් වලින්......)
Saturday, April 6, 2013
යමුද IPL....
අපේ ක්‍රිකට් ටීම් ඒකෙ කොල්ලෝ 11 දෙනෙකු මෙවර අයි.පි.ල් තරගාවලියට එකතු විමට පිටත්ව ගියේ දැඩි ලෙස මේ තරගාවලියට සහබාගි නොවන්නයයි බොහෝ පිරිස් කියා තියෙදිය.තමිල්නාඩුව දැඩි විරොදයක් පැවේය,ඉන්දීය විරොදයක් වගේ එකක් තියන නිසා අපේ රටේ හුගක් ඇයොද අයි.පි.ල් තරගාවලියට යන්න එපැයි අපේ කොල්ලන්ට කිවේය.එත් උන් මේවා ගණන් නොගෙන තමන්ගේ ගමන ගියේය.ඒ ගියේ අවදානම් ගමනක්ය.හරියට ගෙදර ගියොත් අබූ නසී,මග හිට්යොත් තෝ නසී වගේ සින් එකක්ය.තමිල්නාඩුවේ උන් අවොත් ගහනවා කියයි.අපේ රටේ ඇයො ගිය ක්‍රීඩකයන්ට ආපසු එනවිට බිත්තර ප්‍රහාර එල්ලකරන බව පවසයි.
බිත්තර ඇත්තෙන්ම ගුණදායක ආහාරයකි.එහෙත් බිත්තර වලින් ප්‍රහාරදීම අගුණදායක ක්‍රියාවකි.අනිත් එක කුණු බිත්තර වලින් ගහනවනම් ගහන්න ඕනේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට නොව රට වනසන දේශපාලනකාරයන්ටය,නැති ප්‍රශ්න හදන උන්මත්තකයන්ටය.(පිස්සන්ට නොවේ.)එවැනි උන්ට බිත්තර නොවේ ඒයට වැඩ වෙන දෙයක් ගැහුවත් මයේනම් විරුදත්වයක් නොමැත.
අනික් අතට මේ ක්‍රීඩකයෝ කරන්නේ උන්ගේ රස්සාවය.ඒ රස්සාව කරන එපා යයි කිමද හොද නැත.ඒ මන්ද යත් මොකද උන්ට කන්න,බොන්න අදින්න දෙන්නේ අපි නොවන නිසාය.
අනිත් එක අපිද කොහොම කෑ ගැහැව්වත් අයි.පි.ල් බලන්නේය. ඒ අපේ හැටිය.මේ හැම දේටම වඩා ක්‍රීඩාවට දේශපාලන කරනා ලං කර ගැනීම කොහෙත්ම හොද වැඩක් නොවේය.දැන් ජයලලිතා නෝනා කරනවා වගේ අපිත් කරන්න ගියොත් අපි දෙගොල්ලොම එක වගේ වෙන්නේය.
රටට කැළලක් වෙන්නේ අපේ ක්‍රීඩකයන්ගේ ක්‍රියා නිසා නොව තීන්දු තීරණ ගන්නා දේශ-පලුවන්ගේ ක්‍රියා නිසාය.
කියන්ට තවත් බොහොමයක් ඇතත් දැනට මෙයින් නවතිමි.තමුන්නාසේලාට යමක් කීමට ඇත්නම් එයටද පහළින් ඉඩ ඇත.හිතන එන ඕනෙම දෙයක් ලියා,කියා ගියාට මගේ අමනපයක් නැතිය.
(ඉහත පින්තුරය ගුගල් ඉමේජ් තුලිනි.)
Thursday, March 21, 2013
මත්තල ගුවන් තොටුපල ජනතා අයිතියට පැවරීමේදී ජනපති නොකළ කතාව.
ආයුබෝවන්,වාසනාවන් මා රට වැසියනි, අද දිනය අපේ ඉතිහාස පොතේ රන් අකුරෙන් ලියවෙන දිනයක් බව නිසැකයි.
ඒ මන්ද යත් අප රටේ පුරවැසියන්ට දැඩි අවශ්යතවයක්ව පැවති අහස්යාත්රා තොටුපලක් අපි තමුන්නහෙලටලබා දෙන නිසා.
දැන් බලන්න මෙයාලා අපේ ආණ්ඩුව තමුන්නාන්සේලා ගැන සිතාලා අපි චීන්නු එක්ක එකහු වෙලා හැදුව මේ අහස්යාත්රා තොටුපල ගැන එක,එකලා කියන කතා.දැන් ඔය සම හරක් අපෙන් අහනවා මොකටද බෝලඅපිට ඔය අහස්යාත්රා තොටුපලවල් කියලා.දැන් එහෙම කියන උන්දලට අපි කියන්නේ දැන් බලන්න මේ දකුණු මුහුදෙන්ම අපේ අයියලා කොයි තරම් දෙනෙක් ඔය මාළු අල්ලන බෝට්ටුවල නැගලා ඔස්ට්‍රේලියාව වගේ රට වලට යනවාද..?දැන් අපේ මේ අහස් යාත්‍රා තොටුපල හදන්න කලියෙන් උන් කි දෙනෙක් ඔහොම යන්න ගිහින් නැහැහුනද..?දැන් සහෝදරවරුනි එහෙම දුක් විදින්න අවශ්‍ය නැ.අනික අපි දැන් මේ රටේ ඉන්න තමුන්නාන්සේලාට මේ රටේ ඉන්න බැරි වෙන තත්වයක් හදලා දුන්නේ මොන තරම් කැපවිමකින්ද..?ඒ ඇයි අපි එහෙම කලේ.අපි එහෙම කලේ තමුන්නාසේලා මේ රට ඇතුලෙම ඉන්නේ නැතුව ලෝකයේ වෙනත් රට වලට යවලා ඒ රටවලින් පාඩම් ඉගෙනගන්නයි අපි එහෙම කලේ.
දැන් අනික සම හරක් කියනව මේක සුදු අලියෙක් කියලා......
![]() |
| Add caption |
අනේ මුන්ගේ කටවල් .....
අනික තමුන්නාසේලා මතක තිය ගන්න ඕනේ අපි ණය ගත්තේ තමුන්නාසේලාට කන්න නෙමේ අපිට කන්න සංවර්දනයට කියලා.
රටේ සංවර්දනයට ගත් ණය ගෙවන එක ඔබේ වගකීමක්.එක නිසාම අපි තිරණය කලා ලබන මාසේ සිට විදුලි බිල ඉහල දමන්න.
කොහොම උනත් දැන් මට යන්න වෙලා තියනවා තවත් හදිසි ණයක් ගන්න වැඩකට.
එහෙනම් තමුන්නාසේලාට "සුබ අනාගතයක්"
Tuesday, March 19, 2013
Subscribe to:
Posts (Atom)

.jpg)




